තෙවරප්පෙරුම....

 
තව දේශපාලකයෙක් මැරිලා...
සතුටු වෙනවද දුක් වෙනවද?

තෙවරප්පෙරුම කියන්නෙ කතා කරන්නවත් අවශ්‍ය මනුස්සයෙක්ද කියලා මාධව හිතුවට බුකිය පුරා බැලුවහම පේන්නෙ වෙන දෙයක්. ජිවීතේට හැබැහින් දැකලා නැති මේ මිනිහා මැරුණ කිව්වම මොකක්දෝ දෙයක් මාධවටත් දැනුනෙ මොනා හරි මූ මිනිස්සු වෙනුවෙන් කරලා කියලා දැනිල තිබුන නිසා වෙන්නැති. උන්දැගෙ පොල් වත්තෙදි වැඩක් කර කර ඉද්දි විදුලි බලය වැදිලා හදිස්සියේම මිය පරලෝ සැපත් උන කියලා පුවත් වල තිබුන උන්නැහේ ගැන කියවන්න තරම් ගොඩක් දේවල් මාධව සතුව නැහැ. 

 

හොඳ නරක දෙකම බැලුවොත් මාධවට දේශපාලුවොන්ගෙ නරක දේවල් ඉස්සෙල්ලාම මතක් වෙනව නෙව. මාධවට මේ මිනිහව මතක පාර්ලිමේන්තුවේ ගැටුමකදි මොට්ට පිහියක් ගෙනැල්ලා කරපු ජංජාලෙ විතරයි.

සනත් නිසාන්ත උන්නැහේ මැරුනම සතුටු උන උන් කොච්චරද කිව්වොත් ප්‍රේමදාස මලා කිව්වහම රතිඥ්ඤා දැම්ම වගේ දෙයක් වෙයිදෝ කියලා හිතුනත් ඒම උනේ නැති උනාට ඒ තරම්ම මිනිස්සු මුහුණූ පොතේ කියපු දේවල් නිසා ඒ සතුට මොනවට ප්‍රකාශ උනා නෙව. ඒත් මෙතන තත්වය වෙනස්!

සනත් නිශාන්ත වෙනුවෙන් පෙනී හිටියෙ අම්ම අප්ප කවුද නොදන්න "මහින්දට" අප්පච්චි කියන ගොබිල පොහොට්ටුවෝ කීප දෙනෙකුයි සල්ලි හිඟන පේජ් ඇඩ්ඩිංලා කීපදෙනෙකුයි විතරයි. වැඩි දෙනා පුදුමාකාර සතුටක් ලැබුවෙ..

ඔං ඒකට අද......

දකින දකින එකා, නීතීවේදීන්, විද්‍යාඥයින්, වෘත්තිකයින්, මිතුරන් දුක්වෙන හැටි. 

උගත්කමක් නැති, පාර්ලිමේන්තුවේ වලි කාපු, ගෝරිං කෙනෙක් වෙනුවෙන්....

කොවිඩ් දවස් වලදි ඔය පඩංගු දේසපාලුවෝ ගෙවල් අස්සට වෙලාවෙ නැට්ට දෙපරැන්දෙ ගහං ඉද්දි මේ මිනිහා තව කට්ටියක් එකතු කරන් මිනිස්සුන්ට කන්න උයලා දුන්න ව්‍යාපෘතිය ගැන හුඟක් අය කතා කරනවා. ඒක ඇත්තටම ගුණ යහපත් වැඩක්.

මාධවට මතකයි බේරුවල සිංහල මුස්ලිම් ගැටුම. ජාතීන් අතර ගැටුම් ඇති කරලා කොටවද්දි පිටින් ආව සිවුරු පොරෝ ගත්තු අපරාධකාරයොයි උන්ගෙ ආධාරකරුවොයි ඇවිල්ලා කලබල කරද්දි ඒ පැත්තෙ උන්නු මුස්ලිම් මිනිස්සු වෙනුවෙන් කෙලින් නොබියව පෙනී ඉඳපු මිනිහෙක්.. ජීවිත කීපයක් බේරගත්තාය කියලා ඒ කාලේ ප්‍රවෘත්ති වලත් තිබුනා. මූලාශ්‍රයක් ලැබුනොත් දාන්නම්කො.

ඊට අමතරව ගං වතුර කාලේ මුට්ට කර ගැහැව්වා. බඩු ඇද්දා. සමහරු වගේ ෂෝ එකට හෝ වේවා නොවේවා ඇත්තටම කට්ට කන බවක් පේන්න තිබුනා. උවමනාවක් තියෙන්න ඇති මිනිස්සු ගැන.

ආයෙ පාරක් ළමයි ඉස්කෝලෙකට ගන්න කියලා මේ යකා උපවාසයක්ද කොහෙද කරලා ඒක නතර උනේ මූව රෝහල්ගත කරලා. අන්තිමට කෝම හරි ඒ ළමයින්ව ඉස්කෝලෙට ගන්නත් සිද්ධ උනා කියලා පුවත් සඳහන් තිබුනා.

ඒ හැමෙදේකින්ම මේ පාලිත උන්නැහේ මිනිස්සු කියන සම්පත උපයලා තිබුනා කියලා හිතෙන්නෙ අද මුහුණු පොතේ පෝස්ටු නිසා.....

තමන්ගෙම දරුවා අසනීපයක් නිසා මිය පරලෝ ගියාහම වැටෙන්න ඔනි හැම විදියටම වැටිලා මානසික මට්ටම බිංදුවටම පත් උන මිනිහෙක් තමයි මේ පාලිත තෙවරප්පෙරුම කියන්නෙ. දැන් මිනිහත් අද හවස මැරිලා.

බුදුහාමුදුරුවෝ දේශනා කරන්නෙ මැරෙන මොහොතේ සිතුවිල්ල තමයි බලවත් කියලා. පින්බර සිතුවිල්ලක් පහල උනොත් අනිවාර්යයෙන්ම සුගතියේ පිහිටනවා කියලා උන්නාන්සේ කාලෙකට ඉහතදි වදාරලා තියනවා.

පොඩි උන් කවදාවත් අපායෙ යන් නැහැ. මොකද උන් ඇත්තටම වැරදි වලට අපායෙ දොර අරින කාලයත් අපරාදේ නිසා උන් නිකම්ම දිව්‍ය ලෝකේ යන්නෙ. පාලිත උන්නැහේත් කරපු පුංචි පුංචි හොඳ කටයුතු නිසා සමහර විට බුදු සාදු දේශනා කලා සේ හොඳ සිතුවිලි කීපෙකුත් පහල උනා නම් හෙම, දිවිය ලෝකෙ දොර ඇරෙයි.

ඉතින් පාලිත උන්නැහෙ, කවදාවත් නොදැකපු කතා නොකරපු ඔහේ ගැන මාධව කියන බ්ලොග් කාරය ඔහේගෙ මලගෙදර කරන කතාව මෙහෙම ලියලා පල කරනවා. ඔහේ හොඳ සමාජ සේවයට. ඔය වගේ උන්දලා දේශපාලනයට සුදුසු නැහැ. දේශපාලනයට සුදුසු අය එන්න ඔනි කාලෙක ඔහේ දේශපාලනෙන් සමු අරන් සමාජ සේවෙට කැප උනු එකත් හොඳ පිනක්.

ඔබට දිව්‍ය ලෝකෙ තනි වෙන්න උවමනා නැති වෙයි. කාලයකට ඉහතදි ඔබව දාලා ගිය පුතාව හම්බෙයි. එහෙදිත් කතා කරල මිනිස්සුන්ට උදව් කරන හැටි ගැන හිතන්න. ආයෙ කොහේවත් ඉපදෙන්න අවශ්‍ය නැහැ. 

සුගතියම ලබන්න..... නිවන් යන්න...

දේශපාලනේ පලු ඇරපු මාධවගේ කතා වෙතින් අද දේශපාලනේ කරපු බිම පය ගහපු මිනිහෙක් ගැන පුංචි හැල්ලක් ලියන්නෙ ගෞරවයෙන්මත් නෙමෙයි. කියාගන්න බැරි හේතුවක් නිසාවෙන්..

සමහර විට පීඩිතයා වෙනුවෙන් මොනාම හරි කරන්න හදපු මිනිහෙක්ට දෙන්න පුලුවන් ගෞරවය ඒක කියලා මාධවට හිතෙනවා වෙන්නැති.

මිනිස්සුන්ට කරපු දෙයක් වේ නම් ඒ පිනෙන්ම නිවන් දකීවා...

ඉතින් පාලිත තෙවරප්පෙරුම උන්නැහේ.... සුභ ගමන්...

6 Comments

Your Comments / ඔබේ ප්‍රතිචාර

  1. කළ හොඳ කෙසේ වෙතත් කම්පාවක් ඇති වූ මරණයක්. අවසන් කටයුතු කිරීමට නොහැකිව සිටියදී ගුටි කාගෙන මුස්ලිම් අයෙකුගේ මිනිය අරන් ගිය හැටි ගැන මාත් කියවලා තියනවා.

    ReplyDelete
    Replies
    1. බේරුවල කලබල අස්සේ වෙච්ච සිද්ධි ඒවා..... බය නැතුව බිමට බැස්ස මිනිහෙක්....

      Delete
  2. මම තෙවරප්පෙරුමගෙ අභාවය ගැන අහල දුක් උනා.ඔහු තව ටිකක් හිටියා නම් හොදයි කියල හිතුන.මම කවදාවත් ඔහු හැබැහින් දැකල නැහැ.කලකට ඉහත ඔහු කල කී දේ පමනයි අහල තිබුනේ.ඔහු කොපමන රලු ,ගොරෝසු මිනිහෙක් උනත් කසි කබල්,පල් හොර දේශපාලකයින්ගෙන් වෙනස් කෙනෙක් බවයි ඔහු ගැන මගේ කියවීම.මම දැකල තිබුන හැම වතාවකම ඔහු ගෝරියක් හෝ වලියක් දාගන තිබුන නම් ඒ තමන් වෙනුවෙන් නෙවෙයි.පොහොසත් මිනිස්සු වෙනුවෙනුත් නෙවෙයි.කොහේ හරි සමාජයෙන් විසි වෙච්ච දුප්පතෙක් වෙනුවෙන්.ඒ නිසයි මේ රලු මිනිහා ගැන මගේ හිතේ කොනක යම් පැහැදීමක් තියෙන්නෙ.මම වැරදි නම් නිවැරදි කරන්න.

    ReplyDelete
    Replies
    1. ඇත්ත. පීඩිතයා වෙනුවෙන් නොබියව පෙනී උන්නු කෙනෙක්......

      Delete
  3. අජිත් ඩී කීර්තිApril 17, 2024 at 1:44 PM

    ඔබතුමා එක්සත් ජාතික පක්ෂ මාධ්‍ය ඒකකයේද වැඩ කරන්නේ?

    ReplyDelete
    Replies
    1. හිකිස්! හරි වේදනයි ඒ කොමෙන්ටුවට!

      Delete
Previous Post Next Post

Contact Form