මිත්‍රවරුණි
ආදරය කියන්නෙ උපතක උපත.
ඒ උපත නම් ගංගාවේ ගහගනෙ යන එකෙක් විදියට මාධවත් ආදරයෙන් බැට කාල තියනව. ආදරය විඳල තියනව. පලමු දෙතොල් හාදුව විඳගැනීම මෙන්ම අවසාන නලලත හාදුවේ වේදනාවත් හොඳට අඳුනනව.
විරහව..............
මාධව හැමදාම ඇලුම් කරන රසයක්.
ඒක අපූරු හැඟීමක්.
විරහවේ ගිලී හිඳීම නොවේ මාධව අදහස් කරන්නේ..
විරහාවේ ගිලී දුක් විඳීම නොව ඉඳ හිට විරහව මෙනෙහි කරලා බලන්න මිත්‍රවරුණි
ඒක අමාසුවය ගෙන එනව.
කියාගන්න බැරි උන ආදරයක් හිත තුල තෙරපාගෙන ඒ ආදරණීය යුවතියගේ විවාහයට ගිහින් ඇයව වැලඳගෙන සුභපැතීම අපූරුයි. ඒක දැනෙන්නෙ අමුතු විදියට. හදවත ගැහෙන රාවය අපූරුයි! "ඈහ්... මේකි අද බැන්දම..." එහෙම හිතෙනවා.
ඇගේ සුන්දරත්වය විඳින්න පුලුවන් මාධව ඇයට ආදරේ නොකිව්ව නිසාමයි මිත්‍රවරුණි.
ඒ කොහොමද?
ඇයගේ වම් පසින් ඉන්න මනමාල මහතාට නොපෙනෙනා ඇයගේ සුන්දර බව, මනාලියගේ ඉදිරිපස පෙනුම පේන්නෙ මනමාලයාට නෙමෙයි. ඒක පේන්නෙ ඈට පෙම් කරන ඇගේ විවාහයට ආව හොරගෙඩි පෙම්වතාට. නරඹන්නෙක් උන ඈට ඇලුම් කරන පැරණි මිතුරාට.
සාරි පොට පරෙස්සමින් අල්ලාගෙන හෙමින් අඩි පොඩි තියල එයා එහෙට මෙහෙට යනකොට, හිනා වෙනකොට ඒ හිනාව පේන්නෙ ඇහි පිල්ලමක් නොගහ එයා දිහා බලපු මාධවට විතරයි.
ඒක එක්තරා අයිතිවීමක්...
පෝරුවේ නැගලා අශ්ටක කියද්දි ඇහෙන් වැටෙන කඳුලෙන් ඇගේ මූන ඉඳුල් වෙද්දි ඒ කඳුලෙ දිස්නය පේන්නෙ ඈත ඉඳන් බලපු මාධවට විතරයි.
ඒක එක්තරා වේදනාවක්.
මාල හතේ පබලු රටා, මංගල සාරියේ වියුම් රටා පේන්නෙ මාධවට. මනමාලයාට වෙලාවක් නෑ ඒවා රස විඳින්න. මොකද ඔහු කාර්‍යබහුලයි සුබපතන්නන්ගේ ග්‍රහණයට හසු වීම නිසාම. එක හුස්මක් අරන් එක මොහොතක් ඈව දැකගන්නට නිවිසැනසිල්ලේ, ඔහුට ඉස්පාසුවක් නෑ..
ඒක එක්තරා අන්දමකින් "කලා කෘතියක්" සඳහා කරන කියවීමක්.
ඒ කියවීමට අවශ්‍ය අගනා ඉස්පාසුව මංගල ශාලාවේ කෙලවරක හිඳගෙන ඉන්න මාධවට තියනවා.
සියුම් ලෙස සිපගන්නට ප්‍රාර්ථනා කල ඒ දෙකම්බුල් වල.රෝසපැහැය කෙතරම් අපූරුද, පුන්චි නෙත් අදුන් වලින් වර්ණවත් වෙලා. කොයි තරන් නෙත්කලුද, යුවතිය බිරිඳ වෙන්න පොඩි හෝරාවයි.
ඒ නෙත්කලු බව නෙතට ග්‍රහණය වීම ඈව මනසින් වැලඳගැනීමක්.
ඒ හෝරාවේ ඈ කෙරෙහි ප්‍රේමය කැටි කොට බලා හිඳින්න..
ඒක මාරයි. අපූරුයි.
මාධව හිතන්නෙ එහෙම..
නර්තන මණ්ඩපයේ යුවල අතිනට පටලා නර්තනය කරන කල, ඇගේ ලාලිත්‍ය පේන්නෙ මාධවට. හෙමෙන් හෙමෙන් බඳ නලවන අපූරුව. ඒ නෘත්‍ය ශිල්පිනියගේ කූට ප්‍රාප්තිය!
මනමාලයාට ඒ ලාලිත්‍ය හසු වෙන්නෙ නෑ..
අපූරු දෙයක් මිත්‍රවරුණි
මාර හැඟීමක්.
ඔහුගේ අතගත් ඈ ගැන ප්‍රේමයෙන් බලා හිඳීම..සතුටින්.. හරිම සතුටකින්..
සමුදෙන්න යද්දි වසර ගණනකට ඒ ඇස් මාධවගේ ඇස් වල ගැටීම. කිසිත් නොපෙලූ ආදරයක හැඟුම් එලෙසම ගැබ් වී තිබීම. සමුගැනීම සටහන් වී තිබීම.
පටලාගත් අතැගිලිවල අවසන් ස්පර්ශය, ඉක්බිති වැලඳ ගැනීම, ඇයගේ හැඟුම් බර සුසුම මාධවගේ ගෙලට උණුසුම් ලෙස දැනීම.
යලි ඈ දෙස අංශු මාත්‍රාවකින් වත් නොබලා හැරී පිටවී ඒම.....................................
එය මතක් වන මේ මොහොත වන විට උගුරේ හිරවුනු හැඟුම් ගුලිය ගිලදැමීම..
විරහව මාර විදියට සුන්දරයි. එය විඳින්න පුලුවන්. හැබැයි හැමදාම නෙමෙයි. ප්‍රේමය ම විඳින්න උත්සහ කරන්නම ඕනි. ඒත් ඉඳ හිට විරහවක වේදනාවට මතු වෙන්න ඉඩ දෙන්න ඔබෙ සිත තුල මිත්‍රවරුණි!
ඒ හැඟුම ඔබගේ ස්නායු වර්ණවත් කරාවි.
ඔබව ගීතවත් කරාවි.
මාධව කියනවා..ඒ හැඟීම ඔබව ජීවිතේ වෙනත් පැතිකඩවල් පෙන්නාවි.
ඒ වෙලාවට ඇහෙනවානම් මෙහෙම සිංදුවකුත්....
ඔබත් ඔහොම ඔතැන ඉන්න
මමත් මෙහෙම මෙතැන ඉන්නවා
තනි තරුවේ තනි තරුවේ
ඔබත් ඔහොම ඔතැන ඉන්න
මමත් මෙහෙම මෙතැන ඉන්නවා
මුවඟ මුවඟ ඇලලි ඇලලි
නෙතඟ නෙතඟ පැටලි පැටලි
මුවඟ මුවඟ ඇලලි ඇලලි
මෙතෙක් දුරක් එක් වී පැමිණී
තනිතරුවේ තනි තරුවේ
ඔබත් ඔහොම ඔතැන ඉන්න
මහඳ අරනෙ ලතැවි ලතැවි
රැදෙනු බැරිව ඉගිලි ඉගිලි
මහඳ අරනෙ ලතැවි ලතැවි
රැදෙනු බැරිව ඉගිලි ඉගිලි
මගෙන් ඉවත බැඳිලා සැනසී
තනිතරුවේ තනි තරුවේ
ඔබත් ඔහොම ඔතැන ඉන්න
මමත් මෙහෙම මෙතැන ඉන්නවා
තනිතරුවේ
තනිතරුවේ
තනිතරුවේ "
ඒ ඇති..........................
එක්තරා අතීතයේ සවසක සමුගැනීමේදී සිදු වූ වැලඳගැනීම, මංගල උත්සවයේ දී සිදු වූ වැලඳගැනීම, ප්‍රේමයම දැනෙව්ව බව මාධවට මතකයි.
එදාත් මෙදාත් ඒ හැඟුම එකක්මයි.
මාධව කියනවා.. නොවෙනස් වූ හැඟීමක් මිත්‍රවරුණි.
ඉතින් මාධව විශ්වාස කරනවා. ප්‍රාර්ථනා කරනවා.
මේ ජීවිතය හරි පුදුමයි. යම් දිනෙක ඈ හා තනි වූ මිනිත්තුවකදී සියල්ල මුදාහැර නිදහස් වීමට හැකි නම්, එය කරනවාමයි.
ආදරය කල බවත්, ආදරය ප්‍රකාශ නොකර සිටි හේතුවත් පැවසීමට අවකාශය ලබා ගන්නවාමයි.
මේ ප්‍රේමයයි.
විවිධාකාරයේ ප්‍රේමයන් අතර එක් ප්‍රේමයක ස්වරූපයයි.
ඒ ඇතුලු හදගැබේ වින්දනාත්මක ෆැන්ටසියයි.
මිත්‍රවරුණි,
මේ මාධවගේ ආදරයයි....