Help - උපකාර

 



මිත්‍රවරුණි,

තාත්ත කෙනෙක් තෙල් පෝලිමේ මැරුන.
පපුව කඩාගෙන යන සිදුවීම් ඒව.
මැරුණ කෙනාටවත් කාටවත් නෙමෙයි වේදනාව
ඔවුන්ගේ සමීපතමයන්ට
ඒ මරණයගැනත් පෙරදා මරණ සේම
මිමීස් හැදෙනව, වීඩියෝව ශෙයා වෙනව
ඉස්සරහට කුමක් වෙයිද අවිනිශ්චිතයි.
මරණයේ භූමීයද මේ?

ඉතිං මාධව කැමතී කියන්න
ඔබ ඉන්නෙ පෝලිමක නම්
ඔබ අසල ඉන්න කෙනා ගැන සැලකිලිමත් වෙන්න.

සමහර විට කාල බීල නැතුව වෙන්න පුලුවන්
බේත් ටික බීල නැතුව වෙන්න පුලුවන්
හිතේ පීඩනෙන් වෙන්න පුලුවන්
රස්සාව කරගන්න බැරුව හතර අතේ දුක් වෙන කෙනෙක් වෙන්න පුලුවන්

පොඩ්ඩක් බලන්න.
ඔබගේ අවශ්‍යතාව වැදගත්.
අතිශයින්ම
නමුත් ඔබට ඉදිරියෙන් සහ පසුපස ඉන්න ඈයෝ ගැන බලන්න.

කිසිම කෙනෙක් මෙහෙම මිය යා යුතු නෑ.
අසාර්ථක පාලකයින්ගේ වැඩ නිසා මිනිස්සු තැලිය යුතු නෑ.

ඇතැම් කෙනෙක්ට උදව් කිරීම නිසා ඔබගේ අවශ්‍යතාවයට කෙලවීමට පුලුවන්.
ඒක හරි.
ඔබටත් පවුලක් ඉන්නවා. දරුවො ඉන්නවා. එක එක ප්‍රශ්න තියනවා.

කොහොම උනත් අනෙකා ගැන හැකි විදියට සැලකිල්ලෙන් ඉන්න මිත්‍රවරුණි
මේ කාලය අපි එකිනෙකාව බලාගන්න ඕනි කාලයක්.

තනි තනිවම වෙන් වෙන්ව පාලකයින්ට වෛර කලාට වැඩක් නෑ.
දිනන්න නම් එකමුතු වෙමු.
එකමුතු වෙලා ජයගන්න ඕනි කාලයක් මේක.
එකමුතු වෙලා ඉම්මු.
අනෙකා ගැන බලමු.
එක බත්පත බෙදාගමු.
අනෙකාගේ අපහසුතා ගැන සැලකිලිමත් වෙමු.
හැකි පමණ වවමු.
හැකි පමණ ඉතුරුම් කරගම්මු.
අනවශ්‍ය කටයුතු කිසිවක් නොකර ඉම්මු
උපත් පාලනය කරමු (මේ කාලේ අනිවාර්යයෙන්ම)
හැකි අය හැකි පමණ අන් අයට උදව් කරමු.

පරෙස්සම් වෙමු.

වසන්තය ඒවි. එතෙක් තියන අසීරු සමය ගෙවාගම්මු.
#GoHomeGota2022

....................................................................................................

පාලකයිනි ජනතාවට  සෙත සලසනු. ඔවුන්ගේ මූලික අවශ්‍යතා ඉටු කරගැනීමට අවකාශ සලසනු.

"මාධව"

Your Comments / ඔබේ ප්‍රතිචාර

Previous Post Next Post

Contact Form