පාසල් කතා තව ටිකක්! ඔන්න එහෙනම්! කියවලා බලන්න!





ඔන්න මං මගේ බ්ලොග් එකට ලස්සන පෙනුමට තියන ටෙම්ප්ලේට් එකක් එහෙම දාලා ටිකක් මොඩ් කලා.
මං ස්තූති වන්ත වෙනවා මගේ පරණ බ්ලොග් ටෙම්ප්ලේට් එකට. මෙච්චර කල් මගේ බ්ලොග් එක ලස්සන කරලා දුන්නට. මං ඒ ටෙම්ප්ලේට් එක මාරු කලේ ඒකේ තිබ්බ අවලස්සනක් නිසා නෙමෙයි. ඒ ටෙම්ප්ලේට් එකේ පොඩි ඉඩ මදි ගතියක්, ඒ වගේම සමහර ඔප්ශන්ෂ් වලදි පොඩි ගැටලු තත්වයත් ඇති වුන නිසා. ම්ම් අලුත් පෙනුම හිතට අල්ලන එකක් කියලා මට නම් හිතෙනවා. ඔයාල -  කියවන ඔයාල ඒ ගැන මොකක්ද හිතන්නෙ.......?

ඉතිං මං අද මේ පැත්තෙ ආවේ ඊයේ රෑ මට මත්ක් උන ඉස්කෝලේ සිද්ධි ට්කක් දාන්න හිතුන නිසයි. මේ ලියන දවසට කලින්දා රෑ මට නින්ද ගියේ නැති නිසා ( ඒකට හේතුව වෙන  කිසිම දෙයක් නෙමෙයි, නිදිමත නැති කම......) මං ඔහේ ඇදට වෙලා කල්පනා කර කර ඉන්නකොට මට මතක් උනා අපි ඉස්කෝලේ කාලේ කරපු තවත් අංඩපාල වැඩ ටිකක්!.සිද්ද වෙච්ච ලස්සන ආතල් වැඩ ටිකක්!.. මට මේවා කලින් දාන්න හිතුනත් කුණුහරුප කේස් කියලා අවුල් හිතුන. ඒත් ඇත්ත කතා නිසා ගනන් ගන්න එපා. අපි කාටත් මේ වගේ අත්දැකීම් තියනවානේ. ආයේ ඉතිං ඒ ගැන හංගන්න ඕනි නෑ. ඔහෙනම් මේන්න කතා ටික. කියවලා, හිනා යනවනම් හිනා වෙන්නකෝ...

ඔන්න අපි උසස් පෙල ක්ලාස් වල ඉන්නකොට වෙච්ච සිද්ධි ටිකක් මේ කියන්නෙ. අපේ අමිල, බුද්ධි, ප්‍රශා එහෙම හිටියේ කොමර්ස් ක්ලාස් එකේ. ආ තව අර්ජුන, එතකොට අලිය, අදිත, ගලා (වවුල් ගලා) , ජානක, පැතුම් එහෙමත් හිටියේ කොමර්ස් ක්ලාස් එකේ. මුං ඒකේ එකවුන්ට් මැඩම්ට එහෙම දුන්න වද ගැන ලියන්න බෑ. ඒ තරම් ආදරෙන් හිටියේ උං ටික මැඩම්ලට. ඒ මැඩම්ලා අපේ පවුල් ජීවිත වලට අත දාපු හැටි ගැන මං ඉස්සරහට ලියන්නම්කෝ...

මම, ශිවා, රුක්ෂාන් ඇතුලු අපි මැත්ස් ක්ලාස් එකේ (ඒකේ මමයි සුජීවයි ඇරෙන්න අනික් කොල්ලො සේරම කැම්පස් ගිය බව කියන්නෙ ආඩම්බරෙන්.....). මාත් එක්ක අපි 11 ඊ ක්ලාස් එකේ ඉදපු අනික් කට්ටිය, ප්‍රසන්න, රණා, දිමුතු (අලබාමා) , එකතොට අර බලධාරිය නම කපපු කෙල්ල, පොලා, නිෂාර, ලලිත් එහෙම බයෝ ක්ලාස් එකට වැටුනා. ඉතිං ඔහොම අපි බෙදිලා පංති වලට වැටුනට ඉස්සර යාලුකම් එහෙම්මයි. ඉතිං මං දැං කතා ටික පටන් ගන්නම්!

ඉතිං මෙන්න රණා එහෙම කරපු මගඩි කමක් ඉස්සෙල්ලම කියන්නම්. ඔන්න රණයි, ප්‍රසන්නයයි. අමිතයයි, -  නාවලපිටියේ සෙට් එකේ 3දෙනා ඉස්සර ස්කෝලෙ එන්නේ 8.30ට. කොහොම හරි කමාන්ඩෝ ගේම් ගහලා 3දෙනා ඇතුලේ ඉන්නවා. ඔන්න උදේ 8.50ට නම් ලකුණු කරලා ඉවර උන ගමන් මුං 3නා නෑ. ස්කෝලෙත් නෑ. ලොවෙත් නෑ. අර කමාන්ඩෝ ගේමම ගහලා කලින් අවුට්!

ආතල් කේස් එක වෙන්නෙ මේකයි. පොලීසිය කලින් පනින එවුන් ගැන හොයනවනේ! ඉතිං පොලිස් ජීප් එක ඉස්කෝලෙ පැත්තට එනකොට මුංගෙ ඉස්සරහට හම්බුනොත් මුං තුං දෙනත් පොලිස් ජීප් එක යන  පැත්තටම ටක් ගාලා හැරිලා භෞතික විද්‍යාවේ එන සාපේක්ෂ ප්‍රෙව්ගයේ මූලධර්ම පිළිපදිනවා. දැං පොලීසියේ එවුන්ට ජීප් එකේ ඉදං බැලුවම පේන්නෙ මේ පරක්කු වෙලා ස්කෝලෙ එන එවුං ටිකක් වගේ! ඉතිං පොලීසිය උංව අල්ලන්නෙ නෑනේ. මොකද ප්‍රින්සිපල් උංට බේත් දෙනව කියලා දන්නවනේ. ඒත් ඇත්තටම පයිං පාරේ යන එකාට පේනවා මුං ඉස්කෝලෙන් කලින් පැනපු හොර ගෙඩියෝ ටිකක් කියලා. මොකද මුං යන්නෙ ජීප් එක යන පැත්තටම හැරිලා රිවස් එකට. ඒත් මුංට සාපේක්ෂව ජීප් එකේ ප්‍රෙව්ගය වැඩි නිසා ජීප් එකේ එවුන්ට පේන්නෙ මු ඉස්කෝලේ දිහාට යනවා වගේ. ඕක අපිට කිව්වෙ ප්‍රසන්නයමයි..

මේකත් ඔය කාලෙම උන වැඩක්. හැබැයි ඉස්කෝලෙ අපිට උ/පෙ පටන් ගත්ත මුලදි වගේ. ඉස්සර අපි මැත්ස් එකේ කට්ටිය මුල පීරියඩ් ටික ඉදලා හවස කලින් පනිනවා. ඔක කාලයක් කරගෙන ගියා. ඒත් මං කිව්ව අර නව ප්‍රින්සිපල් ආවට පස්සෙ වැඩේ දෙල්. හැමෝම නිවුස් එක දෙනවා සර්ට. ඉතිං අපි මාට්ටු වෙන්න ගිහින් කීප සැරයක්ම 99න් බේරිලා තියනවා. අන්තිමට අපි වැඩේ අතෑරලා දැම්මා. නිකං ඉල්ලං කන්න බෑනේ..

ඔන්න ඔහොම දවසක් මං පනින්න කියලා කැන්ටිම ලගින් යද්දිම මෙන්න ඈතිං එනවා. අතේ තියනවා වේවැල් කසාය 2ක් එකට හින්දලා( වේවැල් දෙකක් එකට කර බැද ගත්). දැන් මට බයෝ එකට රිංගන්න බෑ. ඒකේ ප්‍රියානි මැඩම්. හොස්තල් එක පැත්තට දුවන්න ගියොත් බඩු මාට්ටු. කැන්ටිමත් වහලා. මාත් එක්ක ජයනාතයත් හිටිය වගේ මතකයි. එකම එක විසදුමයි තියෙන්නෙ. අපි දෙන්නා රිංගුවා පැතුම්ලා ඉදපු කොමර්ස් බී ක්ලාස් එකට. ඒ කරලා පාඩුවේ හිටියා. ඒ අස්සෙ අදිතයා එහෙම කෑ ගහනවා ඇයි ජයනාත්, මාධව උඹලා කොමර්ස් එකේ කියලා... නූලෙන් බේරුනා. ඊට පස්සේ අපි ආයේ කලින් පැන්න දවසක් මං නම් මතක නෑ....

---------------------------------------------------------------------------------------------

මේක අපි 9 ඉන්නකොට වෙච්ච සීන් එකක්... නමයේදි මං හිටියේ දිමුතු (අලබාමා) සහ නිෂාර එක්ක එක පොලිමේ. ඉතිං 9 කියන්නෙ අපි පුංචි කාලෙනේ. සර්ලට, මැඩම්ලට නම් එහෙම දාගෙන අපි ඔහේ මල් වගේ හිටියේ. ඉතිං ඔය කියන කාලේ අපි කුණුහරුප ...... ෂූ........ ෂූ............ දන්නෙ එහෙම  නෑ. ඇත්තමයි. ඉතිං ඔහොම ඉදපු මට දවසක් වාසනා මහිමයක් ලැබුනා ඔය කියන සුන්දර වාග් මාලාවක් රස විදින්න. මෙන්න මේකයි උනේ......

මොකක් හරි කේස් එකකට අපේ දිමුතුවට ජානකයා පොර ටෝක් එකක් දුන්නා. මං දැං මැද ඉදගෙන ඉන්නවා. නිෂාරත් මං ලග. දිම්මා දැං අහනවා ජානවකයගෙං ....

ඇයි තෝ ගේමද?
ජානක -  ඇයි තෝ මොකද යකෝ කියන්නෙ?
දිම්මා - ඇයි ප*යො? (ෂා මරු මමයි නිෂාරයයි බඩ අල්ලං හිනා)
ජානක - මොකද හු** ?
දිම්මා - ඇයි හු** තෝ මොකද කියන්නෙ ප**?
................ .....................
....................
.............
.......
.....
..
ලස්සන වචන හුවමාරු වෙනවා. ඉතිං.හොද ළමයි දෙන්නෙක් විදියට මමයි නිෂාරයයි හිනා වෙවී මේ නව වචන අපි දෙන්නගේ ශබ්ද කෝෂයට එකතු කර ගත්තා...

ඒහෙම බැන ගත්තත් උං දෙන්නා කෙල ගත්තෙ නෑ වෙලාවට..............

-----------------------------------------------------------------------------------------------

මේකත් නමයෙදි වෙච්ච කේස් එකක්! ඔන්න හරියට ගේම් (වලි - ගුටිකෙලි) යනවනේ මේ කාලේ. කිසිම කතාවක් නෑ. අපිට ඉතිං  ලග පාත වෙන ස්කෝල නෑනේ ගහගන්න, තුලිත සර් කිව්ව වගේ. ඉතිං අපි කරන්නෙ ස්කෝලෙ අස්සෙම පංති පංති, ශ්‍රේණි ශ්‍රේණි අතර තමයි ගේම් යන්නෙ. හුගක් වෙලාවට අපි ගහන්නේ අපිට වඩා අවුරුද්දක් බාල එවුන්ට.!

ඉතිං ඔහොම දවසක් 8 ඉදපු වීභුත කියලා පොරක් අපේ 9 ඉදපු සම්පත් කියලා උගේ සයිස් එකෙක්ගෙන්ම ගේමක් ඉල්ලලා. මු දෙන්නම එකම ගමේ. ඉතිං මට දැන්නම් හිතන්නෙ මුං ගමේ ගේමක් තමයි මේ ස්කෝලෙදි ඇද ගත්තේ කියලා. කොහොම උනත් දැං ගේම. ඉතිං අපි 9 ශ්‍රේණියම ගියා 8 ශ්‍රේණිය ආක්‍රමණය කරන්න (අපේ ක්ලාස් එකේ එවුන් ගියේ අලියවයි, රමේෂයවයි ඉස්සරහින් තියාන,..තව පැතුමයත්).

දැන් ගේම පටන් ගත්තා. මු දෙන්නා මරා ගන්නවා. එකෙක් මැරෙන ගානට ගේම. දැං ඔක්කොම බලන් ඉන්නවා. හුරේ දානවා. එකම යුද්දයක් එතන. ඕක උනේ අපේ ස්කෝලේ උඩහම පැත්තේ. ඒ කියන්නේ ඔෆිස් එකේ ඉදන් පට්ට දුර. අපි 9 එව්න් ඒ වගේම දුරක් ඉස්කෝලේ පහල පැත්තේ!මල් පැල ඇතුලේ වැටි වැටී උං මරා ගන්නකොටම ඒ පැත්තේ ආවා කරන්නාගොඩ සර්. මූ හෙන වසයි. ඇත්තටම කොල්ලෝ බය උනා. කට්ටිය කදුලු ගෑස් කාලා වගේ දුවනවා. මාත් එහෙං මෙහෙං දාලා (දැං නම් මතකත් නෑ කොහෙන්ද දිව්වේ, කොහොමද දිව්වේ කියලා) ක්ලාස් එකට පැන ගත්තා. විනාඩි 5ක් ගියේ නෑ නියෝගය ආවා. සේරම ප්‍රධාන කාර්යාලයට..........

දැං කරන්නාගොඩ සර් නඩුව අහනවා. විභූතයා එක එකා පෙන්නනවා මූ ආව, මූ ආව කිය කිය. සර් උංට අමතලා ඉස්සරහට ගන්නවා.. දැං කොහොම හරි එතන 8 , 9 දෙකේම 50ක් 60ක් ඉන්න ඇති.සර් ඒ කරලා ඉතිරි එවුන්ට යන්න කිව්වා පංති වලට. ඉතිං අපේ එවුං ගුටි කාලා දැං ආපහු එනවා. මරු. ගුටි කාපු හැම එකාගෙම පිටේ ලේ පාරවල් මතු වෙන්න වේ වැල් කසාය ෂොට් වැදිලා තිබ්බා. මේකේ නියම වැඩේ උනේ මේකයි. හැම ක්ලාස් එකකම එවුන් මාට්ටු උනාට අපේ ක්ලාස් එකේ (9 ඊ ) එකෙක්ගෙවත් නම් කිව්වෙ නෑ විභූතයා. ඒක මට තාම හෙන ප්‍රශ්නයක්. ඇත්තටම ඌ ඇයි අපේ එවුන් එකෙක්ගෙ නමක් කිව්වෙ නැත්තෙ? නම දන්නැත්තං ඇගිල්ල දික් කරලා පෙන්නන්න තිබ්බා ‍සී ක්ලාස් එකේ මේනකයව පෙන්නුවා වගේ....!

ඒ අස්සේ මට මතක් වෙනවා අපේ පැතුමයා අලියට මුවා වෙලා බිම වාඩි වෙලා සර්ගෙන් හැංගිලා හිටිය විදිය! ඇත්තම කිව්වොත් අපේ එවුන් බේරුනේ මාරම මාර බේරිල්ලක් එදා.....

ඉතිං අද පෝස්ට් එක ටිකක් දිග වැඩි උනා නේ? එහෙනම් අනික් කතා ටික වෙන එකකින් දාන්නම්කෝ. හැමෝටම සුභ දවසක්!

Your Comments / ඔබේ ප්‍රතිචාර

Previous Post Next Post

Contact Form