නූතන මරණයේ යථාර්තය................!!!





මා සිටින්නේ මරණය අභියසය. මරණ මංචකයේ දැනේනා හැඟුම් විස්තර කිරීමට අපහසු ඒකක් වන්නා සේම ඒය විස්තර කිරීමට නොහැකි වන දෙයක්ය. ස්ප්‍රීතු ගන්ධය මාගේ නැහැයට දැනුනේ දැන් දින කීපයකට පෙරය. ඒතැන් සිට කෙමෙන් කෙමෙන් ඒ් ගන්ධය මාගේ ස්නායු වලට ඇති කල බලපෑමක් නැත. මරණය ඒන බව දැනෙනා බැවින්දෝ මාගේ ගඳ සුවඳ ස්නායු කලින්ම මැරී ඇත්තේ යැයි මට සිතෙන්නේය. විවිධ වර්ගයේ මිනිසුන් මා දෙස බලමින් ඔබ මොබ යනු පෙනෙන්නට තිබුනද ඒ් කව්ද කින්ද මන්ද යනු සිතා මනස වෙහෙසීමට මට උවමනා නොවේ.මට අවශ්‍ය වන්නේ නිර්වාණය ලබා ගැනීමය. සමාදානයේ සැතපීමටය.


මාගේ දැනීමේ සැටියට තවත් දින කිහිපයක් ගෙවී ගියේය. ඒ් දින කිහිපයෙන් ඒකකදීවත්  මා හට පළමු දින සිට ඒහෙන් මෙහෙන් සම්බන්ධ කර ඇති නාල සහ අනෙකුත් උපකරණ සහ ඒක් ඒක් රැහැන් වලින් කිසිවක්වත්  ඉවත් වූයේ නැත. විටින් විට සුදු ඇඳගත් කාන්තාවන් පැමිණ මාගේ මුහුණට ඒබී අසල ඇති බීප් නාදය නගනා යන්ත්‍රයට ද ඒබෙන්නේය. ඔවුන් විටින් විට මාගේ මැණික් කටුවද අල්ලා බලන්නේය. යාන්තමින් හෝ නාඩි දැනෙනා විට  ඔවුන් යලිදු මාගේ මුහුණට ඒබෙන්නේය.  ඇද පාමුල ඇති ලේඛනයේ කුරුටු ගාන්නේය. යලිත් නොපෙනී යන්නෝය. මා හට මඳ විරාමයක් සහ සාමකාමී පරිසරයක් උදා වන්නේය.

මරණයට මම බිය නොවෙමි. මට දැන් අවශ්‍ය වන්නේ කුමක් දැයි මා විසින් අවබෝධ කරගෙන සිටින්නේය. අතීතය මකත් කර දුක් වීම හෝ සතුටු වීම මට අවැසි නොවේ. මාගේ බිරිද හෝ දූ දරුවන් හෝ නෑ සිය මිතුරන් අත හැර යාමට මට දුකක් නැත. අවශ්‍ය වනුයේ සාමකාමීව ඒයට මුහුන දීම පමණක්ය. මාරයා මා අසල සිටින බව මට දැනේ. නමුදු මාරයාට සහ මා හට බාධා කරන්නේ වෙදදරු මහත්වරුන්ය. හෙදි නෝනලාය. ඉතින් මාරයා මා අසලට වී තවදුරටත් කල් මරන්නේ වෙලාව පැමිණෙන තෙක්ය. වේලාව ඒළඹුනු කල්හි අප සැම ඒ් ගමන යා යුතුමය. ලෝ දහම ඒයමය.

කාලය ගෙවී යන්නේය. තවදුරටත් මා රෝහලේ යැයි මට දැනෙන්නේය. බොඳ වූ දෙනෙත් ඇතිව යාන්තමින් ඇති ශ්‍රවණ ශක්තියෙන් යුතු මම තවදුරටත් බලා හිඳිමි. දෙලොවක් අතර තනී වී සිටිමි. බිරිද හෝ දූ දරුවන් අසලකවත් නැත. ඒසේ මරණය හමුවේ කල් ගෙවමි. නමුත් මාරයාද තව දුරටත් ඉවසා සිටිනු යැයි මට විශ්වාස නැත. මාගේ මරණය ශාන්ත වේ යැයි මම විශ්වාස කරමි. දූ දරුවන්ට සහ බිරිදට යුතුකම් ඉටු කලෙමි. රටට ජාතියට ණය නැති පුතුන් සහ දියණියෙක් මේ ලෝකයට දායාද කලෙමි. ඔවුන් හදා වඩා ගත්තෙමි. බිරිඳගේ සහාය ඉතාම වැදගත් භූමිකාවක් ඒහිදි ඉටු විය. ඔවුන් උස් මහත් වී ඉගෙන ගෙන වැදගත් රැකියා වන්හි නිරත වන්නේය. ඔවුන්ට භාර්යාවන් සොයා දී විවාහ කටයුතු සිදු කලෙමි. දියණියද ධනවතෙකුට ආවාහ කර දුනිමි. මහ ගෙදර විසූයේ අප දෙදෙනා පමණක්ය. ධනවතෙකු නොවූවද ගොවියෙක් වූද  මා ඒ් කටයුතු සිදු කිරීම පිළිබදව සියුම් ආඩම්බරයක් ඇත්තේය. අද ඔවුන් නම ගිය පුද්ලගයින්ය. දේශපාලනයේ නිරත බෑනා නිසාම පවුලට ලැබුනු තත්වය සුලුපටු නොවේ. කෙසේ වුවත් අද ඒ් ශ්‍රී විභූතිය අතහැර දමා යා යුතුව ඇත. මා සතු ඉඩකඩම් නුදුරු දිනයකදීම ඔවුන් සතු වනු ඇත. මාගේ බිරිද රැක  බලා ගැනීම පොඩි පුතු විසින් සිදු කරනු ඇත. මාගේ මළ කඳ වත්ත පහල දෙනියේ තැන්පත් කෙරෙනු ඇත. මරණ ගෙදර පිළිබදව චිත්‍රයක් මා හට හිතේ මවා ගැනීමට හැකියාවක් මේ මොහොතේ නැති වුවද බණ පදයක් මතක් කර ගැනීම නම් මට සුලු කරුණක් වන්නේය. 

අවසානයේ ඒ් මොහොත පැමිණියේය. හාත්පස කළුවර වී යන බව දැනුනේය. මාරයා  මා ඔසවා ඔහුගේ දෝතට ගනු දැනුනේය. සැහැල්ලු වූ ආත්මය  වැසී තිබූ  තිබූ මිනිස් සිරුරේ බර තවදුරටත් නොදැනුනේය. මරණය අභියස සිහි කරගැනීමට සිතා සිටි බණ පදයද අමතක වී ගියේය. අමුත්තක් දැනුනේය.

මට දැනුනේ මා තනිවූ බවය. මරණය හමුවේ කිසිදු දරුවෙකු මා බැලීමට පැමිණියේ නැත. බිරිඳ සිහිවී ආපසු ජීවත් වීමට උවමනා විය. නමුදු වේලාව පැමිණ ඇත. යායුතුය. යලි නොඑන ඒ්  ගමන යා යුතුමය. ඒ් මොහොතේ මාරයා මා සමග සංවාදයේ යෙදුනේය. 

ඔබ යා යුතුයි. ඔබගේ කාලය අවසාන වී ඇත.

මාරයාණෙනි, මට තව බිඳකුදු ජීවය ලබා දෙනු මැනවි.

ඔබ දරුවන් කෙරෙහි බිරිඳ කෙරෙහි යුතුකම් ඉටු කර ඇත. තව කුමක් බලා පොරොත්තු වන්නේද?

මාගේ දරුවන් මෙහි ඒනු ඇත. මා මියගොස් ඇති බව දුටු කල්හි වැලපෙනු ඇත. මා හට තව වරක් ඔවුන් දැක ගැනීමට සහ අවසන් වරට ඔවුන්ට අවවාද අනුශාසනා ලබා දීමට අවස්ථාවක් දෙනු මැනව!

මිතුර, මාරයා සිනාසෙනු මට ඇසෙන්නේය. ඔහුගේ වියරු සිනහව මාගේ ගත කිලිපොලා නොගියේ දැන් මා ආත්මයක් පමණක් නිසාමය. මිතුර ඔබගේ දරුවන් ඔබව බැලීමට ඒන්නේ නැත. සත්‍ය වටහා ගන්න. දින තිහක් පමණ ඔබ රජයේ ආරෝග්‍ය ශාලාවේ ඇඳක දිවි ගෙව්වේය. ඔබගේ වාරය ඒනතුරු මම බලා සිටියේ අනුකම්පාවෙන්ය. ඔබට තවදුරටත් හිඳින්නේ ඔබ ඒකල උස් මහත් කල කැවූ පෙවූ දරුවන් නොවන්නේය. ඔවුන් ජීවිත තරගයේ හති දමමින් දුවන්නේය. ඔබ වෙනුවෙන් ඔවුනට කල හැකි දෙයක් නැත. ඔබ වෙනුවෙන් දෙයක් කිරීමට ඔවුනට කාලයද නැත.

යථාර්ථය තේරුම් ගන්න, මා සමග ඒන්න.....

මාරයාගේ අවසන් වදන් ඇසුනු මාගේ ආත්මයේ දෑසින් කදුලු වැගිරෙනු මට දැනුනේය. කුඩා කල දුව පැන කෙලි සෙල්ලම් කල දරුවන් දැන් නැත. සත්‍ය එය වන්නේය. මාගේ බිරිඳ පිළිබදවද සිතා පලක් නැත. ඇය මහලු මඩමක තනි වනු ඇත. මා හට කිරීමට කිසි දෙයක් නැත. මා මළ කඳක් වී අවසානය. මේ සංසාරයේ තව නැවතුමක් හැර දා යා යුතුව ඇත.

සත්‍ය ඒයමය....
මා යායුතුය......
පාවී යමි......ඈත ඈත.........
මාරයාගේ පිටුපසින්.................................

.......................................................................................................

සත්‍ය දහම යනු මරණය පමණයි
ලෝ තලයම දන්නා තතු එලෙසයි
හඳුනා ගන්නේ කවුරුද සත්‍යය
අප යායුතු බව කල් ඒළැඹුනු කල

හුස්මක් ගැහෙනා ජීවිතයක හිඳ
හුස්ම නොවැටෙනා කල එළැඹුනු සඳ
යායුතු වේ හැරදා නැවතුම මේ
රැස් කල ධන සම්පත් හැරදා.........................!!


2 Comments

Your Comments / ඔබේ ප්‍රතිචාර

  1. අඩෝ.. මැවිලා පේනවා බං ����������❤️❤️❤️
    සිරවටම ඇත්ත ඕක තමයි.. අපි ඕක තේරුම් ගන්න ඕනේ..

    ReplyDelete
    Replies
    1. හම්! ස්තූතියි ලේනා මහතා ඔබේ කමෙන්ටුවට!

      Delete
Previous Post Next Post

Contact Form