"පෝස්ටර් සංස්කෘතිය" ගැන කතාව


// මේ ලිපිය මාධව විසින් ජන්ද කාලයක ලිව්ව එකකි! මාධවගේ ගූගල් ඩ්‍රයිව් එකේ තැන්පත් වී තිබුනු මෙම ලිපිය අහම්බයෙන් හම්බවීම නිසා අද දිනයේදී (2023-08-28) මෙසේ පල කරනු ඇත //

ලංකාවේ ඇත්තේ කුජීත වී ගිය දේශපාලනයකි. ලංකාව යනු දේශපාලකයා ඉහලින් ඔසවා තැබීමට පුරවැසියා තමාවම මරාගෙන කට්ට කන රටකි. පුරවැසියාගේ සුභ සිද්ධිය උදෙසා දේශපාලුවාට කිසිදු වග විභාගයක් නැතත් දේශපාලකයාගේ සුභ සිද්ධිය සඳහා මෝඩ පුරවැසි ඇතැමුන් දිවි නොතකා ක්‍රියා කරති.

අහෝ උතුම් රටක ජීවීන් දැක්මක් නැති හිස් පඹයින් බවට පත් කර ඇති අයුරු?

දැන් පේන්නට ඇත්තේ පෝස්ටර් සංස්කෘතිය යලි යලි වැසි වසින බවය. කුජීතය. පරිසරය අපවිත්‍ර කරමින් නගර අලංකරණය විකෘති කරමින් කරනා මේ පෝස්ටර ව්‍යාපෘති නතර කිරීමට නොහැකි මන්ද කියා මාධව සිතන්නේය. එය රටක අවාසනාව වන්නේය. අමනයෝ (දේශපාලකයින් යනු අමනයින්ය) උංගේ පශ්චාත්භාග පෝස්ටරයේ ප්‍රදර්ශනය කිරීමෙන් උංගේ ගොඩවල් වැඩි කර ගැනීමට උත්සහ දරන බව පෙනේ! ඒය ප්‍රැක්ටිකල්ද? අනේ මංදාය! ඒක අතකට  රටේ මුල් ගිය නාකි උන්දලා තාම පාට කන්නාඩි වලින් බලන්නේය. ඒ්ත් ඊට හපන් වන්නේ වෙනම දෙයක්ය. අද ඊයේ ඉපදුනු උන් ජන්ද බලය නැති අම්මා ළග නැතිව චූ කක්කා හෝදා ගන්නට බැරි පේජ් ඇඩ්මින්ලාද රෙදි නැතිව කඩේ යාම මාර දෙයක්ය.

ඒවා තාක්ෂණය භාවිතයෙන් අම්මා අප්පාවද විකුණං කන කාළකණ්නිංගේ වැඩ ය!

කෙසේ වෙතත් එක් එක් අමනයාගේ කක්කා පුච්චක් වැනි මූනත් තහඩුව තාප්ප වල අලවා කරනා පරිසර හානියට වග කිව යුත්තේ අමනයින්ට වඩා ඒ්වා අතින් කටින් එල්ලාගෙන තාප්ප පුරා අලවා පොලීසියෙන්ද ගුටි කන මෝඩ මිනිසුන්ය. උං කරන්නට දෙයක් නැති කමට සහ රස්සා සහ වෙනත් වරදාන අපේක්ෂාවෙන් මෙම පෝස්ටර් ගැසීමට යන්නේ කරන්නට දෙයක් නැති කම නිසාම විය හැකිය. උංව ඒ තත්වයට පත් කරගැනීමට දේශපාලනටය හොඳට "ගෙදර වැඩ" කරලා තිබෙන්නේය. ඒ් නිසා උං එක අතකට පව් ය. ඒත් අරක්කු සහ බයිට් එක උදෙසා යන උංට නං හෙන ඉල්ලුවාට කම් නැත. ඒ බේබදු හැතිකරය අපායටම යා යුතුය! පෝස්ටරේ ඉන්න එකාගේ සිට අලවන  එකා දක්වාම උං අපායටම යා යුතුය.

එතැනින් නොනැවතී උංට අපායේදී කෑමට මෙම පෝස්ටර් තම්බා දිය යුතුය. නොකෑවොත් ගිල්ලවිය යුතුය!ර්‍ යලි පෝස්ටර් නොගසන බවට දහස් වාරයක් තනි රූල් පොත් වල ලියවා කට පාඩම් ගත යුතුය. ඒ්ත් බෑ කිව්වොත් පෝස්ටර් රෝල් කර අධෝ මාර්ග ගත කල යුතුය. එසේ කර පාරවල් වල අලවා ඇති පෝස්ටර් ගැලවීමට යෙදිය යුතුය! ඊළග ආත්මයේ උන් පණුවන් වී කාණු වලම ඉපදිය යුතුය. කාළකන්ණි වී යා යුතුය.

දකින දකින ස්ථාන වල සහ අනෙකුත් පොදු පුවරු වල පවා වැඩකට නැති අමන අපේක්ෂකයින් දිලෙන්නේය. මේ සංස්කෘතියට "අමන සීනුවෝ" ඉහලින්ම වග කිව යුතුය. උං ආඩම්බරයෙන් පම්පෝරි ගසන්නේ උංගේ පෝස්ටර් බලකායට ගහන්න ඒකෙක් නැති බවය. ඒ් නිසා ආර්යා කම්පැනියේ සනීපාරක්ෂක තුවා මාකටිං කොන්තරාත්තුවද ඒසේම සීනු මල්ලිලා මගින්ම පෝස්ටර් ව්‍යාපාරයෙන් ගොඩ ගිය බව මාධව කාලයකට ඉහත පත්තරේක දැක්කේය.

කෙසේ වුවත් මෙය මහ අප්‍රසන්න සංසකෘතියක්ය. මාධවගේ ප්‍රශ්නය වන්නේ පරිසර හිතකාමීව පෝස්ටර් හෝ කඩදාසි නොමැතිව ප්‍රචාරය සිදු කල නොහැකිද යන්නයි. මාධව පවසන්නේ ඔබලාට සමාජ මාධ්‍ය සහ නව සන්නිවේදනය භාවිතා කිරීමෙන් මෙය පහසුවෙන් කල හැකි නොවේද? පරිසරය එළුවන්ට භාර දීමේ අවශ්‍යතාවය කුමක්ද?

.

නව සන්නිවේදනයක් ගැන නොසිතා, එවැනි දෑ ගැන නොදන්නා සේ බේගල් දෙසමින්  පුරවැසියාව අන්දමින් උන් ලවාම පරිසරය පාලු කරවා දිගු කාලීන නිවැරදි සහ සාර්ථක කර ගත හැකි ආකාරයේ කිසිදු දැක්මක් නැති අමනයොන්ට රට බාර දීමට සිතනා සියලූම පුරවැසියන් මේ “පව්” අල්පෙනිත්තේ සිට භාර ගත යුතුය.

රටට ආදරේ නම් පෝස්ටර් සංස්කෘතිය ගලවා ඉවත් කරන්නාට අපගේ වටිනා ජන්දය භාවිතා කල යුතු බවද මාධව පවසන්නේය. මක් නිසාද යත් රටක පරිසර පිරිසිදු කම යනු රටක දියුණුවේම කොටසක් නිසාය.

ඒසේනම් ජය වේවාය! පෝස්ටර් කල්චර් එක වැනසේවාය!

1 Comments

Your Comments / ඔබේ ප්‍රතිචාර

  1. ෆොන්ට් එක තව ටිකක් ලොකු උනානං හොඳයි. කලු පසුබිමේ කුඩා අකුරු කියවීම ඇහැට වෙහෙසක්.

    ReplyDelete
Previous Post Next Post

Contact Form