වින්ඩෝස් එක්ස් පී ට විසි පහයි ~

 

Windows XP යනු පුරාවෘතයකි. වින්ඩෝස් මෙහෙයුම් පද්ධතියේ අදටත් බොහෝ දෙනා ප්‍රියකරන නොස්තැල්ජියානු මතක පිරුණු මෙහෙයුම් පද්ධතිය එයයි. අද වන විට එම මෙහෙයුම් පද්ධතිය සිය සේවාවන් නිම කොට විශ්‍රාම සුවයෙන් සිටි යද, 2026 වසර වන විට එයට වසර විසි පහක් සම්පූර්ණ වේ.

මේ ලිපිය එක්ස් පී ගැනය.... 

එය ඊට පෙර පැමිණි  වින්ඩෝස් පද්ධති වලින් වෙනස් වූයේ සැබැවින්ම අපූරු අතුරු මුහුණත නිසාය. Windows Classic අතුරු මුහුණතින් වෙනස්ව වර්ණවත්ව නව අතුරුමුහුණතකින් පැමිණි මෙහි විශේෂාංග රැසක් අඩංගු විය.

වැඩි දියුුණු කල  පරිගණක ක්‍රීඩා, අන්තර්ජාලයට සුදුසු යෙදවුම්, වැඩිදියුණු කල Paint වැනි වැඩසටහන්, වැඩිදියුණු කල මීඩියා ප්ලේයරය නිසා මෙම පද්ධතිය වේගයෙන් ජනප්‍රිය විය. එසේම එක්ස් පී වල බොහෝ පරිගණක ක්‍රීඩා ද ඉතා සුනම්‍ය ලෙස ක්‍රියාත්මක වූ අතර බොහෝ මෘදුකාංග සහ Device Drivers ද පහසුවෙන් සහය දැක්වීම විශේෂත්වයකි.

එහිදි එයට ගැලපෙන ලෙස නවීකරණය කල Microsoft Office 2007 ද එලිදැක්වීම නිසා ඉතා අපූරු ලෙස මෙම පද්ධතිය බොහෝ ප්‍රයෝජනවත් ලෙස භාවිතා කිරීමට පරිශීලකයාට හැකියාව ලැබුනි. 

  

 

කෙසේ වෙතත් 2001 දී එලිදැක්වූ මෙම මෙහෙයුම් පද්ධතිය අඛණ්ඩව වසර 08ක් වැනි දිගු කාලයක් තිස්සේ සිය සේවාවන් ලබා දුන් අතර 2009 දී සිය පැවැත්ම අවසන් කරමින් එය වින්ඩෝස් Vista නම් වූ අසාර්ථක මෙහෙයුම් පද්ධතියට ලබා දුන් අතර Vista හි අසාර්ථකත්වය අනුව ඉදිරියට ගිය වින්ඩෝස් සමාගම වින්ඩෝස් 7 මගින් ගිලිහී ගිය ජනප්‍රියත්වය යලි ලබා ගත් බව මාධවගේ විශ්වාසයයි.

මාධවලාගේ පාසල් කාලයේ පැවතුනු මෙම අපූරු මෙහෙයුම් පද්ධතිය මගින් බොහෝ ලාංකිකයින් පරිගණක ක්ෂේත්‍රයට අත් පොත් තැබූ අතර ඒ නිසාම ශ්‍රී ලංකාව යන රට ට ද මෙම මෙහෙයුම් පද්ධතිය මගින් විශාල සේවාවක් ඉටු වී ඇත.

 ඒ අනුව 2014 වසරේදී තාක්ෂණික සහය සම්පූර්ණයෙන්ම නවතාලමින් මෙම පද්ධතිය විශ්‍රාම ගැන්වූ අතර ඒ වෙනුවට මේ වන විට වින්ඩෝස් 11 මෙහෙයුම් පද්ධතියෙන් Microsoft ආයතනය සිය දක්ෂතා එලි දක්වමින් සිටී.

 අතීත මතක අතර තවමත් බොහෝ දෙනා  - විශේෂයෙන් 80 සහ 90 දශක වල ඉපදී දැන් මැදි වියට ලං වන්නා වූ මාධව වැනි පිරිසගේ හිත තුල තවමත් වින්ඩෝස් එක්ස් පී පිළිබඳව ඇත්තේ අපූරු මතක ගොන්නකි.

Your Comments / ඔබේ ප්‍රතිචාර

Previous Post Next Post

Contact Form