අරගලය අවිහිංසාවාදී විය යුතුමය



මේක කියවූ පසු මාධවයාව අඩංගුවට ගන්නට සිතාගෙන ඉන්නේ නම් මෙම ලිපිය ඇඳිරිනීතිය දැමීමට පෙර පල කල එකක් බව කාරුණිකව සලකන්න. නීති ගරුක පුරවැසියෙක් ලෙස මාධව නීතියට ගරුකරන්නේය.

අරගලය අවිහිංසාවාදී විය යුතුමය

මාධවගේ මතය ඒකය. කිසිදු ජීවිත හානියක් සිදු විය යුතු නැත. මහජනතාවගේ අවශ්‍යතාවය ඉටු විය යුතුමය. ඒ වාගේම ජීවිත බිලි ගන්නා ව්‍යාපාරයකින් තොර වියයුතුමය.

අතීතයේ සිටම රුධිරයෙන් නැහැවුනු රටක තවත් ලේ වැකීමට ඉඩක් නොතැබිය යුතුය. අරගලය හිංසාවෙන් සහ හානියෙන් තොර විය යුතුමය.

මේ වර්තමානය ගැන මාධවගේ කියවීම වන්නේය.


වර්තමානය අවුල් වියවුල් වී ඇත. ලාංකික සිහින අලු දූවිලි වී ඇත. ලක්ශ හැට නමයකගේම ජන්දයෙන් පත්වුනු මෙවර පාලකයෝ එදා පටන් තනමින් ආ ලක්මවගේ මිනී පෙට්ටියට අවසන් ඇනය ගැසීමට සූදානම්ව සිටින්නේය.

මහජනතාවගේ හඬින් ඔවුන්ට අබැටේක වගේ වගක් නැත.

අප්‍රේල් තුන්වැනිදා ව්‍යාපාරය කොහෙන් කාගෙන් ආවාදැයි මාධව දන්නේ නැත. පැතුම් කර්නර් කියාගන්නා එකෙක් හෑශ් ටැග් නිර්මාණය කරමින් ඉන්නේය. මාධව හිතනා හැටියට ඌ ඇඩ්වටයිසින් කොරනා එකෙක් ය. කෙසේ වෙතත් ඌ මෙවර නිර්මාණය කල #gogatahome ඉතා උත්කර්ශවත් අන්දමින් රට තුල පැතිරෙන්නේය. හැබැයි ඌ ඉන්නේ එංගලන්තයේය. 

ඒකේ හොඳ නරක මාධවට තේරුන් ගන්නට නම් බැරි නමුත් පාලකයාගේ අඩිතාලම සෙලවීමට එය ප්‍රමාණවත් වී ඇත.

ඒත් උන් බිමට වට්ටා දමන එකට නම් හෑශ් ටැග් එකක් ප්‍රමාණවත් නොවන්නේය.

කෙස් වුවද දැන් දැන් ස්වාධීනව මහජනයා නැගිටිමින් පවතින්නෝය. ඒ අතරේ ඇම්බැට්ටයෝ කිරි කල වලට ගොම දමමින් ඉන්නෝය. ඒවාද මහජන ගිණුම් වලට බැර වන්නේය. හානිය ඒකය. 

මිරිහානේදී උනේ ආන්න ඒකය. බස් එක ගිනි තැබීම සාක්ශි සහිතව ඔප්පු වූවද අන්තවාදී ප්‍රහාරයක් යැයි ගොන් කතාවක් කියා ලියුම්.දාම්මේ ඒකය. විදුලි එලිය නැති නිසා ඉටිපන්දම් එලියෙන් ලිවූ ඔරිජිනල් තිර රචනය අපැහැදිලි නිසා එදිරිමුණිගෙන් ණයට ඉල්ලාගත් පිටපත කිංස්ලි විසින් සමාජ ගත කර ඇතැයි මාධව සිතන්නේය.

ඒක අතේ පැලවුන පල් බොරුවක්‍ ය.

ලොකු තැනගේ මාධ්‍ය අංශයේ හත්පොලේ ගාගත් කක්කි ලියුම ඊට හපන් එකක් වන්නේය. මක් නිසාද යත් වැඩ්ඩෙක් ලෙස උස්සා තැබූ ලොක්කාගේ කලිසම සැනින් ගැලවෙන්නේ මේ ලියුම නිසාය. පාස්කු පෙරට දාගෙන අන්තවාදීන්ට අඩි දෙන්නට ආ යුධ විරුවාගේ අන්ඩර්වෙයා එකේ හිල පෙනුනේ මේ ලියුමෙන් ය.

ඒ අරාබි වනාන්තර (වසන්තය) කතාවෙන්‍ ය. අරාබි වනාන්තරය ගේ ලගටම ඇවිත් හූ කියනකම්ම බුද්ධි අංශ බුදියාගෙන උන්නාදැයි මාධව ඇසීමට කැමතිය. ගෙයි දොරකඩටම අන්තවාදීන් එන තෙක් බුද්ධි අංශ ආරංචි නොලැබෙන ලොකුතැන රටක ආරස්සාව කෙසේ නඩත්තු කරන්නේද? ඌත් රනිල් සිරිසේන වාගේම පඹයෙක් ය. පොල් ඉත්තකින් කපා ගත් පොල් ඉති පඹයෙක්මය.

ඉතින් ලොකු තැන වෙනදා වගේම මිරිහානේදීත් අසමත් ය.

සිරි ලංකාවේ හැමදේම එකට එකක් බැඳී පවතින්නේය. මාධවගේ මතය වන්නේ යහපාලුවෝ පලමුව මේ ව්‍යසනයට වග කිව යුතු බවය. යහපාලුවෝ මේවා හරියට කලා නම් බහුතරයක් ඉන්නේ මේ වන විට කල්දේරම් බත් ගිල ගිල ය. බරපතල රාජකාරී ඇතුව දඟ ගෙයි දාලා ය. අතීතයේ සිට සිදුවූ වැරදීම් නිවැරදි කරගන්නට ලද හොඳම අවස්තාව යහපාලනය බව මාධව විශ්වාස කරන්නේය.

ඒ අවස්තාව පොලවෙන් මතු වූ කාළකණ්නි මයිත්‍රී සහ රනිල් එක්ව විනාස කොට දැම්මේය.
ඒ නිසා  දැන් ආයෙමත් අපරාධකරුවෝ ටිකක් පඹයෙක් ඉස්සර කරගෙන මහජනතාව පෙලනා රජුන් බවට පත්වී ඇත.

රටක ජනතාවට කන්න නැති කිරීම බරපතල අපරාධයක්‍ වන්නේය. පක්ශ විපක්ශ සියල්ලෝම මේ සඳහා වගකිව යුතු වන්නේය.

මැති ඇමති අම්බරුවන්ගේ ගොම්බෙටි අනුභව කරනා නිලධාරී පැලැන්තියද ඒ හා සමානව මේවාට වග කිවයුතු වන්නේය.

මැති ඇමති අම්බරුවන්ගේ මූත්‍රා පානය කරනා ඇම්බැට්ට හැතිකරය ද මේ ව්‍යසනකාරී වාතාවරණය වෙනුවෙන් වග කිව යුතු වන්නේය.

ජන්දය ලබාදීම පිලිබඳ සාක්ශරතාවයක් නොමැති පුද්ගලික වාසි තකා ජන්දය ලබා දී කඩේ යන ජන්දදායකයා ද මේ ව්‍යසනය සඳහා වග කිව යුතු වන්නේය

සියල්ලන්ටම ඉහලින් නීතිය නිසි පරිදි ක්‍රියා නොකිරීම හා ක්‍රියාත්මක නොවීම මේවාට හේතු වී ඇත.

සමාජයක් නිර්වින්දනය කර හැමදාම කාළකණ්නි වැඩ කිරීමට ඉඩක් නැත. දැන් දැන් ටික ටික සමාජයේ හිරි ඇරෙද්දී දේශපාලනික අඳබාලයොන්ට සුලු දිය පහවෙන බවට මාධව කැට තබා කියන්නේය. 

තුන්වැනිදා නිහඬ ව්‍යාපාරය සාමකාමී අවිහිංසාවාදී එකක් විය යුතු වන්නේම ඒ නිසාය.

ඒ සඳහා මාධවගේ යෝජනා මේකය.

කිසිදු පක්ශයක් පාටක් ගාවා නොගන්න.

ඔබගේ අතැති සටන් පාඨය ඔබගේ වගකීමක් ලෙස සලකාගන්න.

ඔබ තනිවම ඔබට පහසු ලෙසින් ඔබගේ විරෝධය පෑම සිදු කරන්න.

පොදු දේපල වලට හානි කිරීමෙන් වලකින්න.

මහජනතාව ට බාධා වන අයුරින් කටයුතු නොකරන්න.

ආරක්ශක අංශ සහ වෙනත් එවැනි අය සමග ගැටුමට නොයන්න. (ඔවුන් කරන්නේ ඔවුන්ගේ රැකියාව නිසා ඔවුන්ට අනුකම්පා කරන්න)

නිහඬව ඔබගේ විරෝධය දක්වා අවසන් නම් නිවසට පැමිණ පවුලේ අය සමග කාලය ගත කරන්න.

කිසිම දේශපාලන පක්ශයක් සමග ඇයි හොඳයිකම් පැවතීමෙන් වලකින්න.

එපමණක් ය.

Your Comments / ඔබේ ප්‍රතිචාර

Previous Post Next Post

Contact Form