තවත් පාසල් කතා.... කාඩ කතා සංගමය හා තවත් කතා.....


මගේ බයිසිකලෙට ඇල්පෙනිත්තක් තියපු එකා මොකාද දන්නෙ නෑ. මං ඊයෙ හවස මගේ කැමතිම විනෝදාංශය - බයිසිකල් පැද පැද හිටියා.
ඉස්කෝලේ ඇතුලටත් පැදගෙන ගිහින් පිට්ටනියටත් දාලා ඒකෙත් හොදට රවුම් රවුම්, ලොකූ අටවල් ඇදලා ආපහු  චම්පිකා අක්කගෙ කඩේ පැත්තෙන් ඒකෙ ඉන්න කෙල්ලට සීන් (අපේ ප්‍රශාට නෙමෙයි) පාරක් දාගෙන ආපහු ගෙදර එනකොට තමයි දැක්කේ මෙච්චර වෙලා පාරෙ ඇවිත් තියෙන්නෙ රිම් එකෙන් කියලා. හුලං යෑමේ  සිදුවීම පිළිබදව පශ්චාත් පරීක්ෂණයකින් පසුව හිස ලොකු අල්පෙනිත්තක් ඇනී ඉදිරිපස රෝදයේ හුලං ගිය බව සොයා ගත් අතර ඒ අල්පෙනිත්ත ගලවා ඉවත් කල පසු පයින් නිවාසය කරා පැමිණීමට මාධවට සිදු වී ඇත. (මහා බයිසිකල් රාජයා කර මතින් තබාගෙන). ඊට අමතරව ඒ අල්පෙනිත්ත පාරේ හෝ පාසල තුල දාලා ආව එකාගේ ***ට හා මුලු පරම්පරාවටම කිඹුහුම් කෝටියක් යන පද වැලක් දෙකක් පඹැදීමටද මාධව අමතක කලේ නැත( දන්නා හොදම වචන භාවිතා කල බව සතුටින් සිහිපත් කරමි).........

- - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - -

ඉතිං මං මේක පටන් ගන්නම් අපි එකොලහ ශ්‍රේණියේ ඉන්නකොට කරපු වැඩකින්ම....

මම එකොලහේදි අතිරේක විෂයට කලේ සිංහල සාහිත්‍ය. අපිට සිංහල සාහිත්‍ය ඉගැන්නුවේ කෝසලා කියලා මැඩම් කෙනෙක්. කෝසලා  මැඩම් අපිට සිංහල සාහිත්‍ය අප්පිරියා නොවෙන්න ඉගැන්නුවා. ඇත්තටම මාස 6ක් වැනි කෙටි කාලයක් තමයි මැඩම් අපිට ඉගැන්නුවේ. කෝසලා මැඩම් ඉන්න තැන සිනා සාගරේ. ඉතිං මේකයි කතාව. මේක මැඩම්ට අදාල නෑ. අපිට සිංහල සාහිත්‍ය විෂයය නිර්දේශයේ බැද්දේගම නව කතාව ගැන ඉගෙන ගන්න තියනවා. ඒත් ඉතිං හැමෝම ළග මේ පොත හොයා ගන්නත් නෑ. ඒත් හැමෝටම මේක අවශ්‍යයි. මං කිව්වනේ අපි මැඩම්ගෙන් ඉගෙන ගත්තේ අපේ සා-පෙ අන්තිම මාස 6 තුල කියලා. අපිට සිංහල සාහිත්‍ය  උගන්වන්න කෙනෙක් නැතුව ඉන්නකොට ඉදලා ඉදලා තමයි මේ කෝසලා මැඩම්ව දැම්මේත්. ඉතිං පොත් හොය හොය කාලේ කන්න විදියකුත් නෑ. ඒ නිසා මැඩම්ම තීරණය කලා බැද්දේගම චිත්‍රපටිය බලලා හරි ඒ ගැන ටිකක් ඉගෙන ගමු කියලා.

ඉතිං අපි කස්ටියම, එකොලහ ඊ පන්තියේ සිංහල සාහිත්‍ය කරන කට්ටියම ගියා අපේ ස්කෝලෙ මීඩියා යුනිට් එකට. අමිලයා, චමුදිතයා, මනෝජ් පප්පා එහෙම කලේ ඉංග්‍රීසි සාහිත්‍ය. ඒක කරන්න අමිලයටනම් හේතු තිබුනා. ඌ ඉතිං කඩ්ඩ ස්ටපෂලිස්ට් නේ. ඊට අමතරව තව එක හේතුවක් තිබුනා කියලා මං හිතනවා. හරි හරි. අතුරු කතා ඕනි නෑ. ඉතිං මේ කියන කාලේ අපිට කම්පියුටර්ස්, ප්‍රොජෙක්ටර්ස් එහෙම නෑ. අපේ මීඩියා එකේ තිබුනේ ලොකු අගල් 21 නැෂනල් ටීවී එකක් හා වීසීඩී වැඩ කරන (ඒ කාලේ මාධ්‍යය ඉතිං වීසීඩී නැත්තන් ඩෙක් පීස් විතරයිනේ) පොඩි සෙටප් එකක්, ඈම්ප් එකක්, ඩෙක් එකක් හා බෆල් ටිකක් විතරයි.

ඉතිං අපි බැද්දේගම වීසීඩී එකත් අරන් ගිහින් දැන් දාලා බලනවා. ම්ම්! කතාව ගොඩක් ලස්සනයි. ඒ කාලේ තියන කටුක පරිසරය ගැන කතුවරයා මෙහෙම විස්තර කරලා තියනවා... අරවා මේවා බ්ලා බ්ලා ගැන දැන් මැඩම් ෆිල්ම් එක අතරතුර විස්තර කරනවා. ඔන්න දැන් ආවා ෆිල්ම් එකේ තියන හොදම කෑල්ලට(නරඹන්නන් වන මාධව ඇතුලු කොල්ලන්ට පමණයි). ඒ කියන්නෙ බබුන් කෙල්ලව අරන් කැලේ වදින සීන් එක හා ඇය සමග  (වන වදුලේ) මධු සමය ගත කරන සීන් එකට. අපිට ඒ කාලේ ඕවා මැජික් වගේ නිසයි මං කිව්වේ හොදම සීන් එක කියලා. ඉතිං දැන් අපි කටවල් ඇරන් බලන් ඉන්නවා. ඔන්න ටී වී එකේ බබුන් කෙල්ලව කිස් කරනවා. කෙල්ල කෑ ගහනවා. කෙදිරි ගානවා. ෆිල්ම් එකේ අපි බලනවා. ඒ අතර අපිට පේනවා කෙල්ලෝ එකා දෙන්නා බිම බලා ගන්නවයි, වටපිට බලනවයි,( ඇයි දෙයියනේ උන් කවදාවත් මධු සමයට නොයන එවුන් වගේ. සමහර විට කැලේක මධු සමය ගත කරන   නිසා අවුල් වෙන්න ඇති. උන්ටත් එහෙම යන්න වේවි කියලා බයට වෙන්න ඇති...... ) එක එක සමයං. ඒත් මැඩම්ලා නම් ගින්නක් නෑ බලනවා. අපිටත් ඉතිං චූන්. අපි කෑ ගගහා බලද්දි මං නිකමට පිටි පස්සේ පේලියේ ඉදං ඉන්න එවුන් දිහා බැලුවා. මෙන්න බොලේ වැඩක්...

ඉංග්‍රීසි සාහිත්‍ය කරන අමිලයා අද සිංහල සාහිත්‍ය කරන්න ඇවිත්. මූට ආරංචි වෙලා  මූත්  ඇවිත් වෙලාවටම.. ඒ කියන්නෙ බබුන් කෙල්ලව අරන් කැලේ පනිනකොටම අපේ ටොමියත් ඉංග්‍රීසි සාහිත්‍ය පන්තියෙන් කැලේ පැනලා......



- - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - -

මේක අපි 8 ඉන්නකොට වෙච්ච දෙයක් වගේ මතක මට. අපිට අටේදි  සෞඛ්‍ය කරන්න ආවේ නිශාන්ත කියලා සර් කෙනෙක්. මං සාපෙ විද්‍යාව ගොඩ දාගත්තේ නිශාන්ත සර් නිසා කියලා නම් අනිවාම කියන්න ඕනි. මං විතරක් නෙමෙයි, දිමුතුවා ඇතුලු සෙට් එකක්ම...

ඉතිං අපිට ප්‍රථම වරට ප්‍රජනනය ගැන (අපිට මැජික්) පාඩමක් තිබ්බ දවසේ තමයි මේක උනේ. ඉති සර් පාඩම ටිකක් විස්තර කරලා අපෙන් ඇහුවා මෙහෙම..

දැන් ලොකු අය වගේ නෙමෙයි පුංචි ළමයෙක්, අලුතම ඉපදුන ළමයෙක්ව පෙන්නුවම එයා කෙල්ලෙක්ද කොල්ලෙක්ද කියලා අදුන ගන්නෙ කොහොමද?

............................ ම්ම්ම්ම්ම්ම්ම්........................ මීක් නෑ .........................

නොදන්නා කමට නෙමෙයි හැදිච්ච කමට කට පියාන ඉන්නවා කියලා හිතලා වෙන්නැති හැමෝම නිහඩ වෙලා.. (රෙද්දෙ හැදිච්ච කම, අපි කොල්ලො නම් ඒ වෙද්දිත්  අතිරේක දැනුමෙන් පෝෂණය වෙලා හිටිය බව ප්‍රසිද්ධ රහසක්නේ....)

සර් දැන් එක එකාගෙන් අහන්න වගේ ඉන්නකොටම කවුදෝ එකෙක් කිව්වා " ඒ ළමයගේ අම්මලගෙන් අහනවා  " කියලා....

සර් කිව්වා " එහෙම බෑ එහෙම බෑ  වෙන විදියක් "

ආයෙත් ............................ ම්ම්ම්ම්ම්ම්ම්........................ මීක් නෑ .........................

ඉතිං සර් එක පාරටම කිව්වා

" ජංගිය පාත් කරලා බලන්නයි තියෙන්නෙ ඕයි ......... "

අපිට මැරෙන්න හිනා. මුලු පන්තියම හිනා එකයි..........

ඒත් සර් එහෙම කිව්ව එකෙන් අනික් කස්ටිය කෙසේ වෙතත් මං නම් දෙයක් ඉගෙන ගත්තා. ඒ තමයි ලිංගිකත්වය ගැන කතා කරන්න ලැජ්ජා වෙන්න ඕනි දෙයක් නොවන බව. (ඒත් ඉතිං ඒ මාතෘකාව තාම ලංකාවේ පුද්ගලිකයි රහසිගතයි තත්වයකනේ තියෙන්නේ. )

- - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - -





එකොලහ ඊ පන්තියේ විහිලු කාඩ කතා සංගමය ගැන නම් කියන්නම ඕනි. මමත් ඒකේ සාඩම්බර කාර සාමාජිකයෙක්.  ඇත්තටම එතන අපි කියලු එකම එක කතාවත්වත් මේ බ්ලොග් එකේ දාන්නවත් , කිසිම කෙල්ලෙක්ට කියන්නවත් බෑ. ඒ තරම් පට්ට ආතල් කතා එතන හුවමාරු උනා. වැඩියෙන්ම හිටියේ ඇම්ඩා කියන එක අහන්නත් දෙයක් යෑ!! ප්‍රසන්න (සාපේක්ෂ ප්‍ර‍වේගයෙන් ස්කෝලෙන් කලින් පනින එකා), චින්තක, මම, ගලා, සුධීර ඇතුලු චිත්‍ර කරපු සෙට් එකෙන් ආරම්භ උන මේ ඊ පන්තියේ විහිලු කාඩ කතා සංගමය අන්තිමට  ඊ පන්තියේ අනික් එවුන් අතරෙත් ජනප්‍රිය උනා. අන්තිමට වැඩ නැති වෙලාවට කාලයක්ම කට්ටියගේ වැඩේ උනේ පට්ට විහිලු කාඩ කතා  කිය කිය ඉන්න එක. ඒත් අන්තිමට ඒකේ කියන්න කතා නැති නිසාම ඒ සංගමය අභාවයට ගියා. ඒත් එතන සිදු වෙච්ච කතා නම් තාම මතකයි.

- - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - -

අද පෝස්ට් එක මෙතනින් නවත්තන්නම්කෝ. ඉක්මණටම තවත් පාසල් කතා ටිකක් එක්ක හමුවෙමු.. සුභ දවසක් හැමෝටම....

Your Comments / ඔබේ ප්‍රතිචාර

Previous Post Next Post

Contact Form