පීල්ල

ඉර බැහැගෙන යන කණිසමේ උනත් ආලෝකෙ යසට තිවුන. නිල වර්ණ ජලය ගලා එන පීල්ලේ ජල කඳ හෝ ගාලා ඇදගෙන වැටෙනව. පීල්ල පාමුලින් ගලාන යන පුංචි කාණු ඇලේ වතුර ටික ටික රතු පාට වෙමින් තිවුන. පීල්ලෙ ජල කඳ හෝඕඕඕ කියාන එක ඕසෙට කඩාන හැලෙද්දි එක පැත්තක කැත්තක් අතේ තිවුන පියසීලි ආච්චිත්, අනික් පැත්තෙන් දෙනියේ ගෙදර නිමාලි නංගිත් තුශ්ණිම්ව්භූත වෙලා මුනට මූන බලන් ගොලුවෙලා හිටියා.

 
පියසීලි අත්තම්මා උපාසිකාව. ගමේ අරටුව වගේ. කට හැකර ගෑනි හැබැයි. කාට උනත් දෙක වෙන්න නං ලෑස්ති නෑ. උන්දැගෙ ගේ හදාන තිබ්බෙ නාන පීල්ලෙ එහායින් දෙනියෙ පාමුල. ලොකු උස් මහත් වෙච්ච නාහට නහන කොල්ලෙක් නම් උන්න. වැන්ඳඹු ගෑනියෙක් උනාට පස්සෙ කොල්ලව උස් මහත් කරන්න ලොකු වෑයමක් දරපු නැති පියසීලි අම්මා ඔන්නොහේ ඌ වල් වැදෙන්න ඇරලා බලන් උන්නේ බැරිම තැන. මහ එකා වාගේම ඌත් නසරාණියා නොවැ!
නිමාලිලා ලඟදි බැඳල කිරිඳිවැල පැත්තෙ ඉදන් මෙහෙට ආව ජෝඩුවක්. නිමාලිගෙ සැමියට අයිති උන ඉඩ කඩං ගෙවල් නාස්ති වෙන්න බැය කියලා හුග කාලයක් වහල දාල තිවුන ගෙඩෙට්ට නිමාලිත්, නිමාලිගෙ සැමියා සමනුත් ඇවිල්ල දැන් මාස කීපයක්. නිමාලිලා ආව ගමන් කොලේ ජල සම්පාදනෙන් වතුර ඉල්ලාපු කටයුත්ත සහ ටිකක් වියදම්කාර කටයුත්තක් වන මායිම් වැට ගහන එක. පීල්ලෙ උල්පතෙන් වතුර ගැනිල්ලයි, ලිං හෑරිල්ලටයි වඩා ජල සම්පාදනෙ වතුර ගැනිල්ල පහසුයි වෙන කටයුතු එක්ක ඔට්ටු වෙනවට වඩා. 
 
ජල සම්පාදනය සඳහා දැන් මැනුං කටයුතු කරන්න මිනින්දෝරු මහත්තැන් ආව දවසෙ තමා පලවෙනි බෝම්බෙ වැටුනෙ. පියසීලි අත්තම්මා මේ මැනුං කටයුත්තට විරුද්ධව කට ඇරියා.
එක බල්ලෙක්ට වතුර ගන්න මං ඉඩ දෙන්නෑ මගේ මායිම දෙබෑ කොරල. මඟෙ මිනිය උඩින්වත් ගන්න බෑ බොලව් තොපිට.
 
පංසලේ සීල ව්යාපාරයේ ප්රධාන තැනක් උහුලන, බුදු දහමෙ හැම බණ පදයක්ම හාංදුරුවොන්ටත් වඩා හොඳට දන්න, යහපැවැත්ම ගැන හැමෝටම උපදෙස් දෙන, ධම්ම පදයයි, මහ පිරිතයි කොට්ටේ යට තියාන නිදාගන්න පියසීලි අම්මා මිනින්දෝරු උන්නැහේලටත් සාප කොර කොර මායිමේ උන්නු සමන් නිමාලි යුවල දිහා වෛරය වෑහෙන දෑසෙන්ම බලද්දි ඇගේ පුතා ටිංකර් ඇවිල්ල අම්මගෙ තනියට පිටපස්සෙන් හිටගෙන උන්න.
 
ටිංකර් කියන්නෙ පියසීලි අත්තම්මා ගෙ එකම පුතු. පොතේ නම කුමාර ප්රියශාන්ත. ඉස්කෝලෙ කට්ටි පැනපු කුමාර හංදියේ ත්රී වීල් ටිංකරින් වැඩපොලේ දවසෙ පඩියට වැඩ කලේ කීයක් හරි හොයාගෙන සොමියක් දාන්න පුලුවන් නිසා. මොක උනත් මිනිහ ත්රී වීලර් තහඩුව වැලි කඩදාසියෙන් අල්ලලා තීන්ත හූරන වැඩේට නං හෙන සමතෙක් උනා. ඉතිං අන්න එහෙමයි ඌ ටිංකර් උනේ.
 
අන්තිමට මිනින්දෝරු උන්නැහේල යන්න ගියා. වතුර වැඩේ ලොප් උනා. ඒත් වැට ගහන වැඩේ නම් පස්සට ගන්න සමන් කැමැති උනේ නෑ. ඊලඟ දවසේ මැනුම් කරද්දි පොලීසියට කියලම නීතියට අනුව වැඩේ කර යද්දි තමා හොර අහු උනේ. අත් හැරීම ගැන බණ කියන පියසීලි අත්තම්මා මායිම් පැනල හුඟ කල්. අන්තිමට මැනුම් තීන්දුව එද්දි පර්චස් 15ක් වගේ කොටහක් පියසීලි අත්තම්මාට අහිමි වෙලා තිවුනෙ සරුසාර කොස් ගස් දෙකකුත් එක්කමයි.
 
අනේ නැති බැරි කාලෙට මගෙ බඩ පිරෙව්ව රත්තරන් බත් ගස් දෙක මගේ. මිනින්දෝරු අණට අනුව කම්කරුවෝ කම්බි වැට ගහද්දි ඒ අද්දර උක්කුටියෙන් වාඩි වෙලා ඔලුවෙ අත ගහගෙන මහ හයියෙන් පියසීලි අම්මා අඳෝනා තිබ්බේ දුක ලැජ්ජාව මිශ්ර හැඟීමෙන්.
එදත් හිස් බැල්මෙන් බලාගෙන ටිංකර් අම්මා ලඟ හිටගෙන උන්නා.
 
වැට ගහල ටික දොහක් ගත වුනා. එක දවසක් රෑ නිදන් ඉද්දි නිමාලිලගෙ ගෙදර ජනෙල් වීදුරු කඩාන ගල් වරුසාවක් ඇද හැලුනා. සමන් ගෙදර දොරට දැම්ම පොල්ලත් අරන් එලියට බහිද්දි මොකෙක්වත් නෑ. ගෙදර පිටිපස්සෙ වීදුරු සේරම කුඩු පට්ටම් වෙලා. 
 
පහුවදාම ගිහින් පොලීසියට කිව්වත් වැඩක් උනේ නෑ. පොලීසියේ අය කිව්වෙත් හොරා දැක්කොත් කියන්න කියල විතරයි. 
 
තව දොහක නිමාලි උදේ දොර අරිද්දිම ඇඟේ ඇඟ උඩට මල් වඩමක් කඩාගෙන වැටුනා. ඒ ඇත්ති බය උන බය විල්ලට අන්තිමට උනේ නිමාලිගෙ තනියට ඇගේ පුංචි සහෝදරියවයි අම්මාවයි ටික කාලෙකට නවත්තගන්න උන එක. බොහොම සාමාන්ය පහේ වැටුපක් ලබපු සමන්ට ඇයව අමතර බරක් උන නිසාම විවේක දවසට නිමාලිවත් නංගිවත් හවුල් කරගෙන ගේ වටේම වගාවක් දැම්මෙ බටු, මෑකරල්, තක්කාලි, බෝන්චි, ගෝවා, රාබු ආදී එළවළු වගා කරමින්.
 
නිස්කලංක දවස් ටිකක් ගෙවුනට පස්සෙ සමන්ලගෙ ගමේ ගිහින් දින දෙහෙකට පස්සෙ ආපු නිමාලිලට වෙලා තිබ්බෙ මහ විනාසයක්. යන්තං පීදීගෙන ආව තක්කාලි පාත්තියම වනසලා. පදුරු වගේ තිබුන ගෝවා ටික උගුල්ලලා ගේ දොරකොඩ. බෝංචි මෑ කරල් ගාල කීතු කීතු කොරලා දාලා. ඉවසගන්න බැරි කේන්තියක් ආව නිමාලි ඒ වේගෙන්ම වැටගාවට දුවද්දි දැක්කෙ වැටත් කඩලා දාලා. එහා ගෙදර මිදුලටම දුවගෙන ගිය නිමාලි පියසීලි අම්මට වැරෙන් බෙරිහන් දුන්න.
 
මැරිලවත් යන්නෑ නාකි ගෑනි. හෙන ගහන්නෝනි මේ අපරාධ වලට.එලියට වරෙන් අම්මණ්ඩි. ඇය යටි උගුරෙන් කෑ ගහද්දි ගෙයින් එලියට ආවෙ ටිංකර් හෙවත් කුමාර! 
 
මිනිහගෙ සන්සුන් බව දැක්ක නිමාලි කැලඹුනා. ඔහුගෙ ඇස් වල තිවුන දේ නිමාලිට තේරුන් ගන්න අපහසු උනේ නෑ. දණහිස් ලඟට ගවුමක් ඇඳන් උන්නු නිමාලි හැඩ තරුණියක්. මඳක් මහතක් තිවුනට ඇය දෙස කෙනෙක් දෙපාරක් බලන ජාතියේ හැඬ යොවුන් ශරීරයකට ඇය උරුමකම් කියනවා. ඉස්කොලේ කාලේ නැටුන් කරපු නිසා වෙන්නැති. සමන් ගැන උපන් ඊරිසියාවෙන්ම තොල කට ලෙවකමින් ටිංකර් කුමාර එදා පලමු වරට නිමාලිව දැක්කේ පීල්ලෙදි දවසක් දුරට දැක්කට වඩා හොඳටම.
 
ටිංකර්ගෙ සලෙලු දෑස් ඉස්සරහදි පසුබාල නිහඬ උනු නිමාලි දිහා තව පාරක් උඩ ඉදන් පහලටම බලපු ටිංකර් ගොරෝසු හඬින් මෙහෙම කිව්ව.
 
" අම්ම ගෙදර නෑ. ඉන්න වෙලාවක ඇවිල්ල මේ ප්රශ්න කතා කරගන්න"
 
එතකොටම සමන් ඇවිල්ල ටිංකර්ට රවලා නිමාලිගෙ අතින් ඇදගෙන ආපහු ආවා. එදා ඉදන් නිමාලිට ඒ ඇස් වල තිබ්බ අමුතු දේ අමතක උනේ නෑ. අන්තිමට ඒකෙන් උනේ සමන් නිමාලි කියල කිරි පැණි වගේ ඉඳපු ජෝඩුව අතරේ ප්රශ්න සිද්ද උන එක. 
 
එකදාක රෑක දෙන්නා දෙමහල්ලෝ තුටින් දෙතොල් සිපගනිමින් උන්නු වෙලාවක නිමාලි එක පාරටම සමන්ව තල්ලු කරලා බාගෙට උරහිසින් පැන්නිලා තිවුන රෑ ගවුම ආපහු ඇඳගෙන කෑ ගහන්න ගත්තෙ මහ බයෙන් ලඟට එන්නෙපෝ කියල... පස්සෙ ඈව සන්සුන් කරලා කරලා හෙමින්හෙමිට අහල බලද්දි ඈ කිව්වෙ සමන් ඔයා වෙනුවට එතන උන්නෙ ටිංකර් නෙ කියලා. එ තරම්ම ඒ ඇස් ඈව බියපත් කලා.
 
ඉඩමේ මැනුම් කටයුතු අහවර උනාම, වැට ගැහුවටත් පස්සෙ නිමාලිලා ආයෙම ජල සම්පාදනේ වතුර අයදුම් කලා. විරෝධතා බල්ලට වැටෙද්දී පියසීලි අත්තම්මාගෙ දෙස් දෙවොල් මැද ආපහු වැටත් පිලිසකර වෙලා තිවුන. වතුරත් ලැබුන.ඒත් විවේක දාට ඉඩමෙ මායිමෙන් තියන පුංචි අඩි පාර දිගේ ජෝඩුව පීල්ලට නාන්න තවමත් යනව. පීල්ලෙන්න් නාන්නෙ නිමාලිගෙ කොන්ඩෙ දිගු වෙන්න නෙව. ඉතින් එහෙම දෙන්න ජෝඩු දාල පැද්දි පැද්දි යනව දකින පියසීලි අත්තම්ම කට කොල බොක්ක එක්කම කාරලා තුහ් ගාල කෙල තලියක් මිදුලෙ ගහල හෙම ගෙට ගියත් ටිංකර් තමන් දිහා බලන් ඉන්න වග නිමාලි දකිනව.
නුරුස්නා හැඟීමක් ආවත් සමන් ඉන්න නිසා ඈ බය නැහැ.
 
නාන පීල්ල හරි ලස්සනයි. වතුර හරිම සිසිලයි. නිමාලිලගෙ ගෙදර ඉදන් මීටර තුන්සීයක් වගේ එතනට දුරයි. කන්ඳ ඉස්මත්තේ තියෙන උල්පත් රැනෙන් උනන වතුර ලොකු සියඹලා ගහ පත්ලෙන් අතුරුදන් වෙලා එක සැරේට මේ පීල්ලට එක්කාසු වෙන්නෙ අපූරු නිල් කැට වතුර ටික අරගෙන. මේ පීල්ල යටට ඔලුව ඇල්ලුවම නිමාලිගෙ ඉහේ ගින්දර නිවෙනවා කියලා ඈ කියන්නෙ නිකන් නෙමෙයි. ඒ දරුවො ආ දා ඉදම්ම ගින්දර විතරයි නෙව. පීල්ලෙ මායිමේ ඉදන් මීටර දෙක තුනක් එහායින් පියසීලි අම්මගෙ ගෙදර තියනව. එ ගෙදර සාලෙන් එලි බැස්සම නාන පීල්ල යසට පේනව.
 
ගෑනුන්ටම ආවරණය කොරපු පුංචි කොටුව ඇතුලට ගිහින් තම ඇඳන් ආව ගවුම සහ අනික් ඇඳුම් කැලි හනිකට ගලවලා දිය රෙද්ද ඇඳගෙන පීල්ල යටට යන නිමාලිගෙ ඇඟට දිය රෙද්ද ඇලිලා සරීර කූඩුවේ නාරී රේඛාවන් මතු වෙන්න මහ වේලාවක් යන්නෑ. එ ලියකම් මල් දිහා සමන් බලන් ඉන්නෙ හරිම ආසාවෙන්. සමන් වගේම තව කෙනෙකුත් දුර ඈත ජනෙලෙන් ඈ දිහා බලාන ඉන්නවා කවුරුත් දන්නෑ. හැබයි නාලා ගෙදර ගියාහම සමන්ට ලැබෙන උණුසුම කවදාවත් මේ ජනෙල් කවුලුවෙන් බලන ඒ පුරුශයාට නං ලැබෙන්නෑ. ඔහු ඇවිලෙන පුරුෂයෙක්.
 
ඉතින් මේ ඇවිලෙන ටිංකර් කුමාර ඉන්නෙ අවස්ථාවක් එනකම්. හරියට කොටියා වගෙ. කවදාවත් නිසි කල එලඹෙනකම් දඩයමට පහර දෙන්නෑ නෙව විලෝපික සත්තු.
 
ඔහොම කල් ගතවෙද්දි කරදර කිරිලි නම් අඩු උනේ නැ. ගල් පහරවල් වැදීම්, දේපල හානි, බියගැන්වීම් නං අඩුවක් උනේ නෑ. එක දවසක් මරපු පූසෙක් හිටං ගෙනැල්ල දාල තිවුන කුස්සියේ දොර කොඩටම. වතුර බටේ එහෙ මෙහෙන් ගලවලා තිවුන කීප දවසක්. ටැංකියට වහ දායි කියලා බයට නිමාලිලා ටැංකියට ඉබ්බෙක් ගෙනැල්ල සවි කලා. ඔන්නෝම ඉද්දි හිටි ගමන් රෑ මැද අලි ඩොං වගෙ සද්දෙට තුන් හුලස් පුපුරනව. රෑ මැදියම ගමේම ඈයො උඩ ගිහින් ඇහැරෙන්නෙ. පොලීසියට ගමේම කීපදෙනෙක් කියලම ඒක නං නතර උනා. පංසලේ හාමුදුරුවෝ වැඩලත් වැට මායිම් ප්රශ්නෙට විසඳුමක් නොලැබුන තැන දායිකාවට මුකුත් කියාගන්නත් බැරි තැන හාංදුරුවෝ කලකිරීමෙන් ආපහු පංසලට වැඩියා. 
 
කරදර එහෙම්ම තියෙද්දි කාලය ගෙවුනා.නිමාලිලා කරදර ඉවසාගෙන ජීවිතේ ගෙව්වා. කරදර කරන්නෝත්, විඳින්නෝත් මෙලොව ජීවත් විය යුතුයි නෙව.
 
එදා හැන්දෑවෙ ඌශ්ණෙ නිසාම නිමාලි නාන්ඩ ආවෙ පීල්ලට. සමනුත් ආවෙ නාන්න නොවුනට ඇගේ තනියට.නිමාලි සුපුරුදු පරිදි ඇඳුම් මාරු කොරන් ඇවිල්ලා ගෙනැල්ල තිවුන පුංචි පුංචි රෙදි කෑලි හෝදද්දියි සමන්ගෙ ජංගම දුරකථනය නාද උනෙ. එහි ඇමතුමට ප්රතිචාර දැක්වූ ඔහුගෙ මූණ අඳුරු උනා.
 
නිමා, සමන් සංකීර්ණ අවස්ථාවන් වලදි ඈට කියන්නෙ එහෙම.
අනේ නිමා, ඔෆීස් එකේ හදිසි ලිපියක් එවන්නලු මට. මන් ඉක්මණින් එන්නද?
නිමාලි දඟකාර ලෙස වතුර ටිකක් දොතින් අරන් සමන් දිහාට විසි කරලා මං බය උනා මැට්ටො. හා ගිහිල්ල ඉක්මණට එන්ඩෝ කියලා දඟකාර විදියට හිනා උනා. කෝමත් පණ ගන්වල තිවුන පරිගණකයෙන් ලිපිය හොයලා යවන්න තත්පර දහයක් යයි. ඒම හිතපු සමන් ඈට අත වනාගෙන යන්න පිටත් උනා.
 
කොටියාගේ අවස්ථාව එලඹුන. ආරක්ශක බැම්ම නික්මෙනු දුටු කොටියා ජනේලයෙන් පැන හෙමින් හෙමින් පීල්ලේ අනික් පස ඇති මාන පඳුරු දෙපසට කරමින් ගොදුර දිහාට ඇදුනා. කිසිත් නොදන්න අහිංසක හා පැටික්කිය දිය දහර යට විනෝදෙන්. පීල්ලට හිස ලා සිටින ඇයගේ නිතඹ, බටර් පාට දෙකලවා, ඇලුනු දිය රෙද්ද යට්න් කොටියාට පේද්දී කොටියා ආසාවෙන් දෙතොල් ලෙවකෑවේ තව කෙටි වේලාවකින් දැනෙනා මිහිර, රසය සිහි කරමින්.
පීල්ලට හිස යොමා උන් හා පැංචී පීල්ලට පිටුපා ඇගෙ කෙස් රැහැන් මතට දිය දහරාව වැටෙන්නට ඉඩ දුන්න. දෑතෙන්ම හිසකේ පිරිමරිදිමින් ඈ හිස සෝදද්දී සුදු පාට චීත්තය මත ඉලිප්පුනු පුන් පියයුරුවල තුඩු කොටියාගේ පෙරේතකම ත්රීව කලා. පුලුළුකුල කදිමයි. අත් ඔසවන විට පියයුරු ඉස්සී වටකුරුවෙලා පේද්දී කොටියා ඉවසිමේ සීමාවේ ඉන්නෙ.
 
දෑස් පියාන කේශ කලාපය සෝදමින් උන්නු ඈ ඇස් අරිද්දි මෙන්න ඇගේ දෑස් ඉදිරියේ ටිංකර්!
ඈ විලාප දෙද්දී ඔහු සිය හැඩි දැඬි දෑතින් ඈව ඔසවාගන්න තැත් කලා. ඇගේ දිය රෙද්ද ඉවත් කිරිම ඈව අඩපණ කිරීමේ හොඳම ක්රමය යැයි සිතූ ඔහු ඇගේ පපු පෙදෙසේ තිවුනු රෙදි ගැටයට ඇඟිලි යොමු කලේ අනික් අතින් ඈව තරයේ කිටි කිටියේ හිරට අල්ලාගෙන ඉන්නා ගමන්. ත්රී රෝද වල ටිංකරින් කරන්න රලුවට වෙර දාල තහඩු හූරන අතක කොයින්ද සියුමැලි බවක්. 
 
අනේ ඈ විලාප දුන්නා! ආකහේ දෙදරන්න වාගේ..
 
සමා..........න්! අනේ සමා...........න්!
 
ඒත් පීල්ලේ ජල කඳ ඒ ඇඟේ අසරණ විලාපය යට කර දමද්දී ඔහු ඇගේ දිය රෙද්දේ ගැටය බුරුල් කරන්නට සමත් වෙමින් උන්නා. ඇය විලි වසාගැනීමේ උත්සහයක. සතුරා දරුණුයි. ගොදුර හරිම සියුමැලියි. 
 
ඒත් එක්වරම යමක් පැමිණ ටිංකර්ගේ හිස මත පතිත වෙද්දී, ඔහුගේ වේදනාකාරී විලාපය මහ හඬින් ආකාසය පුරා පැතිරෙද්දී, අමු කුණු ගඳැති දියරමැති යමක් සිය මුහුණට විසිවෙද්දී නිමාලිව පැත්තක්ට විසි වී කැරකී ගිහින් ඉන්ද වුනා. එසැනින්ම ඈ පීල්ලේ බැම්මට අත ගසා දෙපයින් සිට ගත්තා.
 
ඉර බැහැගෙන යන කණිසමේ උනත් ආලෝකෙ යසට තිවුන. නිල වර්ණ ජලය ගලා එන පීල්ලේ ජල කඳ හෝ ගාලා ඇදගෙන වැටෙනව. පීල්ල පාමුලින් ගලාන යන පුංචි කාණු ඇලේ වතුර ටික ටික රතු පාට වෙමින් තිවුන. පීල්ලෙ ජල කඳ හෝඕඕඕ කියාන එක ඕසෙට කඩාන හැලෙද්දි එක පැත්තක කැත්තක් අතේ තිවුන පියසීලි ආච්චිත්, අනික් පැත්තෙන් දෙනියේ ගෙදර නිමාලි නංගිත් තුශ්ණිම්ව්භූත වෙලා මුනට මූන බලන් ගොලුවෙලා හිටියා.
 
පියසීලි අම්මාගේ අතේ තිවුනු දර කැත්තේ රුහිරු ධාරා ගලාන විත් බිංදු බිංදු බිමට වැටෙද්දී ඇය නිමාලි දෙස හිස් බැල්මෙන් බලාන උන්නා. සිදු වූ දේ කිමක් දැයි තවමත් සිහි එලවාගන්නට තැත් කරනා නිමාලිත් ගොලුවතින් තමන්ගේ හැතිරිය උනු පියසීලි අම්මාගේ ලේ බිංදු වැකුණු වත දිහා බැලුවා.
 
ඒ දෙන්නාට මැද්දෑවෙ පීල්ලේ වතුර ගලාන යන කාණුවට වැටුනු ටිංකර් කුමාර වියරුවෙන් වගේ අත පය විසි කොර කොර හුඟක් වේදනාවෙන් දඟලලා දඟලල නාහෙන් කටින් විතරක් නෙමෙයි දෙඇස් දෙකන් වලින්ද ලේ වගුරවමින් නිසල වෙද්දී ඒ හිස් කබල දෙබෑ කොට ගැලූ ලේ වලින් පිරිසිදු ජලය අපිරිසුදු උනා......

8 Comments

Your Comments / ඔබේ ප්‍රතිචාර

  1. එක හුස්මට කියවගෙන ගියා. ඒ තරම් රසවත් වචන භාවිතයක්. පරිසර වර්ණනාවත් අපූරුයි.
    ජයවේවා !!!

    ReplyDelete
  2. අවසානය බලාපොරොත්තු නොවන එකක් කිරීම තුළින් කතාවට ආලෝකයක් ලැබෙනවා.

    ReplyDelete
Previous Post Next Post

Contact Form