බඹරාට අද බොහොම දුශ්කර දවසක්. වෙහෙසයි. නිදිමතත් තියනවා. ඒ අස්සෙ යටියන්තොට පොලීසියේ තියන රියදුරු බලපත ලබා ගන්නත් ඕනි. යන්නම ඕනි ගමනක් ඒක..
හෙට සිකුරාදා දින පෙර පුහුණු වැඩසටහන් කෙරෙන නිසා හෙට දිනත්, සෙනසුරාදා ආපහු කාර්‍යාලයේ කටයුතු යෙදෙන නිසා අද බ්‍රහස්පතින්දා දින භාගයක නිවාඩුවක් දාලා ආවා. මෙහේ ඉදන් බොහෝම දුරක නොවැ ඒ ගමන. යන්ඩ පෑ දෙකයි. එන්ඩ පෑ දෙකයි..
ඉතින් දහවල් එකට පමණ ගමන පටන් ගත්තා. නැලවී නැලවී කදු පල්ලම් අතරින් මේ ගමන යනවා.. හිත හෙමීට සිසිල අතරේ හෙමිහිට නැලවෙනව.සිත ගත දෙකම ඔන්න ඔහේ නැලවෙනව. තාලයක් රහිතව.
සිහින ලොවක් ගීතය පටන් ගන්නෙම සිහිනයක අඩංගු පුංචියට සෙලවෙන ගතියක මිහිරි නාදයකින්. ඒ නාදය සවනට වැදුනම මිහිරියාවක සෙවනැලි නෙත් මතත් මිහිරියාවක නාදය කන හරහා මොලයටත් දැනෙනව.. මිහිරි තත්වල නාදය..
බලන්න මිනිස්සුන්ව රැගෙන යන දුර. ආන්න එතනදි තමා මිනිස්සු සහ සත්තුන්ගෙ වෙනස පටන් ගන්නෙ..
ඉතින් ඔහොම යද්දි එහා පැත්තෙ අසුනෙ ඉන්න සුන්දර යුවතිය. මාස්ක් එකට වැහුන උනත් සුන්දර කම වහන්න බෑනෙ. එයත් සිංදුව රස විදින බවයි පෙනුනෙ. අපූරුයි. ක්ලැරන්ස් මහත්මයගෙ ප්‍රභල රසිකාවියක් වගේ. සුන්දර ඒ වයසෙ ළපටි ළමයෙක්.. මහ තලත්තෑනි මිනිස්සුන් කැමති සිංදු අහනවා..??
පුදුමයි.
ඒත් ඇත්තයි නොවැ. එයාට දැනුන බඹරාත් ඒ සිංදුව රස විදින බව. ඔව් ඉතින්.. ඌ වියපත් බඹරෙක්.. එහෙම හිතුනෙම නැත්තෙත් නෑ.. ඕන්න පුතේ රෝස මලක්. ඇත්තටම රෝස පාට කම්බුල්. එනම් සිබින්න පුලුවන්නම් කෙලෝරක් නැතුව අතොරක් නැතුව ඉඹින මල්පෙති...ඕන් එතකොටම කිරි මූද කලඹාලා සිංදුව පටන් ගත්තා...කිරිමුහුද ගැන මතක් වෙද්දි මූනට නිරායාසයෙන් නැගුන හිනාව ඈට තේරුනා..
පලවෙනි පාරටද මන්දා කෙල්ලෙක් ඉස්සර වෙලා දැම්මෙ වචනෙ නාදුනන කොල්ලෙක්ට...
ඔයත් ආසයිද මෙයාගෙ සින්දු වලට... ?
හූඌඌඌහ්...
බලන්න ඒ වචන වල ලස්සන.. අංකල්, අයියා, ඒයි, මෙයා, මිස්ට වගේ වචන වලට වඩා මාත් එයාගෙ සම තත්වයේ තියාගෙන... "ඔයත්"
සමහර දේවල් උරුමයෙන්ම ලැබෙනවා වගේ..සදාකාලික උරුමය ගෙදර බව මතක් උනත් මේකත් තව උරුමයක් වෙන්න බැරිදෝ සිතාගෙන හෙමීට ෆෝන් එක අතට ගන්න ගමන්ම උත්තර බැන්ද..
ඔව්. ඒව ක්ලැසික්. කනට මිහිරියි. අහන්න අමාරු නෑ.. බස් එකක මෙහෙම සින්දුවක් යන එකම ලොකු දෙයක්. බඹරා ගුමු ගුමු ශබ්දෙ අවම කරලා කිව්ව..
එතකොට රෝස මල ටිකක් නැමුන ඇහෙන්නෙ නැති නිසා.
බඹර ආන්නෙහෙම පුංචී රතු රෝස මලකට ආසාවෙන් උත්තර බදිමින්ම ෆෝන් එක නිහඩ කලා.. ගෙදර උරුමෙ කතා කලොත් උරුම වෙන්න යන සම්පත් නැති වෙන්නත් පුලාන්. වැරදියට බලන්නෙපා සහෝදර සහෝදරියනි. එක මනුස්සයෙකුට ඔය තියෙන්නේ ඕනෑ තරම් උරුමයන්.. අපි ලංකාවෙ හැමෝටම තියෙන්නෙ 2500ක ප්‍රෞඩ ඉතිහාසගත උරුමෙකුත්. එහෙව් එකේ මේ පුන්චි වයසක, දහ නමයක කෙල්ලෙක්..උතුම් බඹරෙක් වෙමි මම.වරදක් නොකරමි ඒකිට.
සිතුවිලි අස්සෙම එකතු කලා මෙහෙමත් දෙයක්. ඔයා ඉස්සර ඉදන් ආසයිද ක්ලැරන්ස් මහත්මයාගෙ සින්දුවලට..
"ඔයත්! කෑල්ලක් රෝස මලකට දුන්නට වරදක් නෑනෙ..සම තැන්.. ඕන් අපි දැන් යාලුවෝ.අනික ඳල වශයෙන් වයස දැනගත්තට කමක් නෑනෙ....
ඕලෙවල් වලට මියුසික් කරද්දි කැමති උනේ.. කොල එලි වැටුනා..
ඔයා කැමතිද මියුසික් වලට.. මම ඇහුවෙ ෆෝන් එක උඩ සාක්කුවට දාගන්න ගමන්..මරුමුස් මූන නොපෙනෙන්න මාස් එකත් හදාගත්ත. ඒත් උපන් කැත වහන්න බෑනෙ.. ඒකත් අනේ මන්ද.. කොරෝනා ආශිර්වාදෙ. ස්තූති කොරෝන..
හෙමීට කදු පල්ලම බැහැගෙන කිතුල්ගල පැත්තට බස් එක ඇදෙද්දි අපි හොදම යාලුවෝ වගේ..තට්ටු බට්ටුත් දානවා එයා..
ඔන්න ඒ අස්සෙම යක්කු ටීම් එකේ සින්දු යන්න ගත්තා.. ශෝක්. දැන් තවත් මාතෘකාවක් ආව.
එයාම පටන් ගත්තෙ..
අපි මචන්. ශෝක් අනේ..
උත්තර බදින එක ලේසියි කෙල්ලෙක්ට.. විශේෂයෙන් මුල් කාලෙ. ආදරේ කරන්න කලින් සහ බදින්න කලින් කෙල්ලෙක්ට උත්තර බදින්න හරිම පහසුයි..දන්න කියන දේවල්.උනාම තව පහසුයි...
ඔයා විශ්වාස කරන්න ඕකෙ ඉන්න Thiwanka Mihiran කියන්නෙ මම දන්න මල්ලි කෙනෙක්. දක්ශ ළමයෙක්. ඇත්තටම චැටකින් මෙහාට ඌව පණ පිටින් දැක්ක කාලයක් මතක නෑ.. ඒට් මොකෝ ඌගේ පිට දාල හරි තියන සම්පත් රැක ගන්න ඕනි නොවැ.
බොරුඌ....! රෝස මලේ ඇස් එළියේ, නටුවෙ කටූ මට නොදැනේ..
බොරු කියන්න දෙයක් නෑ.. එයාල දැන් "යක්කු". අපි මචන් නෑ දැන්..
ඕන්න රෝස මල දුකෙන් සුසුම් ලෑව ඉතින්.
ඒ අස්සෙම නියම සින්දුව වැදුනෙ.. "අපි හැගුම් වලට"' ඒත් අපි මචන් නව නිර්මාණෙ..
රෝස මල ඒ සින්දුව වැයෙද්දි බැලුව බඹර දිහා..
ඒ ඇස් වල ගිලෙන්න පුලුවන්. ගෙදර උරුමයට පණ ඇරල ආදරෙයි. ඒත් අපිට අපේ සෙවනැලි වලින් මිදෙන්න පුලාන් නොවැ..
එහෙම හිතල නිකමට Instagram එකේ මගේ keyboard එකේ පොටෝව පෙන්නුවා.. අපොයි..
ඔයා මියුසික් කරපු කෙනෙක්.. රෝස මලට හරි සතුටුයි.
ඒත් බඹර අංශක සීයට රත් වෙලා හිටියෙ අනික් ෆොටෝස් ටිකත් බලාවි කියල. වාසනාවට බැලුවෙ නෑනෙ.. හරිම හොද රෝස මල..
මම් චිත්‍ර කලේ. මට සින්දු කියන්න බෑ..එව්කයි..බඹර ඇත්තක් කිව්ව..
අන්තිමට ෆෝන් එකේ තිබ්බ සීවී එක පෙන්නුවම තමා රෝසමලට ප්‍රත්‍යක්ෂ උනේ.. මේ බඹරා නම් බොරු නොකියන බව..මූ චිත්‍ර අදින බඹරෙක් බව.
ඒත් බලා ඇදීමට තිබ්බ පැපොල ඇපල් ඇදල ඊට පස්සෙ ඉවර වෙලා යද්දි ඒ පැපොල් ගෙඩිය හොරකම් කරල කෑව කියල කවුරුත් දන්නෙ නෑ...
ඇත්තමයි. මම ආස නිසා guitar සහ keyboard තනියම පුරුදු උනා.. සර්පිනාත් ගහනවා.. හුලන් ගහන්න කෙනෙක් ඕන හැබැයි...
රෝස මල හුගක් හිනා උනා.... ඒ හිනාවට නම් හිත ගියා. නිරෝදායන නීතිය බල්ලට දාල මාස්ක් ගලවමු කියන්න නොහිතුනාම නෙමෙයි.. ඒත් බෑනේ..මොකෝ ලස්සන මල් විදියටත් ආසාදිතයින් ඉන්න පුලාන්..ඊටත් දැනටත් ආසාදිත තත්වයේ පෙනුමක් ඇති බඹර තෙමේට තමා කවුද කියලත් හිතුනා..
ඔහොම යද්දි සින්දුවේ "අත් පටලා යමු ආයේ" කෑල්ල ගැයෙන්නෙ..වචන නැතිව ඒ ඇස් විටින් විටින් විට ගැටෙද්දි රෝස මල් පෙති රතු උනා.. ශෝක්. ඉංග්‍රීසියෙන් නම් Adorable!
ඔහොම දුර ඈත පේන කිතුල් මන්ඩි වියැකිලා එකමත් එක කාලෙක හිටවපු රබර් ගස් වල තුරුවියන් ඈත ඈත පේද්දි රෝස මල පිපිලා හොදටම. බඹරාත් උණුසුම්. රතුරෝස පෙති සිඹින හැටි, මල නොතලන හැටි හිතේ කොනක දලු දාගෙන එනවා. ඒක නම් අමුතුම මිහිරියාවක්. එපා නොවන රසයක්.
ඔයා කොහේද යන්නෙ කිව්වෙ නෑනෙ. රෝස මලෙන් තවත් ප්‍රශ්න.
මම පොලීසියට අත්‍යවශ්‍යය වෙලා ඉන්න කෙනෙක්..ඒ නිසා එයාල මගෙ ලයිසන් එක ගත්ත අනේ.. දැන් ඒක ගන්න යන ගමන්. රෝස මලේ මූන එලිය වැටුනා..
බඹර හැබැයි දඩේ කෑව හැටි නොකියන්න පරෙස්සම් උනා. ගෙදර උරුමය එක්ක කාර් එකේ යද්දි දඩේ කෑව කියන්ඩයැ. මීගමු ගිහින් එද්දි කහ ඉරේ ඉස්සර කරාමයි කියල සුදු මාමිල දෙන්නෙක් ඉස්සරහ ඉදන් ලිව්වනෙ. මම ඉස්සර කලේම කහ ඉර පහු කරලා බඹර හිතින් කිව්ව.
උත්තර බැදපු බඹර ලාවට හිනා උනාම රෝස මල එක දිගටම කැකිරි පලාගෙන පලාගෙන ගියා. So cute හිනාව. මාස්ක් එක x-ray කරපු බඹරට ඒක තේරුනා..
යාලුවෙක්ට හිනා වෙන එක වැරදියි ඔයා.. බඹර නිකන් "විනී සොයිස" මූඩ් එකට වැටුන.. මෙන්න රෝස මලේ නටුව බඹර පාදයක් උඩ.
හිනා ගියා අනේ...සොරී... ඇදල පැදල කියද්දි ලස්සන රෝස මලක්, ඒ සිනිදු අත්ල රලු බඹර අත්ලෙන් අල්ලගෙන..
දුක පහව ගියා.. බඹරිදු ඒ අත අයින් කලේ නෑ.. එහෙම්ම තියාගෙනම ඇහුව.. ඔයා කොහේ යන්නෙ.. පුන්චි රෝස මල.
"පුන්චි රෝස මල" කෑල්ල කටින් ආවෙ නෑනෙ.
එයාගෙ සුදු ඇස් බැබලුනේ ඇයි කියල තේරුනේ උත්තරේ ලැබුනම.
යටියන්තොට පොලීසියට.
ඔයත් දඩයක් කෑවද...?
අනේ නෑ. මම තාම L බෝඩ් නෙ..අනික මට දඩ ලියන්නෑ..
ඒ ඇයි ඔයාගෙ අප්පච්චිගෙ පොලීසියද ඒක...
ඔව්.
මේ පාර කැකිරි පැලුවෙ බඹර. ඒ හිනාවට වැඩි ආයුශ තිබ්බෙ නෑ..
කෙල්ල ෆොටෝවක් පෙන්නුවෙ එයාගෙ ඇපල් 12 එකෙන්. බඹරගෙ 17999ට ගත්තු තාම ගෙවාගෙන යන උපහාර ෆෝන් එක ගැන ලැජ්ජත් හිතුන.
හැබෑව. ඒ උත්තමයගෙ දුව නේන්නම්..
බඹර ගොළු උනා. එහෙව් රටේ නමගිය තැනක ලොකු උන්නැහේගෙ පොඩි දුවට සෙවෙල පෙරීම සුලු පටු වරදක් නෙමෙයි ආයුබෝවන්ඩ. බඹරට දැන් සිතුවිලි එක්ක දාඩියත් වෑහෙනව. නුවර කොල්ලෙක්ගෙ කක්ක පුච්ච අස්සෙන් කටුකම්බි වැටක් ගිය කතාව මතක් උනා. ඒ 2009 කතාවක්. ලොකු තැනකගෙ දුවගෙන් ආලෙ ඉල්ලුවා කියල පාසල් කොල්ලෙක්ව උස්සලා කුඩු නඩුවක් දාල රිමාන්ඩ් කරල රිමාන්ඩ් එකේදි කක්ක පුච්චෙ කටුකම්බි යවල දස වද දීල කරපු වින්නැහිය..
ඌ නම් පාසල් කොල්ලෙක්. බඹරට බඹරියෙක් ගෙදර. බඹරගෙ පක්ශ පැත්තෙන් කටුකම්බි රෝලක් නෙමෙයි මෝටාර් එකක් යැව්වත් වරදක් නෑ තමා මේ කරන අපරාදෙට...
බඹරගෙ නිහඩ බව රෝස මලට දැනුන. එයා බඹරගෙ අතේ ඇගිලි පහම තදින් පටලගත්ත. තව ඇගිලි තියනවා බඹරට. ඒව දැම්ම උවමනා නෑ පටලගන්න. ඉතින් ඒ වෙලාවෙ බඹරට ආවෙ පුදුමාකාශ විශ්ව ශක්තියක්. මීනම්මව බේරගන්ඩ SRK තංගබලීට නෙලන නෙලිල්ල මතකයි නොවැ. සවලෙන් බෙදන්නෙ පැණි බේරෙන්න.. ආන්න ඒ ගැහිල්ල තමා බඹර ගහන්නෙ ලොකු තැනටයි අනික් උන්ටයි. සවලෙන් බැරිනම් ගෙදර පොඩි මේසෙං හැන්දකුත් තිබ්බ. ඉන්සූරන්ස් එකේ ඉද්දි ෆීල්ඩ් යනව කියල හොරාට ගෙදර ඇවිත් මාලු ටැංකිය හදද්දි ඒ මේසෙං හැන්ද සෑහෙන්ඩ උදව් උනා.
ඉතිම් ඒ මොරාල් එකෙන්ම බඹර ඇහුව. අප්පච්චි සැරද..? නපුරුද....?
බය උනා නෙ...ඕකනෙ මට බැරි අප්ප. තාත්ත පොලීසියේ කිව්වම එක කොල්ලෙක්වත් යාලු වෙන්නෙ නෑ.. රෝස මල උරහිසට පර උනා..
පිනිබිඳු වෑහෙන තෙත් ගතියක් උරහිසට දැනුනා
ඒ කඳුළු පිණි ද?
බස් එකේ කවුරුත් දකීද කියන බයට දැමූ දාඩියද?
රෝස මල ඔලුව තියාගෙන ඉන්න එකේ ත්‍රිල් එකට දැනෙන ඌෂ්ණෙද ?
මොකක්ද කියලා බඹරට හිතා ගන්න බෑ..
බහින්නත් ලගයි
ඒ වෙද්දි සින්දුත් ඉවර වෙලා. හැබැයි දැන් තමා නියම නාට්‍ය පටන් ගත්තෙ. බඹරට හිතුනා..
පොලීසියට යන පාර දිගේ.. ඈ එනවා....
මල් පොකුරු අරන්...
මලකඩ පාලමෙන්...
ඈ එනවා...
හිතේ සිංදුව වැයුනා..
බස් එක නැවැත්තුවා.. ගෞරවයෙන් කොන්දොස්තර තැන ඉඩ හදල දුන්න. නෝනටයි මහත්තයා ටයි ඉඩ දෙන්න බහින්ඩ.
හෆ්ෆට. කසාදෙකට සාක්කියට ශෝක් මහත්මය. කොන්දොස්තර තැනගෙ කම්බුලෙන් අල්ලලා කුචි කුචි කියන්නඩ හිතුනා..
ඒ හැගුමෙන්ම දෙන්න ටවුමෙන් බැහැල පොලීසිය පැත්තට ඇදුන. හොද රෝස මල බස් එකෙන් බහිද්දි අත අතෑරලම බැහැපු එක හොදයි.
බැහැල ආයෙම හැරිල බලද්දි බස් එකේ කොන්ද හාඩ් වෙයා එකක මුදලාලි කෙනෙක්ගෙ බැල්ම දාද්දි ආර මහනුවර අධෝමාර්ගයක් තුල අතුරුදහන් උන කටුකම්බි රෝල මතක් උනා..
ඒත් අවුලක් නෑ...මම රාහුල්.. තංගබලී රෙඩිස් පෝ....
පපුවෙන් එකයි ගැම්ම.
ආයෙත් මියුසික්...
පොලීසියට යන පාර දිගේ.. ඈ යනවා
මල් පොකුරු අරන්...
සීතල පිනි වැස්සේ....
ඈ යනවා....
දහසක් සිතුවිලි මැද බඹරත් ඇදෙනව පස්සෙන්..
හෙමීට පාවෙලා වගේ එයා ලගට ඇවිත් බඹරගෙ නිකටෙන් අල්ලලා ගඟ පෙන්නුවා.
හරි ලස්සනයි. මං ආසයි මෙහෙට..එයා ඈත ඈත පේන නිල් කදු යාය වෙතට අත දිගු කලා. ඔය ෆොටෝ එකේ පේන්නෙ ආන් ඒ දිහාව ඔය බොහෝ දුර ඈත....
ලොකු තැන නැත්තන් මාත් ආසයි හුගක් මැණික.
"මැණික" කෑල්ල එලියට ආව. "ලොකු තැන" කෑල්ල ලොප් උනා..
මැණික කිව්වම ඒ ඇස් වල බැල්ම. කඳුළු පිරුණා.. ආදරයක් ලැබෙන්නෙ නැතුව ඇති.
කොහොමත් ඔය ලොකු තැන් වල ළමයි කුරුලු කූඩුවල දාල වගේනෙ හදන්නෙ.
යන්තර සූත්‍ර වගේ. දරුවන්ගෙ හැගීම් ගැන මේ මහ උන්ට කිසි උනන්දුවක් නෑ. හැබැයි අවංක ආදරයක් කෙල්ලට ලැබෙන්න යද්දි පරල වෙන්න නම් හොද හැටි දන්නවා. ඔන්න ඔහේ ඔහොම්ම තුරුල් කරන් පැනල ගිහින් බුලත්කොහුපිටිය පාරෙ ඕලු ඇල්ල පැත්තෙන් ගිහින් පැලැන් පිටියෙ තේ වත්තෙ ලැයිමෙ කෙලෝරක ජීවත්වෙනව කියල හිතුන. හැබැයි ගෙදර උරුමෙත් මතක් වෙලා හෝස් ගෑවුනා..
ගඟ පෙන්නන්න එයා ලගට ආවම වඩේ සුවදකුත් දැනුන..ඒක නැවුම් වඩේ සුවඳක්.
වඩේ ගත්තෙ කොයි වෙලේද.. බඹර ඇහැව්ව
අර කරත්තෙන්.. ඔයා දැක්කෙ.. රෝස මල තෙපලුවා.
මොන දැකිල්ලක්ද.. රට්ටු කන්න වගේ බලන් ඉද්දි..
ශුවර් එකට අර බස්ටෑන්ඩ් එකේ වැටට හේත්තු වෙලා බොටම ගහගෙන රවාගෙන හිටියෙ මේකිට ට්‍රයි කරන එකෙක් තමා.. අද ලයිසන් අරන් එද්දි තමා දඩේ කන්නෙ.. එහෙම හිත හිත ඉදපු බඹරෙක්ට වඩේ ගන්න රෝස මල් පේනවැයි. හැබැයි ඒ නසරානියා අනම් මනම් කරන්ඩ ආවොත් ඌටත් නෙලනවා අර මේසෙං හැන්දෙන්, මූන බිත්තියේ ඇලවුන බදාම පාරක් වගේ වෙන්ඩ...
වඩේ කමු එහෙනම්. ඔයා අවුලෙන්නෙ. එහෙම කියල ඒ රෝස මල එයාගෙ
මාස්ක් එක අයින් කරා. ඒ වගේ ලස්සනක්. ඒ මතු වුන ඒ ලස්සනට ඇස් නිලංකාර වෙලා පියවුනා.. ඒ වගේ රතු රෝස තොල්...රෝස කම්බුල්..චූටි නලදත. කෙහෙ රැල්ලකුත් මූනෙ පැත්තක..මිරිදිය හුලගට නටනවා..
වඩේ එක මල්ලෙන් අතට ගත්තා...රෝස පාට ඇගිලි තුඩු. උස මදි නිසා කකුලෙ ඇගිලි වලින් ඉස්සුනා. ශෝක්. බට්ටි රෝසියක්.
සුසුම් ළඟ දැනුනා.පපුව ගාවට.රෝස.මලේ.උස එච්චරයි. පපුව ගාවට. වඩේ කන්න.. කෑල්ලක් කටේ දැවටුනා.. තව කෑල්ලක් තව කෑල්ලක් ඊලගට තෙත දෙතොලක් ලං වෙනව වගේ දැනුනා..
ඒ රෝස මල ඒ දෙතොලින් අර මලකඩ පාලම උඩ ඉදන් බඹරාට වඩේ කවන්න හදනවා.. දෙතොලින්
සිහිනය පුපුරා යයී. චිත්‍රාල් ගොරවද්දි බඹරගෙ පිටට එයා ඇගිල්ලෙන් ඇන්න. රිදෙන්නම..
මේ මේ.. එයා කිව්වා...
බහින්න... කෙල්ල ආයෙම කියනවා...ගගට බහින්නෙ පස්සෙ. දැන් වඩේ කනවා...බඹර එහෙම හිතුවා..
වඩේ සුවද සැරටම එනවා..බඹර වඩේ කනවා. යම්.යම්.යම්ම්ම්... රෝස තොල් සිඹින්න හදනව...උම් උම්....උම්ම්...
ඔන්න ඒ අස්සෙ ආයෙමත්.
සිහිනය පුපුරා යයීඊඊඊ..
උලමො චිත්‍රාල්.. බෙරිහන් දෙන්නෙපා මේ වෙලාවෙ. බ්‍රහස්පතින්දා රෑට හැමදාම අහනවනෙ තොගෙ අඳෝනාව.
බඹර එහෙම හිතද්දිම හෑ මේං බොලේ පාලමේ ඇන්ද උඩ චිත්‍රාල්..
"සිහිනය පුපුරා යයී ඊ ඊ" කියාන පාලමෙන් ගගට පැන්න. පහාලට වැටෙද්දි ඊ ඊ ඊ ඊ හඩ අඩුවේගන ගියා. ඒකට කම්පියුටරේ තියෙන්නෙ fade out option එක කියලා එකක්. ආන්න ඒම වැටෙද්දි නාවර පිරුණු චිත්‍රාල්ගෙ කෙස් ගහක පැටලිලා රෝස මලත් ගහට වැටෙන්න යද්දි එයාගෙ අතින් වඩේ කෑල්ල බිමට වැටුනා. එයාගෙ තෙත දෙතොලෙ තිබ්බ වඩේ කෑල්ල ඒකිටම ගිලුනා. එයාව පාලමෙන් පහලට වැටුනා.
නිර්භීත බඹර ඈව බේරාගෙන තමන්ගෙම කරගන්නවා කියලා විජහට ගගට පනින්න ලෑස්ති වෙද්දි ආයෙමත් ඇහුණා..
මල්ලි යටියන්තොට බහින්ඩ..
(නිමි)
වඩේ කෑවේ එහා සීට් එකේ මගියාය.
යටියන්තොට බහින්ඩ කීවේ කොන්දොස්තර මහතාය.
රෝස මල මනක්කල්පිතයක්ය. එක්තරා ෆැන්ටසියක් ය.
ඇත්තටම දැන් දඩ ගෙවා ලයිසන් එක අරන් එන ගමන් ය.
සිංදු සියල්ලම ඒ රටාවට බසයේ ඇහුන ඒවාය.
චිත්‍රාල් බලෙන් කතාවට එක්කාසු කර ගත්තේය.
........................................
Fantastic story (or fantasy)
ReplyDeleteActually Fantasy!
Delete;)
"වල්ලාහී ලාසිම් " ඒ අපි රස්සා පොජ්ජ කරණ , මැදපෙරදිග ඇත්තෝ , අම්මපා ඇත්තයි කියන විදිය ... ඉතින් " වල්ලාහී ලාසිම් " මමත් මුලින් හිතුවේ සිද්දිය ඇත්ත කියලා .. පස්සෙන් පහු යාන්තම් දැනුනා මොකක් හරි " අල කලන්චියක් කියලා "
ReplyDeleteඅලකලංචි ගොඩයි!!
Deleteපට්ටයි ඈ.....
ReplyDeleteස්තූතියි ඈ!!
Delete