සංවර්ධන නෝනාට පෙම් කරමි!!

 


මාධව කලෙකට ඉහත ලිපියක් ලිව්වේ එකමත් එක කාලෙක දුර ඈත අනුරාධපුරයේ පාසලකදී හමු වූ මංජුලා කුමාරි ගැනය. 

මේ සබැඳියෙන් ඒ කතාවට යන්නට හැකිය

https://m7vidu.blogspot.com/2019/10/blog-post_15.html

මේකත් ඒ වාගෙම නොවුනත් රගපෑම වෘත්තීය කරගත් යුවතියක් ගැන මාධවගේ හැඟුම් සමුදායක් අලලා ලියවෙන කතාන්දරයක් ය. මේවා අවංකය.

මේක අපූරු වෘත්තාන්තයක් ය. 

හුඟක් ඈයෝ ඈ හඳුනන්නේ සංවර්ධන නෝනා ලෙසය. හැබැයි මාධවට ඈව මතක ඇත්තේ සංවර්ධන නෝනාටත් පෙර කාලයක සිටය. මේ කියන්නේ ඈ සම්බන්ධව සිත බැඳුනු අයුරු ය. මාධවගේ සිත් මඩල එහෙමය! සුන්දර විදියට එහා මෙයා යන්නට නිදහස් කර ඇත්තේය. ඒක පාර්ශවීය ප්‍රේමයක් යනු කෙතරම් සොඳුරු දැයි මාධව දන්නේ ආන්න එනිසා ය.

 දැන දැන හිමි නොවනා බව නොදැනී

මම තව තව ඔබ වෙත පෙම් කරමී....................

මේ ඒ කතාන්දරය ය.

මාධව මහරාජා ආයතනය විසින් නිෂ්පාදනය කල ඒ ලෙවල් සිනමා සිත්තම බැලුවේ කාලයකට පෙරදාය. ඒක අපූරුය. ඒ්කේදී අතවරයට ලක් වන කුඩා දරුවාගේ මොන්ටිසෝරියේ ගුරුතුමීගේ රුවට මාධවගේ සිත ක්ෂණිකව බැඳුනේය. ඈ අපූරුය. වචන උච්චාරණය හරිම සැහැල්ලු ය. ඈ හැඩකාරය. ගුරුවරියකටම සුදුසු පෞර්ශයක් ඈ සතුය.

ඉතිං ඈට සිත යෑම අපූරු නොවන්නේද?

ඒ ලෙවල් සිනමා සිත්තමේ පෙර පාසල් ගුරුතුමී ගැන මාධවගේ සිතේ සටහනක් ඇතිවුනේ ඒමය!

මේ තියෙන්නේ ඒ ඈ උන්නු ජවනිකාවක් ය.

ඈ සොඳුරු පෙර පාසල් ගුරුතුමී!


 

 ඉන්පසුව කලක් ගෙවුනේය. දිනක රෑ අහම්බෙන් මාධවට යූ ටියුබයේ අපූරු සින්දුවක් හමුවිය. අනියම් පෙමක් ගැන කියවෙන අපූරු තනුවක් සහ වදන් සමූහයකින් යුතු මියුරු ගීතය නිසාම අනියම් පෙමක් ගැන සිතන්නටම පෙල‌ඹෙන ආකාරයේ ලස්සන ගීතයක් ය.

මේන්න ඈ! අතීතයේ දවසක දැක්ක ඈ! පෙරපාසල් ගුරුතුමී

මාධව ඈ ගැන ප්‍රේමයෙන් යුතුව ගීතය රස වින්දේය. ඈ එහි අපූරු රංගනයක නිරත වන්නී මුහුනේ ඇති හැගුමන් මාධවගේ හදේ ලැගුම් ගන්නේ නිරායාසයෙන්ය. මාධව කැට තබා කියන්නේ අනියම් පෙම්වතීගේ මුහුනේ සම්මිශ්‍රණය වූ හැඟුමන් ගොන්න බොහෝ අයවලුන්ගේ හද කැවුතු කඩාගෙන යන්නට ඇති බවටය.

ඉතින් ඈ පිලිබදව මතක අලුත් විය. ඈ පිලිබද තවත් සිත් ඇති විය. ගීතය අදටත් මාධවගේ ප්‍රියතම නිර්මාණයක් ය.

මාධව ඈට ද කැමැත්තේය.

මේ එහි මාධව ආසාම කොටස ය!

ඇගේ දෑස් වල ඇත්තේම ප්‍රේමය පමණක් නොවන හැඟුමන් ගොන්නක් ය. 



කාලය ගතවිය. රූපවාහිනියේ ඈ අහම්බෙන් නෙතට පැටලුනේ රාත්‍රී කාලයේය. බලද්දී ඒ කාලයේ ඈ අතිශය ජනප්‍රිය ටෙලියක සංවර්ධන නෝනෙක් ය. සැබෑ ලෙසටම කැපවෙන රාජ්‍ය සේවිකාවකගේ භූමිකාවට පණ පොවන්නී ඈ අතිශය සුන්දර ය. චාම්ය. ඉතින් මාධව සැමට හොරෙන් හොරෙන් යූ ටියුබයේ ඈ ඉන්නා කොටස්  සොය සොයා බැලීමට තරම් ඈ ගැන සිත් පහල විය.

මේ ඒ ටෙලියේ ඈව වඩාත්ම සිත් ගත් කොටසේ රූපයක් ය. ආදරවන්තයා ගේ ජයග්‍රහණය පිලිබද තුටු වන යුවතියකගේ තෘප්තිය එහි ඇත. අපූරුය.

 


දරාගන්නට බැරි වූ මාධව ඈව සමාජ ජාලාවල පණ දාගෙන සෙව්වේය. අවසානයේ මාධව ඈගේ ඉන්ස්ටග්‍රෑම් ගිණුමේ දඩ ‌ෆෑන් කෙනෙක් වූ අතර ඌ දැන් ඈගේ නවතම තොරතුරු බලාකියාගෙන ඈ පිලිබදව සිත් ඇතිව නිවී සැනසී ඉන්නේය.

ඉතිං සංවර්ධන නෝනා නොහොත් නිපුනි ගැන කතාන්දරය ඔච්චර ය. හදවතට කාන්තා රූ ඇතුලු වන්නේද, ඒවා වදයක් නොකර හදවතේ අහු මුළු වල තබාගෙන ඉන්නා අයුරුද ඔබට මාධව‌ගෙන් උගත හැකිය.

මේ ආදර්ශවත් කතාන්දර කියන්නේ ආන්න ඒ බව උඹලාට කියා දෙන්නට ය.

සුභ වේවාය. ගැහැණිය නැමති අපූරු වස්තූව රස විඳීමට ඇරයුම් කරන්නේය. නමුත් ඒ සඳහා තමාගේ සීමා මායිමි නිසි පරිදි අඳුනාගෙන ක්‍රියා කරන්ට යැයි මාධව කියන්නේය.

සුභ වේවාය. හූනා අදාල ස්ථානයටම වැටේවාය!

2 Comments

Your Comments / ඔබේ ප්‍රතිචාර

Previous Post Next Post

Contact Form