69 ලක්ෂයක් ඇත්තටම ඉන්නේද?

 


මාධව මේ දාලා තියන පොටෝවට අදාල වීඩියෝ පටය ගැන කවුරුත් දන්නෝය. නොදන්නා අයවලුන් ඇත්තේ නම් youtube වෙත ගොස් " Sujee Deepan Phone eka" කියා සෙවුමක් දැම්මේ නම් දැනුමට යම් තාක් කරුණු කාරනා එකතු කර ගත හැකිය. අගනා වදන රැසක් ද උගත හැකිය.

කෙසේ වෙතත් ආවේග ශීලී ඒ අම්මාගේ අසරණ කම විනෝදයට ගැනීම මාධවගේ මේ ලිපියේ අරමුණ නොවේය.

මාධව මේ කියන්නේ පො_ට්ටුව නැමති අසූචි ගොඩේ කල් ගෙවන ගඳ ගහන වාචාලයින් රැලකගේ පාරම්බෑම වන "ලක්ෂ හැට නමයේ ජනතා වරම" ගැන ය. (හිස්තැන් පුරවා ගැනීම පාඨකයාගේ වගකීමකි)

මේ ඒ කතාවය...

ලංකාව විනාශමුඛයට ඇද දැමූවන් අතුරින් දේශපාලන සංස්කෘතියට ඇත්තේ පළමු වැනි තැනය. ආන්න ඒ තැනේ හුඟක් උන් ඉන්නේ ප්‍රධාන ධාරාවේ දේශපාලන පක්ෂ වල ය. විශමාචාර චෝදනා ඇත්තෝ රටක් කරවන්නෝය. සාධාරණය ඉල්ලන්නෝ කාළකණ්නියෝ ය. උන් නීතියෙන් යසට බේරී ඉන්නෝය.

අරගලයේ පියවරක් ජයගනිමින් හිටපු ජනාධිපති ව පන්නා දමා මාසයකුත් කාලයකට පසු ඔහු අද පාන්දර ජාමේ හොර ගෙඩියා සේ කිසිත් නොදන්නා පින්වන්තයා  සේ ( 2022 - 09 - 02 දින) ආයමත් ආවේය. කම් නැත. මේ උගේද රට ය. මේක මාධවයාගේ මෙන්ම උගේද රට ය. මේක බයියන්ගේම විතරක් නොව උන්ගේ අප්පලාගේද පමණක් නොව මාධවලාගේ ද රට ය. ඒ් නිසා ආවාට කම් නැත. නාවත් කම් නැති. මැරිලා ගියද කම් නැත. මක් නිසාද යත් මේ වෙද්දී මාධවලා ඇතුලු හුඟක් සාමාන්‍ය පන්තියේ සහ ඊටත් පහල ස්ථරයේ මිනිසුන්ට වැලේ වැල් නැත. ඒ් නිසා උන් ආවාද නාවාද උන්නාද මලාද මාධවලාට වැඩක් නැත. හැබැයි කරුමය වන්නේ උන් කරපු කාබාසිනියාකාරකම් නිසා විඳවීමට සිදු වී ඇත්තේ මාධවයා වාගේම සාමාන්‍ය ජනයාටමය.

ඒ් බව නොතේරෙන උන්ට හෙවත් තවමත් දේශපාලනේට කඩේ යමින් ඉන්නා උන්ට මාධව කියන්නේ මෝඩ ටො - බයියෝ කියාය.

ඉතින් ආන්න ඒ් ටො- බයියොන්ගේ ප්‍රීති ප්‍රමෝදයට හේතු වෙමින් දැන් පැන්නූ ලොක්කා ආයෙම ඇවිල්ලාය.. ආන්න ඒ් ටොබයියෝ දැන් අමුතු පණක් ලබලාය. ඒ් ටොබයියෝ නිසා කාළකණ්නි දේශපාලු රැලෙන් කීප දෙනෙක් ද යලි යලිත් පුන පුනා කියන්නේ මේ ඇවිල්ලා ඉන්නේ "ලක්ෂ 69ක ජනවරමක්" ඇති පුද්ගලයා බව ය.

මාධව නං කියන්නේ ඒක මහ තකතීරු කතාවක් බවය. කොහොමත් මොලේ කළඳක් නැති උන්ට මේ වාගේ කතා නං හරි අපූරුය. ඒ්ත් සිහි බුද්ධියෙන් ඉන්නා පුරවැසියා දන්නා දේ උන්ට මහපොලවේ අබෑටේක දෙයක්  නොතේරෙන බවය.

සිහි බුද්ධියෙන් "තමාට" අවංකව ආදරය කරන, තමාගේ දරුවාට ආදරය කරන, තමාගේ පවුලට ආදරය කරන, අනුනට ගෞරව කරන පුද්ගලයා දන්නේ එකම දෙයක්ය. අවංකව හම්බ කරනා පුද්ගලයා දන්නේ එකම දෙයක් ය. වයසක දෙමාපියන් ට සලකන ඇත්තෝ දන්නේ එකම දෙයක් ය. පාසල් ගුරුවරු සහ රාජ්‍ය සේවකයෝ බහුතරයක් දන්නේ එකම දෙයක් ය.

ඒ මේ "නරුම දේශපාලන අසූචි ගොහොරුව" විසින් පුරවැසියාගේ සියලූම ජීවන අවශ්‍යතා වලට කෙලවමින් ඉන්නා බවය. කාලයක් තිස්සේ කරගෙන ආ මේ කූට කටයුතු නිසා මේ නැති වෙන්නේ තමාගේ දරුවාගේ අධ්‍යාපනය සහ රටේ අනාගතය බව නිවහල් පුරවැසියා දන්නේය. මේ නැති වෙන්නේ තමාගේ මවගේ ප්‍රෙෂර් පෙත්ත සහ රටේ නිදහස් සෞඛ්‍යය සේවය බව නිවහල් පුරවැසියා දන්නේය. මේ බාල්දු වන්නේ තමා උගත් දෑ බව නිවහල් පුරවැසියා දන්නේය. මේ ආකාරයට රට හැර යන්නේ උගතා බවත් එයින් කෙලවෙන්නේ දුප්පත් රට වැසියාට මෙන්ම ශ්‍රී ලංකාවේ මිනිස්සුන්ටම බව නිවහල් පුරවැසියා දන්නේය.

ඒ්ත් ටොබයියන්ට ඒවා අදාල නැත! උන්ගේ හාම්පුතා කෑවා නම් උගේ දරුවාට කැඳ නැතත් උන්ට ඒක මාර සතුටක් ය. උන්ගේ හාම්පුතාගේ නිවසට කඩිනමින් වන්දි ලැබුනද, ගෑස් ලිප පුපුරා තුවාල ලැබූ තමාගේ බිරිඳ‌ගේ ඉතිරි ටිකට වැහි නැති හෙන වැදුනද උන්ට සැපය.

ඒ් වහල් චින්තනය වෙනස් කිරීම හරිම අපහසුය අරගලය ඊළගට යා යුත්තේ ආන්න ඒ ආකාරයට වහල්කං උන්ගේ දරුවන්ට වත් පාරක් පෙන්වීමේ පින්වන්ත කටයුත්ත කිරීමට බව මාධව විශ්වාස කරන්නේ ඒකය. ඒ කරන් උන්ගේ කොඳු ඇට බිඳී ඇත. තමාගේ දරුවා ගැන වත් සිතීමට උන්ට හැඟීමක් නැත.

කෙසේ වෙතත් එවැනි අජූත මෝඩ ටොබයියෝ හැරෙන්නට හුඟක් උන් දැන් ඇත්තටම ඉන්නේ කලකිරිලාය. පාසල හැර ගිය සැනින්ම අලි පාටියේ සාමාජිකත්වය ලබා ගත් කොකා පවා මේ ලස්ස හැට නමයේ එකෙක් ය. උගේ මව් පාර්ශවයේ සහ බිරිඳගේ පැත්තේ බහුතරයක් ද මේ ලස්ස හැට නමයේ අයවලුන්ය. හැබැයි උන් එකා දෙන්නා ඇත්ත තේරුම් අරන් මහජනතාවගේ පැත්තේ ඉන්නා බව මාධව දන්නේය. ඒ් එක උදාහරණයක් ය.

ආන්න ඒ් වාගේ තවත් ගැන්සියක් මාධවගේ ටවුමේ පොලිස් බැම්මේ චිත්‍ර පවා ඇන්දේය. උන්ගෙන් කීප දෙනෙක් හෝ වෙනස් වී ඇති බව මාධවට පහු ගිය කාලයේ සිදු වූ සිදු වීම් වලින් පෙනී ගියේය. ඒක හොඳය. මෝඩ පහේ උන් තාමත් ක‌ඩේ යන බවත් මාධව දන්නේය. කෙසේ වෙතත් පහුගිය කාලයේ සිදු වූ සිදුවීම් නිසා ලස්ස හැට නමයෙන් අඩුම ඒකෙක් හෝ වෙනස් වී ඇතැයි මාධව සිතන්නේය. 

තෙල් පෝලිමේ ඉන්නා ගමන්, බෙහෙත් නැතිව දුක් විඳිනා ගමන්, පාසල නතර වී දරුවා මොට්ට වන බව බලන් ඉන්නා ගමන්, ගෑස් නැතුව දුක් විඳිනා ගමන් මෙවැනි කාළකන්නියෝ රැලකට කඩේ යෑම ජාන වලින් ආව ඇත්තෝ ඇරෙන්නට ස්වාධිීනව සිතනා අනික් උන් එකෙක් දෙන්නෙක් හෝ වෙනස් වී ඇති බව මාධවගේ මතය වන්නේය.

එනයින් ලස්ස හැට නමයෙන් එකෙක් තෙල් පෝලිමක මැරිලා හෝ ඇතැයි මාධවට සිතෙන්නේය! ගෑස් ලිපක් පුපුරා හෝ මැරිලා ඇතැයි සිතනු හැකිය. කෙසේ හෝ  වේවා මේ ලස්ස හැට නමය තවදුරටතත් වලංගු නැත්තේය.

ඒ් නිසා අවසාන වශයෙන් මාධව විසින් රූපවාහිනී මාධ්‍ය ඉදිරියේදී ලස්ස හැට නමයක් ඇතැයි කියා තවමත් තප්පුලන මෝඩ ගව රැලට කියනුයේ බොහොම ටිකක්ය.

ඒ් ලස්ස හැට නමයක් ඇතැයි සිහිවන සෑම විටම ඉහත දැක්වූ ජායාරූපය දෙස හොඳින් බලන ලෙසට ය!!!

--------------------------------------------------------------------------------------------------------------------------

ප/ලි

තෙල් පෝලිමේ හෝ ගෑස් පුපුරා මියගියවුන්ට මාධවගේ බලවත් කණගාටුව ප්‍රකාශ කරන අතර "එනයින් ලස්ස හැට නමයෙන් එකෙක් තෙල් පෝලිමක මැරිලා හෝ ඇතැයි මාධවට සිතෙන්නේය! ගෑස් ලිපක් පුපුරා හෝ මැරිලා ඇතැයි සිතනු හැකිය" යනුවෙන් කල ප්‍රකාශයෙන් දේශපාලකයා මහජනතාව කෙරෙහි ඇති සංවේදී භාවය පිළිබදව ඉස්මතු කිරීම පමණක් මාධවගේ අපේක්ෂාව වන්නේය.

ඒසේ හෙයින් ඒලෙස අනපේක්ෂිත ලෙස මිය ගිය වුන් කෙරෙහි අපහාසයක් කිරීම මාධවගේ අපේක්ෂාව නොවන බව තරයේ ප්‍රකාශ කර සිටිමු.

4 Comments

Your Comments / ඔබේ ප්‍රතිචාර

  1. මාදව සමලිංගික ද

    ReplyDelete
    Replies
    1. නැත! ඒහෙත් ඔවුන්ගේ අයිතීන් වෙනුවෙන් පෙනී සිටිනු ඇත! මක් නිසාද යත් කුමන ලිංගිකයෙක් වුවුද සමාන අයිතීන් ඇති බැවිනි!

      Delete
  2. රටේ එක කෙනෙකුට එක චන්දයක් ඇත, තමන් කැමති කෙනෙකුට දෙන්න පුළුවන්. එත් වැඩි දෙනා පරම්පරා ගණන් එක පක්ෂයකට ඇලි සිටී. මාදව වගේ අය මොන බයිලා ගැහුවත් ඊලග චන්දයේත් පොහොට්ටුව දිනන්න පුළුවන්, ඒ අපේ ජාතියේ හැටි

    ReplyDelete
Previous Post Next Post

Contact Form