දර පැලීමේ කතාන්දරය



දර පලනවා කියන්නෙ භාවනාවක් වගේ. හිතේ වේදනා දර කොටේ පිටින් යවන්න ඇහැකි නෙව.
 
වේලිච්ච මහ කඳක් කර මතින් ගෙනැල්ල මිදුල මැද්දේ අතාරිනව. හරියට සිහිය නැති කරපු මනුස්සයෙක් වගේ..
කඩාගෙන පොලවේ වදිද්දි, හරි හැඟුම්බර වෙන්න පුලුවන්. කදිම ශබ්දයක් එන්නෙ..
තඩ්!
 
ඊලඟට අඩය හෙම උස්සන් ඇවිල්ලා අදාල.කටයුතු සඳහා භූමිය සූදානම් කරගන්න උවමනයි. ඉන් පස්සෙ දර කොටේ උස්සලා අඩේ උඩින් තියාගන්නවා..
 
ඊලඟ වාරය, කීස් ගාලා පොරව දර කොටය මතට පතිත කරන්නට,
හොදට ශක්තිමත්ව නමුත් සැහැල්ලුවෙන් අල්ලාගන්නා පොරෝ රාජයාගේ තලය හොදින් මුවහත්, දිලිසෙනවා හඳ එලියට...
 
ආ වැරදුනා.. ෆැන්ටසි ලෝකයේ හද එලිය මවාගෙන තිවුනට, සැබෑ ලෝකයේ ශරීරය දවන උණු සූර්යයා තමා පායලා ඉන්නෙ. ආන්න එතුමාගේ රශ්මියෙන් පොරෝ තලය බැබලෙනවා.
ඉක්බිති ක්රීස් හඬින් වාතය කපාගෙන පොරව දර කොටය මත පතිත වෙනවා.
 
ඊලඟට තමා හොදම ටික මිත්රවරුණි,
සමහර විට පොරව පාත් වෙද්දි දර කොටේ වෙනුවට එතන අලුත් පෙම්වතිය, පරණ පෙම්වතිය, නැන්දම්මා, මාමණ්ඩි, ඔෆීස් එකේ ඇනේ, බස් එකේ කිංඩි කරපු අක්කා, ජනාධිපති කෙනෙක්, අගමැති කෙනෙක් හෝ එකේක ආකාරයට චරිත පේනවා.
 
සමහර වෙලාවට බිරිඳව පවා පේනවා.
 
ඒ වෙලාවට ආවේගයෙන් දර කොටේ පලලා දැම්මම පතුරු පතුරු ගැලවිලා මෘත කලේබරය රෝල් වෙනවා..
අවලංගු උන අතපය එහෙ මෙහෙ විසිවෙනව වගේ දර කොටේ පතුරු එල්ලිලා.. සමහර දර වලින් වතුර විදිනවා. ඒ වතුර රතුපාටින් ඇඟ පුරාම තැවරිලා වැගිරෙනකොට වෘත්තීය මිනීමරුවෙක්වගේ හැඟීමක් මාධවට දැනෙනවා.
 
නලලේ ඉදන් මූන පුරා වැගිරෙන දා බිඳු ටික දැනෙන්නෙ හරියට රුධිරය වගේ. ඒ ගැම්මෙන්ම මෘත කලේබරයට තව දැඩි පොරෝපාරක් දුන්නම දරකොටේ දෙකටම පැලෙනවා.
 
ආන්න හිස්කබල රෝල් වෙවී ඈතට විසි වෙලා..
 
ගිහින් කොන්ඩෙන් අල්ලන තාලෙට අරගෙන ඇවිත් ආයෙම නිසි පරිදි අඩේ උඩ තියලා දෙනව පාරක්, හිස් කබල මැද්දටම.
 
හොඳට බොල් හඬ දීගෙන හිස් කබල දෙකට පැලෙනවා.. හඳ එලිය මැද්දේ මොල කෑලි ඒ මේ අත විසිරෙනවා වගේ පුංචි පුංචි දර කෑලි දවාලේ ඉරු එලිය මැද හතර අතේ විසිවෙනවා..
 
මාධව තෘප්තිමත් ලෙස අවසාන දර කොටයත් පලලා සිය රාජකාරී නිමා කරනවා.
 
හිතේ වෛරය, ක්රෝධය, තණ්හාව, ඊරිසියාව, නොහැකියාව, නැති බැරිකම සේරම පලා ගිහින් මනස සුද්ධ බුද්ධ වෙනවා.
 
කදිම ව්යායාමයක් දෑත්, පිට කොන්ද සහ මුලු ශරීරයටම ලැබෙනවා..
 
හැබැයි කියන්නම ඕනි දේ, දර පැලීම කදිම ව්යායාමයක් පමණක් නෙමෙයි මිත්රවරුණි,
 
පරෙස්සමින් කලොත්, ඔබේ මානසික සහනයටත්, ආවේගශීලී බවටත් කදිම පිලිතුරක්.

ඉතිං දර පලමු!

1 Comments

Your Comments / ඔබේ ප්‍රතිචාර

  1. If you do not place the log properly or hit the wrong end with the axe the log will boomerang and hit you ....

    ReplyDelete
Previous Post Next Post

Contact Form