Saturday, April 07, 2012

ඒ ලස්සන මට දෙන්න..................!


පුංචි පා පොඩි මතින්
ගලා යන නදිය සේ සෙමින්
මාවතේ පිය තබන විට



මුදු සුළග වැදී සැලෙන
පුංචි කෙස් රොද නලල් තල මත
හැපී දගකරන විට

සුදු පාට රැලි ගවුම
මත වැටී දිවා හිරු රැස්
දිලී දිලෙන විට

පුංචි සුදු කම්මුල්
දිවා අව් රශ්මියෙන් නෑවී
රත් පැහැය ලත් විට

ඔය රෝස තොල් පෙත්තෙන්
තෙතැති යටි තොල් පෙත්ත
සපාගත් විට මෘදුව ඹබම

ලොව දකින ලස්සන
වෙන කිසි කෙනෙකු හට නැත......
සැබැවින්ම..............

ඉතිං පුංචි ගංගාවී........
ඒ ලස්සන මට දෙන්න
රැක ගන්න සැමදාම.........................!

9 comments:

  1. අනේ ඒ ලස්සන
    ඔයාටම හිමිවෙන්න.....!!

    ReplyDelete
  2. ලස්සන අදහසක් මචං..

    ReplyDelete
  3. හොදට හිටී දුන්නොත්!

    ReplyDelete
  4. ලැබේවා ලැබේවා....උඹටම ලැබේවා!!! :)

    ReplyDelete
  5. හ්ම්ම් නියමයි

    ReplyDelete
  6. අග්නි ධාරා... - ස්තූතියි සහෝදරී.....

    දිනේෂ් - ස්තූතියි මචං!

    රාජ් - ඒ ඇයි බං?

    අඩවි රජා - ස්තූතියි තුමනි!

    කනියා - හම්ම්! ස්තූතියි!

    ReplyDelete
  7. ඒ ප්‍රාර්ථනාව එසේම ඉටුවේවා කියල පතන්නම් !

    ReplyDelete
  8. ම් මිහිරි පැතුමක්..

    ReplyDelete

Your Comments / ඔබේ ප්‍රතිචාර