Tuesday, April 19, 2022

අරගලය පොදු මිනිසාගේ හිත සුව පිණිස විය යුතුමය


 


මරණයක් සිදුවුනා
තවත් මරණ සිදු නොවිය යුතුමයි

කරුණාකර නීතිය අතට නොගන්න
පාරවල් වසමින් අවිනීත නොවන්න
පොදු මිනිසාට පීඩා නොවෙන සේ අරගල කරන්න
පාලකයාට රිද්දීමට කියා වැරදි මග නොයන්න
උන්ට රිදෙන්නේ සාමකාමී ආදරණීය අරගල පමණක්මය

ලේ පිපාසිත වූවන්ට
ආදරය තිත්ත වන්නේය
කුරිරු සිත් ඇත්තන්ට
ආදරය මරණීය වන්නේය

එබැවින්

ඔබගේ අරගලය සාමකාමීව නව්‍යකරණයකින් යුතුව සිදු කරන්න
ඔබගේ පීඩනය අපටද ඒ ආකාරයෙන්ම ඇත්තේය

එහෙත් අපි පොදු ජනතාවට පීඩා නොකරන්නෙමු
අරගලය පොදු මිනිසාගේ හිත සුව පිණිස විය යුතුමය

එබැවින් මිනිසුනේ
හැගුම්බර නොවන්න
උගුලට හසු නොවන්න

බුද්ධිමත් වන්න
සාමකාමී වන්න

එයින් ඔබගේ වටිනාකම වැඩි වනු ඇත
ලෙයට ලෙය,
ඇසට ඇස,
පණට පණ
යැයි මොරගා
ජීවිත බිලිගත යුතු නොවන්නේය
ජීවිත බිලිවිය යුතු නොවන්නේය

ආදරය කැටිකොට
අත්වැල් බැඳගතයුතු
සමය දැන් එලඹී ඇත

ඉතින් සියල්ල ඉවසා
ආදරණීය වන්න!
එයම ඇති මේ අරගලය දිනන්නට!!

No comments:

Post a Comment

Your Comments / ඔබේ ප්‍රතිචාර