පස්වැනි පරම්පරාවේ දුරකථන පිළිබඳව ලංකාවේද කතාන්දර ඇසෙන්නේය. පස්වැනි පරම්පරාවේ ජාලකරණයක් ගැන කතාවනු ඇතේ ක්ෂේත්‍රයේ අය පමණක් බව මාධවට දැනෙන්නේය. නමුත් මාධව විශ්වාස කරනුයේ පස්වැනි පරම්පරාවේ ජාලකරණයක් ලංකාව තුල පිහිටු වීම දරාගත හැකි දෝ යන්න සැක සහිත වූවත් එය හුදෙක් තොරතුරු තාක්ෂණය පරම්පරාවක් ඉදිරියට ගෙන යාම පමණක් නොවන බවය. එය තොරතුරු තාක්ෂණය වර්තමාන සමාජයට ඇති කරනා බලපෑම විදහා දක්වන නිදර්ශකයක් ලෙස මාධව දකින්නේය.
තොරතුරු තාක්ෂණයේ සාක්ෂරතාව (විවේචන ඇත) අතින් ලංකාව ඇත්තේ ඉදිරියෙන් බව ප්‍රකාශ කරනු ලැබේ. ලාංකීය රජය එම දත්ත ප්‍රකාශ කරනා නිර්ණායක ගැන සොයා බැලීමට මාධව අදහස් කරන අතර ඒ පිළිබඳව ලිපියක් ඉදිරියේදී ලිවීමට බලාපොරොත්තු වේ. කෙසේ වුවද ඔනෑම අයෙක් ස්මාර්ට් දුරකථනයක් භාවිතා කිරීම හෝ සැමට ජංගම දුරකථනයක් තිබීම හා භාවිතා කිරීම සාක්ෂරතාවයක් ලෙස පිලිගැනීම ඉමහත් වරදක් බව මාධව සිතන්නේය.
කෙසේ වුවුද පාඨකයාගේ දැනගැනීම පිණිස පලකරන මෙම ලිංකුවට පිවිසීමෙන් roar.media හි පාඨකයාට නිසි අවබෝධයක් ලබා ගත හැකි අයුරින් නිරවුල්ව දත්ත සහිතව ලිපියක් පල කර තිබේ. අතර එමගින් පරිඝණක සාක්ෂරතාව සම්බන්ධව සොයා බලන මෙන් මාධව කියා සිටින්නේය.
කෙසේ වුවද පළමු වැනි පරම්පරාවේ සිට වර්තමානයේ ලංකාවේ ඇති සිව්වන පරම්පරාව දක්වාම ස්මාර්ට් යන්ත්‍රෝපකරණ වලින් බහුතරයක් භාවිතා කර අත් දැක ඇති මාධවලා විශ්වාස කරනුයේ පස්වැනි පරම්පරාව ලෝකයේ සහ ලංකාවේ ඉදිරි ගමනට දායක වීම යහපත් අයුරින් සිදු වනු ඇතැයි කියාය.
කෙසේ වුවද අන්තර්ජාලයේ ඇති පරිදි මාධව විසින් කියවා බැලූ නිබන්ධන සහ තවත් එක් එක් ලිපි අනුව ඔවුන් පස්වැනි පරම්පරාවේ ජාලකරණයක් සහිත තොරතුරු තාක්ෂණ ක්ෂේත්‍රයක් ඇති කිරීම මගින් මූලිකවම කරුණු කිහිපයක් සපුරා ගැනීමට බලාපොරොත්තු වන්නේය.
- සීමා රහිත සම්බන්ධතාවයන්
- නව උත්පාදනයන් සහ ආර්ථික තත්ව කළමණාකරණය සහ වැඩි දියුණු කිරීම
- සම්ප්‍රේෂණ තත්ව වැඩි දියුණු කිරීම
- අතවශ්‍ය සන්නිවේදන කටයුතු සහ IOT (internet of things) මිනිසා සහ පරිඝණක අතර සම්බන්ධය දියුණු කිරීම
- කර්මාන්ත සහ නිෂ්පාදන අංශයන්හි ප්‍රගතිය
මෙම අංශ පහකින් යුතු අරමුණු සඳහා ලාංකීය සමාජය කෙසේ එක්කාසු වේ දැයි මාධවට ගැටලු තිබුනද මෙමගින් ලෝකයා අපේක්ෂා කරන තත්වය පිළිබඳව නම් මාධවට අදහසක් ඇත්තේය. දත්ත ඇතුල් කිරීම, ලිපි සැකසීම, වැනි සරල කාර්යාල ක්‍රම වලින් ඔබ්බට නොයනා ලාංකීය පරිගණක භාවිතයට පස්වැනි පරම්පරාව අඳුන්වා දීම කෙසේ ලාංකිකයා පිලිගනීද යන්න මාධවට ගැටලුවක් ඇත. අන්තර්ජාල වේගය වැඩිවීම යනු පස්වැනි පරම්පරාව (5G) යැයි සිතනා තරුණ පරම්පරාවකින් ඵලදායී ලෙස මෙම තත්වයන් භාවිතා කිරීම ගැන මාධවට බලාපොරොත්තුවක් නැත. කෙසේ වුවත් ලාංකික තොරතුරු තාක්ෂණික ක්ෂේත්‍රයේ උන්නතිය සඳහා නිවැරදිව මෙම නව ප්‍රවණතා උපයෝගී කර ගැනීම මනාය.
තවද ලාංකික පාසල් අධ්‍යාපනයටද තොරතුරු තාක්ෂණය විශයක් ලෙස ඇතුලු වී ඇති හෙයින් මාධව විශ්වාස කරනුයේ ඵලදායී ලෙස තොරතුරු තාක්ෂණය පරිශීලනය කරනා පුරවැසියෙක් නිර්මාණය කිරීමට එමගින්ම අත්පොත් තැබීමට හැකි විය යුතුය. එමගින් ලාංකික තොරතුරු තාක්ෂණයේ අඳුරු පැතිකඩ අවසානයක් කරා රැගෙන යා හැකි බවට මාධව විශ්වාස කරන්නේය.
කෙසේ වුවද පස්වැනි පරම්පරාවේ දුරකථන සේවා සම්බන්ධව කිව යුතු කරුණු කාරණා කිහිපයක් ඇත්තේය. සැලසුම් අදියරේදී සිටම සැලසුම් කරුවන් සහ ඉන්ජිනේරුවරුන් බලාපොරාත්තු වී ඇත්තේම දුරකථනය යනු එකක් (Universal Device) ලෙස ගෙන සියල්ල ඇඟිලි තුඩක පාලනයට නතු කිරීම බව පෙනේ. එසේ හෙයින් මූලිකවම දත්ත සම්ප්‍රේෂණය මගින් ප්‍රවාහනය, ව්‍යාපාර ස්ථාන, ගම්බද ප්‍රදේශ, නගරබද ප්‍රදේශ ආදී ලෙස එකිනෙක අතර සම්බන්ධතා ගොඩ නගමින් මිනිසාගේ කටයුතු සුව පහසුවෙන් සිදු කර ගැනීමට අවකාශ සලසා දීමටත්, දුරකථනය මගින් බොහෝ කටයුතු ස්‍රීග්‍රයෙන් සිදු කර ගැනීමටත්, පුද්ගලයෙක් සතු සියලුම භෞතික වත්කම් (වාහන, පරිඝණක, නිවාසය)එකිනෙක සම්බන්ධ කරනා වේගවත් ජාලකරණයක් බව මාධවට හැඟී යන්නේය. එසේ හෙයින් පස්වැනි පරම්පරාවේ සන්නිවේදනය හඳුන්වාදීමේදී ඔවුන් මූලිකවම ජංගම දුරකථනය සම්බන්ධ පහසුකම් සහ දුරකථන සේවා පුලුල් කරනු අතැයි මාධව විශ්වාස කරන්නේය.
තාක්ෂණික තත්වය කෙසේ වුවද ලාංකිකයාට ලැබෙනා පහසුකම් වලින් බොහෝ ප්‍රමාණයක් අපතේ යවනා සමයක, පස්වැනි පරම්පරාවට පිවිසීමට ප්‍රථම දැන් ගත කරනා යුගයේ ඇති පහසුකම් නිවැරදිව භාවිතයට දැනුම ලබා දීම අවශ්‍ය වන්නේ යැයි මාධව සිතන්නේය.
ප/ලි -
01 - මෙම ලිපිය මාධව විසින් සම්පාදනය කලේ 2020දී පමණ වන අතර අහම්බෙන් ලිපි ගොනු අතර තිබී පල කිරීමට කටයුතු කරන ලදී
02 - දැන් රටේ තියන තත්වය අනුව 5ජී ජාලකරණය පහසු නැත
03 - ජායාරූප සියල්ල ගූගල් සෙවුම් මගිනි!
තොරතුරු තාක්ෂනය පාසල් ළමුන්ට දීමේදී සීමා පැනවීම කල යුතුයි. පසුගිය දිනෙක අපි දැක්කා විභාග දෙපාර්තමේන්තුවේ එම අන්තර්ජාලයට පිවිසුණු කෙනෙක් ඒ සියලුම දත්ත අරගෙන වෙන අන්තර්ජාලයක් හදලයි කියලා.
ReplyDeleteමේවා සිල්ලරකාරනා නෙමෙයි. ඒ නිසා රජය විසින් නැවතත් මේ සිදුකර ගෙන යන ඔන්ලයින් අධ්‍යාපනයද මොකක්ද කියන හරුපේ නවත්තලා පොතේ පතේ අධ්‍යාපනයට තැන දිය යුතුයි.
අනික පාසල් ළමයිට මොකද ජංගම දුරකථන, පරිඝනක? කුණුහරුප බලන්නද? ඕවගේ වෙන දේවල් අපි දන්නවා. යමක් කමක් තේරෙන වැඩිහිටියන් වශයෙන් අප ළමා පරපුර නොමගට යන එක වලක්වා ගැනීමට රජයට බලපෑම් කල යුතුයි.
විශ්‍රාමලත් පාඨශාලාආචාර්ය ලියනගමගේ මහතා-අගුනකොලපැලැස්ස
තාක්ෂණය තවත් බිල්ලෙක් නොකල යුතුයි! තාක්ෂණය රැගෙන නිසි පාරේ යාමට පෙන්වා දිය යුතුයි!
Deleteඔබගේ අදහසට ඒකඟ නොවෙමි! විදේශ රටවල අධ්‍යාපන ක්‍රමවේදයන් බලන්න! පාඨශාලා ආචාර්යය වරයෙක් නම් ඒ පිලිබදව සොයා බැලිය යුතුමයි! තාක්ෂණය බිල්ලෙක් නොවේ! බිල්ලා යනු නොදැනුවත්කමයි!
සිසුන් දහස් ගණනකට ඉගැන්වූ මා හට කිසිදෙයක් නොදන්නා බිල්ලෙක් යැයි කියන්න තමුන් හට ඇති අධ්‍යාපන සුදුසුකම් මොනවාද?
Deleteවිශ්‍රාමලත් පාඨශාලාආචාර්ය ලියනගමගේ මහතා-අගුනකොලපැලැස්ස
මා විසින් පැවසූ දෙය යලි කියවා තේරුන් ගන්න මහත්මයා! මම පැවසූයේ තාක්ෂණය බිල්ලෙක් නොවන බවත් තාක්ෂණය රැගෙන නිසි පාරේ යෑමට මග පෙන්විය යුතු බවත් ය!
Deleteඔබ ළමුන්ට උගන්වා ඇති නමුත් තාක්ෂණය සම්බන්ධව ඇත්තේ අනිසි බියක් බව පෙනී යයි!
මම වසර දහයකට අධික කාලයක් පරිගණක ක්ෂේත්‍රයේ රැඳී සිටින වෘත්තිකයෙක් වන අතර දැනට මාගේම තොරතුරු තාක්ෂණ සේවා සපයන සමාගමක් පවත්වාගෙන යනු ලබයි! ඒසේම මම NVQ 6 සුදුසුකම් සපුරා ඇති අතර, ඊට අමතරව අලෙවිකරණය සහ රක්ෂණය සම්බන්ධ පදනම් පාඨමාලාව හදාරා ඇත. තවද පරිගණක ආශ්‍රිත වෘත්තීය පාඨමාලා හදාරා ඇති බැවින් තාක්ෂණය සම්බන්ධව මාගේ ආකල්ප ඔබට වඩා වෙනස් යැයි හැඟේ!
විදුලි බිල වැඩි වී ඇත්තේ විහාරස්ථානවලට විතරක් නෙමෙයි, හින්දු, මුස්ලිම් හා කතෝලික ආගමික ස්ථානවලටත් එය එසේයි. ආර්ථික අර්බුදයේ බර මුළු රට විසින් ම එක්ව දරාගත යුතු අවස්ථාවක් මේක. 90 දශකයේ නැගෙනහිර ආසියාවේ ආර්ථික අර්බුදය අවස්ථාවේ, ඉන් ගොඩ එන්න තායිලන්තය වැනි රටවල විහාරස්ථාන ඒවාහි තිබූ රත්තරන් ආදිය එරට මහබැංකුවට පරිත්‍යාග කළා. පන්සල් තමා අර්බුදය විසඳගන්න සමාජයට නායකත්වය දුන්නෙ. ලංකාවේ භික්ෂූන් වහන්සේත් ඊට වඩා ධෛර්යවන්ත පිරිසක්.
ReplyDeleteඒත් මෙරට සිංහල බෞද්ධත්වයට එරෙහිව, අරගලය සමග එක්ව සිටි ඕ. සෝභිත වැනි අය දැන් මේකෙන් දේශපාලනය කරන්න හදනවා. ගෝඨාභය ජනාධිපතිවරයා මන්දිරයෙන් පලා ගිය පසු, ඕමල්පේ සෝභිත හිමි එහි සිටි පාදිලිවරුන් සමග එක්ව ප්‍රකාශ කළේ ලංකාවේ සිංහල බෞද්ධ බලය අවසන් කියල. එහෙම කෙනා තමා අද පන්සලේ ලයිට් බිල වැඩි වීම ගැන ප්‍රලාප කියවන්නෙ.
-රසික සූරියආරච්චි-
අනිවාර්යයෙන්ම! ආගමික ස්ථාන කිව්වම හැම තැනම අදාලයි! කතරගම දේවාලේ පවා වැඩි වෙනවා!!
Delete