ජාතක කතා සෙවීම සහ ජයනද!

 


මිත්‍රවරුණි

දමිතාගේත් රැට්ටාගේත් ජාතකේ හොයන උන්ගෙන් හරි කරදරයි!

උන් අරගල කරා වෙන්න පුලුවන්! අරගලෙන් සල්ලි හෙව්වා වෙන්නත් පුලුවන්! ඒකේක අජෙන්ඩා තිබුනා වෙන්නත් පුලුවන්! අජෙන්ඩා කීවේ න්‍යායපත්‍ර!

හැබැයි ඒමයි කියලා උන්ව පොරක් කොරගෙන ඉන්න තරම් මාධවලා ට චූන් නෑ!

හොරකං කලා යැයි චෝදනා ලැබිලා තියන එව්වෝ පවා ලොකු කරන් ඉන්න උන්ට දැන් තමා වංචාව දූෂණය පේන්නේ! ඒ්කත් හොඳයි! තමන්ම ජන්දෙ දීලා හොර ගෙඩියෙක්ව පත් කරලා යට ඇඳුම පවා නැති කරලා දැම්මට පස්සේ තවමත් ගුණ වයන බයි පීපල් ආන් එහෙමයි! උන් හිතන් ඉන්නෙ උන් ඉන්නෙ ඇතා පිටේ තියලා!

බලද්දි කලිසමත් ගලවං ගිහිං! ඇතාගෙ හොඩේ වගේ පෙනිලා තියෙන්නෙ වෙන වෙන දේවල්!

පව්! සරල බයි ටොයි මනස!

මාධවගේ මතය හැමදාම තිබුනේ ප්‍රතිපත්තීන් සම්බන්ධව මිසක් වහල් මනස හිමි පවුල් වාදීන් සම්බන්ධව හෝ පුද්ගලවාදීන් සම්බන්ධව නෙමෙයි

ලංකාව ගොඩ දාන්න පුලුවන් ශක්තිමත් ප්‍රතිපන්තීන් සහ නීති මගින් පමණකි කියන විශ්වාසය හිතේ තියන මාධව අරගල කරේ ආන් ඒවා ඉල්ලලා මිසක් වෙන මඟුල් ඉල්ලලා නෙමෙයි!

ඉතිං මිත්‍රවරුණි,

ඉදිරියේදී කවුරු අරගල කලත්, ඒ අරගලේ ඇතුලේ මාධවගේ ඉල්ලීම් වලට සමාන ඉල්ලීම් තිබේ නම් මාධවත් එහි කොටස් කරුවෙක් වනු ඇති. මොකද පොදු අරමුණු සමාන නම් විවිධ මාවත් වල පැමිණෙන සියලලන්ටම යා යුතු වන්නේ එකම අවසානයකට නිසා!

ඉතිං කියන්නට ඔනි,

තක්කඩි දේශපාලනේ ගොදුරක් වෙලා ඉන්න බයි වහල්ලුන්ගේ හිත් කොනක කැකෑරෙන ගෝටා තෙමේ ගෙදර යන්න උනු එක ගැන විස්සෝපයට මාධව ළග බේත් නෑ! උන්ට තමන්ගේ අම්මා අප්පා දරුවට බිරිඳට වඩා ලොකු දේශපාලනික කූඩැල්ලාගේ සතුට විතරක් නෙව! ඒක මානසික ලෙඩක්! බයියෝ කියන්නෙ තනිකරම මානසිකව දුර්වල වෙලා ඉන්න ස්වයං චින්තනයක් නැති අභිමානයක් නැති පිරිසක්!

කතාවෙන්ම තේරෙනවා!! වචන දහයක් කතා කලොත් නමයක් ම බයිකම බේරෙන වචන!

තවද,

තක්කඩි දේශපාලන අජෙන්ඩාවල ගොදුරු උන උන්දලා අරගලේට සහය උනා, අරගලේ දියත් කලා කියලා, පස්සේ දවසක උන් ගිහින් එකේකාගේ ස්ටේජ් වල කඩේ යන්න ගත්තාම උන්ට හුරේ දාන්න මාධවට පිස්සු නෑ. ඒ් වාගේ අඥාන කටයුතු මාධව ගාව නෑ!

වහල් මානසිකත්වයෙන් මිදිලා ස්වාධීනව හැමදේම දිහා බැලුවම පැහැදිලිව පේන දේ තමා ලංකාවේ ගොඩක් උන්දලා තාමත් දන්නෑ නරා වලක ගිලිලා කියලා!

ඉතිං හුරේ දාන්න සැදී පැහැදී ඉන්නවා නෙව. බයි ටොයි උන්දලා මේ දිනවල අලු ගසා දාලා නැගිටින සැටි පෙනී යනවා. උපන් කරුමය නෙව උන්ගේ කියලා මාධව උන්ට අනුකම්පා කරනවා!

ඉදිරියට වෙන දෙයක් වනු ඇතැයි මාධව ද නිහඩව බලා ඉන්නවා

බයියන්ට කොච්චර රිදුනත් උනුත් දන්නවා ඒ අරගලයට පින්සිද්ද වෙන්න ලොකු විනාශයක් වලකා ගත්තා කියලා! හැබැයි ඒ බව පිලිගන්න අකමැතියි!

ඉල්ලං කාපු හුඟ ටොයියෝ බයියෝ දැන් දැන් උඩුබුරලාගෙන ආවද උන්ට ආයෙම අකුලන් යන්න වෙන දිනය ඈතක නොවන බව උන්ම දන්නවා!

බේරෙන් නාපු නෑම ආයෙම ඉල්ලගෙන කන්න ආසා පන්දාහේ කෑලි තාමත් ඉන්නවා!

අරක්කු කාලට දුව පුතාගේ අනාගතය බිල්ලට දෙන නාකි ජීවිත පණ ගැහෙමින් නෙලුං කුලුණ නගිනවා. ගිහිං නාකි මයිනෙක්ට පිං දෙනවා! උන්ට තේරෙන්නෑ මේ ණය කන්ද ගෙවන්න වෙලා තියෙන්නෙ මයිනට නෙමෙයි කියලා!


නෙලුං කුළුනෙණ් සුරාන්තය ලඟා කරගන්න හඳන ඈත පිටිසර බයි නෝනාගේ ජීවිතේ සැබෑ සුරාන්තය වනසා ඇති බව උන්ට තේරෙන්නෑ! සුරාන්තය කියන්නෙ මොකක්ද කියලා ඇහුවම සිංහල බේතක්ද කියලා අහන අම්මණ්ඩිලා නෙව ඉන්නේ!

අධ්‍යාපනයේ හිඩැස තමා ඒ්!

සේරටම හපන් ආගමික ඇත්තොන්ගෙ තව්තිසාව!

කඩේ යන විද්වත්තුන්ගේ බොරු! මේ පින් බිමේ මේ සා වූ මුසාවාදා අපමණ ගොඩක්! මුළු රටම ලෝදිය හැලියෙ ගිලෙමින් තියෙන්නේ සරලවම!

උපේක්ෂාවෙන් මේ සියල්ල දිහා බලන්න ඉන්න වෙලා තියෙන්නේ මාධවලාට! කට නොසොලවා බලා හිඳිනු! ඇඳිවත ද උනාගෙන යන තෙක්ම! ආන්න ඒමයි අණ ලැබෙන්නෙ දැන් මාධවලාට!

මේ කසික්කාඩු ක්‍රමය ඇතුලේ, මාධවලා පැතූ උසස් ජීවන තත්වයක් පිළිබදව බලාපොරොත්තු දැන් මැරිලා තියෙනවා!ඒ් බලාපොරොත්තු කුණු වෙලා ඔජස් ගලනවා!

හැබැයි තාම ඒ බව තේරිලා නෑ බහුතරයකට!

ඒ් නිසා අරගලේ ඉන්න උන්ගේ සහ ඉඳපු උන්ගේ වැරදි හොයනවා!

අරගලේ ඉන්න උන්ගේ වැරදි හොයන්න අමුතුවෙන් බයියෝ අවශ්‍ය නෑ!

මක් නිසාද යත් එකිනෙකාට සාපේක්ෂව විවිධ පුද්ගලයින් සහ අරමුණු මේ අරගලය සමඟ බැඳිලා තිබුනු නිසා!

ඒ් ඒ් පුද්ගලයින්ගේ විවිධ අදහස් සහ අරමුණු තිබුන නිසා!

කෝම වෙතත් මාධව දුටුව දේ නම් ගෝල් ෆේස් අරගලයට පැමිණි බහුතර පිරිස කිසිම අරමුණකින් තොරව තමන්ගේ මූලික ජීවත් වීමේ අවශ්‍යතාවය ඉල්ලූ පිරිසක් කියා පමණයි! කැපී පෙනුන කණ්ඩායමට වඩා පිරිසක් භූමියේ උන්නා!

පෞද්ගලිකවම අඳුනන හුඟ දෙනෙක්!

අරගලය බයියොන්ට අනුව ජරා වලක් වන්නට ඇති. මාධව දන්න කීප දෙනෙක්ම ඒ ජරා වල සුද්ද වගේ කරන්න ගිහිං නාකි මයිනෙක්ගේ කුරුලු බෙටි අනුභව කරලා බේරේ නාලා අතපය කඩාන ඇවිත් උන්නා!

පව්! දුකයි!

ඒ උන් දන්න මැරකම් නෙව! ඒකට එයාල කියන්නේ දේශපාලනේ ලු!  

නූගත් මෝඩයෝ!

උගත්තු විසඳුම් සොයන්නෙ ගැටුමෙන් නෙවෙයි!

බුද්ධියෙන්!
ජීවිත නසන අරමුණු ඇතුව පොලු මුඟුරු අතට අරන් රඟපාන්නෙ අමු අඥානයෝ මිසක් වෙන මොක්කුද?

ඉතින් උන්ට අනුව අරගලේ කියන්නෙ අසමත් වූ ක්‍රියාවලියක් ලු!!

අරගලේ හිටියෙ කුඩ්ඩොලු!

අරගලේ කොන්ඩම් තිබුනලු

අරගලේ ඩයස්පෝරා සල්ලි තිබුනලු!


මාධව දැක්කෙ ඒ් සේරටම ඉහලින් උන්ගෙ අපේක්ෂා තිවුනා සහ තියනවා!

ජීවන අපේක්ෂාව! උසස් ජීවිතයක අපේක්ෂාව!

ඉතින් අවසන කියන්නට කැමතියි,

අඩුපාඩු මැද දියත් කෙරුණු, අඩුපාඩු සිද්ධ උනු, පළමු අදියර සාර්ථකව ජයගත්තු ආදරයේ අරගලයේ ජයගෝෂා මාධවගේ හිතේ කොනක තාම රැව් දෙනවා!

ස්තූතියි!
 

6 Comments

Your Comments / ඔබේ ප්‍රතිචාර

  1. 'අඩුපාඩු මැද දියත් කෙරුණු, අඩුපාඩු සිද්ධ උනු, පළමු අදියර සාර්ථකව ජයගත්තු ආදරයේ අරගලයේ ජයගෝෂා මාධවගේ හිතේ කොනක තාම රැව් දෙනවා!'

    ඔය කියන ඊනියා අරගලකාරයෝ (නලින්ද සිල්වා කියන විදියට නං පරගලකාරයෝ) ගිහින් පාර්ලි‌‌මේන්තු මන්ත්‍රීවරයෙක් මරලා, තවත් ගෙවල් ගෙවල් දොරවල් වාහන රාශියක් ගිනිබත් කරලා මංකොල්ල කාලා අන්තිමට ලබා ගත්තේ මොනවද? රනිල් ජනාධිපති කිරීමද? ආදරයේ අරගලයක් නං මිනිමරලා ගෙවල් ගිනිතියන වෛරීවැඩ කරේ ඇයි?

    එකම ලංකට් එක ඇදගෙන ගෝල්පේස් එකේ මාස තුනක් කුඩාරං ගහගෙන ඉදලා පරගලකරුවන් කරේ අන්ත දක්ෂිණාංශික රනිල් වික්‍රමසිංහ විධායක ජනාධිපති කිරීමයි. ඊට අමතරව ගොඩක් පරගලකාරයොන්ට ප්‍රීතීකසානා හම්බුනා. දැන් කසා කසා ඉන්නවලු.

    අනික් මිනිස්සු අරක්කු ටිකක් බොනවා ඇති හැන්දෑවට. හැබැයි පරගලකාරයන් කරේ දවස තිස්සෙම ගංජා ගහලා හිටපු එක. රූපවහිනියට ගිය පරගලකරයෙක් කීවේ පෝය දවසේ විකාශය වූ ධර්ම දේශනාවත් නවත්තන්න කියලා. ඔන්න මේ අය සිංහල බුද්ධාගමට දෙන තැන. මේ පරගලය පිටිපස්සේ හිටියේ අන්‍යආගමික බලවේග. ඕවාට අපි ඉඩ දෙන්නේ නැහැ.

    -එමිල් මහේෂ් වලතර-

    ReplyDelete
    Replies
    1. හැම ආගමක්ම අන්‍යආගමක් මිත්‍රයා!
      අරගලේ උන් විතරද බොන්නෙ! ගංජා ගහන්නෙ! දේශපාලනික රැස්වීම් වලට බස් වල අදින උන් එන්නෙ පිරිත් පැන් බීලද?

      මූලිකවම දේ අරගලකරුවෝ ඉල්ලුවේ ජීවත් වීමේ අයිතිය! ළමයින්ගෙ සහ තරුණයින්ගේ ජීවිත සෙල්ලමක් නෙමෙයි!

      රනිල් රජ වීඹ අරගලේ ප්‍රථිපලයක් ලෙස පෙනුනට ඒක උන විදිය වෙනමම කතා කල හැකියි. ඇත්තටම රනිල්ව අගමැති කලේම රාජපක්ෂලාගේ උවමනාවට! මොකද ගෝටා ගියාම ජනාධිපති කරලා තමන්ගේ ආරක්ෂාව සපුරාගන්න හැකි නිසා!

      පා.ම කෙනෙක්ට නිකන් මැරෙන්න උනේ නෑ! ඒ මිනිහා වපුරපුවා ලැබුනා!! අරගලේ උන්ට ගහලා මාරු වෙන්න ගිය මිනිහට කෝමෙන් කෝම හරි මැරෙන්න උනා මහ පාරේ! කණගාටුයි! අරගලේට නිශෘන්තලා ගහපුව‌ා නොපෙනෙන ඔබට අනික්වා විතරක් පෙනීම සුදුසු නෑ!

      එදා අරගලේට නොගැහුවා නම් මේ කිසි කලබලයක් නෑ!

      Delete
  2. Replies
    1. පිස්සුවක් තමා! ලංකාවම පිස්සුවක් වෙලා!

      Delete
  3. මිනිස්සු මරලා ගෙවල් දේපල ගිනි තියලා දිනපු අරගලයක් නැහැ මාධව. 71 කැරැල්ලේ ඉදං ඕක උනා. ලැබුන දෙයක් නැහැ. මාධව ලාබාල තරුණයෙක් විදියට රැකියාව කරගෙන හිටියා නං හොදයි නිකං විවිධ දේශපාලන උවමනා අනුව ජිවිත බිලි ගන්නා දේශපාලන පක්ෂ වල අතකොලු නොවී.

    ReplyDelete
    Replies
    1. ඇත්තටම මාධව කිසිම දේශපාලන පක්ෂයක සාමාජිකයෙක් නෙමෙයි! අතකොලුවකුත් නෙමෙයි! සමාජයේ මිනිස්සු විඳින දුක දැක්කම හුඟක් දේවල් ලියවෙනවා!

      මොනා කරන්නද? දැන් නං හිතෙනවා කට පියාන ඉන්න එක හොඳයි! මොකද තාම මට ක්නන බොන්න තියන නිසා කියලා!
      ඒත් ළමයින්ගේ දුක දැක්කම ඒම නොකියා ඉන්න හිතෙන්නෑ!
      කිව්වා කියලා රට හැදෙන්නෙත් නෑ!

      කව්ද ඔබ මා හඳුනන පුද්ගලයෙක් බවයි පෙනී යන්නේ!

      Delete
Previous Post Next Post

Contact Form