ම්ම් ගොඩ කාලෙකින්! ආයුබෝවන්!

මාධවට පිස්සු වගේ!



මාධවගේ project වැඩ නිසා මාව ගොඩක් හිරවෙලා! ඒ අස්සේ බ්ලොග් ලියන්න හිතුනත් වෙලා තිබ්බේ නෑ

ගොඩ කාලෙකින් ආපහු මේ පැත්තේ ආපු නිසා හැමෝටම ආයුබෝවන් කියලා ඉන්නම්!

මාධවට  අද ලියන්න හිතුනේ විකාර වගේ උනත් නොකියම බැරි දේවල් ටිකක්!

මැච් 1 පැරදි! කමක් නෑ ඒත් ලංකාවේ කට්ටියගේ fielding වල ගොඩ වැරදි තිබ්බා! ඒ වැරදි  අඩු උනා නම් අනිවාම මැච් 1 ලංකාව දිනනවා! ඒක 2ක් නෑ !! මාලිංග ගලෝපු කනු 2 & මහේලගේ 100ත් අහක ගියා! කමක් නෑ ගිය දේ ගියා!

මුරලි අපිට ගොඩක් වටින කෙනෙක්! ඇත්තටම ඉස්සරහට මුරලි වගේ කෙනෙක් ගැන හිතන්න බෑ අජන්තල රන්දිව්ල හිටියට එයාලට මුරලි කෙනෙක් වෙන්න බෑ එයාලට එයාලගෙම කියලා දෙයක් හදා ගන්න වේවි

මුරලි! ඔබ ගැන ලංකාවම ආඩම්බරයි! ගොඩක්!

මුරලි! ඔබ  නියම මහත්මයෙක්!

 :) 



_____________________________________________________________

මේක වෙනම කථාවක්!

ආදරය!

මාධව  හිතනවා!
ආදරය සමහර ජීවිත වනසනවා!  ආදරය සමහර ජීවිත ලස්සන කරනවා!

ඒක ලැබීම වෙන්නැති!

ඒ මොන දේ උනත්!
ජීවිතය නාස්ති කර ගන්නවට වඩා කරන්න දේවල් ගොඩයි!

මේ කියන්න යන දේ මාධවට ගොඩක් දැනුන දෙයක්!

මාධව දන්න කෙනෙක් ආදරේ නිසා ජීවිතය නැති කරගන්න හැදුවා!
හේතුවට කිව්වේ එයාට මේ ජිවිතය ගොඩක් දුකක් කියලයි ඒ නිසයි එයා ඒ වගේ තීරණයකට යන්න හැදුවේ!

එයා ඒ තීරණේ ගත්ත නම්!

එයා යන්න යාවි! කිසි දුකක් නැතුව...................................................
කිසි හැගීමක් නැතුව...................................................

ඒත් එයාට ආදරය කරපු අය........................................................
එයාගේ අම්මා තාත්තා...................................................
එයාගේ යාලු හිතමිතුරන්...................................................

ඒ ආදරය කල අය හැමදාම විදවයි! යන්න ගිය අයගේ මතක එක්ක!
එයාට ඒක සරල දෙයක්! මරණය!! ඒත් එයා එක්ක ඉන්න අයට ඒක කොහොම දැනේවිද??

එයා ඒක හිතුවේ නෑ........................................................

මරණය


ජීවිතයෙන් පැනලා යන්න මාධව එයාට ඉඩ දෙන්නේ නෑ ඒත් එයාට ආදරය කරන අය බයෙන්! ගොඩක් බයෙන්! ගොඩක් ගොඩක් ගොඩක්!!!


එයා ඒ දේ තේරුන් ගත්තොත් හොදයි!


ජිවිතයට මොන ?  ආවත් ජීවිතයෙන් පැනලා යන එක නෙමෙයි වීරකම!
ඒ ?ට මුහුණ දීලා ඒ ? විසද ගන්න එකයි වීරකම!


ආදරය නිසා පිස්සෙක්, පිස්සියෙක් වෙන්න එපා


බුද්ධියෙන් වැඩ කරන්න! හැගීම් වලට වහල් වෙන්න එපා!


මොන ? ආවත් සතුටින් ඒකට මුහුණ දෙන්න


ඒක ජීවිතයට ශක්තියක් වේවි! අනිවාර්යයෙන්ම


හිතන්න ගොඩක් හොදට


ජීවිතය උරුමය! ඒ ජීවිතයට ඉඩ දෙන්න! ඒ ජීවිතය තමන්ගේම කරගමු!


සුබ දවසක්!

2 Comments

Your Comments / ඔබේ ප්‍රතිචාර

  1. jeevthaya kiyanne nathi karaganna oni deyak newei. eka hugak aththa. eeth ehema kenek ehema teeranayak ganne eyage manasa hugak aul unahama. e welawata wena karanna deyak nathi wenna athi. ekai eaya ehema teeranayak ganna aththe. :(

    ReplyDelete
  2. eeth ehema unath eeka ganna ooni theeranayak nemei! kisima welawaka! kisia kenek ehema theeranayak ganna hoda na!

    mokada oluwa aul wenna oita wada dewal minissunta wenawa! eeth eewa daragena inna aya man oona tharam dakala thiyanawa! hamotama e wage haiya hithak na kiyala i kno! eeth ehema hithak na, eeka daraganna be kiyana 1ta wisaduma self killing nemei! :(
    Jivithaya therun ganna! eeka oyage :)

    ReplyDelete
Previous Post Next Post

Contact Form