නිර්මාංශ වීම................






අද කියන්න යන්නේ ටිකක් වැදගත් කතාන්දරයක්ය!



දැන් ලංකාව යන්නේ හරි අමුතු පාරකය! අමුතුම පාරකය! ඒ හරක් මැරීමෙන් වළකින්න කියන මාවතේය. ඒක හරි අමුතුය! හරකාට පමණක් දැනෙන මරණ බිය අනෙක් මාංශ ආහාර සැකසීමට මරණ කුකුළන්ට, එළුවන්ට, මාළුන්ට, ඌරන්ට දැනෙන්නේ නැද්දෝ කියා සිතෙන්නේ මේ බහුබූත ඇසෙද්දී දකිද්දීය. ඉතිං ඒවා මේවා සියල්ල අස්සේ මාධවට මේ විකාර සහ අරවා මේවා ඇසු දුටු නිසා කියන්න හිතුන කතා ටික පහළ පිළිවෙලින් කොටා දමා මේ ආකාරයේ තවත් කතාවකින් සිය බ්ලොග පුරවන්නේ කලකට පස්සේය...

 නිර්මාංශ වීම...............

නිර්මාංශ වීම කෙටියෙන් සලකා බැලූ විට එයින් අදහස් වනුයේ මස්, මාලු, බිත්තර වැනි සියලු සත්ව ආහාර වලින් ශරීරය පෝෂණය කිරීම අතහැර සම්පූර්ණ වශයෙන් එලවලු සහ පළතුරු ආහාරයට ගෙන ජීවත් වීම යැයි කීමට හැකිය. මෙහිදී සත්ව ආහාර වශයෙන් අප ප්‍රාථමික අධ්‍යාපනයේදී ද ඉගෙන ගන්නා ආකාරයට නම් සත්ව මස්, මාලු කිරි, බිත්තර, (පිස්සු)පීකුදු ආදියද, මේ  කී සත්ව මස්, බිත්තර ආදිය යොදාගෙන සකසන සොසේජස් වැනි ආහාරද ගත හැකිය. මීට අමතරව උම්බලකඩ ද මාංශ ආහාරයක් වේ. එසේ හෙයින් මේවායින් ඉවත් වී .තනිකරම පළතුරු සහ එළවලු වලින් ශරීරය පෝෂණය කිරීම එනං වෙජිටේරියන් වීම දැන් හරියට ෆේමස්ය!

විද්‍යාත්මක පැත්ත......

මිනිසා නිර්මාංශ වීම සපුරාම විද්‍යාවට පටහැනි නීතියක්ය! එය අමුම අමු ආගමික තර්කයන් නිසා හටගත් කාරණයක් යැයි මාධව විශ්වාස කරන්නේය. බුදු දහමේ කියන්නා ආකාරයට සියලු සතුන් මැරීම පාපයක් යන කාරණය බුදු දහම අදහන්නාව නිර්මාංශ කරවීමට හේතු වී ඇත. ද්‍රවිඩයා ගවයාව දේවත්වයෙන් අදහන්නා නිසා ඔවුන් ගවයාව නොමරති! මුසල්මානුවා ගවයාව පතුරු ගසන නමුත් ඌරාව මැරීම මුසල්මානුවාට පිළිකුල් දෙයක් වනුයේ ඔවුන් ඌරාව සලකන්නේ අපිරිසිදු සතෙක් ලෙසින්ය! කිතුනුවාගේ ආගමට අනුව දෙවියන් වහන්සේ ඇතැම් සතුන් මවා ඇත්තේ අපගේ ආහාරයට ගැනීමටය! සිරි ලංකාවේ බල්ලෝ මරා ආහාරයට ගැනීම පිළිකුල් කරන නමුත් කොරියාවේ බල්ලෝ මරන්නේ දුසිම් ගනන්ය! චීන හැත්ත බුරුත පිටිංම (මාධවට ඕකුං පේන්න බැරිය! ලංකාවේ තියන ලට්ට ලොට්ට 99%ක් මේඩ් ඉන් චයිනා වීම ඒකට හේතුවය!) නයි පොලොංගු සුප් බොන්නේය!

මේවා කොහොම උනත්  අද තත්වය ඊට බෙහෙවින් වෙනස් වෙමින් පවතින දෙයක් වන අතර ඒ ගැන පහළින් ලිවීමට බලාපොරොත්තු වන්නේය. මූලික කාරණය නම් විද්‍යාවට අනුව ක්ෂීරපායී සතෙක් වන මිනිසා උපතින්ම සර්ව භක්ෂකයෙක් වන අතර මානවයාගේ වර්ධනයට මාංශ ආශ්‍රිත ප්‍රෝටීන පෝෂ්‍ය පදාර්ථ අවැසි වේ.  සිංහයා, කොටියා වැනි සතුන් උපතින්ම මාංශ භක්ෂක වන අතර මුවා, අලියා, ගෝනා, හරකා වැනි සතුන් උපතින්ම ශාක භක්ෂක සතුන්ය. මෙසේ පරිසරයේ නීති වලට යටත් වී හැදෙන අනෙක් මාංශ භක්ෂක හා හාක භක්ෂක සතුන් මෙන්ම සර්ව භක්ෂකයෙක් වන මිනිසාද (ඌ මේකේ අයිතිකාරයා කියලා හිතාන චුකේ පූං නැටුවට) පරිසරයේම කොටසකි! එසේ හෙයින් මිනිසා සර්ව භක්ෂක භාවයෙන් ඈත් වී නිර්මාංශ වීම සම්පූර්ණයෙන්ම පරිසරයේ පවතින සියලු ස්වාභාවික නීති කැඩීමක් වන අතර එය (දැනට ලෝකයේ සිටින මිනිස්සු පිරිසෙන් 100%ක්ම නිර්මාංශ නොවන නිසා ගැටලුවක් නැත) කවදා හෝ පරිසර සමතුලිත තාවයටද බාධා ඇති කරන්නේය..!!


ආගමික පැත්ත!!
ආගමික බලපෑම් බොහෝ විට මිනිසාව විවිධ ආකාරයෙන් නිර්මාංශ වීම කෙරෙහි බලපා ඇති බව මාධවගේ මතයයි! සලකා බැලු කරුණු අනුව බුදු දහමේ ආකාරයට සියලු සතුන් ඝාතනය පාපයක්ය! ඒ අනුව මස් සඳහා සතුන් මැරීම සිදු කල නොහැකිය (ඒත් උං කන්නේම මස්ය! ඇතැම් චීවරධාරීන් පවා) හින්දු ආගමේ ගවයාව පූජනීයත්වයෙන් සලකනු ලබන්නේය. ඒ නිසා ඔවුන් සිය ආහාරවේලට ගව මස් එක් කර නොගනී! එහෙත් අනිකුත් මස් වර්ග ආහාරයට ගණී! ඔවුන් සිය නිවාස වල (බෞද්ධයන්ද එසේ කරන්නේය!) කුකුළන් ඇති කරනුයේ බිත්තර සමඟ මස් ලබා ගැනීමටය! මුසල්මානුවා අපිරිසිදු ඌරාව මරන්නේ නැති නමුදු ගවයාව පතුරු ගසයි! අරාබි රටවල් වල ඔවුන් ඔටුවාටද සලකන්නේ හරකාට ලංකාවේදී සලකන හැන්දෙන්ය! කිතුනු ආගමට අනුව ඇතැම් සතුන් මවා ඇත්තේ ආහාරයට ගැනීමටය!!ඒ ආගමික කරුණු පිළිබඳව කෙටියෙන්ය! මේවා කෙසේ වෙතත් විද්‍යාව සහ ආගමික කරුණු එකිනෙක ගැටීමෙන් සිදුවන්නේ හරි වැරැද්ද තෝරා ගැනීමක් කල නොහැකිව අතරමං වීමක්ය. මක් නිසාද සත්‍ය විද්‍යාවට වඩා හැඟීම් වලට ඉඩදෙන ආගමික මතයන් වල ගිලී කිමිදී සිටින පිරිසක් තාමත් ලංකාවේ සිටින හෙයිනි!


හරකාගේ පමණක් දිවි ගැලවීම සාධාරණද?



මාධවගේ මතය හරකාට පමණක් මෙසේ සැලකීම වැරදි බවය! ලංකාවේ හරක් මැරීම නතර කල යුත්තේ අවංකවම සත්ව ඝාතනය නතර කිරීමට නම්, ඒ ආකාරයටම කුකුලාද, ඌරාද ආදී මස් පිණිස දිවි තොර කරන අනික් සතුන්ද මැරීම තහනම් කල යුතුය. සත්ව ගොවිපලවල් වල මස් පිණිස සතුන් ඇති කිරීම තහනම් කල යුතුය (වාණිජමය පැත්තෙන් ඒක ගොවි පලේ අවසානය ඉතා ඉක්මණින් ළගා කිරීමකි!). සද්දන්ත හරකා මෙන්ම කිලෝ එක හමාරේ කුකුළාද ගෙවන ජීවිත වල වෙනසක් නැත.ඒවා හැම එකක්ම රතු ලේ ගලන පන ගැහෙන ජීවිතයන්ය! අපේ ඇඟිල්ලක් කැපුනු විට දැනෙන වේදනාවම හලාල් වී පණ ගැහි ගැහී තිබෙන උණු වතුර හැලියට වැටෙන කුකුළාටද තිබෙන්නේය! පණ පිටින් හලාල් වන හරකාටද තිබෙන්නේය. පණ පිටින් මුගුරු පහර කා තැලෙන ඌරාටද තිබෙන්නේය.

ඇත්තටම අපේ උං හරකාට ඔච්චර ආදරේ නං තාමත් ලංතාවේ තියන රෑට රෑට ටවුමට දර ගෙන එක ගොං කරත්ත ටික නවත්තා දමා බලු දුක් විදින ගැල් අදින හරක් ටික නිදහස් කල යුතුය!! තාමත් හරක් ලව්වා කුඹුර හාන්නේ නං ඒවා නවත්තා දැමිය යුතුය. ඉස්සර හරක්ගෙං මරව මරවා වැඩ ගත් සියලු ගොවියන් එකතු වී එක් වරක් කැළණි විහාරය වන්දනා කල යුතුය. මේවා අමුම අමු විහිලුය! හාංදුරුවන් වහන්සේ ගිනි තියාගැනීම විහිලුවක් වුනේද මේ නිසාය. ලංකාවේ මාංශ ආහාර සඳහා සියලු සතුන් ඝාතනය නතර කිරීම වැනි හොඳ අරමුණක් වෙනුවෙන් ගිනි තියාගත්තා නං මාධවද සිය ආචාරය උං වහන්සේට පුද කරන්නේය.
කල යුත්තේ හරකාට පමණක් නොව සියලු සත්වයින්ට ජීවිත දානය දීමය! මොකද සත්ව ඝාතනය මාධව සැමදාම පිළිකුල් කල දෙයක් නිසාය!


මාධව නිර්මාංශ වූයේ ඇයි..............?



ඉතිං මාධව නිර්මාංශ වූයේ ඔය එක ආගමික උලව්වක්වත් නිසා නොවන්නේය! එය මාධවගේ දෙවන ප්‍රේමයේ අවසානයේ මාධවට ලැබුනු එකම දේ පමණක්ය! ඒ කතාව මෙසේය! ඇය මාධව හැර දමා යන්න ගියේ ඇයගේ දෙමාපියන්ගේ වදනට අවනත වීමෙන්ය! මාධව තනි විය! ඔහු සිතින් ගොඩක් දුක් වින්දේය! කොට්ට බදාගෙන ඇඩුවේ නැතත් සිතින් වැලපුනේය. අම්බානක දුක් වින්දේය. එසේ ගෙවෙන දිනක දහවල් කෑමට තිබුනු කුකුළාගේ මස් කැබැල්ල දුටු මාධවට වහා සිතුවිල්ලක් පහල විය!

“සතුටක් ලබා ගන්න ආදරය කලත් අවසානයේ ඉතුරු උනේ දුක විතරක්ය! ඒ වගේම කාළයක් ජීවත් වූ මේ කුකුළාද මෙසේ කැබලී වී රෝස් වී ඇත්තේ මාධවලා වැනි දහස් ගණනකනේ දිව රසය පිනවීමටය! අපගේ සතුට වෙනුවෙන් තවත් අයෙක් දුක්විඳිය යුතු නැත! මාධවලාගේ දිව පිනවීමට  කුකුලා මියයා යුතු නැත! මාධව සිතින් විඳින දුක වගේම දුකක් මේ කුකුළා පණ පිටින් වතුරෙ තැම්බෙද්දි විඳින්න ඇත! “

මෙසේ සිතූ මාධව නිර්මාංශ විය! කාටත් කරදරයක් නැත! අවංකවම ඒ පිළිබඳව මාධවගේ ඇතැම් මිතුරන් සහ ඔහුගේ දෙමාපියන් දුක්වන නමුත් මාධව සතුටු වන්නේය!


නිර්මාංශ වාදය සඳහා කල යුත්තේ කුමක්ද?

මාධව දන්නේ නැත! එහෙත් කලයුතු දෙයක් ඇත්නම් ඒ සියලු සතුන්ට එක සේ සලකා නීති ගෙන ඒම මිසක් හරකාට පමණක් සැලකීම නොවන්නේය!


All pictures from google

12 Comments

Your Comments / ඔබේ ප්‍රතිචාර

  1. මාත් මාස හතරක් නිර්මාංශව ගෙව්ව, ඒත් ඉතින් කොල්ලගෙ බඩ ඇතුලට මස් කෑල්ලක් දාන්න අම්මට මාර උවමනාවක් තිබුනෙ, මම ගොඩාක් කෙට්‍ටු වෙලාලු, නිර්මාංශ ජීවිතේට මම bye කිව්වෙ එහෙම.

    සිතුම් සයුර

    ReplyDelete
    Replies
    1. මටත් බලෙන් මස් මාලු කව්වන්න අපේ අයට ලොකු ඕන කමක් තියනවා බං! ඕවා ඔහෙම තමයි!

      Delete
  2. Replies
    1. ඒ මොනාද?? කියාපං සහෝදරයා ඒවත්!

      Delete
  3. මගේ අදහස මෙතන මේක බ්ලොග පබ්ලිෂ් කිරීමක් හෙම නෙවේ
    http://mata-hitena-hati.blogspot.com/2013/05/blog-post_26.html

    ReplyDelete
    Replies
    1. නෑ සහෝ! එහෙම හිතන්නෙ නෑ! මං ඔයාගෙ ලිපිය බැලුවා! ඒක ඇත්තටම හරි! සුපිරි කතාවක් තියනවා ඔයාගෙ පෝස්ට් එකේ!

      Delete
  4. සියලු සතුන්ට ජීවත්විමට අයිතියක් ඇත්තේය. මස් පිණිස මම සතුන් නොමරමි. මම මස් වෙළෙදාමක්ද නොකරමි.
    Samakaya Wate නලින්

    ReplyDelete
    Replies
    1. හම්!! ඒක හොඳයි සහෝදරයා!

      Delete
    2. ඒ උනාට සතා මරන්න වෙළෙන්දා හරහා ගොවිපළට සල්ලි යවනවා? එහෙමද?

      Delete
    3. ඒ උනාට සතාව මරන්න වෙළෙන්ඳා හරහා ෆාම් එකට සල්ලි යවනව, එහෙමද? ඒක කළාම \ඇති, සියතින්ම මරන්න ඕන නෑ කොහොමත්.

      Delete
  5. හ්ම්ම්. හිතන්ට යමක්.
    මමත් මස් කනව. කුකුල් මස් පමණයි, ඒකත් අඩු කරගෙන යන්නෙ. නවතීවි ලඟදිම. නමුත් මාළු නම් කනව.

    ReplyDelete
Previous Post Next Post

Contact Form