තුරුනුවියේ පුංචි එකී,
සන්නාසිය අරං ගියා
නිධානයක් ගන්න කියා
හැමට හොරෙන් අරං ගියා
පව් කරනා සන්නාසී
අදුරු රැයේ ඈ තනි කොට
නිධානයත් උදුරාගෙන
ඈ වනයේ දමා ගියා...
තනිවූ ඈ කදුලු සලයි
පිහිටක් සොයමින් වැලපෙයි
මහ වනයේ නිහඩතාව
ඈ වෙත වරදක් පටවයි
වනයේ රුදු වග වලසුන්
මාන බලයි ඉව අල්ලයි
සන්නාසී පව හින්දා
ඈ විදවයි දුක් නින්දා
රජ කුමරා ඈ වෙත විත්
ඒ සුරතින් අල්ලාගෙන
ඈ දුක් ගිනි නිවා දමා
සැනසුවේය දිවි ඈගේ....
මහ වනයේ ඉකුත් රැයක
එක් පෙති මල මිලින උනා....
කුමරාගේ උනුසුම මැද
මිලින කුසුම යලි පිපුනා.....