ආයෙමත් මං දිහා බලන්න...................!!



ඉස්සර අපි ළගින් ඉන්න කොට වගේම

ඉස්සර අපි ළගින් වැඩ කරනකොට වගේම



ඉස්සර අපි එකට කෑම කනකොට වගේම

ඉස්සර අපි එකට ඇවිදිනකොට වගේම

ඉස්සර අපි එක ළග ඉදන් ඉන්නකොට වගේම

ඉස්සර මං ඔයාට පුංචි විහිලුවක් කල වෙලාවෙ වගේම

ඉස්සර ඔයාට සතුටු හිතෙන දෙයක් කිව්ව වෙලාවෙ වගේම

අන්තිම දවසේ අපි සමු අරන් යන මොහොතෙදි වගේම

ඒ හැම මොහොතකදිම

ඔය පුංචි දුඹුරු ඇස් වලින් පෙනුන

හිත පුරාම තිබ්බ ලෙංගතු කම රැගෙන

ලස්සන නෙත් අගින්

පුංචි මුව පුරා පැතිරුණු

සුන්දර මදහසත් එක්ක

ආයෙමත් පාරක්

එකම එක වතාවකට

මං දිහා බලන්න ..................!!

7 Comments

Your Comments / ඔබේ ප්‍රතිචාර

  1. ලස්සන සිතුවිල්ලක්! එක හුස්මට කියෙව්වා~

    ReplyDelete
  2. කෙල්ලෙකුගේ එක බැල්මක් ඇතිය කියනවානේ කොල්ලෙක්ව දවා අලුකරලා දාන්ඩ !.

    ReplyDelete
  3. ඒ බැල්මට අලු වෙලා යන්න මං හරිම ආසයි බං! ඒත් ඒ බැල්ම දැන් දකින්නවත් නෑ!

    ReplyDelete
  4. ලස්සන සිතුවිල්ලක්..

    ReplyDelete
  5. //ආයෙමත් මං දිහා බලන්න...................!!//

    පොඩ්ඩක් ඉන්න පුතා, කන්නාඩි කුට්ටම කොහේ තිබ්බද මතක නෑ

    ReplyDelete
Previous Post Next Post

Contact Form