ඒකොලොස්වැනි ජනේලය!

 


  Microsoft සමාගම විසින් windows 11 ලෙස ඔවුන්ගේ නව මෙහෙයුම් පද්ධතිය මේ වන විට නිකුත් කර ඇත.

Official Web page  - https://www.microsoft.com/en-us/windows/windows-11

වඩාත් වැදගත් වන්නේ දැනට windows 10 භාවිතා කරන පරිශීලකයින්ට මෙම windows 11 මෙහෙයුම් පද්ධතිය  update ඒකක් ලෙසි්න් ලබාගත හැකි වන්නේ යැයි පැවසීමය. කෙසේ වෙතත් සියලූම වර්ගයේ processors මෙම windows 11 මෙහෙයුම් පද්ධතිය සමග හොඳින් ක්‍රියාත්මක නොවන බව එම සමාගම විසින්ම දන්වා තිබීම අවාසිදායක කරුණකි. ඒ් සඳහා ගැලපෙන ප්‍රොසෙසර් වර්ග ඔවුන්ගේ නිල වෙබ් අඩවියේ දක්වා ඇත.

තවද windows 11 ස්ථාපනය කිරීම සඳහා සුදුසු ප්‍රොසෙසර ලැයිස්තුවක් ඔවුන් විසින් ඉදිරිපත් කර ඇති අතර එම ප්‍රොසෙසර වලට අමතරව 4GB රැම් මතකයක්, 64 GB hard drive ඉඩ ප්‍රමාණයක්, Direct X 12 වීඩියෝ මතකයක් සහ විශේෂයෙන්ම TPM  - Trusted Platform Module නැමති විශේෂාංගය උවමනා වී ඇති බව ඔවුන් නිල වෙබ් අඩවියේ සටහන් කර තිබෙන්නේය. වැඩිදුර requirements පහලින් දක්වනු ඇත.




කෙසේ වෙතත් trailer හා වෙනත් අන්තර්ජාල තොරතුරු විමසා බැලූ කල්හි Interesting ලක්ෂණ නැතුවාම නොවන්නේය. අතුරු මුහුණත නොහොත් interface එක සිත්ගන්නා සුලු බවක් ඇත්තේය. Steve Jobs කලකට පෙර කී කරුණ Microsoft හි ලොකු අයට වැටහී ඇත්තේ දැන් විය යුතුය. එනම් සියලූම මුලු හරි හතරැස් නොව වක්‍රාකාරව පිහිටන බවය.

ඒ් අනුව මෙම windows 11 අතුරු මුහුනතේ LOGO සිට අයිකන, windows ඇතුලු අතුරු මුහනතේ පෙනුම සම්පූර්ණයෙන්ම පාහේ නව පෙනුමකට නිර්මාණය වී ඇති බව පෙනී යන්නේය. themes පවා වෙනම ආරකට නිර්මාණය කර ඇති බව පෙනී යන්නේය. ලෝගෝව windows 10 හි ලෝගෝවම වැඩි දියුණු කර වක්‍රාකාර මුලු සහිත ජනේලයක් නිර්මාණය කර ඇත. ආලෝක කදම්භ දෙකක් ජනේලයෙන් පෙරී එන ලෙසින් ලෝගෝව පෙනෙන්නේය.

Start බොත්තම තිරයේ මැදට ගෙන ඇති අතර එය විශාල වෙනසක් ලෙස දැක්වීම සුදුසුය. මක් නිසාද යත් වසර ගණනාවක් පුරාවටම ඔවුන්ගේ පද්ධති වල සාමාන්‍යයෙන් Start බොත්තම තිරයේ වම් පස පහල කෙලවරේ පැවතීම නිසාය. SNAP windows ක්‍රමය මගින් ඔබගේ කටයුතු සඳහා පරිගණක තිරය පහසුවෙන් කොටස් වලට වෙන් කර ගැනීමට අවකාශ ලබා දීමද උතුම්ය. ඒ් මගින් පරිශීලක ඔබගේ කටයුතු මනාව කළමණාකරණය කරගත හැකි බව පෙනෙන්නේය. ස්පර්ශක තිර (Touch Screen)  සහ මූසිකය (Mouse) යන දෙවර්ගයටම සංවේදී ලෙස නිර්මාණය කර ඇත. අතීතයේ සිට පැමිණි Internet Explorer ඉවත් කර ඇති අතර ඒ් වෙනුවට windows 10 සිට පැමිණි Microsoft Edge මෘදුකාංගය web Browser ලෙස ලබා දී ඇත.

 

Microsoft Edge


Tablet උපකරණ හා වෙනත් පරිගණක උපාංග වලදැනට පවතින windows 10 පද්ධතිය මෙම Windows 11 පද්ධතිය දක්වා update කර ගැනීමට නම් Microsoft ගිණුමක් අවශ්‍ය බවද Microsoft වෙතින් ප්‍රකාශ කර ඇත.

Microsoft windows 11 සඳහා පරිගණකයක තිබිය යුතු අවම දෘඩාංග සහ වෙනත් අවශ්‍යතා පහත රූපයේ දක්වා ඇත. උපුටා ගැනීම https://www.microsoft.com/en-us/windows/windows-11 වෙබ් පිටුවෙනි.

https://docs.microsoft.com/en-us/windows-hardware/design/minimum/windows-processor-requirements සබැදිය මගින් windows 11 සඳහා භාවිතා කල හැකි processor වර්ගයන් බලා ගත හැකි වන්නේය.

 සිත් ගන්නා සුළු ජායාරූප කීපයක්ද අන්තර්ජාලයෙන් හමු වූ අතර ඒ්වාද මෙසේ පල කරන්නට මාධව සිතුවේ නිකංය!

 

 

 

 

කෙසේ වෙතත් මාධවගේ පුද්ගලික අදහස වනුයේ දැන්ම මෙම මෙහෙයුම් පද්ධතිය ස්ථාපනය කිරීමට හදිස්සි නොවන ලෙසය.එසේ ඉල්ලා සිටින්නේ ඔනෑම මෙහෙයුම් පද්ධතියක් නිසි පරිදි භාවිතා වීමට සුදුසු පරිසරයක් ගොඩ නැගෙන්නේ මාස තුනක් පමණ කල් ගත වූ පසු බැවින් හා computer hardware components සඳහා අවශ්‍ය මෘදුකාංග නිකුත් කිරීමට කල් අවශ්‍ය වන බැවිනි. ඒසේ නොමැතිව ස්ථාපනය කල හොත් මෙම windows 11 සමඟ ක්‍රියා කිරීම අප්‍රසන්න වනු ඇත. මීට පෙර windows 8 සංස්කරණය පැමිණි විට හා හූ ගා windows 7 අතහැර දමා ගිය උන් වැටුනු නරා වල දුටු මාධව මෙම උපදෙස කාරුණිකව ඔබට ලබා දෙන්නේ ආන්න ඒ්කය. 

සුභ වේවාය! කොරෝනා වලින් ආරක්ෂා වේවාය!!

Your Comments / ඔබේ ප්‍රතිචාර

Previous Post Next Post

Contact Form