intel මොල පරම්පරා වර්ගීකරණය - intel processer generations

 



පළමුවෙන්ම කිව යුත්තේ මෙය ඉන්ටෙල් වලට කඩේ යෑමක් නොවන බවය!!!
දැනුම ලබා ගැනීම සහ ලබා දී උදෙසා ලියන ලද්දක් පමණක් බවය!!

පරිගණක මිලදී ගැනීමට ගිය විටදී මෙම ගැටළුව ඇති වන නිසා ඒ ගැන කියන්නට සිතුනේය. පරම්පරාවන් වල වෙනසක් දැනෙන්නේ කාටද? වැදගත් වන්නේ කාටදඝ? වැදගත්වන්නේ මොනවාටද යනුවෙන් දැනගැනීම වැදගත්ය! පරම්පරාවල විශේෂත්වයන් ගැනද එහි වාසි අවාසි ගැනද නව්‍යකරණයට ලක් වීම ගැනද තවත් දේවල් ගැනද කියන්නට සිතුනේ සැබැවින්ම මාධව ද ඒ ගැන හරියට නොදැන සිටි නිසාය!

මේ කියන්නට හදන්නේ ඉන්ටෙල් මොල ගැන කතාවය! විශේෂයෙන් දැන් භාවිතා වන core i වර්ගයේ ප්‍රොසෙසර පරම්පරා ගැනය!

පරිගණක ලෝකය වර්තමානයේ දියුනු වන්නේ ඉතා වේගයෙන්ය! ඉන්ටෙල් සමාගම ඒ කටයුතු වෙනුවෙන් සහ සිය සාක්කු වෙනුවෙන් වෙනමම කර්තව්‍යයක් සිදු කරන්නේය! ගැටලුව මතු වන්නේ මෙම නිෂ්පාදනයන් ගැන සාමාන්‍ය ජනතාව දැනුවත්  නොවීමය! කිසිදු කතාවකින් තොරව දියුණු වන තාක්ෂණ මං පෙත් ඔස්සේ ලෝකයා කිසිදු අදහසක් නැතිව ඔහේ නිර්වින්දය කර ඇත්තා සේ ගමන් කරන්නේය!

එහි ප්‍රතිඵලයක් නැත! 

කෙසේ වුවද දැන් රාජකාරී කරනා කාර්යාලයේ කටයුතු වලදී නිතර නිතර දෘඩාංග සම්බන්ධව කටයුතු කරන නිසා මාධවට මෙම ඉන්ටෙල් ප්‍රොසෙසර වල විවිධ පරම්පරාවන්වල විශේෂත්වයන් ගැනද එහි වාසි අවාසි ගැනද සොයා බලන්නට සිතුනේ නිකම්ම නොවේය! නොදැනුවත්කම නැමති සයුරේ ගිලී සිටිනවාට වඩා යමක් ලාවට හෝ දැන ගැනීම ක්ෂේත්‍රයේදී හුස්ම ටිකක් අල්ලාගෙන සිටීමට හැකි කාරණයක් නිසාය.

ඉන්ටෙල් යනු ආදී කාලයක සිට ප්‍රොසෙසර නිර්මාණකරණයේ යෙදී සිටින දැවැන්ත සමාගමකි. ඒ ආයතනය මගින් ප්‍රොසෙසර වර්ග ගණනාවක් සැලසුම් සක නිර්මාණය කර  ඉදිරිපත් කර ඇත.

ඒ අතර ලාංකිකයින් අතර ගැවසුනු ප්‍රොසෙසර වර්ග කිහිපයක් පහත දක්වා ඇත.

intel pentium I
intel pentium II
intel pentium III
intel pentium IV
Intel Atom
Celeron
Xeon and Itanium
Dual core, Core 2 duo, Quad core
Core i Series
      

මේවා එකිනෙකට වෙනස් වූ වේගයන් සහ එකිනෙකට වෙනස් වූ සැලසුම් සහිතව නිර්මාණය වූ ප්‍රොසෙසර වන අතර වර්තමානයේ භාවිතා වන්නේ Core i  වර්ගයේ ප්‍රොසෙසරයන්ය. මූලිකවම මෙම ප්‍රොසසෙසර සියල්ලම පාහේ භාවිතා කර ඇත්තේ සහ කරනුයේ පුද්ගලික පරිගණක සහ උකුල් පරිගණක (Laptop පරිගණක) සඳහා වන්නේය.

දැන් කතාන්දරයට වැටෙන්නේය! දැන් කියන්නට යන්නේ වැදගත්ම කතාන්දරය වන්නේය! එනම්  Core i Series  හි පරම්පරාවන් ගැනය! වර්තමානයේදීද Dual core, Core 2 duo, Quad core ප්‍රොසෙසර මෙන්ම Celeron ප්‍රොසෙසරද භාවිතා වන නමුත් ලාංකික නව පරම්පරාව බෙහෙවින්ම multimedia - graphic design,gaming  ආදී අරමුණු වලින් සමන්විත නිසා Core i Seriesවලට ඇති ඉල්ලුම වැඩිය.

කෙසේ වුවත් මේවායේ පරම්පරාවන් සම්බන්ධව දැන ගැනීම වැදගත්ය. මක් නිසාද යත් සමහර ප්‍රොසෙසර පරම්පරාවන් සෘජුවම බලපාන වෙනත් කරුණුද ඇත්තේය. අහඹු මතක ධාරිතා සම්බන්ධව, වීඩියෝ මතක සම්බන්ධව, දත්ත හුවමාරු වේගයන් සම්බන්ධව, ගැලපෙන මව් පුවරු සම්බන්ධව ආදී එකී නොකී බොහෝ දේවල් මෙම පරම්පරා සමග බැඳී පවතින නිසා එම දැනුම අතිශයින්ම වැදගත් වන්නේය!

එසේනම් පරම්පරා ගැන මෙසේ පවසන්නේය!

ප්‍රොසෙසර පරම්පරා සංකේත නාමය හා වර්ශය විශේෂ ගති ලක්ෂණ
වෙනත් කරුණූ
පළමු පරම්පරාව            

Nehalem / 2010

dual channel DDR 3 RAM support

highest clock speed|


1156 LGA socket
දෙවන පරම්පරාව            

Sandy Bridge / 2011

dual channel DDR 3 - 1066 RAM support

highest clock speed| than 1st generation


increased Cache
1155 LGA Socket
තෙවන පරම්පරාව            

Ivy Bridge / 2012

increase performance

DDR3-1333 to DDR3-1600 RAM

1155 LGA Socket

අඩු බලශක්තියක් වැය වීම

සිව්වන පරම්පරාව            

Haswell / 2013

DDR4 technology

නව  cache තාක්ෂණ
LGA 1150, BGA 1364, LGA 2011-3

අඩු බලශක්තියක් වැය වීම


පස්වැනි පරම්පරාව            

Broadwell /  2015

2-channel DDR3L-1333/1600 RAM සහාය දැක්වීම

ප්‍රමාණයෙන් කුඩා ව
1150 LGA sockets
සයවැනි පරම්පරාව            

Skylake / 2015 අගෝස්තු

පස්වැනි පරම්පරාවේ තාක්ෂණයට සමාන වේ
හත්වැනි පරම්පරාව            

Kaby Lake / 2016

 windows 10  සමග හොදින් ක්‍රියා කිරීමට සකසා ඇත. එයට වඩා පැරණි සංස්කරණ සමග ක්‍රියා නොකරර්‍යි!

dual-channel support for DDR3L-1600 and DDR4-2400 RAM slots
1151 LGA sockets
අටවැනි පරම්පරාව            

Kaby Lake R / 2017

Kaby Lake හි නව සංස්කරණය 


DDR4-2666 RAM but lack DDR3L RAM support

නමවැනි පරම්පරාව            

Coffee Lake / 2017

8 cores per CPU


1151 LGA sockets

16 MB cache
දසවැනි පරම්පරාව            

Cannon Lake/Ice Lake 2018

all-new 10-nm technology

DDR4 3200 and LPDDR4X 3733 support

integrated support for WI-Fi 6 (802.11ax) and Thunderbolt 3.
BGA1526 sockets


එකොලොස් වැනි පරම්පරාව            

Tiger Lake  -අනාගතයේදී ඉදිරිපත් වනු ඇත



                                                               

ඒ අනුව ගැටලු සහගත පරම්පරාවන් පිළිබඳ විස්තර සරලව මේවාය!!  build  එකක් කරගැනීමේදී ද වැදගත් වේ නම් දැනුවත් වීම  අගනේය!

ඒනං ජය වේවාය!! පරම්පරාවන් සම්බන්ධව සංකීර්ණව විස්තර කිරීමට නම් ඔබට  Processor architecture  පිළි්බදච දැනුම උවමනාය! ඒ ගැන ඉගෙන ගනිමින් සිටිනා නිසා පසුවට ඒ ගැනද ලියන්නට බලාපොරොත්තු වන්නේය!! 

2 Comments

Your Comments / ඔබේ ප්‍රතිචාර

  1. intel pentium I යනුවෙන් එකක් නැත. ආවේ intel pentium ය. intel pentium II ආගමනයෙන් පසු අපේ අය කලින් ආපු එකට intel pentium I ලෙස ඇමතීමට පුරුදු වී ඇත.

    ReplyDelete
    Replies
    1. ඔව්! ඔබ නිවැරදියි! නමුත් බහුතඑරය තාමත් intel pentium I ලෙස ඇමතීමට පුරුදු වී ඇති නිසා ඒසේම භාවිතා කර ඇත!

      ස්තූතියි මිත්‍රයා!!

      Delete
Previous Post Next Post

Contact Form