තැවරුනු වත්සුනු
ඉහිරුණු ඇඟලුම්
විසිරුණු සුමුදු ඇතිරිළි
අතර දැවටී
ගතින් වෙලී සිටින්නෙමු
රණ හංසයින් අවදි වූ රාත්රියේ
විදිනු පිණිස
යොවුන් බව ඉතිරී ගලන
හැඟුමක පහස
සඳ එලිය වැටී
මැවී ඇති සෙවනැළි අතර
අඩ අඳුරේ පෙනෙන චලනයන්
එක් කලා අමුතු මායාවක්
පිරී ඉතිරුණු හැඟුම් ගොන්නට
එක් කල සිත් සතන් පිබිදී
සිහින් කෙඳිරිළි හඩ සමඟ
තරුණ උණුසුම් රැඟුම් රගනා
නිමේෂය නිමවූ පසු
විඳිමු අපි වෙරළු මල් සුවඳ
තෘප්තිමත් නොවූ සුසුම් සමඟින්...........................!
---------------------------------------------------------------------------------------
all pics from google

අපොයි ඔව් ඔය මල් සුවඳ තමයි ගෑනුන් ආසම සුවඳ කියල ජැකාගේ නෝන සිංදුවකුත් කිවුව නේද කාලෙකට ඉස්සර.
ReplyDeleteSamakaya Wate නලින්
මොකක්ස සහෝ ඒ සිංදුව!
Deleteකැසට් පටයක්ම කළා වෙරළුමල් සුවද නමින් කුමාරි මුණසිංහ ගේ
Deleteහොයාගන්න ඕනි! ස්තූතියි සහෝ!!
Deleteවෙරළු මල් සුවඳ.. ඒක හොයල බලන්න ඕනෙ
ReplyDeleteහම්බුනොත් මටත්! සොයන්නාට සම්බවේ!
Deleteඕක මට හැමදාම හම්බෙනවා! ^_^
Deleteසුභ වේවා!!! රාජ සම්පත් ලැබේවා!!!
රජා නං අනේ මංදා! අන්තපුර කටයුතු නිසා වෙන්නැති!
Delete