ඕනේ නෑ හන්තාන.....




අසමත් වූ විභාගය, අහිමි කල හන්තාන

පෙම්වතුන් හට උරුම නැති එහි සිසිලස

සරසවියට පමණක්ද හිමි උනේ

Z - ලකුණු නැති ප්‍රේමයේ සොඳුරු හැඟුමන්



නිල් ආකාසයේ

පුළුන් වලාකුළු අතරින්

හැඟුම් පෙරාගන්න

හන්තාන තුල තුරුලුවන්නට

උරුම නැති “යව්වනය”

අසමත්ද ජීවිතය 

නැති නිසා Z -ලකුණු



සුදු කළු කාර්මික ජීවිතයේ

සිත් බැඳුනු ප්‍රේමයට

ඕනේ නෑ හන්තාන

අවශ්‍ය සිත් පුරා සෙනෙහස පමණකි

ඇය පතන,

අසමත් නෑ ඔවුන් මෙන්

ඔවුන්ට හන්තාන ඇත

අපට ජීවිතය ඇත පුරාවට පෙම් කරන්නට......

Your Comments / ඔබේ ප්‍රතිචාර

Previous Post Next Post

Contact Form