මෙන්න තවත් කතා! පාසල් කතා! සමග ටෙක් කතා!



ඉස්සෙල්ලම ටෙක් කතා!


අද මාධවයිලේනයි ටෙක් ගියා! ම්ම්ම්ම්ම්! අර මාධව කලින් කිව්ව වැඩේ කරලා තියෙන්නෙ නයිටා එකේ ප්‍රොජෙක්ට්ස් කරන්න ආපු එවුන් දෙන්නෙක්නෙ! මාධව අදයි දන්නෙ ඒක! උන් ටොරන්ට් එහෙම නවත්තලා බුවාල වගේ වැඩක් දීලා ගිහින්!

උන් ටික මාධවලාගේ ටෙක් එකේ එහෙම නටන්නෙ කොහොමද කියලා කට්ටිය අද කථා උනා! සුපුනුයි! මාධවයි මලිත‍් ඇතුලු කට්ටිය!

ඒකට  ඉක්මණට වැඩක් දෙන්න ඕනි! ඒක කරලා ඒ ගැනත් මේකෙ දාන්න මාධවලා බලාපොරොත්තු වෙනවා

අද මාධවයි ලේනයි සී ටී බී බස් එකකට නැගලා යනවා! ඒකෙම සුදු කපල් එකක්! (ජෝඩුවක්) යනවා! ලස්සන කෙල්ලෙක් සහ කඩවසම් කොල්ලෙක්!

මාධව මේ කියන්න යන්නෙ මේ සුදු පොර කරපු මරු වැඩක් ගැන! ඇත්තටම ඒක මාර සීන් එක! මාධවටයි ලේනටයි හිනා යන්නත් එනවා!

මේකයි සීන් එක!

දැන් කවුරු හරි බස් එකේ සීට් එකක් පරිත්‍යාග කරනවා දැක්කම මේ පොරත් ළග ඉන්න කාට හරි නැගිටලා සීට් එක දෙනවා! මාර කේස් එක!! පොරට පින් ගොඩයි! අන්තිමට මගදි නැග්ගා ළමයෙක් වඩාගෙන අක්ක කෙනෙක්! ඒ අක්කට මාධවලා  දන්න අයියා කෙනෙක් සීට් එක දුන්නා!

මෙන්න ඒ පාර සුදු පොර නැගිටලා අර අක්කගෙ අම්මට සීට් එක දුන්නනේ! මාර කේස් එක! මාධවත් ලේනත්  දෙන්නම කතා උනේ ඒ සුදු පොර කරපු වැඩේ එළ! හොද වැඩක්! ඒත් ඇයි මූ දකින දකින එකාට සීට් එක දෙන්නේ කියන එකයි?????

කොහොම හරි මාධවලා  පේරදෙණියෙන් බහිනකොට  මූ 6, 7 වතාවක්වත් ආසන පරිත්‍යාග ශීලී වෙන්න ඇති! ම්ම්ම්ම්ම්ම්ම්!

-------------------------------------------------------


මෙන්න තව ස්කෝලේ කතා!

මාධව කලින් කිව්වනේ වවුල් කතාව! අදත් ඒ වගේ ටිකක් තමයි කියන්න යන්නෙ! පන්ති කට් කරපු වැඩකුත් තියනවා!! මේවා මාර ආතල් කේස්!

පලවෙනි එක ඉලෙක්ට්‍රොනික් වලට ගියාම කරපු වැඩක්!

මාධවලා සාමාන්‍ය පෙළ තාක්ෂණ විෂයට කලේ ඉලෙක්ට්‍රොනික විද්‍යාව! ඒක මාධව ආසම පැත්තක්! ම්ම්ම්ම්! මේක කරන්න මාධව එක්ක මාධවට හුටා කිව්ව ගලා, සුධීරයා, ලලිත් ඇතුලු මාධවලෑ "ඊ" පංතියෙන් හිටියෙ 4යි! අනික් ක්ලාස් එකෙන් හිටියා 10ක් විතර!

මේ ඉලෙක්ට්‍රොනික් කරන සර් පට්ට සැරයි! පොරට එච්චර වයස නෑ! ඒත් මූ මාධවලාට තඩි බාන්නෙ ගිනි සීරියා පොලු වලින්!

දැන් ඔය ගුටි කෑම කරන්න බැරි නිසා ගලයි, සුධීරයයි එක දවසක් පංති කට් කලා! ඒත් වෙලාවට සර් දැකලා තියනවා මුං දෙන්නා උදේ ස්කෝලෙට ආව විත්තිය! මාධවලාගෙන් ඇහුවම නෑ කියන්න කලින්ම පොර වෝනිං එක දුන්නා! ඉතින් මාධවයි ලලිතුයි සයිලන්ට්!

ඉතින් සර් කිසි කතාවක් නෑ කඩා ගත්තා වැටෙන් පොල්ලක්! අන්තිමට සර් කාරයා උන් දෙන්නව එක්කන් එන්නම් කියලා ගියා! ගිහින් ටිකකින් හති ඇරගෙන එනවා " පැන්නනෙ! " කියාගෙන!

ඒත් පුදුමෙ කියන්නෙ ඊළග සතියෙ අරුන් දෙන්නා ඉලෙක්ට්‍රොනික් වලට ආවම මූණටම ඇහුවනේ  " එදා පැන්නනෙ! " කියලා! ඒත් එදා උං දෙන්නගෙ හොද දවසක්ද කොහෙද! ගැහුවෙ නෑ

-------------------------------------------------------

නෙආයෙ තව දවසක්, මේක උනේ මාධවලා ඉ‍ලෙක්ට්‍රොනික් වලට ගිය මුල් සතියෙමයි!! මාධවලාටට එදා කලේ ප්‍රතිරෝධය හා ධාරාව අතර සම්බන්ධය, ඕම් නියමය වගේ මූලික කරුණු ටිකක්! V= IR මතකයි නෙව
 
ඒ අස්සෙ අරුන් දෙන්නා -  ගලයි සුධීරයයි කිසි ගානක් නැතුව උන්ගේ වැඩක්! හිකි  හිකි  ගානවා! එක එක පිස්සු! සර් ඕක දැක්කා නොදැක්කා වගේ හිටියා!

දැන් පාඩම ඉවර වෙලා සර් එක එකාගෙන් ප්‍රශ්න අහනවා!!

එක පාරටම ගලාගෙන් ඇහුවා " ධාරාව හා ප්‍රතිරෝධය අතර ප්‍රස්තාරය ගැන කියන්න  " කියලා!

දැන් මූ ඇඹරි ඇඹරි ඉන්නවා! මූ කිසි දෙයක් අහ ගත්තෙත් නෑ කියලා ඔක්කොම දන්නවනේ! ඒ අස්සෙ සුධීරයා රත් වෙලා! ඇයි ඌ දන්නවා ඊළග ප්‍රශ්නෙ හම්බෙන්නෙ ඌට තමයි කියලා!!

මෙන්න එක පාරට ගලා කියපි " තේරුණේ නෑ සර්  "  කියලා!

එතකොට සර් කියනවා ආදරෙන් " කෝ එන්න පුතා පොතත් අරන් මං කියලා දෙන්න "

අපේ පොර බුවා වගේ පොතත් අරන් ළගට ගියා විතරයි!

" චටා..........ස් "

සර් ගලාගෙ කන අත ගෑවා!  ගලා ක්ලාස් එකෙන් එළියෙ!
සුධීරයගෙ වෙලාව‍ට පීරියඩ් එක ඉවර උනා! නැත්තන් උගෙ දත් ටික අතේ අරන් තමයි එන්න වෙන්නෙ!

ඒකත් හරි! කතාවෙ මරුම ටික මේකයි!

මාධවලාගේ ක්ලාස් එකේ ඉදන් මීටර 50ක් විතර එහා තිබ්බ මෝටර් කාර්මික එකේ ඉන්න රණා ඇවිත්  අහනවා "ඇයි බන් හෙන හයියෙන් උඹලගෙ ක්ලාස් එකේ ෆියුස් ගියේ කියල!!!!!"



මාධවලාට මැරෙනකල් හිනා! ගලා කන අත ගගා ගෙදර ගියා!

4 Comments

Your Comments / ඔබේ ප්‍රතිචාර

  1. පට්ට ෆියුස් එක. ඒක කියලම කිසි අවුලක් නැතිව කට්ටියගෙන් බේරෙන්න පුළුවන්. 10දෙනා විතරඉනෙ දන්නෙ සිද්ධිය. :D

    ReplyDelete
  2. සර්ගෙ නම අන්තිමට කෝන් කෑල්ලක් තියෙනවද ?

    ReplyDelete
  3. මාරු . . . ! සර් ගැනනම් දන්න කවුරුත් ක්ලාස් එකේ පිස්සු කෙලින්නෑ . . . ලස්සන වාග් මාලාවකින් ආමන්ත්‍රණය කරනවනේ . . . :D

    ReplyDelete
Previous Post Next Post

Contact Form