පරිගණක පාඩම 02 - මුර පද පිලිබද කතාන්දරය

 

මුරපද හෙවත් passwords ගැන ලාංකිකයාගේ ආකල්ප බෙහෙවින් දුර්වල බව මාධව දැන් දැනුවත්ය. ඒ් නිසාම නොව මේ කියන්නට යන්නේ මුරපද ගැන සුවල්පයක් ය. මාධවගේ පරිගණක පාඩම් තුලින් ගෙන එන දෙවැනි පාඩම මේකය. මාධවගේ අත්දැකීම් අනුව මේ ලිපිය ලියවී ඇත.

ඉතිං මාධවගේ මුරපද පිලිබඳව කතාන්දරය‍ 

 

මුරපදයක් යනු තොරතුරු තාක්ෂණ ක්ෂේත්‍රයේදී අත්‍යවශ්‍ය අංගයකි. මුර පදය මගින් පරිගණකයක් හෝ ඒ ආශ්‍රිත උපකරණයක් සතු තොරතුරු බාහිර පාර්ශවයක් වෙත ලැබීම වලකාලිය හැකිය. අකුරු, ඉලක්කම් හා විවිධ සංකේත (@ , $ , % වැනි) භාවිතයෙන් මෙම මුරපද නිර්මාණය කරගත හැකිය. වර්තමානයේ දී පරිගණක සහ අදාල උපාංග සහ ඒ් ආශ්‍රිත කටයුතු වලදී දත්ත වල ආරක්ෂාව සම්බන්ධයෙන් වැඩි වගකීමක් ඇති බැවින් මුර පදයට සහ එවැනි ආරක්ෂක උපක්‍රම සඳහා ඇත්තේ වැඩි අවධානයකි. වැඩි උනන්දුවකි.

නමුත් ලංකාවේදී ලාංකික පුරවැසියන්ගේ නම් මේ මුරපද පිලීබදව ඇත්තේ ඇල් මැරුණු ආකල්ප බව මාධව දැන් දන්නේ ඔහුගේ වසර ගණනාවක අත්දැකීම් නිසාය. කෙසේ වෙතත් මේ ලිපියෙන් මාධව කතා කරන්න යන්නේ මුර පද වල වැදගත්කම, සාර්ථක මුර පදයක් සකස් කරගන්නේ කෙසේද, මුරපද ආරක්ෂා සහිතව තබා ගන්නේ කෙසේද, ආදී කාරණා ගැන පමණක්ය.

මුරපද අතීතයේදී ද භාවිතා කර ඇති බව ඉතිහාසයෙන් සාක්ෂි අහුලා ගත හැකිය. උදාහරණ ලෙස අතීථයේ යුද්ධ සමයන්හි ආරක්ෂක කපොලු හරහා ගමන් කිරීමට යුධ සෙබලුන්ට අනන්‍ය වූ වැකි තිබූ අතර ඒවා නොදන්නා උන් ඝාතනය කර තිබුනු බව අසන්නට ඇත. පරිගණක ආශ්‍රිතව පළමුවරට මුරපදයක් භාවිතා කර ඇත්තේ 1960 දී පමණ බව අන්තර් ජාල මූලාශ වල සඳහන් වී තිබුනා මාධවට මතකයේ ඇත.

කෙසේ වෙතත් ඩිජිටල් තාක්ෂණය දියුණු වීමේදී මුර පදයක අවශ්‍යතාව දැනුනු අතර වර්තමානයේ AI - කෘතිම බුද්ධිය මගින් පරිශීලිකයින් සඳහා වඩාත් දියුණු මුරපද නිර්මාණය කර දෙන තත්වයට මෙම මුරපද වල තත්වය උසස් වී ඇත.

ස්වයංක්‍රීයව මුරපද යෝජනා කිරීම

 

ඒසේම මුරපද වෙනුවට Biometric Authentication හෙවත්  ජීවීන්ගේ විවිධ ශාරීරික උපාංග භාවිතය දක්වාත්, Vocal Biometric Authentication හෙවත් පරිශීලක කටහඩ ද භාවිතා වීම වර්තමානයේදී බහුලව භාවිතා වේ. ඇඟිලි සලකුණ, මුහුණ හඳුනා ගැනීම, කටහඩ හඳුනා ගැනීම යන උපක්‍රම මගින් ස්මාට් දුරකථන වල අගුලු දැමීම සහ අගුලු ඇරීම වර්තමානයේ සිදු කරයි. ඒ් ජෛව විද්‍යාත්මක මුරපද උපක්‍රමයන්ය.

 

ඇඟිලි සලකුණ යොදා දොර විවෘත කිරීම

කෙසේ වෙතත් මාධව මේ කියන්නේ බොහෝ දෙනා අතර බහුලව භාවිතා වන අක්ෂර, ඉලක්කම් සහ සංකේත අඩංගු සාමාන්‍ය මුරපදය ගැනය.

මෙහෙයුම් පද්ධති වලට ප්‍රවේශ වීම, විද්‍යුත් ලිපින, මුහුණු පොත, වෙබ් අඩවි, මාර්ගගත  බැංකු ගිණුම් ආදී කටයුතු වලදී බහුලව භාවිතා වන්නේ මෙම කියන වන අක්ෂර, ඉලක්කම් සහ සංකේත අඩංගු සාමාන්‍ය මුරපද යන්ය.

එසේම විවිධ ආකාරයේ මුරපද ඒ ඒ අවස්ථා වලදී භාවිතා වන අතර අක්ෂර, ඉලක්කම් සහ සංකේත අඩංගු මුරපද සහ ඉලක්කම් පමණක් (බැංකු ATM හාවිතා වන පරිදි) සහ අකරු පමණක් භාවිතා වන අවස්ථා ද ඇත්තේය.

ගූගල් සමීක්ෂණ අනුව වර්තමානයේ බෙහෝ දෙනාගේ මුරපද සඳහා බහුලව භාවිතා වන්නේ පහත දක්වා ඇති කරුණු වන අතර ඉන් පිටත වඩාත් ආරක්ෂිත මුරපද නිර්මාණය කරගන්නේ වෘත්තීය වේදින්ය.

උපන්දිනය, සංවත්සර දිනය, උපන් ස්ථානය, දරුවෙකුගේ, සුරතලෙකුගේ නම, “PASSWORD” යන වචනය ආදී කරුණු වර්තමානයේ බොහෝ දෙනාගේ මුරපද වල අඩංගු වේ.

මෙසේ නිර්මාණය කර ගන්නා  මුරපද වල වටිනාකම් සහ අරමුණු එකක් ලෙස සැලකූ විට මුරපදයක් යෙදීමෙන් අපේක්ෂා කරන කරුණු මේවාය

  • වෙනත් පාර්ශව වලට අවසර නොමැතිව තොරතුරු පරිශීලනයට නොහැකි වීම

  • පුද්ගලිකත්වය ආරක්ෂා වීම

  • උපකරණ වල ආරක්ෂාව

  • ආරක්ෂක තොරතුරු, බැංකු තොරතුරු වැනි සංවේදී  දත්ත ආරක්ෂා වීම

                           

කෙසේ වෙතත් මෙම අරමුණු සාක්ෂාත් කර ගැනීමට නම් මුරපදය වඩාත් ශක්තිහත් සහ බාහිර අයෙකුට පහසුවෙන් අනුමාන කල නොහැකි එකක් වීම අත්‍යවශ්‍ය වන්නේය. ශක්තිමත් මුරපදයක් නිර්මාණය කර ගැනීම සඳහා පහත කරුණු මාධව විසින් යෝජනා කරන්නේය

එක් එක් කරුණ / අවස්ථාවන් සඳහා විවිධ මුරපද භාවිතා කිරීම  -  මෙයින් අදහස් කරන්නේ ඔබගේ විද්‍යුත් ලිපියට යොදා ගන්නා මුර පදයම මුහණු පොත (facebook)  ගිණුමට අදාල පිවිසුමට භාවිතා නොතරන ලෙසය. ආරක්ෂාව දැඩි කිරීමට නම් විවිධ පිවිසුම් සඳහා විවිධ මුරපද භාවිතය අත්‍යවශ්‍ය වේ.

  • නිර්මාණශීලි මුරපද භාවිතය - උපන්දිනය, දරුවාගේ නම වැනි වැකි භාවිතයෙන් වැලකී ඔබට පහසුවෙන් අමතක නොවන නමුත් වෙනත් අය නොදන්නා නොසිතන මුරපදයක් නිර්මාණය කර තැබීම අපූරුය.

  • Symbols භාවිතා කිරීම - එනම් යතුරුපුවරුවේ ඇති @, #, %, &, * වැනි සංකේත භාවිතය මගින් වඩාත් ශක්තිමක් මුරපදයක් නිර්මාණය කල හැකිය.

  • අකුරු රටා සහ අංක රටා භාවිතා නොකිරීම - එනම් පරිගණක යතුරු පුවරුවේ ඇති qwerty  / asdfgs වැනි අකුරු රටා  සහ 1234, 2468 වැනි අංක රටා භාවිතා නොකල යුතුය. එම රටා පලපුරුදු හැකරුවරුන්ට පහසුවෙන් අනුමාන කල හැකිය.

  • අකුරු, ඉලක්කම් සහ සංකේත භාවිතා කර අකුරු අටකට වැඩි මුරපද නිර්මාණය කිරීම - මෙහිදී උදාහරණයක් ලෙස Ajls168$&@lankas දැක්විය හැකිය. මෙහි අකුරු, සංකේත, ඉලක්කම් සියල්ල අඩංගු වන අතර ප්‍රමාණය අකුරු 8කට වඩා වැඩියෙන් ඇත. මෙහ ශක්තිමක් මුර පදයකි.

 

ඊළග කරුණ ලෙස මාධව පවසන්නේ මුර පද ආරක්ෂා කර ගැනීමට හැකි ආකාර කීපයක් ය. ශක්තිමත් මුර පදයක් නිර්මාණය කර ගත්තාටම ප්‍රමාණවත් නොවන්නේ ඒ මුරපදය අන්‍යයන්ගෙන් ආරක්ෂා කරගැනීම  වැදගත් නිසාය.

 

  • කිසිවෙකුට නොපැවසීම - ඔබගේ මුරපදය සරලවම ගසක බෙනයකටවත් නොකියා සිත තුලම තබා ගැනීම අතිශය වැදගත්ය.
  • මුරපද වෙනස් කිරීම - මාස කීඵයකට වරක් ඔබගේ මුරපදය වෙනස් කිරීම ද යහපත් පුරුද්දකි. මතකතබා ගත හැකි ශක්තිමත් මුරපදයක් සෑම විටම නිර්මාණය කර ගැනීම යහපත් ය.

  • පැරණි මුරපද යලි යලි නොයෙදීම - මුර පද වෙනස් කිරීමේදී අතීථයේ භාවිතා කල මුරපද යලි භාවිතා කිරීම නොකල යුතුය. එය ඔබ නොදැනුවත්වම ඔබ අවදානමක වැටීමකි.
  • සෑම විටම log out වීම  - ඔබ භාවිතා කරන ගිණුම් වලින් සෑම විටම නිසි පරිදි ඉවත් වීම සිදු කරන්න. ඒසේම නිසි පරිදි ඔබ ඉවත් වූ බවට සහතික කරගන්න.
  • Web Browser වල private Windows භාවිතා කිරීම - මෙහිදී මුරපද සහ වෙනත් පුද්ගලික තොරතුරු පරිගණක තුල තැන්පත් වීම සිදු නොවන බැවින් private Windows භාවිතයෙන් ඔබගේ මුරපද අන්‍යයන් අතට පත් වීම වලකාගත හැකිය.
  • ආගන්තුක පරිගණක වලින් ඔබගේ මුරපද යොදා ගිණුම් වලට ප්‍රවේශ වීමෙන් හැකි පමණ වැලකීම - මෙයින් අදහස් වන්නේ විවිධ මෘදුකාංග සහ උපක්‍රම මගින් ඔබගේ මුරපද සොරකම් කිරීමට අවස්ථාවන් තිබීමට ඉඩ ඇති බැවින් ඔබට අයත් පුද්ගලික උපකරණ වලින්ම මුරපද භාවිතා වන ගිණුම් වලට ප්‍රවේශ වීම ආරක්ෂිත බවය.

 

කෙසේ වෙතත් මාධව තරයේ විශ්වාස කරන්නේ නව ලෝකයේ කිසිවෙත් තොරතුරු අතින් ආරක්ෂා නොවන බවය. කෘතිම බුද්ධිය සහ ඒ් ආශ්‍රිත අන්තර්ජාලයට සම්බන්ධ විවිධ උපක්‍රම සහ යෙදුම් නිසාම මානවයා ලෝකයට නිරාවරණය වී ඇති අතර මුරපදයන් ද එසේ බවය. කෙසේ වෙතත් ඩිජිටල් ලෝකයේ තොරතුරු බහුතරයක් වඩාත් ආරක්ෂා වීමට ශක්තිමක් මුරපද වල ඇති වලංගු බව තවමත් අදාලය.

ඉතින් මුරපද ගැන කතාව අහවර ය!

Your Comments / ඔබේ ප්‍රතිචාර

Previous Post Next Post

Contact Form