අරගලය කොතැනටද?

 


මාධව හැමදාම සෘජුව ඔහුගේ අදහස ප්‍රකාශ කරන්නේය. අදත් කියන්නේ ඒ් ගැනය. අරගලය, වික්‍රමසිංහ ජනපති අතර සම්බන්ධය කෙසේ විය යුතුද යන්න මාධවගේ අදහස මේකය.

රනිල් වික්‍රමසිංහ ශ්‍රී ලංකාවේ අට වැනි විධායක ජනාධිපතිවරයා බවට පත්වීම ඔහුගේ දක්ෂකමක් බව මාධව සිතන්නේය. ව්‍යවස්ථාව සමඟ නීතියට අනුව කෙලි සෙල්ලම් කල වික්‍රමසිංහ වැඩබැලූ ජනාධිපතිතුමා පුවරුවේ ඉත්තන් ටිකක් ඒහෙට මෙහෙට කල පසු ලොක්කා බවට පත් විය. ඇඟ  වෙහෙසීමකින් තොරව ගෙදර වැඩ කිරීමකින් තොරව පහසුවෙන් ජනපති විය. එකාතකට රටට අසීරු මොහොතක එසේ කිරීම ද කෘතවේදී විය යුතු කාරණාවක් ය!!

ඒ්ක එතුමා මානසිකව සෙල්ලම් කල ඉනිමක් බව මාධව කියන්නේය.

දැන් ඔහු රටේ ජනාධිපති වී ඇත්තේය. හය වරක් විපක්ෂ නායක සහ හය වරක් අගමැති වූ ඔහු දැන් අටවැනි විධායක ජනාධිපතිවරයාය!

අරගලයටත් පෙර මහමැතිවරණයේදීම රටේ මහජනතාව සම්පූර්ණයෙන්ම ප්‍රතික්ශේප කල පුද්ගලයා දැන් රටේ ප්‍රධාන පුරවැසියා ය. ඒක වසරේ කතාවය! වසරේ සිදුවීමය. ඇතැම් විට ලෝකයේම එහෙම වන්නට ඇත්තේ ප්‍රථම වරට ලංකාවේ විය යුතුය!

ඉතින් වික්‍රමසිංහ ජනපතිතුමාට සුභ පැතීම සිදු කිරීමට මාධව කැමැත්තේය.

මාමාගේ නිර්මාණයේ රස දිවගා බැලීමට වසර ගණනාවක් ඉවසීමෙන් සිටි වික්‍රමසිංහ ජනපතිතුමනි! ඔබට මාධවගේ සුභ පැතුම්!

 මාධව කියන්නට කැමති කරුණු වලින් එකක් දැන් මෙසේ කියන්නේය. කලින් දවසක ද කිව්වේ ය

අවස්ථාවාදී වන්න!

අවදානම ගන්න. අවස්ථාව පැහැර නොහරින්න.
ඔබගේ මොහොත ඒවි.
එතෙක් ඉන්න..
අවස්ථාව එනකම් ඉවසීමෙන් ඉන්න
ඔබට එය හිමි නම්
මරණය පවා පමා වේවි!

රනිල්ගෙන් ඉගෙන ගන්න!

 

 

බැඳුම්කර චෝදනා, බටලන්ද චෝදනා පිළිබදව දැඩිව වික්‍රමසිංහ ට චෝදනා ප්‍රකාශ සිදු කල පොහොට්ටුව නම් කල්ලියේ කර මතින් ප්‍රධාන පුරවැසියා බවට රනිල් වික්‍රමසිංහ පත් වී ඇත. මේ සිරි ලංකාව විනාශය කරා රැගෙන යාමේ කාළකණ්නි කොන්තරාත්තුව කඩිනමින් සිදු කලේ පොහොට්ටුව ප්‍රමුඛ කල්ලිය මය.

කෙසේ වුවද රාජපස්සලා ආරස්සා කිරීමට පැමිණි සුර දූතයා මේ වික්‍රමසිංහ මැතිඳා ය!

ගෑස්, ඉන්ධන, ඖෂධ සහ පොහොර නැති, පොදු ප්‍රවාහනය අඩාල කල, නාස්තිය රජ කරන මේ සමය සම්පූර්ණයෙන්ම පාහේ ලක්ෂ හැට නමයක ජන්දයෙන් පත් වූ පොහොට්ටු ආණ්ඩුවේ දක්ෂකම් ය. එහි ප්‍රථිපලය මාධවලා ඇතුලු ජනතාව භුක්ති විදින බව පෙනෙන්න තියෙන්නේය. පෝලිම් වල මිනිස්සු මැරී වැටෙන්නේ ඒ් නිසාය. බස් වල පොදු ප්‍රවාහනයේ දුක් විඳගෙන මහජන සේවයට යන්නට වී ඇත්තේ ඒ් දස්කම් නිසාය. රටේ බොහෝ වෘත්තිකයින් අසරණ වී ඇත්තේ ඒ් නිසාය. වෘත්තිකයින් රට හැර යන්නේ ඒ් විස්කම් නිසාය.

ඒ් නිසා රාජපක්ෂ අයියා මලෝ කල්ලිය එලවීම අරගලයේ ජයක් ය. ඒ් පිළිබදව විවාදයක් ඇත්තේ පොහොට්ටු අදෝනා කාරයින්ට පමණක් ය. මාධවලා ඒ්ක දකින්නේ ජයක් ලෙසටමය! ඉතින් ඒ් අවු අස්සේ ගොල්ෆේස් අරගලය වෙත මරණය කැන්දාගෙන ආ මහින්දලා ඇතුලු ත්‍රස්ථවාදී කල්ලිය එලවන තෙක් කල් මැරූ රනිල් වික්‍රමසිංහ දැන් “ලොක්කා” වී ඇති නිසා අලි පක්ෂයේ උන්ද පොහොට්ටුවෝ සමග එකතු වී හුරේ දමන බවද මාධවට පෙනී යන්නේය.

ඉතින් රනිල් කල මේ සෙල්ලම නිසා අරගලයට බලපෑම කෙසේ සිදු වනු ඇතිද?

 තේරුං ගත යුතු වී ඇත්තේ දැන් රනිල් ඇව්ල්ලා තියෙන්නේම ව්‍යවස්ථාවට අනුවමය. මහජන මතය කෙසේ වුවද නීතිය අනුව ඔහු ජනපති ය! මහින්ද මාත්තියා වාගේ ව්‍යවස්ථා විරෝධී අගමැති කෙනෙක් නොවන්නේය. ඉතිං රනිල් යනු අමුතුම සත්වයෙක් ය. මාධව දන්නා දේ ඔහු අමුතුම ජීවියෙක් බවය. එසේ වූ ජීවියෙක් උදෙසා අරගලය ප්‍රතිචාර දැක්වීම සහ ක්‍රියාත්මක වීම ද අමුතු විය යුතුය. රනිල් ට චන්ඩිකම් අදාල නැත. රනිල්ට ආවේගය අදාල නැත. ඔහු ආයුධ සමඟ ගනුදෙනු කිරීම සූක්ෂමව නීතියට අනුව සිදු කිරීමට තරම් උගතෙක්ය. ඒ් සියුම් නුවන සහ උගත්කම පොහොට්ටු බයියොන්ට නැති නිසාවෙන්ම උන් එලිපිට අත පය දිග හැර රඟන්නට ගොස් බේරේ වැව් පහස නොඅඩුව ලැබුනේ ය.

උන්ට නැති රනිල්ට ඇති සූක්ෂම කපටි මොලය නිසාම අරගලකරුවෝ පරිස්සම් විය යුතුය.

රනිල් සාමයට හරිම කැමති අයෙක් බව මාධව අසා ඇත්තේය. 2002 කාලයේ සාම ගිවිසුම උදාහරණයක් ය.

ආන්න ඒ් නිසාම අරගලය හැමදාමත් වාගේ ඉදිරියටත් සාමකාමී වන තරමට යහපත් වන්නේය. මාධවගේ අදහස මාස හයක් වැනි කෙටි කලක් රනිල් වික්‍රමසිංහ ජනපතිට ලබා දිය යුතුය. අරගලය විසින් කියූ පරිදි සර්වපාක්ෂික ආණ්ඩුවක් නිර්මාණය කර ගැනීමට ඉඩ දිය යුතුය. මෙම කාලය අතරතුර කඩිනමින් විධායක ජනාධිපති ධූරය අහෝසි කිරීම, ප්‍රතිපත්තීන් නිර්මාණය කර ඒ්වා අනුමත කර ගැනීම ආදී කටයුතු ඔහුගෙන් ඉටු කර ගැනීමට කටයුතු කිරීම සුදුසු යැයි මාධව විශ්වාස කරන්නේය. ඒ් මාධවගේ පුද්ගලික මතය වන්නේය.

ඒ් අතර තුර දේශපාලකයාගෙන් තාවකාලිකව මිදී  මහජනයාගේ මනස නිර්මාණය කල යුතු තැනට අරගලය පත් විය යූතුය. ඒ සඳහා අලෙවිකරණය අතිශය වැදගත්මය. වන්දිභට්ටකං කරන පොහොට්ටු, අලි, සජබ සහ මාලිමා පක්ෂ වලට කඩේ යන පාක්ෂික පිරිස පුනරුත්තාපනය කිරීමක් හෙවත් ප්‍රතිපත්තීන් සහ නීති සම්බන්ධ වැදගත් කම සහ ඒ්වා නිර්මාණය කර පවත්වාගෙන යාම ගැන දැනුවත් කිරීම අරගලය විසින් කල යුතු වන්නේය. මාධවට සතුරෝ හුඟක් ඇත්තේ මේ සත්‍යය කතා කරන්නට යන නිසාමය. ඒක වයසේ වැරැද්ද ය.

පත්වූ ජනාධිපතිට භූමියේ ඇති ජනතා විරෝධය ප්‍රභලය. ඒක සැඟවීමට දෙයක් නැත. ආන්න ඒ් විරෝධය ප්‍රශස්ථ ලෙස අරගලය දෙසට ඉක්මණින් නම්මා ගෙන රනිල් විරෝධීන් අරගලයට ප්‍රේම කරන්නෝ බවට පත් කර ගැනීම සිදු කරන්නේ නම් ජය කනුව දුර නැත. ඒක අමාරු වුවද කල යුතුමය. තවද දේශපාලකයා වන්දනීය තත්වයෙන් නොව සාමාන්‍ය පුරවැසියෙක් පමණක් බවත් බිම් පොලවේ මිනිසුන්ට කියා දීම අරගලයේ දැන් කාර්යය වන්නේය.

තවද මාධව විශ්වාස කරන්නේ ගෝටාභය ඇතුළු නඩය දැන් ආරක්ෂා සහිත බවය. මුල් පුටුවේ කකුල් හතර යට උන් සැඟවී සිටිනු ඇත. පොහොට්ටුවෝ උදම් වී අරගලයේ ප්‍රථිපලය රනිල් යැයි මොර දෙනු ඇත. අරගලයට අපහාස කරනු ඇත. දැනටමත් ඒ්මය.  උන් හැමදාම කෙටි දුර මිසක් දිගු දුර නොදැකපු අඥානයෝ නිසා ඒ්වාට සැලීම අවශ්‍ය නොවන්නේය. උන් හැමදාම රාජපක්ෂ පවුලේ අසූචි කන උන්මය. වෙනස් කල නොහැකි ඇත්තෝය! අනුකම්පා කල යුතු ඇත්තෝමය. අලි පක්ෂයේ උන් රට දිනුවා සේ ප්‍රීති වනු ඇත. ඒ්කත් අඥාන කමම මිසක් වෙන දෙයක් නොවන්නේය.

වික්‍රමසිංහ ජනපති ඇතුලු කණ්ඩායම කියන කරන කටයුතු නිරීක්ෂණය වීමට අරගලය තුලින් කණ්ඩායමක් ගොඩ නැගෙනු ඇතැයි මාධව විශ්වාස කරන්නේය. මහජන කවුන්සියලය ද එවැනි කටයුත්තක් ය. ඉක්මණින් මහජනතාව විඳින දුකෙන් මුදවාගැනීමේ කටයුතු සඳහා ආණ්ඩුවට බල කිරීම අවිහිංසාවාදී ක්‍රමයකින් සිදු කල යුතු වන්නේය.

අරගලය දැන් සිය උපායමාර්ග සියල්ලම පාහේ වෙනස් කල යුතු වන්නේය. කට්ට කයිරාටික මිනිසෙක් සමඟ ගැටීමට නම් අරගලවාසීන්ද මෙයට වඩා අඩියක් පෙරට තබා සිතිය යුතු වන්නේය. අනිවාර්යයෙන්ම ගොඩනැගිලි අල්ලා ගැනීම වැනි කටයුතු වලින් ඉවත් විය යුතුය. ගෝටාගෝ ගම හැරදා යා යුතුද යන්න අදහසක් මාධවට නැති නමුත් හමුදාව ඇතුළු ආරක්ෂක අංශ සමඟ ගැටීම නතර කල යුතුය. ආදරය පතුරවා සියල්ලෝම එකමුතු කර ඒකම අරමුණකට නතු කර ගත යුතුය. ඊලඟ ජන්දයේදී ඒ් උපායමාර්ගයන් මගින් මේ අජූත ක්‍රමය ඉවත දමා නව දේශපාලන සංස්කෘතියක් නිර්මාණය කල යුතු වන්නේය. මහජනයාට හිතකර කුමයක් නිර්මාණය විය යුතුය.

 

වැදගත් -

මේ ලිපියෙන් අදහස් වන්නේ රට ඇල්ලීම හෝ ව්‍යවස්ථා විරෝධී කටයුත්තක් ගැන නොවේය. මේකෙන් කියන්නේ පැහැදිලිවම රටේ පොදු පුරවැසියාගේ උන්නතිය උදෙසා කටයුතු කරන්නා වූ අරගලයේ භූමිකාව කෙසේ විය යුතුද යන්න මාධවගේ පුද්ගලික අදහස පමණක්මය. ඒ් පිළිබඳව මාධවගේ අදහසම ය. මෙය කිසිම දේශපාලන පක්ෂයකට ගැති වී ලියූ පක්ෂපාතී ලියවිල්ලක් නොවන්නේය. කැරලි ගැසීමක් හෝ කඩාකප්පල් කිරීමේ ක්‍රියාවකට අනුබල දීමක් නොවන්නේය. සාමය සහ ආදරය පතුරවා දිනිය යුතු බව පැවසීමේ උවමනාව මෙසේ අකුරු කරන්නේය.

වැඩිදුරටත් කිව යුත්තේ මාධව ද අරගල කරන්නේ රට ඇල්ලීමට නොව ආර්ථික අහේනිය සහ මූලික අවශ්‍යතා වල උවමනාව නිසාමය! වසර තුනකට පෙර රු 30000 ක පමණ සුලු වේතනයකින් ගෙවල් කූලිී ගෙවාගෙන, වාහනයක් පැදගෙන උන්  මාධවට දැන් ඒ් ගාන හැරෙන්නටවත් මදිය. දිනකට රු 400ක් බස් වියදම පමණක් ය. සෙල්ලම් නැත. අසනීපයකදී බේතක් ගැනීමට වත් ඉතුරුවක් කර ගැනීමට නොහැකි තත්වයක් උදා වී ඇත. ඉතින් මාධව අරගල කරන්නේ මාධවට, මාධවගේ පවුලේ අයට සහ මාධවගේ සුරතල් සතුන් රැලට පෙර සේ අහේනියකින් තොරව මූලික අයිතිවාසිකම් භුක්ති විඳීමේ, නිදහසේ ජීවත් වීමේ අයිතිය අවශ්‍ය නිසාමය.

 

4 Comments

Your Comments / ඔබේ ප්‍රතිචාර

  1. මාධව සන්නද්ධ අරගලයකින් ලංකාවේ බලය අල්ලා ගන්න ඕනි කියලා කියලා කල්පනා කරන පෙරටුගාමී සාමාජිකයෙක්ද

    ReplyDelete
    Replies
    1. නෑ මාධව කිසිම දේශපාලන පක්ෂයකට ගැති නොවූ සහ නොවන, කිසිම දේශපාලන පක්ෂයක සාමාජිකත්වය නොගත් සහ නොගන්න, ක්‍රමයේ වෙනසක් දැඩිව අපේක්ෂා කරන ලාංකික පුරවැසියෙක්

      කුමයේ වෙනසක් යනු සියලු ලාංකික පුරවැසියන්ට නිදහසේ සිය අයිතිවාසිකම් සමානව සහ අවහිරයකින් භුක්ති විඳිමින් සතුටින් ජීවත් වීමේ පරිසරයක් නිර්මාණය කල හැකි දේශපාලනිකව වෙනස් වූ ක්‍රමයක්ය

      Delete
  2. නෑ මාධව කිසිම දේශපාලන පක්ෂයකට ගැති නොවූ සහ නොවන, කිසිම දේශපාලන පක්ෂයක සාමාජිකත්වය නොගත් සහ නොගන්න, ක්‍රමයේ වෙනසක් දැඩිව අපේක්ෂා කරන ලාංකික පුරවැසියෙක්

    කුමයේ වෙනසක් යනු සියලු ලාංකික පුරවැසියන්ට නිදහසේ සිය අයිතිවාසිකම් සමානව සහ අවහිරයකින් භුක්ති විඳිමින් සතුටින් ජීවත් වීමේ පරිසරයක් නිර්මාණය කල හැකි දේශපාලනිකව වෙනස් වූ ක්‍රමයක්ය

    ReplyDelete
  3. හැමෝටම ඕන අනුන්ව වෙනස් කරන්න. සිස්ටම් චේන්ජ් කරන්න. වෙනස් කරන්න බැරි නම් ගහලා හරි මර්දනය කරන්න. අපේ කෙනෙකුට ගැහුවොත් ඒක අවුලක්. අනිත් මතය දරන කෙනෙකුට ගැහුවොත් ඒක වීරකමක්. අපි බුද්ධිමත්. අපි ප්‍රගතිශීලි. අනිත් අදහස් දරන උන් මුග්ධයි. උන් ප්‍රතිගාමීයි. අපි ආගමික විදිහට මතවාද පක්ෂ බදාගත්තට අපි නිදහස්. අනිත් මතයක් දරන උන් ඒ මතය වෙනුවෙන් පෙනී සිටීම වහල්කමක්. අපි ලියන්නෙ, වැඩ කරන්නෙ, හුස්ම ගන්නෙ පවා රට වෙනුවෙන්, අනාගතය වෙනුවෙන්. අපිට ප්‍රතිවිරුද්ධ අදහස් දරන උන් ලියන්නෙ හිතන්නෙ කුලියට. මුදලට. අපි ස්වභාවයෙන්ම සාධාරණ සහ සත්ගුණවත්. වෙනත් අදහසක් දරන උන් ස්වභාවයෙන්ම දුෂ්ටයි, දුර්ගුණයි.

    මේ නිසා අපි අනෙකාව වෙනස් කරන්න ඕන. අපි හිතන විදිහට හිතන්න ඌ මත බලය පාවිච්චි කරන්න ඕන. ඒක තමයි අද අපි දකින දේශපාලනය. අනෙකා වෙනස් කරන්න හදන තමන් තව කෙනෙකුට අනුගමනය කරන්න ආස හිතෙන තත්වයක් හෝ ගුණයක් නිරූපණය කරනවද කියන එක කාටවත් අදාල නෑ.

    අපි හොයන්නෙ සමානකම් නෙමෙයි. වෙනස්කම්. අනෙකාගෙන් වෙන්වීම තුල තමයි අපි ප්‍රබුද්ධ වෙන්නෙ. අපිට උවමනා පාලම් නෙමෙයි තාප්ප. ඒ තාප්පය ගොඩනැගීම තමයි වීරත්වය වෙන්නෙ. කරමින් ඉන්නෙ ප්‍රතික්‍රියා දැක්වීම් විතරයි. කිසි දෙයක් අලුතෙන් සාධනීයව නිර්මාණය කිරීමේ අදහසක් නෑ. නිශේධනාර්ථයන් තමයි වඩා ශ්‍රේෂ්ට විදිහට හඩ නැංවෙන්නෙ.
    සාධාරණත්වය යුක්තිය කියල අද අපි කතා කරන මූලික පිලිගැනීම්ම පාර්ශ්විකයි. ඒවා ස්වාධීන නෑ.

    'මට ඔබ වෙනුවෙන් කළ හැකි කිසිවක් නෑ, මට කළ හැක්කේ මා වෙනස් කරගැනීමට මහන්සි වීම පමණයි. ඔබට මා වෙනුවෙන් කළ හැකි කිසිවක් නෑ, ඔබට කළ හැක්කේ ඔබ වෙනස් කරගැනීම පමණයි'

    -රාම් දාස්.

    ReplyDelete
Previous Post Next Post

Contact Form