මේ කියන කථා ඇත්තම කථා ටිකක්.....
මම ඇත්තටම හොල්මන් ව්ශ්වාස කරන්නේ නෑ
ඒ උනත් මේවා ඇහුවම ටිකක් ව්ශ්වාස නොකරත් බෑ....
මේක අපේ පැත්තේ සිද්දියක්..මම නම් හැබැයි දැකලා නෑ.....
අපේ ගෙවල් වලට පහල තියනවා දිය ඇල්ලක්....පට්ට පාලුයි ඒ හරිය..ගෙවල් එහෙම අඩුයි...ඔය ඇල්ල පහු කරලා ගියාම තියනවා ගෙවල් පේලියක්...මේ හරියේ 1 ගෙදරක ඉදපු ඇන්ටි කෙනෙක් හදිසියේ මැරුණා.
දැන් සේරම අවසන් කටයුතු එහෙම කරලා සතියක් විතර ගියාට පස්සේ මට අපේ කොල්ලෙක් කිව්වා "මචෝ උබට මතකද අර ගිය සතියේ මැරුණ අහවල් ඇන්ටි අන්න ඇල්ල ලග රෑට ඉන්නවලු කියලා...........
මට දැන් හිනා....මම ඒක විශ්වාස කලේ නෑ....මොකද මං හොල්මන් ව්ශ්වාස කරන්නේ නැති නිසා!
ඒත් මේ කතාවෙන් මගේ හිතේ පොඩි ව්ශ්වාසයක් ඇති වුනා..මේකයි ඒ කථාව....
මේ පාරේ රෑට ගෙදර යන police කාරයෙක්ගේ බයික් එකේ පිටිපස්සේ මේකි ඉදගෙනලු.මම මේ කියන්නේ මට යාලුවා කියපු කථාව....
ඒ police කාරයා රැ ගෙදර යද්දි මුගේ බයික් එකේ පිටිපස්ස නිකම් 1 පාරට පාත් වෙලාලු.හරියට කෙනෙක් ඉද ගත්ත වගේමලු..ඒකට මූ හොදට බය වෙලා ඇරලා ගෙදරට ඇවිත්...
:- o
පොර බය වෙච්ච පාර තෙලුත් මතුරලා කියලයි අරූ කිව්වේ...
කොහොම හරි ඒක එහෙම්ම නැති වෙලා ගියා....................
________________________________________________________________
මේක අපේ ගෙවල් ලග වෙච්ච දෙයක්...........................
අපේ ගෙවල් ලග හිටියා සීයා කෙනෙක්..ම්ම් ඒ සීයා ඇත්තටම හොද කෙනෙක්..ගමේ කවුරුත් ඒක දන්නවා.මේ සීයා කලේ කිතුල් මල් කපන 1.ලගදි මේ සීයා කිතුල් මල් කපද්දි ගහෙන් වැටිලා ඉස්පිරිතාලෙදි මැරුණා..
දැන් අවසන් කටයුතු කරලා සති 2ක් විතර ගියා...ගින්නක් නෑ.මමත් හැමදාම හවසට යන්නේ ඒ සීයගේ සොහොන ගාවින්.ඒක තිබ්බේ පාර ලගමයි.
අපේ අල්ලපු ගෙදර සුදු අයියා හැමදාම හවස 2ක් දාලා එන්නේ.පොර දවසක් එතනින් එද්දි මූට ඒ සොහොන ලග අර සීයා ඉන්නවා වගේ දැකලා.මූ ඩිම් වෙච්ච පාරට දුවලා දුවලා ගෙදර ඇවිත්...
පොරට තෙලුත් මැතුරුවා...ඒක හැබැයි පොරගේ හිතේ ඇතිවිච්ච දෙයක් විතරයි මම නම් හිතන්නේ....
මේක අපේ අමිල මල්ලිගේ කථාව.........
මේක නම් සිරා සීන් 1ක්.මේ අමිල ඉන්නේ පිළිමතලාවේ.පොරගේ අක්කා තමයි මට කිව්වේ සිද්ධිය......
අමිල මල්ලි එල කොල්ලා.හැන්ඩ්සම් පොරක්.මූ මේ ලගදි colombo ගිහින් පාටියකට.ආපහු එද්දි රෑ 9 විතර ඇති.මු බුවා වගේ පිළිමතලාවේ ඉදලා තනියම රේල් පාරේ එනකොට දැකලා සුදු ඇදගත්ත පොරක් ඉස්සරහින් ඇවිත් පොරව පහු කරන් ගියා වගේ.මූ ඒ පොරට කථා කරලා.ඒත් දැන් ඒ සුදු ඇදගත්ත මිනිහා පේන්න නැල්ලු.ඉතින් අපේ අමිලයා මේ මිනිහාව හොයන්න ආපහු ගිහින් ටික දුරක් ඒ පස්සෙන්....
:-/
ඒත් හම්බෙලා නැති නිසා ආයෙත් ගෙදරට ඇවිත්..... ගෙදර ආවමලු මූට මතක් වෙලා තිහයන්නේ ඒ දැක්කේ කව්ද කියලා.....
ටික කාලෙකට කලින් ඒ හරියේ බෙල්ලේ වැල දාගෙන මැරුණලු මුදලාලි කෙනෙක්.අමිල දැකලා තියෙන්නේ මේ මුදලාලිගේ අවතාරේ.....
ඒ වුනත් මූ බය වෙලා නෑ.මේ ලගදි ආයෙත් මූ මේ පාරෙම ඇවිත්...වෙලාව රෑ 7.30 විතරලු.එදත් මූට අර ටිකම වෙලා...හැබැයි මෙදා නම් අයියා බය වෙච්ච පාර ගෙදර ඇවිත් තියෙන්නේ ඒ ලග පාත ඉන්න යාලුවෙක්ගේ 3වීලර් 1ක.......
කොහොම වෙතත් මේ අවතාර ගැනල හොල්මන් ගැන මට තාම විශ්වාසයක් නෑ.මොකද මම එහෙම දෙයක් දැකලා නැති නිසා........................
:=)
පලවෙනි සීන් එකනම් මම දන්නවා..
ReplyDeleteඔය කියන්නෙ කාශ්යප අයියගෙ අම්මා ගෑනනෙ??
ම්ම්ම්ම්ම්ම්ම් ඔව්.අනික්වත් සිරා කේස්.නම අයින් කරන්න පුලුවන්නම්.නැත්තම් චා වෙයි නේ??? පොරට හරි නෑනේ....
ReplyDeleteMAGE MAGULE KIYAWANNA BA BAN.......
ReplyDeleteET ELA
APE KOLLEKGE WADAKNE ELA MATCHANNNN
මමත් හොල්මන් විශ්වාස කරන්නනේ නම් නැ....
ReplyDeleteඒත් අපේ මල්ලි නම් එදා හොදටම බය වෙලා හිටියේ.....
හොල්මන් කියන දේ නමි බොරැ නෙමෙයි! මම Paranormal Activitys විශ්වාස කරනවා! මෙක තමා මගෙ අදහස! මේ Blog එකනමි සුපිරි Ah!
ReplyDeletemachan area 16, holman kiyana de gana kiyanawanam,man thama ewa dakala naa! eeth ee gana thiyenne vishwasayakata wada kuthuhalayak! math holmanak dakka dawasata eewa vshwasa karvi! ethakan kawadawathma nee!
ReplyDelete