අමුතු බේකරියක
පැටිස් රෝල්ස් පීසා කේක්
ම්ම්ම්ම්ම්ම්!
මං ගියා කන්නට යමක්
අමුතු බේකරියට
මොනාද මල්ලි මේවගෙ
ඇතුලෙ....
ඇහුවා පැටිස්වල ඇති
පිරවුම් ගැන
ලැබුනු උත්තර ගැන සිතා
බලමි
“මේක ඇතුලේ චිකන්”
හරිම සරලයි
චිකන් ජීවිත පිරවූ
පැටිස්
ඇයි තව “හරක් ජීවිත! ,
ඩිකන් ඩිම්බ! , මාලු ජීවිත! ”
ජීවිත අඹරා පිරවූ රසවත්
පැටිස්...........!!!!
No comments:
Post a Comment
Your Comments / ඔබේ ප්‍රතිචාර