මේ ආදරය........................





ආදරය කියන්නේ මොකක්ද? අපි ආදරේ කළාම ලැබෙන්නේ මොනාද?



රාගයත් එක්ක කරන ආදරය ඇත්තම ආදරයක් නොවන බොරු ආදරයක්ද? එහෙමද?.... ඇත්තටම ආදරේ කරන්නෝ රාගය ගැන නොසිතන අයද? තමන්ගේ පෙම්වතා,  පෙම්වතිය ගැන රාගයක් හිතෙන්නේ නෑ කියන්නේ එතන තියෙන්නේ ආදරයක් විතරමයි කියන එකද? ආදරේ තුල ඇතිවන ආශාවන් බොරුද? ආශාවන් කියන්නේ, රාගය කියන්නේ වල් කමද? ඇත්තටම ආදරේ කරන අයට තම තමන්ගේ සහකරු, සහකාරිය ගැන ආශාවක් රාගයක් ඇති වෙන්න බැරිද? එහෙම රාගයක් ඇති වෙන්නේ නැත්තන් ඒ ඇයි? එහෙම රාගය ආශාව ඇති නොවේ නම් ඒක රෝගයක් නෙමෙයිද?

තමන්ගේ සහකරු, සහකාරිය සමග කරන සිප ගැනීම රාගයක්ද? නැත්තන් ඒක ආදරයක් නිසාම කරන දෙයක්ද? ඇත්තටම රාගය කියන්නේ ආදරේ තවත් ප්‍රථිඵලයක් නෙමෙයිද? රාගයක් ආශාවක් ඇතිව තමන්ගේ සහකරු, සහකාරිය එක්ක කල් ගත කිරීම වරදක්ද? ඒක වංචාවක්ද? ඒක ආදරයට බොරු කිරීමක්ද? විවාහයට පෙර තම සහකරු, සහකාරිය එක්ක රාගයෙන් තොරව ඉන්න ඕනිද? විවාහය තෙක් අපේ හැගීම් වලට ඉඩක් නැද්ද? අපිට අත් අල්ලන් ඉන්න විතරද පුලුවන්! අපිට සිප ගන්න බැරිද? අපිට වැළද ගන්න බැරිද? බැරිනම් ඇයි ඒ? ඒක පහත් රාග හැගීමක් නිසාද? විවාහයට පෙර රාග හැගීම් වලට ඉඩක් නැත්ද?

තමන්ගේ සහකරු, සහකාරිය පිළීබද හැගීම් ආශාවන් ඔවුන්ලෙන් සගවන්න පුලුවන්ද? ඇයි එහෙම සගවන්නේ? තමන්ගේ සහකරු, සහකාරිය එක්ක ඒ ගැන කථා කරන්න බැරිද? තමන්ගේ සහකරු, සහකාරිය එක්ක තමන්ගේ සිතුවිලි බෙදා ගන්න බැරිද? ආදරය කරන අය එහෙම හැගීම් බෙදා හදා ගන්න එක ඇයි අනික් අය ප්‍රශ්නයක් කර ගන්නේ? ඒක මේ සමාජයේ හැටියක්ද? ඒක කවදාවත් වෙනස් වෙන්න බැරිද?

තමන් විවාහ උන කෙනා ඉන්නකොට වෙන කෙනෙක් ගැන ආශාවක් ආදරයක් රාගයක් ඇති වෙන්නෙම නැද්ද? එහෙම වෙන්න බැරිද? රෑට කෙනෙක් එක්ක නිදාගෙන දවල්ට වෙන කෙනෙක් එක්ක ආදරෙන් ඉන්න අය නැද්ද? රෑට ගෙදර බිරිදගේ කෑම කන, දවල්ට කාර්යාල පෙම්වතීගේ කෑම කන මිනිස්සු නැද්ද? තමන් ළග ආදරෙන් ඉන්න අයට නැතුව තමන්ට ආදරේ නොකරන අයට අපි ආදරේ වෙන්නේ ඇයි? අපේ සිත ඒ තරම් අපිට අකීකරුද? අපේ සිත එච්චරම අයාලේ යනවද? ඇයි අපිට බැරි එක්කෙනෙක් ගැනම සිත තියන් ඉන්න. ජීවිතේ අපි කොච්චර අයට ආදරේ වෙනවද? ඒත් අපිට හිමි වෙන්නේ එක්කෙනෙක් විතරමද?

ඒ සේරම මැද්දේ කෙල්ලගේ අම්මා ආදරේ මැද්දට රිංගන්නේ ඇයි? මොන රෙද්දක් උනත් පාඩුවේ ඉන්න බැරි ඇයි ඒ ගෑනිට? කෙල්ල ප්‍රශ්නයක් කර ගන්නේ නැති දේවල් ප්‍රශ්න කරවන්න උත්සහ කරන්නේ ඇයි මේ අම්මණ්ඩිලා? කිසිම ප්‍රශ්නයක් නැති වෙලාවට ප්‍රශ්න ඇති කරන්න හදන්නේ ඇයි මේ අම්මණ්ඩිලා? කොටින්ම කියනවනම් ආදරේට බාල්දි දාන්නේ ඇයි? ඇයි මේ ගෑනුන්ට බැරි තරුණ හැගීම් තේරුන් ගන්න? ඒකද දුවට තියන ආදරේ? එහෙම කරන්නේ නැත්තන් දුවට ආදරේ නෑ කියන එකද ඒ කියන්නේ? තමන්ගේ දෝණියන්දෑගේ කොල්ල දිහා සැකෙන් බලන්නේ ඇයි? කෙල්ලට ප්‍රශ්නයක් නොවන කුල මාන්න කෙල්ලගේ අම්මලා අත්තම්මලා ප්‍රශ්න කර ගන්නේ ඇයි? අඩු කුලේ එවුන්ගේ ඒවා ලොකු කුලේ එවුන්ගේ ඒවට වඩා පොඩිද? එහෙමද? කොටින්ම කියනවනම් කෙල්ලට ප්‍රශ්නයක් නොවන දේවල් ඒකිගේ අම්මට ප්‍රශ්නයක් වෙන්නේ ඇයි?

තව දුරටත් අහනවනම් ආදරේ මෙච්චර බොළද වෙන්නේ ඇයි? ආදරේදි මෙච්චර රැවටෙන්නේ ඇයි? ආදරේ පිස්සුවක් කර ගන්නේ ඇයි? ආදරේ අපිව සීමා කරන්නේ ඇයි? ආදරේ වගකීම් වැඩි කරන්නේ ඇයි? කොටින්ම කියතොත් ආදරේ අපිව කොටු කරන්නේ ඇයි? මේ හැම දේම දැන දැන අපි ආදරේ කරන්නේ ඇයි?

12 Comments

Your Comments / ඔබේ ප්‍රතිචාර

  1. ඇතතම ආදරේ කියන්නෙ පරිත්‍යාගයක් කියලයි මම හිතන්නෙ. ඒකට රාගය අවශ්‍ය නෑ.

    ReplyDelete
  2. ආදරය යනු රාගයෙන් තොර සඳ එලිය සේ අචින්ත්‍යයිද මොකක්ද එකක් කියනවා.. නමුත් රාගය වරදක් කියල ආදරේ කරපු කොල්ලො වැඩි පිරිසකට තමන්ගේ කෙල්ලො නැති වෙනවා මම ඇස් දෙකෙන්ම දැකලා තියනවා.... එතකොට ඒ කෙල්ලො වල් කෙල්ලොද? එහෙම නැත්නම් තමන් සොයන සතුට නොලැබුනු අසරණ කෙල්ලොද? ආදරේ පරිත්‍යාගයක් කියලා තමන්ගෙ කෙල්ල හො කොල්ලා වෙන එකෙකුට පරිත්‍යාග කරලා දුක් විඳින උන් දිහා බල බල පශ්චාත් භාගයෙන් හිනාවෙවී ගිය එකා ෆන් එකේ ඉන්නවා මම දැකලා තියනවා.. එතකොට මම දැක්කේ මායාවක්ද? නැත්නම් සැබෑ ලෝක ස්වභාවයද?

    ReplyDelete
  3. අනේ පන දාගෙන ලියපු කමෙන්ට් එක ලොග් වෙලා පබ්ලිෂ් කරන්න හදනකොට නැතිවෙලා.. අයේ ලියන්න මට බෑ..........

    ReplyDelete
  4. @ චාමිකර අයියා - ඔයාගෙ කමෙන්ට් ආවා! මං පබ්ලිෂ් කලා!!!

    @සොදුරු මිනිසා! - හම්! ඔයාගෙ අදහස ගැන සතුටුයි!

    ReplyDelete
  5. කියෙව්වෙ නෑ.. හෙට එන්නං...නිදි මතයි..ගුඩ් නයිට් කිව්ව...

    ReplyDelete
  6. ආදරය පරිත්‍යාගයක්.. මම විශ්වාස කරන හැටියට..

    ReplyDelete
  7. ආදරය රාගයෙන් වෙන් හෝ වෙනස් වෙන්නෙ අපි ආදරයට දෙන අර්ථකතනයත් එක්ක

    ReplyDelete
  8. දැන්නේ කියෙව්වෙ මාධවට ප්‍රශ්නයක් ඇති වෙලා වගේ :-))

    ReplyDelete
  9. ආදරේ ඉස්සරහා යකඩ වගේ හිත් බටර් වගේ උනුවෙනවා කියන්නේ ඇත්ත.....

    ReplyDelete
  10. ප්‍රශ්න පත්තරයක් නෙ.

    ReplyDelete
  11. මම එයාට ඇත්තටම ආදරේයී. නමුත් මට දැනුන විදියට එයා රාගික වැඩි. මම එහෙම වෙනවට අකමැතියි. අනික එයා අකමැති මම වෙන කිසිම පිරිමි ළමයෙක් එක්ක කතා කරනවාට. ඔය ප්‍රශ්න නිසා අපි අතර ගැටුම් ඇති උනා. එයාට ඉක්මනටම කෙන්ති යනවා. ඉතිං එයා මට එවෙලවට ගහනවා. ඔවා අපේ ගෙදරින් දැනගත්තම අපේ සම්බන්දෙට අකමැති උනා. මොන දේ වුනත් මං එයාට ආදරේ නිසා මං එයාගෙන් වෙන් වෙන්න අකමැති උනා. මට ඔන වුනේ අඩුම තරමින් එයා එක්ක යාළුවෙක් විදියටවත් ඉන්න. එයා ඒ දේට අකමැති. එයාට මගේ ආදරේ විශ්වාස කරන්න, තේරුම් ගන්න බැරි උනා. මම අපේ සම්බන්දෙ නවත්තන්න තිරනය කලා, එත් ඒ දේ අපි 2ටම කරන්න බැ. මාස 3 තිබ්බ අපේ සම්බන්දය නවත්තන්න බැරුව මාස 5 අපි දුක් වින්දා. මං හිතන්නේ අපි 2 ඒ තරමටම ළං වෙළා හිටියේ. එහෙම තිබ්බ අපේ සම්බන්දය හරියටම අදට අවුරුද්දකට කලිං එයාගේ ලොකු පහරදිමකින් නැවතුනා.
    එයාගේ ඒ ඉක්මන් කේන්තිය නිසා, අපි අතර ඇතී වු ගැටුම් නිසා මම කායිකව, මානසිකව කොච්චර දුක් වින්දත් මම තාමත් ආදරේ එයාට විතරමයි. එ නිසාමයි හැමදාම එයා දිහා ලේක්චස් වලදි හොරෙන් බල බලා හිතින් දස දහස් වතාවක් විදව විදව ගෙදරින් මට ගේන හැම යොජනාවකටම අකමැති වෙන්නෙ.
    මං හිතන විදියට ආත්මිය බැදිමක් තියෙන මගේ ප්‍රථම ආදරෙ, මගේ අවසාන ආදරයම වේවා!
    මගේම පෙම් කුමාරයො 100% පිවිතුරු ආදරයක්ම මට දෙන මාව ආදරයෙන්ම රෑක බලා ගන්න කෙනෙක් විදියට ආයෙ මගේ ළගට එනව නේද?

    ReplyDelete
  12. පළමු adaraya aayeth eida??

    ReplyDelete
Previous Post Next Post

Contact Form