ඒ ආදරයේ අරගලය!

 


ගාලු මුවදොර
හිටං ඉන්න
නාකි බණ්ඩාට පාලුයිලු!

අරගලය ගිහින්ලු!
බයියොන්ට සතුටුයිලු!
බණ්ඩාට දැන්
අරගලයේ නද
ඇහෙන්නේ නැල්ලු
හිටගෙනම නින්ද යනවාලු

මෝඩ බණ්ඩාට තනි රකින්නට
අරගලයක් මෙහි ගොඩ නැගුනේ නැත
බණ්ඩාගේ පටන් නරි රැලක් එක්ව වැනසූ රටක
තවමත් වනසනා රටක

ගමන් මග යලි හරවා
නිසි මගට ගන්නට
අරගලය ගොඩ නැගූනි

ඒ ආදරයේ අරගලය
සදා අමරණීය වන්නේය
කෙටි විරාමයකින් පසුව
නව මුහුණුවරකින් ජනතාව අතරට
පැමිණෙනු ඇත
ආන්න ඒ දිනට
බණ්ඩාගේ පිලිමයටත්
අනික් උන්ටත්

සුලු දිය පහවනු ඇත.
අරගලය යලිත් දිනනු ඇත!!!

Your Comments / ඔබේ ප්‍රතිචාර

Previous Post Next Post

Contact Form