ලොලීටා.................... 02 - මල් පිරුනු පුංචි ගවුම



-----------------------------------------------------------------------------



කොල්ලනේ, කෙල්ලනේ. මේ මුලු කතාවම ඇත්ත. මේ මහ පොලවේ වැලි කැට ගණන තරම්ම මේකෙ ඇත්ත පිරිලා. මාධව මේ කියන්නෙ ඇත්තම ඇත්ත! මේ හුදකලා වූ සිතක ඇතිවූ ඇත්තම ඇත්ත ආදරයේ කතාව. සෙව්වන්දියක පිළිබද වූ ඇත්ත කතාව........



ඉතින් කතාව ආයේ පටන් ගන්නම්! සෙව්වන්දියක පිළිබද වූ ඇත්ත ආදරයක වර්තමාන මතකය........

එදා ඒකි මාධව ලග කිව්වට ඔහුට එහායින් අඩි තුන හතරක් ඈතින් හිටියේ! ඔහුට ඒකිට ලං වෙන්න ඕනි උනා. ඒ සුන්දරත්වයට වශී වෙන්න තව තවත්. මෙන්න එදා ඇයගෙන් මාධවගේ නෙත් වලින් දුටු ලස්සන. කොල්ලනේ, කෙල්ලනේ, මාධව කවියෙක් නෙමෙයි. මාධව කතා කාරයෙක් නෙමෙයි. ඔහුට නිසදැස් ලියන්න බෑ. ඔහු එලි සමය අදුනන්නෙ නෑ. ඔහු එදා දැක්ක ලස්සන ගැන කියන්න අවශ්‍ය තරම් මහා වචන සහිත ශබ්දකෝෂයක් නෑ. ඒත් දන්න සිංහලෙන් කියන්නම්. ඇත්තම ඇත්ත ලස්සන.

සෙව්වන්දියගේ සුන්දරත්වය........ මාධව දැකපු ඇත්තම සුන්දරත්වය..................

ලා නිල් පාට අත් කොට ගවුමකින් ඇය සැරසිලා හිටියා. ඒ ලස්සන ගවුමේ චූටි මල් වැටුන රටා තිබ්බා. ඇගේ ලස්සන සුදුම සුදු දනහිස් ඒ ගවුම ඇතුලෙන් යාන්තමට පෙනුනා. ඇත්තටම ලස්සනයි. මාධවගේ ඇස් මත් වෙලා ගියා. සුදෝ සුදු රෝස පාට පා පතුල් වලටම ගැලපෙන ලස්සන පුංචි සෙරෙප්පු දෙකක් එක්ක ඈ! එතරම් උස මහත නැති ඈ ඔහුට නං පෙනුනෙ වැඩුනු කෙල්ලෙක් වගේ. පුංචි සෙව්වන්දියගේ ලස්සන ඔහුව තවත්‍ ඇය ගැන තිබෙන හැගීම් මුවහත් කලා. සවස ඉර එලියෙන් එයා පාට වැටිලා සුදුම සුදු අත් දිලිසෙනවා. ඒ අත් වලින් අල්ලාගන්න මාධවට තිබ්බ වුවමනාව, ආශාව තව වැඩි උනා. ලස්සන ලොකු ඇස් ඔහුව වශී කලා. ඒ ඇස් අහිංසකයි වගේ දැනුනා.

"ඔය ඇස් වලින් මාව පුච්චලා දාන්න කෙල්ල."

ඔහුට කෑ ගහල කියන්න හිතුනා.  තනි කරලට ගොතපු දිගයි කිව හැකි කොණ්ඩය එයාව තවත් ලස්සන කලා. වම් අතේ ලස්සන පළදනාවක් තිබ්බා වගේ මතකයි. ඇදුමේ පාටටම ගැලපෙන විදියෙ එකක්.පුංචි කෙල්ලෙක් වුනත් ඈ ඔහුට නං එවෙලෙ පෙනුනෙ ලොකු කෙල්ලෙක් වගේ. උකුල පුලුල්ව දිස් උනා. සුන්දර පුංචි ලැම පෙදෙස වැඩී තිබුනා වගේ පෙනුනා. ම්ම්ම්ම්. ලස්සනයි. පුංචි රෝස කුසුමක් වගේම සෙව්වන්දිය.

මේ හැම රෙද්දක්ම දකින්න , විදින්න ඔහුට තිබ්බෙ තත්පර කීපයයි! කාලය ගෙවී යනවට ඔහු දැන් නං ශාප කලා. ඒත් ඒ සුන්දර මතකය ගෙවී යන්නෙ නෑ කවදාවත්. සෙව්වන්දිය පිළිබද වූ මතකය. සෙව්වන්දියක්ම වූ සෙව්වන්දි දිහා ඔහු ඇස් දල්වා බලන් හිටියා. මාධවට මතකයි ඒකි ඇවිදගෙන එනකොට ලස්සනට නැලවිල්ලක් ලතාවක් පෙනුනා. සවස් අදුර තුල සවස් හිරු එලියෙන් ආලෝකමත් වී සෙමෙන් සෙමෙන්.මේ ඇත්ත ලෝකයේ දසුනක්.ඔහු ඇත්තටම ඒ මොහොත ගොඩක් රස වින්දා.

"එන්න සෙව්වන්දිය මා වෙතට. සුළගක් වගේ පාවෙලා ඇවිත් මගේ මුහුණේ දැවටෙන්න"
ඔහු ඇත්තටම එහෙම පැතුවා. ඇවිත් අවදි කරන්න සිත් මඩලම.
මාධව දකින මේ පියවි ලෝකයේ සිහින වලින් මාධවව අවදි කරන්න.........

කොල්ලනේ, කෙල්ලනේ, ඔහු ගැන වරදවා හිතන්න එපා! ඈ පුංචි කෙල්ලෙක් වගේම මාධවත් පාසල් යන කොල්ලෙක්! මාධව දැකපු දේ සහ ඔහුට දැනුනු අවංක හැගීම් තමයි මේ ලියන්නෙ! මේ ඇත්තම ඇත්ත. මාධවට ආදරේ දැනුන විදිය  මේ ආකාරයට වචන කරන්න දරන වෙහෙස තරම් වෙහෙසක් වෙන දරලා නැතුව ඇති! ආදරයක් වචන කරන්න තියන අමාරුවක්. අපොයි......





ඇය කහ ඉර මතින් පාර පැන්නා! ඔහු ඒ දිහා බලන් හිටියා. ඈ කඩිසරව එය කලා. ඇසිල්ලකින් පුංචි සෙව්වන්දිය පාරෙන් එයා පැත්තේ ඔහු ඉදිරියෙන්ම. ඒකි ඔහු දිහා බැලුවද කියා දන්නෙ නෑ. තේරුනේ නෑ. ඒත් ඒ බැල්මෙ පුංචි ආඩම්බරයක් තිබ්බා. ක්ෂණික විදුලියක් වගේ බැල්මක්. එක සිනා පොදක් ඒ බැල්මෙ තිබ්බෙ නෑ. ඔහු සිනා සුනා. එය ඇය ගනන් ගත්තෙ නෑ. සත පහක් තරම්වත්. සුරංගනාවි ඔයා අඩම්බරයිද? මාධව හිතුවා. පුංචි සුරඟන, ඒ තත්පරේක බැල්ම ඔහුට කෝටි වාරයක් වටීවි. මාධවව තවත් නොසන්සුන් උනා.....

මට මතක් උනා එක පාරට .... ලොලීටා . වයසට නොගැලටපන වලත්ත පොතක්ග මාධව ඒක කියෙව්වෙ හොරෙන්. ඒත් ඒ පොතේ කතාව මාධවගේ හිතට දැනිලා තිබුනා.ඇත්තටම ඇය හම්බර්ට්ගෙ ලොලීටා වගේමයිද? මාධවට එහෙම හිතෙන්න ගියේ තත්පරයයි. අහෝ ඔහු හම්බර්ට් කෙනෙක් වෙලා. නාකි හම්බර්ට් කෙනෙක් වගේ නෙමෙයි. ඉස්කෝලෙ කාලෙම මාධව හම්බර්ට්! ලොලීටා, මාධවගේ හැගීම් ඔයා දන්නෙ නෑ. ඔහුට ඒකිට කෑ ගහලා කියන්න තිබ්බෙ...........

"ලොලීටා ......... උඔට මං ආදරෙයි..................."




කොල්ලනේ, කෙල්ලනේ, මාධව දැන් ඔහුගේ සුරංගනාවිට, පුංචි සෙව්වන්දිට ලොලීටා කියන්නෙමැයි සිතාගත්තා. හම්බර්ට් කෙනෙක් වෙලා ඔහු.  මේ කතාව මෙ තරම් ඇදන් යන්නෙ ඇයි? මේක බොහොම කෙටි ආදර කතාවක්. ඒත් ඔහුට ඒක විදින්න ඕනි උනා. අවසානය තෙක්ම...

හැමදාම ඔහුගේම කරගන්න ඕනි වුනා මාධවට.... මාධවගේ ලොලීටා..මාධවගේ සෙව්වන්දියව............... හැමදාටම.................

ඉතින් මිත්‍රවරුණි තවත් විරාමයක් අදට! මිනිත්තු පහක ආදරයක් මේ තරම් දිගට ලියන්නෙ ඇයි?
කොල්ලනේ, කෙල්ලනේ, ඒක තමයි ආදරේ හැටි.....................


ඉතින්  විරාමයක් දීපල්ලා මාධව මේ කතාන ආයෙත් ලියන තුරු. ඇත්තම ඇත්ත ආදර කතාව.....

-----------------------------------------------------------------------------
ලොලීටා ...... 01 කොටස
-----------------------------------------------------------------------------


Your Comments / ඔබේ ප්‍රතිචාර

Previous Post Next Post

Contact Form