සිනමාත්මක වේදනාවක්!

ඔන්න අද මාධවට නිවාඩු දවස! මෙහෙමයි උගේ දින චර්යාව අද!

1.නිදාගැනීම
2.නිදාගැනීම
3. ම්ම්ම්ම්ම් ඒකත් නිදා ගැනීම!

මරු! ඒත් අද මාධව ඒ චරියාව වෙනස් කරලා අයියාගේ N80ත් ඉල්ලගෙන රු 25ක 3G delight පාරක් එහෙම දාගෙන ඉස්සෙල්ලම ‍facebook ගියා! ඊට පස්සේ මේල්1 බලද්දි දැක්කා මේල්ස් අම්බානක ඇවිත් කියලා!!
(මේ දවස් වල බ්ලොග් සින්ඩියේ මාර මාර කේස් වෙන්නේ! ඒ ගැන මේල්ස් අම්බානක තිබ්බා)

ඒ සේරම ඉවර වෙලා තමයි මේ බ්ලොග් පෝස්ට් 1 ලියන්න ගත්තේ!

මාධව අද බැලුවා film 1ක්.නම Jaane.Tu...Ya.Jaane.Na! හින්දි එකක්. ඒක හරි ලස්සනයි.මාධව ඒ film 1 බැලුවේ මීට ගොඩක් කලින්! ඒත් අදත් ඒක බලන්න ආසා හිතුනා.ඒ තරම් හදවතට සමීප වෙන film 1ක් බලන්න ලැබෙන්නේ හුගාක් අඩුවෙන් නේද කියලා ඒක බලද්දි හිතුනා!

ලස්සන, නියම හොද යාලුවො සෙට් 1ක් ගැන මේ film  එකේ කථාව තියෙන්නේ.කතාව ගොඩක් හිතට වදින 1ක්. ඇත්තටම ඒ මූවි 1 ගොඩක් ලස්සනයි.

ඒත්  ඒ මූවි 1 බලද්දි මාර දුකක් හිතුනා.අන්න ඒ ගැන තමයිමේ කියන්න හදන්න ලෑස්ති වෙන්නේ.

ඒ ‍තමයි ඇයි ලංකාවේ කට්ටියට මේ වගේ මූවීස් හදන්න බැරි කියලා! ලංකාවේ හැදුවොත් හදන්නේ හින්දි කොපියක්! නැත්තන් මොකක් හරි බහුබූත කතාවක් ගැන!

අඩුම තරමේ හදන හොද  film  1ක් තහනම් කරන රටක් නේද මේක කියලා මට හිතුනා.හදගමගේ "අක්ෂරය" අන්න ඒ වගේ මූවි 1ක්.විමුක්තිගේ "සුළග එනු පිණිස" තව 1ක්.ඇයි මේවා තහනම් කරේ!

????????????????????????????

ඒ වගේම තරුණ, තරුණියන්ට ලංකාවේ තියෙන්නේ ‍බාල බොළද ‍ආදර කථා විතරයි.කිසිම ගතියක් තියන film  නෑ මාධවලාවෙනුවෙන්!

ඇයි මාධවලාගේ රටේ බැරි හොද මූවිස් නිර්මාණය කරන්න.3 ඉඩියට්ස්(3-idiots), Jaane.Tu...Ya.Jaane.Na!, NEW YORK  වගේ   නිර්මාණාත්මක මූවීස් හදන අ‍පිට අල්ලපු රට වගේ වෙන්න ඇයි ලංකාවටත් බැරි ..... සල්ලි තමයි ගැටලුව ???

ගැටලුව ඒකම නෙමෙයි...මිනිස්සුන්ගේ හිතට වදින මූවිස් නැති කමයි! හොද මූවි හැදෙනවනම් මේ තත්වය නැතිවෙයි කියලයි මාධව හිතන්නේ

සිකුරු හතේ, සරෝජා, මචං, අග්නිදාහය, දඩයම වගේ සිංහල films කොච්චර හොදට දිව්වද ලංකාවේ...
මේ දවස් වලත් ඒ වගේ බලාපොරොත්තු තබා ගන්න පුලුවන් සිංහල films ටිකක් දුවනවා!

ආකාස කුසුම්, බඹර වලල්ල ‍වගේ  සිංහල films. ඇත්තටම මේ ගැන ආඩම්බර වෙන්න ඕනි.මොකද මේ නහින දෙහින කාලේ මේ වගේ දක්ෂ directors ලා අපිට ඉන්න 1 ගැන. මාධවලා වගේ පොදු මහජනතාව විසින් කරන්න ඔනි මේ අයව රැක ගන්න 1 තමයි.නමුත් මේ අයටත් මොනා වෙයිද කියලා මාධවට නම් විචිකිච්චාවක් තියනවා......
______________________________________
මාධව මේ ගැන ගොඩක් හිතුවත් අද ඒ ගැන සේරම ලියන්න මේ වෙලාවේ බෑ.ඇත්තටම ඒ ගැන මාධවගේ අදහස් ටිකක් දරුණු වෙන්න පුලුවන්.

මොකද මාධව film  වලට,හොද film වලට ගොඩක් කැමති නිසා!
ඒ වගේම හොද සිංහල films වලට ආසා කරන නිසා.ආදරේ කරන නිසා.ඒ වගේම ඒ films නිර්මාණය කරන අතලොස්සක් වූ ඒ පිරිසට ගරු කරන නිසා!

1 Comments

Your Comments / ඔබේ ප්‍රතිචාර

  1. ම්...ම්...ම්... Jaane.Tu...Ya.Jaane.Na! film 1 හුගාක් හිතට දැනෙන කතාවක් තියෙන film 1 මම ඒ film 1 ට ගොඩාත් කැමති......ඒ වගේම ගොඩාක් ස්තුතියි ඔයා මට ඒ film 1 දුන්නට....

    ReplyDelete
Previous Post Next Post

Contact Form