රණවරා බොන දරුවෝ!


අද ක්‍රිකට් තරඟය නැරඹීමේදී මාධව ඉහත රූපය දැක්කේය. මේ කියන්නට යන්නේ ලංකාවේ අභාග්‍ය සම්පන්න බීමත්කම ගැන තවත් කතාන්දරයක් ය. මීට පෙර මාධව විසින් ලියූ බීමත්කම ගැන කතාන්දර මේ ලිංකුවෙන් ඇත්තේය.

මීට පෙර කතාන්දරය

මූලිකවම කියන්ට ඔනෑ මේ ලියන්නේ රහමෙර පානය කිරීමට උල් පන්දම් දෙන කෙහෙම්මලක් නොවන බවත් ය!

මාධව බීමත්කම ගැන ලොකුවට දන්නෙ නැත. දන්නේ හරිම ඇබින්දක් ය. මාධව රහ මෙර පානය කරන්නෙක් නොවන්නේය. හැබැයි රහමෙර බොන්නට උල් පන්දම් දෙන්නේ ද නැත. බොන්ට එපා කියන්නේද නැත. මාධව කරන එකම දේ බයිට්ටු කෑම පමණක් ය.

බයිට්ටු කෑම හරිම අපූරු කටයුත්තක් ය!

කෙසේ වෙතත් ලංකාවේ තිබෙන බෞද්ධ පරිසරය නිසාම මේ සුරාමේරය වෙත ලැබී ඇත්තේ නොමඳ අවධානයක් යැයි මාධව සිතන්නේය. එක්කෝ ඒක සිද්ධ වී ඇත්තේ අධ්‍යාපනයේ වැරැද්දෙන් දෝ යැයි මාධව සිතට නැගෙන්නේය. කෙසේ වෙතත් රහමෙර පානය කිරීම සම්බන්ධව ලංකාවේ ඇත්තේ අතිශය දුක්මුසු කතාන්දර ගොන්නක් ය.

ලංකාවේ ඇත්තේ බෞද්ධ පරිසරයක් ය. හැබැයි ලාංකාවේ ආණ්ඩු වැඩියෙන්ම සල්ලි හම්බු කොරන අංශයක් වන්නේ ද මේ සුරාව ය. සුරාව සූදුව මිනිසෙක් නැති කරන බව ඇත්තය. හැබැයි රටක ආණ්ඩුව වැඩියෙන්ම කරනුයේ සුරාවෙන් හම්බු කිරීම ය. කමක් නෑය. මාධවගේ සාක්කුවෙන් යන්නේ ද නෑය.

හතර පොයටම සිල් ගන්නා බොහෝ ඈයෝ සුරාවට හරිම ප්‍රිය ය. හැබැයි ආගමට ද ලැදිය. කමක් නෑය. මාධවට කරදරයක් නෑය. හරත වරිගෙටම ඇහෙන්නට පිරිත් දමනා රටේ බාර් පෝයට සහ නිදහස් දිනයට පමණක් වසා සුරාමේරය සිල් පදය තලේබාන් ක්‍රමයට රැක දෙන්නේය. කමක් නෑය. මාධව ට අදාලම නැත

සුරාව ගැන හතර පෝයට බණ කියන රටේ බහුතරයක් දුප්පත් ඈයෝ සියල්ලම තමන්ගේ සබ්බ සලක මනාවම නිති විරෝධී කසිප්පු වල දිය කර හරිනු මාධව දැක ඇත්තේය. ඉතිරිය ගැන පම්පෝරි ගහන රටේ අවසානයේ ඉතිරියක් වන්නේ සීරෝසීස් වලින් ලෙඩ උනු අවයව සහිත පණ ගැහෙන මිනිස් ප්‍රාණයක් පමණක් ය.

කෙසේ වෙතත් ලංකාවේ මේ සුරාවෙන් ඈත් වන්නට කියන්නේ බොහෝ විට ආගමික පදනමින් මිස වෛද්‍ය පදනමින් නොවන බව මාධව‌ෙ බොහෝ සේ හැඟී ගොස් ඇත.

විද්‍යාව පරදවා මිත්‍යාව ඉහලට ඒමේ විපාකය ඒමය. වෛද්‍යවරු බොහෝ විට සීමා සහිත මත්පැන් පානයට අනුබල දෙන බව මාධව අසා ඇත. විවිධ මත්පැන් වල ශරීරයට විවිධ ප්‍රතිලාභ ඇති බව දන්නෝ සීමා සහිතම මත්පැන් පානය කරන්නෝ දිවිය දිනන්නෝ බව මාධව අසා ඇත.

කෙසේ වෙතත් ලංකාවේ තරුණයෙක් බීමත් වුවහොත් බීමත්කමින් මුදවාලීමට වෛද්‍ය උපදෙස් හෝ උපදේශනය පතනු මාධව අසා ඇත්තේ කලාතුරකිනි. බොහෝ ඇත්තෝ මිත්‍යාව පසුපස හඹා ගොස් අවසානයේ සේසතටම කෙලවාගන්නා අන්දම මාධව දැක ඇත.

ක්‍රිකට් පිටියේ බියර් බී මේ ළමුන් දෙන්නා බොන්නේ බියර ද රණවරාද නැතිනම් බෙලිමල් ද මොනවාද යන්න මාධවට සැකයක් ඇතත් උන් ඒවා බොන අන්දම හරිම සැහැල්ලුවෙන් ඒ රටේ උන් අරන් ඇත. ලංකාවේ නම් මේ වන විට මව පියා ලමාරක්ෂකේට උස්සං ගිහිං අලගු තබනු ඇත. බියර යනු කෘමි නාශක වලටත් වඩා විසැති බව මාධ්‍ය පණුවෝ විසින් වපුරනු ඇත. නූගත් විදුහල්පතියෙක් විසින් උක්ත ළමුන් පාසලෙන් පන්නා දමනු ඇත. මුහුණු පොතේ මෙම සිද්ධිය සතියක් පිණුම් ගසා ඉක්බිති වෙනත් කාගේ හෝ කුණක් අහුලාගෙන ළමුන් දෙදනාව අමතක කරනු ඇත. වැඩිදුරටත් කිව හැක්කේ නූගත් පොliසිya වීරයින් සේ ලමයින්ට බීර විකුණු වෙලඳ සැල සීල් තබනු ඇත.

ආහෝ සී ලංකාව ය.

කෙසේ වෙතත් ලංකාවේ එහෙම වූවද ඉදිරියේදී වත් ඒ ආකාරයට කටයුතු සිදු නොවීමට නම් මනාව අධ්‍යාපනය ලබා දිය යුතු අතර ආගමික අන්තයෙන් නොව සෞඛ්‍යයමය අන්තයෙන් අවවාද අනුශාසනා ලබා දිය යුතුය. ආකල්ප වැඩි දියුණු කල යුතුය. ආන්න එවිට ඉහත කිී ආකාරයට සිද්ධි දාමයන් සිදු නොවන බවට මාධවට අනාවැකි පල කල හැකිය. තවද ළමයෙකුගේ බීම ලංකාවේ උන්ට මහ දෙයක් නොවනු ඇත. අරගල භූමියේදී  කොන්ඩම් හමුවීම ළමුන් ඉන්නා තලත්තෑනි බයි අප්පලාටත් ප්‍රශ්න වූ කාලයේ මාධව නම් කියන්නේ කොන්ඩම් හමු වීම හොඳ දෙයක් බවය. ඒ් ආකාරයටම මේ දෙසත් බැලීමට නම් ආකල්ප සංවර්ධනය විය යුතුය.

ආගමින් බැහැරව මධ්‍යසාර සම්බන්ධව ආකල්පය ලංකාව තුල වෙනසක් සිදු විය යුතුමය.

ප/ලි

මාධව සිගරට් නොබොන්නේ දුං ගද අප්පිරියා නිසාය. අදටත් දර ලිප පත්තු කරද්දී මාධව පුදුම දුකක් විඳින්නේය. වෙන එකෙක් සිගරට් බොද්දී  ද අප්සැට් ය!  මාධව අරක්කු නොබොන්නේ ගන්නා ආතල් එකක් සිහියෙන් ගත යුතු නිසාය. කරනා මජර වැඩක් හොඳ සිහියෙන් සිදු කල යුතු නිසාය.

ඒසේත් නැතිව කෙහෙම්මල් ආගමික සංකල්පයක් නිසා නොවේය.

1 Comments

Your Comments / ඔබේ ප්‍රතිචාර

  1. මාධව අප්පච්චි ඇයි ඔහොම මස් මාංශ පිළිජාති මත්පැන් වලට ආසා කරන්නේ? සතෙක් මරලා උගේ මළකුණ උයාගෙන කන එකත් වැඩක්ද අප්පච්චි? මේ කතාව බැලුවම මතක් උනේ වාරිමාර්ග නියෝජිත රවී වීරේ මල්ලිගේ පිළිස්සු සැවුලෙකු නිසා නැතිවූ ආදර අන්දරය කතාව.

    අප්පච්චි ඔය දුසිරිත් වලට පුරුදු පුහුණු වෙන්න එපා. යාලුවෝ වගේ බේබදු කමට අරක්කු රම් මස් මාංශ කට ගැස්මට කන ගමන් ගන්න එපා. සිගරට් සුරුට්ටු බොන්න එපා. සමරිසි ඇසුරට ගණිකා ඇසුරට යන්න එපා අප්පච්චි.

    ඔය ඉතිං හැන්දෑවට අතපය වෙවුලනවට අරක්කු ටිකක් බිලා කුකුළු මස්සෙක්ක බත් ටිකක් කාලා සිකරට්ටෙකක් කාරිය බිව්වට කමක් නැහැ.

    යනෙන කොට කොලුවෙක් අල්ලාගෙන ලෝඩ්ඩේකක් කාරිය බාගත්තට, බ්‍රොතෙල් හවුස් එකකට ගියාට කමක් නැහැ. අයිස් ටිකක්, ස්ටෑම්පෙකක් ,ජෝයින්ටෙකක් ගත්තට කමක් නැහැ.

    ReplyDelete
Previous Post Next Post

Contact Form