හරක් මස්, දෙමළු, තම්බි, කිතුනුවෝ සහ භයානක සිවුරු!!!

 


අනගාරික ධර්මපාල යනු පිස්සෙක් කියා මාධවට සිතෙන්නේය! කෙනෙකුගේ ආහාර සංස්කෘතියට අපහාස කරන්නා පිස්සෙකි! ආහාර සංස්කෘති වලට ආදරේ කරන්නෙකු ලෙස මාධව ඒම කියන්නට පැකිලෙන්නේ නැත.

ඒ් මාධවගේ මතයයි! යමෙක් හරක් මස් හෝ මිනී මස් කෑවද ධර්මපාලට කිම! ඒ්ක කන එකාගේ අයිතිය වන්නේය! ආහාර ලබා ගැනීම උගේ අයිතිය වන්නේය! ඒ්කට අපහාස කරන්නට සක්කරයාටවත් බැරිය!

මේ කියන්නට යන්නේ ලාංකික ජාතිවාදය වර්තමානයේ තල්ලු වන තැන ගැන මාධවට දැනෙන හැටි ය!

 

තම්බියා ගෙරි මස් කන බැවින් අතීතයේ අනගාරික ධර්මපාල නැමැත්තා විසින් මැවූ ගෙරිමස් විරෝධය තවමත් තැනින් තැන ඇවිලෙමින් තිබෙන සිරිලක භූමියේ සිදුවන අරුම පුදුම කතාන්දරය මාධව සරලව කියන්නේ මෙසේය! එක පාරක් සාදු කෙනෙක් ගිනි තියාගත්තේද මේ උන්මාදය අනුව යමින් විය හැකිය! මහින්ද මහත්තයා හරක් මැරීට විරුද්ධව නීති ගේන්න හැදුවේ හරක්ටම නොව රාජපස්ස පවුලේ ද ආරස්සාවට විය හැකිය!කෙසේ වෙතත් හරක් මස් ගොඩ යටින් ඒ් කාලයේ ආවේ මුසල්මානුවන් කෙරෙහි වූ විරෝධයක් වන්නේය!

අනගාරික ධර්මපාල ගිය මගම යමින් නානසාර නම් චීවරධාරියා ලංකාවේ ජාතිවාදය අවුස්සන්නේ පාලකයින්ගේ වාසියට බව ලක්වාසී ඔබ දැනගත යුතුමය! අද ලොකු තනතුරක් රැගෙන සිදු කරන සේවයක් නැතත් විවිධ චන්ඩිපාට් නං ඔනෑ තරම් දක්නට ඇත. කෙසේ වෙතත් නානසාර ඉක්මණින් ඇදගෙන නාන්ට නං නියමිත බව මාධවට පේන්නට තිබෙන්නේය!

කුරිරු යුද්ධය සමයේ දෙමළුන්ගේ මස් කෑම අනුමත කරන කියමන් එමට තිබුනේය! දෙමලා යනු කාළකන්නි භයානක සතෙක් බවත් ලාංකික රට වැසියා හරක්මස් නොකෑ යුතු බවත් රට වෙනුවෙන් පර දෙමළුන් අමුවෙන් හෝ අනුභව කල යුතු බවත් එකල කසු කුසු තිබුනේය! අදටත් දෙමලුන්ට සලකන විදිය ගැන මාධව සතුටු නැත! යුද්ධය තිස් වසරකට පසු නිමා වූවත් අලු යට ගිනි අවුලවන්නට හරි දස්ස සාදුලා රට වටේ සැරි සරන්නේය! ප්‍රවේසම් විය යුතු ඒ්කය! හරියට පරිස්සං විය යුතු වන්නේය!

හරක් මස් බැරිනම් කැමති ඔනෑම මසක් කෑම මාධවට කම් නැත! පව් නං කොයි මසත් පව් ය! හැබැයි සහෝදර දෙමලාව මරං කෑමට ඉඩ නොදිය යුතුය! උං අපේ උන්මය! මේ රටේ අයිතිකාරයෝය! දෙමලු ගැන ඒපමණය!

යුද්ධයෙන් පසු  සතුරෙක් නොමැති තැන තම්බියාව මරං කෑ යුතු බව ප්‍රියසාද්ලා ඇතුලු හොර සාදු නඩය වරදාන රැගෙන අනුසාසනා කරනු දුටුවේය! ඒ්වාට අසුවිය යුතු නැත! බේරුවල හා දිගන සිද්ධීන් අමතක කල යුතු නැත. විවිධ සංස්කෘතිීන් කලවම් වී ඇති මේ රටේ තනි සිංහල සංස්කෘතියක් යනු තවදුරටත් වලංගු නැති තියරි කාරණාවක් ය! ඒ් වෙනුවට කල යුත්තේ ශ්‍රිී ලාංකික ජාතියක් සහ ශ්‍රී ලාංකික අනන්‍යතාව සහිත සංස්කෘතියක් ගොඩනගා ගැනීමය.

මේ අරගලයෙන් එය කල හැකි යැයි මාධව ප්‍රභලව විශ්වාස කරන්නේය! ඒ් අරගලය නිසි දිශාවකට ගියහොත් පමණමය!

කෙසේ වෙතත් තම්බි විරෝධය කෙමෙන් කෙමෙන් ජේසු විරෝධය දක්වා යනු මාධවට දකින්නට පෙනෙන්නේය! ඒ් පාස්කු නඩුව සහ ගොල්ෆේස් වල සිටින පියතුමන්ලා, සිස්ටර්ලා නිසා විය හැකිය. මහ ලොකු නායක යැයි කියාගන්නා සිවුරු හොරුන්ට වඩා කශෛ්රුකාවක් ඒ් පියතුමන්ලාට ඇතැයි මාධව විශ්වාස කරන්නේය! අපරාධ කරුවන්ට පිරිත් නූල් බඳිනා ලොකු සිවුරු වලට වඩා, කුණුහරුප බණ කියන කොටුවේ කහකඩයාට වඩා අරගල භූමියේ වෙසෙන අරගල කරන තරුණ පිරිස් දිරි ගන්වන තරුණ  භික්ෂූන්ට මාධව ගෞරව කරන්නේ ඒ් නිසාය!

ඒ් භීක්ෂූන්ට ප්‍රභල කශේරුකාවක් ඇති නිසාය!

මහජනතාවගේ පැත්තේ ඉන්නා නිසාය! සැබෑ බුද්ධ පුත්‍රයින් නිසාය!

ඒබැවින් හරක් මස් කෑවද නොකෑවද, මේ කිතුනු විරෝධයට ද හසු නොවන ලෙස මාධව තරයේ අවවාද කරන්නේය.

අවශ්‍ය වන ලාංකික ජාතිය ගොඩ නගා ගැනීම මේ මොහොතේ කල යුතුය! ඒ් සඳහා සියලූම දන එකතු වී කටයුතු කල යුතුය! ආදරය පිරුනු ලාංකික ජාතිය ලෝකයේ ඉහලටම ඔසවා තැබීමට කටයුතු කල යුතුමය!

ඒ් සඳහා අවශ්‍ය නම් හරක් මස් උවද කෑ යුතුය!

මනුස්සකම නං කිසි සේත්ම අනුභව නොකල යුතුය!!

 



Your Comments / ඔබේ ප්‍රතිචාර

Previous Post Next Post

Contact Form