Python - වචන භාවිතය ආශ්‍රිතව තවදුරටත්

 

පයිතන් භාෂාවේ වචන සම්බන්ධව බොහෝ වැඩ කෑලි දැම්ම හැකිය. මේවා පසුව ලොකු ලොකු වැඩසටහන් ලිවීමේදී ප්‍රයෝජනවත් වන්නේ කෙසේද කියලා මාධව පසු දාක කිීමට බලා පොරාත්තු වන්නේය.

ඉතින් අදත් කියන්නට යන්නේ පයිතන් වලින් සිදු කරන වචන ආශ්‍රිත කාරණා සම්බන්ධව ය.

ඉංග්‍රීසි භාෂාවේ අකුරු කැපිටල් සිම්පල් කිරීම  

මේ කතාව හරියට වර්ඩ් වල සිම්පල් අකුරු කැපිටල් කරන්නා වූ Change Case ක්‍රමය වාගේය. සිම්පල් ඉංගීසි අකුරින් ලියූ වදන් කැපිටල් අකුරින් පෙන්වීමට සහ එහි අනික් පැත්ත සිදු කිරීම පයිතන් භාෂාවෙන් සිදු කරන්නේ මෙහෙමය.

සිම්පල් අකුරු කැපිටල් කිරීම - 


a = "CAPITAL LETTERS"
print(a.upper())

 

 කැපිටල් අකුරු සිම්පල් කිරීම


a = "CAPITAL LETTERS"
print(a.lower())



වචනයක අකුරු වෙනස් කිරීම

a = "My name is Madhawa"
print(a.replace("i", "a"))

මෙහිදී a යන වේරියබල් වෙත "My name is Madhawa" යන්න ආදේශ කර ඇති අතර එහි is හි i වෙනුවට a යොදන්න යැයි print(a.replace("i", "a")) වෙතින් විධාන කර ඇත.

 

වචනයක් බෙදීම

මෙහිදී Madhawa Viduranga යන නමෙහි මැද්දෙන් යොදා ඇති , (comma) ලකුණින් වැකිය වෙන් කොට වෙන වෙනම පෙන්වීමට විධාන කර ඇත. අදාල කේත පහත පරිදි වේ.

a = "Madhawa , Viduranga"
print (a)
print(a.split(",")) 

print(a.split(","))  මගින් අදාල කොමා ලකුණ හඳුනාගෙන වචන දෙක වෙන වෙනම පෙන්වයි.

වචන එකතු කිරීම 

වෙන් වෙන්ව ඇති වචන දෙකක් එක් කොට තනි වැකියක් නිර්මාණය කිරීමට පහත ආකාරයට පයිතන් කේත යොදා ගත හැකිය.

a = "Madhawa"
b = " Viduranga"

print (a)
print(b)

c = a + b
print(c)

ඒ අනුව පයිතන් ආශ්‍රිත Strings හෙවත් වදන් සම්බන්ධ කටයුතු වලින් බිඳක් මෙලෙස ඉදිරිපත් කර ඇති අතර ඉදිරියේදී තවත් පාඩම් වලින් හමුවෙමු.

සුභ අලුත් අවුරුද්දක් වේවා.....

Your Comments / ඔබේ ප්‍රතිචාර

Previous Post Next Post

Contact Form