උපාධියද? වෘත්තීය පුහුණුවද?

 


රැකියා විරහිත උපාධිධාරීන් බර ගාණක් ලංකාවේ ඉන්නා බවත් ඔවුන්ට රජයෙන් රැකියා පහසුකම් ඇති කල යුතු බවත් රැකියා විරහිත උපාධිධාරීන්ගේ සංගමය පවසා තිබුනු පුවත මාධව දැක්කේ ළගදීය. රැකියා නැති උපාධිධාරීන් ගැන කට කැහිල්ල මාධවට අවුරුදු ගාණක් තිස්සේ ඇති නිසා මේ පොඩි කතාව ඒ ගැනය.

උපාධිධාරීන්................

වසරකට ලංකාවේ උසස් ආයතන වලින් එලියට දාන උපාධිධාරීන් ගණන අතිශයින්ම ඉහලය. වැඩිහරියක් උපාධි සිහිනය උදෙසා කිසි කමකට නැති පාඨමාලා සම්පූර්ණ කල එලියට එන අයවලුන් ය. ආව ගමන් රජයේ රැකියා බලාපොරොත්තුවන කණ්ඩායමක් මේ අතර ඉන්නවෝය. අන්තිමට උපාධිය විතරය. ලබා ගත් දෙයක් නැත. වනසපු කාලය ආපසු ගන්නට බැරිය.

මේ උපාධිධාරීන්ගෙන් බහුතරයකට තොරතුරු තාක්ෂණ දැනුම නැත. තිබුනද භාවිතා කිරීමට මැලි ය. ඉංග්‍රීසි දැනුම බිංදුව ය. දැනුමින් සන්නද්ධ උපාධිධාරීන් වෙනුවට යන්තම් ජෙනරල් එකක් එල්ලාගත්තූ උන් එමට බැවින් විශය කාරණා සම්බන්ධව ද දැනුමක් නොමැති අතර පන්ති උපාධිය නැති නිසා රජයේ ඉහල තනතුරු වලට ඉල්ලුම් කිරීමේ විභාග වලට ඉල්ලුම් කිරීමට ද හැකියාවක් නැත.


පෞද්ගලික ආයතන වලට ඔවුන්ගෙන් ඇති වැඩක් නැත. උපාධි මාන්නය නිසා බොහෝ උන් නිවෙසට වී කාලය කන අතර උන්ට “තත්වයට“ නොගැලෙපෙන බැවින් වෙනත් රැකියා වලට යාමද කරන්නේ නැත.

වෘත්තීය පුහුණුව

සාමාන්‍ය පෙල සහ උසස් පෙල අධ්‍යාපන මට්ටම් වලින් හැලෙන තරුණ තරුණියන් සඳහා විවිධ ආයතන වල වෘත්තීය පාඨමාලා පැවැත්වෙන අතර ඒවා වලින්ද NVQ සහතිකපත් ලැබූ වෘත්තීකයින් විශාල සංඛ්‍යාවක් එලියට දමයි. ඒ අතර ඉන්නා අයවලුන්ගෙන් බහුතරයක් විදෙස්ගත වන්නේය. බහුතරයක් ලංකාවේ විවිධ සමාගම් වල රැකියාවට බැඳෙන්නේය. පසු කලෙක උපාධියකුත් රැකියාව සමඟම කරගන්නේය. ඒ අය ජීවිතේ දිනාගන්නා ආකාරය මාධව දැක ඇත්තේය. බොහෝ සහතික පිරිනැමෙන්නේ කාර්මික අංශයේ කටයුතු වලට ය.

වරද ඇත්තේ කොතනද?

ලංකාවේ පාසල් යන දරුවන්ට වෘත්තීය මාර්ගෝපදේශය සහ මග පෙන්වීම අත්‍යවශ්‍ය වන්නේ ආන්න ඒ නිසාය. පලක් නොමැති උපාධියකට කාලය වනසනවාට වඩා විද්‍යා පීඨ යාම මැනවැයි කියා කැම්පස් නොයැවූ හුඟ දෙනෙක් අද සාර්ථකව පවුල් පන්සල් වී ගුරුවරුන් ලෙස රැකියා කිරීම මාධවගේ පුද්ගලික ජයක් සේම සතුටු විය හැකි කාරණයක් බව මාධව මෙහි සඳහන් කරන්නේය. 

එනයින් වෘත්තීය පුහුණුව  (මාධව ද ඒ කාණ්ඩයේ අයෙකි) ලබමින් NVQ මාර්ගයෙ ගමන් කිරීම එක්තරා අන්දමකට ඉමහත් ඵලදායී වන්නේ එම කාණ්ඩයේ පුද්ගලයින්ගේ නිපුනතාවය සහ උපාධි අයවලුන්ගේ නිපුනතා සංසන්ධනය කර බැලීමෙන්ය.

ලංකාවේ රැකියා හිඩැස හඳුනා නොගැනීම ප්‍රභල ගැටලුවකි. හෙදියන්, වෛද්‍යවරු ආදී සෞඛ්‍ය ක්ෂේත්‍රෙය්ද, පරිපාලන ක්ෂේත්‍රෙය් ඉහල තනතුරු සඳහා නිලධාරීන්ද, වෙනත් පුද්ගලික අංශ සඳහා විවිධ තනතුරු වලට පුහුණුව ඇති දැනුම ඇති අය නිර්මාණය කරවීම ලංකාවේ නොමැති වීම ඇත්තටම ගැටලුවක් නොවේද?

උපාධිධාරීන් සම්බන්ධයෙන් මේ කියන කතාව බොහෝ විට වෘත්තීය පිලිගැනීමක් නොමැති කලා උපාධි, අලෙවිකරණ උපාධි වැනි කිසි කමකට නැති ඒවාට අදාල වන්නේය.  නමුත් වෘත්තීය පිලිගැනීමක් ඇති ඉන්ජිනේරු උපාධි, තොරතුරු තාක්ෂණ උපාධි, කාර්මික ශිල්පීන් වලට අදාල උපාධි වලට ඇති ඉල්ලුම අධික නිසා ඒවා වට යොමු වීම වටින බව කිව යුතුය. එනමුත් සිදු වන්නේ  වෘත්තීය ගමනේ ඉදිරිය සකසා ගැනීමට නොව  නමට උපාධියක උවමනාව නිසා බහුතරයක් මොකක් හෝ කෙහෙම්මලකට මුදල් ගෙවා කාලයද ධනයද වැයකොට රටට තවත් “බරක්“ නිර්මාණය කිරීම ය.

ඉන්පසු රජයෙන් රැකියා හිඟන්නේ ආන්න ඒ කණ්ඩායමෙන් කොටසක් ය.

සිදුවිය යුතු දේ...........

මේ නිසා  මේ ක්‍රමය තුල සිදුවිය යුතු කාරණා ලෙස මාධව දකින්නේ දේවල් කීපයකි

  1. “උපාධිය ඇති පලියට රජයේ රැකියාවක් නොදීම“ ප්‍රතිපත්තියක් ලෙස රජයකින් තීන්දු කල යුතු අතර ඉදිරියේදී පත් වන සියලූ රජයන් වලින් එම ප්‍රතිපත්තිය පවත්වාගෙන යා යුතුය.

  2. උපාධි ඇති නැති සියල්ලන්ටම වෘත්තීය පුහුණුව අනිවාර්යය කරමින් පුහුණු ශ්‍රමිකයන් නිර්මාණය කිරීමට පාසල් කාලයේ සිටම ඉඩ ප්‍රස්ථාවන් ඇති කිරීමය. ඒ සඳහා ආකල්ප ද වෙනස් කල යුතුව ඇත.

  3.  පාසල් කාලයේ සිටම ඉංග්‍රීසි භාෂාව අනිවාර්යය කරමින් උපාධිධාරීන් සහ වෘත්තිකයින් සඳහා භාෂා දැනුම ලබා ගැනීමට අවකාශ සැලසිීම සිදු කල යුතුය.

මේවා සිදු වූ කල්හි මේ උපාධි ඇත්තොන්ගේ රස්සා හිඟන ගැටලුව අහවර වනු ඇත. රටටත් හොඳ කලක් උදා වනු ඇත.

6 Comments

Your Comments / ඔබේ ප්‍රතිචාර

  1. ඔය රජයෙන් රස්සා දෙන්න ඕන කියන ගොඩේ ඉන්නවා කට්ටි කීපයක්. එකක් තමයි බාහිර උපාධි. රස්සා කරන ගමන් අවුරුදු ගාණක් තිස්සේ කරලා කරලා පාස් වෙලා දැන් වෙන රස්සාවකට යන්න ඕන කමට උපාධියට රස්සාවක් දෙන්න කියනවා. ඊළඟට කලා උපාධි. මේවායේ බඳවා ගන්න ගාණ අඩු කරන්න ඒවයේ ලොක්කො කැමති නෑ මොකද තමන්ගේ බලය අඩු වෙන නිසා. ඉතින් ඔහේ ගන්නවා. අනික බලන්න කාලෙකට කලින් ‍රැකියා විරහිත සංගමේ ලොක්කා වෙලා හිටපු කෙනා දැන් මොකක්ද රස්සාවකට ගිහින් කරන්නෙ එතනත් සංගමයක් අටවගෙන කෑගහනවා.

    ReplyDelete
    Replies
    1. ඌ නං ඇත්තටම වාතයක්!! වැදගත් දේකට කට ඇරෙන්නෑ උගේ!!

      Delete
  2. වඩ වඩාත් අවධානයට හා සාකච්චාවට යොමු විය යුතු වැදගත් ගැටලුවක් බව මමත් විශ්වාස කරනවා.

    ReplyDelete
    Replies
    1. අනිවාර්යයෙන්ම! බාහිර උපාධි මීට වඩා විධිමත් විය යුතුයි. විශේෂයෙන් කලා උපාධි!

      Delete
  3. ඉංග්‍රීසි බැරි නම් (බෑ කියන්නේ බෑ කියන එකට). එහෙම අයට විකල්පයක් හැදිය යුතු නැද්ද?

    ReplyDelete
    Replies
    1. භාෂාවක් බැරි වෙන්නෙ ඇයි කියලා හිතාගන්න බැහැ! ඉංග්‍රීසි වලින් තොරව යන්න නං මේ රට ජපානය කොරියාව වගේ වෙනම ලෙවල් එහෙකට යන්න වෙනවා! ඒවාගේ දැනුමක් තියනවද සැලසුමක් තියනවද කියන දේත් ගැටලුවක්...

      Delete
Previous Post Next Post

Contact Form