පාප්, පාස්කු, රඹුක්කන තීන්දුව සහ බයියෝ..

 


පාප් වහන්සේ පාස්කු ප්‍රහාරයෙන් මිය ගිය ඇත්තෝ වෙනුවෙන් විශේෂ පූජාවන් පැවැත්වූ බව මාධව දැක්කේ මාධ්‍යයෙන් ය! පත්තරෙන් පමණක් සියල්ල දකින කාළකන්නි සිරිසේනයා ඇතුළු නඩය නැටූ පිස්සු වන්නම නිසාවෙන් දිවි පිදූ, තුවාල වී විදවන පාස්කු වින්දිතයින් ට විශේෂ පූජාවෙන් ඇති ඵලය කිම? නිසි ක්‍රියාමාර්ග ගත්තා නම්උන් සැම අද ජීවතුන් අතර නොවේද?

පාස්කු වින්දිතයින්ට අවශ්‍ය සාදාරණ පරීක්ෂණයකින් පසු යුක්තිය ඉටු කිරීම නොවන්නේ ද?

කෙසේ වෙතත් පාප් වහන්සේ පැවැත්වූ විශේෂ පූජාව නිසාම මාධව සිතන ආකාරයට කාළකන්නි පොහොට්ටු බයියෝ මෙසේ කියන්නට ඉඩ තිබෙන්නේය

පාප් වහන්සේ කියන්නෙ වහලෙක්! පිස්සෙක්! දේශද්‍රෝහියෙක්! ඌ දන්න කිතු දහම! මහින්දලට වඩා දන්නවද පාප් වහන්සේ?

මහින්දගෙ මුනුපුරත් බෞතීස්ම කලේ, පාප් වහන්සේ දන්නවද ඒ්වා! පාප් දන්න දෙයක් නෑ! 

අවජාතක පාප්!! 

ඔම නොකිව්වොත් බයියෝ, මාධව නං පුදුම නොවන්නේය!

මීගමුව ජන්ද බල ප්‍රදේශය ගෝටා පැරදුනු විට "මීගමුවේ උන්ට බෝමබ ගහල මදි" කිව්වේ ආන්න ඒ්ම කසිස්කාඩු කතා කියන බයියෝ ය!

සරත් ෆොන්සේකාගේ ඇට තලා ඇතුලට දාද්දි හුරේ දැම්මේ ආන් ඒ්ම බයියෝ ය!

රතුපස්වල මිනී මරද්දි හුරේ දාද්දී හුරේ දැම්මේ ද බයියෝය!

රණවිරුගාය මගින් රඹුක්කන මිනී මරද්දී හුරේ දැම්මේ බයියෝය! ඒ්ක සාදාරණීකරණය කරන්නේද බයියෝය!


රණවිරුගාය ඉස්මොල්ලේ ගොහිං ගිනි බින්ද පොලීසියේ (පොලීසියද රණවිරුවන්ට අයත්ය!!!) තුවක්කුකරුවන්ව අත්අඩංගුවට ගන්න යැයි කෑගල්ල උසාවියෙන් අණ දී ඇත.

උතුම් අණකි ඒ්ක! නීතිය උඩු යටිකුරු කරන අණක් විය යුතුමය ඒක! මාධව ඒ බව තරයේ කියන්නේය! අවසානයේ ලැබිය යුත්තේ පොලෝසිය අකුලෝගෙන යන නඩු තීන්දූවක් විය යුතුය! මක් නිසාය යත් සිවිල් ජනතාවගේ පැත්තේ ඉන්නට තියන ආයතනය වන පොලීසියම සිවිල් මිනිසාට ගිනි බිඳින්නේ නම් කෙලවීම එතන ය!

ඒ බැවින් මේ මිනීමරුවන් අකුලෝලම යන්නට නීතියෙන් දඩුවම් හිමි විය යුතුමය! කල කම් පල දිය යුතුමය. 

මාධව කියාගෙන ආ කතාව අයාලේ යා යුතු නැත

මාධව කියාගෙන ආවේ බයියෝ ගැන ය!

ඉක්බිති මේ නඩුව ගැන බයියෝ මේම කියනු ඇත.

මේ තීන්දු දෙන නඩුකාර උන්නාන්සේ නීතිය ගැන දන්නා ලබුවක් නැත.

නීතිය දන්නේ මයින්ද මාත්තියාය.

ගෝඨා තමා යුද්ධ කරන්න දන්නේ!

යුද්ධ කාලේ ඔය නඩුකාරයෝ කොහේද දන්නෑ හිටියෙ?

දේශ ද්‍රෝහී නඩුකාරයෝ!!!

NGO ලෝයර්ස්ලා!

නීතිය වල්වැදිලා!

බයියෝ ඒ්ම නොකිව්වොත් ඒ්කත් පුදුමයක් ය. කාළකන්නි බයියා අන්තිමට කියූ එකට මාධව හරි කැමතිය! "නීතිය වල් වැදිලා" යනු   බයියොන්ගේ ප්‍රියතම කෑල්ල ය!

මිනීමරු අපරාධකරුවො නිදොස් කොට නිදහස් කරද්දී උන්ට රාජ්‍යයේ ලොකු තනතුරු දෙද්දී "බයියොන්ගේ අම්මලාගේ" නීතිය වල් වැදී නැත.

කුඩු අල්ලාගෙන පොඩි උන් ඇරෙස්ට් කොට ලොකු උන් නිදහස් කොට ලොකු තැන් වල වැජබෙද්දී "බයියොන්ගේ අම්මලාගේ" නීතිය වල් වැදී නැත.

සීයක් බාලවයස්කාරියෝ දූෂණය කොට පාටි දාන ලොකු උන් නිදහස් කොට ලොකු තැන් වල වැජබෙද්දී "බයියොන්ගේ අම්මලාගේ" නීතිය වල් වැදී නැත.

මාධ්‍ය ආයතන ගිනි තියා මාධ්‍යවේදීන්ට අඩි දෙද්දී උන් නිදහස් කොට ලොකු තැන් වල වැජබෙද්දී "බයියොන්ගේ අම්මලාගේ" නීතිය වල් වැදී නැත.

උන්ට අනුව නීතිය වල් වැදෙන්නේ පොහොට්ටුවේ මහ උන්ට කෙලවෙන නඩු තීන්දු ලැබෙද්දී පමණක්ය! උන්ගේ ජන්දෙන් වැජබෙන මහ හොරුන්ට කෙලවද්දී ය! නීතිය උන්ගේ මහ උන්ගේ ජඩකම් වලට විරුද්ධ වද්දී බයියොන්ට අනුව නීතිය වල් වැදෙන්නේය!! 

මාධව නීතිය මහ ලොකුවට දන්නේ නැත! ඇබින්දක්වත් දන්නේ නැත! හැබැයි සාදාරණය අසාදාරණය අදුනාගන්නට තරම් මාධව අඥාන නැත! යම් කිසි අධ්‍යාපනයක් ලබා ඇති මාධවට යුක්තිය සාධාරණය මේ යැයි කියන්නට තේරෙන්නේය! ඒ් නිසාම පවතින දේශපාලන සංස්කෘතිය අප්‍රසන්නය! දේශපාලනය ලංකාවට කෙලවා ඇති ආකාරය පියවි ඇසින් දකින්නට මාධවට පුලුවන් ය! ඒ් නිසාම බයියන්ගේ නිතිය ගැන මාධව දන්නේ උන් තැමති අවනීතියට බවය! උන් කැමති තක්කඩිකම් වලට ය! උන් හිතන්නේ

ඉතිං බයියනි! මාධවට කියන්න තියෙන්නේ හිතුමතේ වල් වැදෙන්නට, නීතිය යනු උඹලාගේ අම්මලාගේ රෙද්දේ නීතියක් නොවන බවය!!

මාධව විශ්වාස කරන්නේ නීතිය සැමට එක සමාන විය යුතු බවය! සාදාරණ විය යුතු බවය! බේදයකින් තොරව කිසිවෙකුත් ඉන් පිටතට යෑමට ඉඩ නොවිය යුතු බවය!!!

නීතිය සැමට එකක් විය යුතුමය!

1 Comments

Your Comments / ඔබේ ප්‍රතිචාර

Previous Post Next Post

Contact Form