Thursday, April 28, 2022

ඒ හඩමදැයි අසන්න...............!

 


ඒ හඩමදැයි අසන්න...............!

හරක් මස්, දෙමළු, තම්බි, කිතුනුවෝ සහ භයානක සිවුරු!!!

 


අනගාරික ධර්මපාල යනු පිස්සෙක් කියා මාධවට සිතෙන්නේය! කෙනෙකුගේ ආහාර සංස්කෘතියට අපහාස කරන්නා පිස්සෙකි! ආහාර සංස්කෘති වලට ආදරේ කරන්නෙකු ලෙස මාධව ඒම කියන්නට පැකිලෙන්නේ නැත.

ඒ් මාධවගේ මතයයි! යමෙක් හරක් මස් හෝ මිනී මස් කෑවද ධර්මපාලට කිම! ඒ්ක කන එකාගේ අයිතිය වන්නේය! ආහාර ලබා ගැනීම උගේ අයිතිය වන්නේය! ඒ්කට අපහාස කරන්නට සක්කරයාටවත් බැරිය!

මේ කියන්නට යන්නේ ලාංකික ජාතිවාදය වර්තමානයේ තල්ලු වන තැන ගැන මාධවට දැනෙන හැටි ය!

පාප්, පාස්කු, රඹුක්කන තීන්දුව සහ බයියෝ..

 


පාප් වහන්සේ පාස්කු ප්‍රහාරයෙන් මිය ගිය ඇත්තෝ වෙනුවෙන් විශේෂ පූජාවන් පැවැත්වූ බව මාධව දැක්කේ මාධ්‍යයෙන් ය! පත්තරෙන් පමණක් සියල්ල දකින කාළකන්නි සිරිසේනයා ඇතුළු නඩය නැටූ පිස්සු වන්නම නිසාවෙන් දිවි පිදූ, තුවාල වී විදවන පාස්කු වින්දිතයින් ට විශේෂ පූජාවෙන් ඇති ඵලය කිම? නිසි ක්‍රියාමාර්ග ගත්තා නම්උන් සැම අද ජීවතුන් අතර නොවේද?

Wednesday, April 20, 2022