රැවුලවත් නැති හිට්ලර් ගෙ පඹයෙක්
බුරා වැටෙනා සමයෙක
බුදු බණ පසෙකලා
කසාවත උසි ගැන්වෙලා කිලි තැවරෙන සාරියකට
වදාරයි උන්නාන්සේලා අඳින පළදින හැටි ගැන
වස්තරයෙන් මනින හැටි ගැන ගරුත්වය
කෙහෙම්මල,
එකල්හි
හූ හඩ මැද මාරුවී ගොස්
කැලෑසියේ උන් එකම
පරදේසක්කාර බාසා නෝනා,
ඉතින්
දරුවන් අනාථ බව නොදන්නා
අඥාන මව් පියවරු
අසූචි බුදින්නන්ගේ මදන ගුලි කා
තවතවත් ගරහති
තමාගේම උන්ගේ අනාගතයට
වැඩිකල් නොගොස්
මහ හුලඟ පැමිණේවි
ඒ දිනට
සාරියේ පැටලී ඇති අපිරිසිදු කහ රෙදි
අහසට එසවී ගොසින්
සඟවනා සත්‍ය එලි පෙහෙලි වනු ඇත!!!
මොකද මාධව වෛරයෙන් ක්‍රෝධයෙන් පෙළෙන්නේ
ReplyDeleteආගමට ධර්මයට අපහාස කරන්න එපා මල්ලි
ReplyDelete👌
ReplyDeleteනාමරූප හෙවත් ද්‍රව්‍ය හා ශක්තිය
ReplyDelete==========================
නාමරූප පිළිබඳ බුද්ධ දේශිතය විශ්වය පිළිබඳ ඉතාම ගැඹුරු විවරණයක් ලෙස ගත හැකියි. මෙම වචනය පමණක් ම මේ ලෝකය කුමක්දැයි අර්ථකථනය කර ගැනීමට යොදාගත හැකි මොඩලයක් වේ. වචන දෙකක් ලෙස පෙනුනද බුදුන් වහන්සේ මෙය නිරන්තර ව යොදාගෙන ඇත්තේ තනි වචනයක් ලෙසයි. ඊට ප්‍රබල හේතුවක් තිබෙනවා.
සරලව ගතහොත්, බුදුදහමට අනුව, නාම (name) යනු මනෝමය ලක්ෂණ වන අතර, රූප (form) යනු භෞතිකමය ලක්ෂණයන්ය. බුදුදහමට අනුව එම ආකාර දෙක එකතුවෙන් පුද්ගලයා නිර්මාණය වී ඇත.
බුදුදහම නිවන ඉලක්කගත කර තිබෙන හෙයින්, එනම් බුදුන් වහන්සේට භෞතික විද්‍යාඥයෙකු වීමට අවශ්‍ය නොවූ බැවින්, මෙම ඉගැන්වීම් අපගේ පොදු භෞතික ලෝකය න්‍යායගත කිරීම සඳහා යොදා ගත්තේ නැහැ. එහෙත්, පුද්ගල යථාර්ථය අරමුණු කළ මෙම ඉගැන්වීම් පැහැදිලිව ම ලෝකය තේරුම් ගැනීම සඳහාත් යොදාගත හැකිබවට විවාදයක් නැහැ. මන්ද මේ විශ්වයේ ඕනෑම කුඩා අංශු නියැදියක සමස්ත විශ්වයම අඩංගු නිසායි.
නාම ලෙස බුදුන් වහන්සේ මෙහි උගන්වන්නේ, ශක්තිය (energy) බව අපට පැහැදිලි ව ගත හැකියි. රූප යනු, ඒ අනුව, ද්‍රව්‍ය (matter) වේ. ඇල්බට් අයින්ස්ටයින් විසින් භෞතික විද්‍යාවට සිය පෙරළිකාරි විශේෂ සාපේක්ෂතාවාදය හඳුන්වා දෙන විට භාවිත කර ඇත්තේ, ඉහත බුදුදහමේ එන නාමරූප පිළිබඳ සංකල්පය බව ම බව මේ අනුව සිතිය හැකියි. ඉන් අදහස් වන්නේ, ඔහු එය බුදුදහමින් කොපි කළ බව නොවේ. අයින්ස්ටයින් විසින් තම ගුරු Ernst Mach හරහා බුදුදහම දැනගෙන සිටි බව වෙනම කතාවකි.
නාමරූප යනු බුදුදහමට අනුව දෙකක් වෙමින් ම එකක් ලෙස ද, එකක් වෙමින් දෙකක් ලෙස ද ක්‍රියාත්මක වන ද්විරූපතාවකි. එනම් එක ම යථාර්ථයක දෙවිදියක පෙනීසිටීමකි. ඒ අනුව, නාමය රූපය බවටත් රූපය නාමය බවටත් පෙරළිය හැකිය. මේ දෙක එක වචනයක් ලෙස යොදා ගන්නේ, ඒ දෙක එකිනෙක මත යැපෙමින් පවතින හෙයිනි. එනම් මේ දෙකින් එකකට හෝ ස්වාධීන පැවැත්මක් නැත. එකක් අනෙක මත යැපේ. සැරියුත් හිමියන් විසින් මීට දුන් උදාහරණයක් නම් එකිනෙකට හේත්තු කර තිබෙන දරමිටි දෙකකි. එක් දර මිටියක පවා එය මිටියක් වී තිබෙන්නේ, ඒ තුළ ඇති දර කෝටු සමූහයක් නිසාය. ඒ අනුව, නාමය තේමේ ද විවිධ හේතුඵල මත ක්‍රියාත්මක වෙමින්, එය, තවත් එකක් මත, එනම් රූපය මතද යැපේ. මින් පැහැදිලි වන්නේ, මේ දෙක ම එකිනෙක බවට පත්වෙමින් පවතින බවයි. අයින්ස්ටයින්ගේ සුප්‍රසිද්ධ සමීකරණයේ matter සහ energy එකිනෙක බවට පත්වන්නේ ද මේ අනුවයි. එනම් වරක් එය ද්‍රව්‍ය ද, තව වරක් එය ම ශක්තිය ද වේ.
අපගේ ශරීරය තුළ මෙන්ම එහි ම දිගුවක් වන මහා භෞතිකය තුළ ද ආලෝකයේ වේගයෙන් සිදුවන ගැටීම් (collision) නිසා ශක්තිය නිපදවී ශරීරය සජීවිව පවතී. අප ආස්වාස කරන ඔක්සිජන් එම දැවීමට අවශ්‍ය ඉන්ධන සපයයි. අප මියයන්නේ තවදුරටත් අපට දැවීමට අවශ්‍ය මූල ද්‍රව්‍ය අහිමි වූ විටයි. සූර්යා පවා යම් කලක මිය යන්නේ ඊට අනුවයි. පූර්ණ වශයෙන් දැවී ගිය අඟුරු නැවත පිළිස්සිය නොහැකියි.
කාලය යනු ඉහත ගැටීම තුළ හුදු සම්මතයක් පමණක් බව දැන් අපට වැටහිය යුතුය. මන්ද මේ ගැටීම කාලය ඉක්මවා සිදුවන හෙයිනි. පස්වැනි සියවසේ විසූ බෞද්ධ දාර්ශනික භික්ෂූවක් වන නාගර්ජුන විසින් සිය මූලමාධ්‍යමිකකාරිකා නම් සුප්‍රකට කෘතියේ අතීත වර්තමාන අනාගත යනුවෙන් කාල බෙදීමෙහි පදනම් විරහිත බව වෙනම පරීච්ඡේදයකින් ම දක්වා ඇත. වර්තමාන පටන් ගැනෙන්නේ කොතනද යන්න ඔබට සිතිය හැකි ද? එය සිතන විට ම ඔබ අතීතයට ගොස් අවසන්ය. අප භාවිත කරන සම්මත කාලයට එම සූක්ෂම ක්‍රියාවලිය හසුකරගත නොහැක. අයින්ස්ටයින් මෙය time dilation ලෙස දක්වා ඇත.