මාධවට අරගලයක් කිරීමට සිතෙන්නේ ඇයි?

 

 
මාධව
තරමක් දුරට ඉගෙනගත්තේය, ලොකු බාධාවක් උනේ නැත
තරමක් දුරට හම්බ කලේය. කරන්නේය. තරමකට වාහනයක් තිබුනේය. දැන් බයික්කයක් හරි තියෙන්නේය.
තරමකට කෙල්ලෝ එක්ක යාලු වී සවාරි ගැහුවේය. ආතල් ගන්නා යාලුවොත් එක්ක හොඳවයින් විනෝද වී කා බී නටා ගයා ඇත්තේය.ෆිල්ම් එකක් බලා හොද රෙස්ටුරන්ට් එකකින් කා බී විනෝද වී ඇත්තේය.
 
අම්මාට තාත්තාට සලකා ඇත්තේය.. ඇඳුමක් හෝ අරන් දී අත්තේය.කසාදයක් බැඳ නිදහසේ විවාහ ජීවිතය ගෙව්වේය.කීයක් හරි ඉතුරු බිතුරු කරගත්තේය.ආසා කරන ආකාරයේ පරිගණක, සංගීත භාණ්ඩ තරමකට හෝ මිලදී ගත්තේය.ඇදුමක් අඩුවට අරන් ඇන්දේය. 

හැබැයි 2022න් පස්සේ මාධවට දැන් දැන් ඒවා අමාරුය.
ලංකාවේ මාධවගේ වයසේ හුඟක් උන්ට අමාරුය!
 
හැබැයි මාධවට මැරෙන්නට දුක නැත. මොකද තරමකට හෝ ජීවිතය විඳලා ඇත්තේය.
 
ඒත් වර්තමානයේ හුගක් උන්.............
 
තාම ඇටෙන් පොත්තෙන් එලියට ආවා විතරක් ය.ඉගෙනගෙන ඉවර නැත. හැබැයි ඉගෙනගන්න විදියක් ද නැත. ඉගෙනුම දැන් හරි මිල ය. ඒ මදිවට උන්ට හරි හමන් අධ්යාපනයක් ලබන්න කිසිදු ක්රමයක් මුන් නිර්මාණය කරන්නෙද නැත.උන්ගේ අනාගතය අපැහැදිලිය. ජීවිතේ විදලා තියා විඳින්න හිතලාවත් නැත...හරිම අඳුරුය. 
 
තමන්ගේම ඉපයීමෙන් ලබන අභිමානය ලබා නැත.
 
පුරවැසියෙක් ලෙස තෘප්තිමත් නැත.
 
නිදහස් විවාහයක රස බලනවා තියා විවාහ වන්නටද විදියක් නැත. තමන්ගේ ආදරවන්තයා, වන්තිය සමඟ නිදහසේ ලං වීමක්වත් උරුම නැත්තේය.ලස්සන විවාහ මඟුලක් උරුම නැත. සුන්දර මංගල රාත්රියක් උරුම නැත.
 
තමන්ගේ කියා පුස් බයිසිකලයක් වත් ගන්නට විදියක් නැත. 
 
තමන්ගේ අම්මාට අප්පාට අයියාට අක්කාට ඇදුමක් තෑග්ගක් දෙන්නට විදියක් නැත.
 
හැමදේම අධික මිලකින් යුක්ත වන්නේය.
 
ඒ සැමගේත්, මාධවගේත් සියල්ලගේත් හීන බොඳ කොරලාය.
 
ඒ මේ පාදඩ ලාංකික දේශපාලනේ තරම ය.
 
උං පව් ය.
 
මාධවට මේ අරගලය ගැන කැක්කුමක් ඇත්තේ තමන්ගෙ මෙන්ම උන්ගේද අනාගතය බේරාගන්නට දරණ අවසාන ප්රයත්නය විය හැක්කේ මෙය නිසාය. 

ආදරණීය අම්මේ තාත්තෙ, ඔබ මුන්ට කඩේ යෑමෙන් සිදු කරන්නේ ඔබගේම දරුවාගේ අනාගතය වනසා දමා උන්ගේ අනාගතය ගොඩ දැමීමක් බව කාරුණිකව තේරුන් ගන්න.
 
එකතුවන්න.
 
අරගලය දිනවන්නට.
පාදඩයින් පන්නා නීතිය, යුක්තිය හා සාධාරණත්වය රජ කරවන්නට එකතු වන්න.
 
එසේ කල නොහැකි නම්, ඒසේ කිරීමට ඔබට සිත නොමැත්තේ නම්, මේ ඔබේත් දරුවන්ගේත් ලබා උපන් හැටි යැයි සිතෙන්නේ නම්, ඔබේ දරුවාට වඩා ඔබගේ ජීවිතය කාළකණ්නි කරන දේශපාලුවාව වටින්නේ නම් අඩුම තරමේ කට පියාන පාඩුවේ ඉන්නා ලෙසින් මාධව ආයාචනා කරන්නේය..
 
උක්ත කී හේතු නිසාම මාධවට අරගලය කරන්නට උවමනාව ඇත්තේය!එය තදින්ම සිත තුල කැකෑරෙන්නේය!!
ස්තූති වන්නේය!
අරගලය දිනිය යුතු වන්නේමය!

Your Comments / ඔබේ ප්‍රතිචාර

Previous Post Next Post

Contact Form