මල් සුවඳින් අවට පරිසරය
සුවඳවත් වී තිබුනේය. උදෑසන ගෙවෙමින් පැවතුනේය.
උදැහැනැක්කේ දැනුනු හිරිගඩු පිපෙන වසන්තයේ සීතල මීදුම් රැලි දැන් දැන් ක්ෂය වෙමින් පැවතුනේය. එහෙත් තාමත් සිසිලස අරන් එන සුලං රැලි විසින් ඇගේ කාල වර්ණ කෙහෙරැලි මාධවගේ මුහුණ මත තවරාගෙන යෑම ආරම්භ වූවා පමණක්ය. එතනින් එහාට යාමට පෙර එකිනෙකා සිය හදවත් වල ගැස්ම අඳුනාගත්තෝය. ආදරණීය මොහොතක හරියට බොළඳ නවකතාවක් වගේම. එකිනෙකාගේ දෙනෙත් හමුවීමෙන් නොනැවතී ඒනෙත් බැලුම් වලින් යුතුවූ ආදරණීය පැයක උච්චත්වයට දෙදෙනාම ලං වෙමින් පැවතුනෝය. දෙදෙනාගේම නහර වැල් තුල උණුසුම පැතිරෙමින් තිබුනෝය. මල් පඳුර තුල තුරුලුව සිටි දෙදෙනාට නොදැනීම දෙදෙනාගේ දෙතොල් ලං විය. තවත් මඳ වේලාවකින් දෙදෙනාටම එකිනෙකාගේ සිනිදු දෙතොල් පහස නොදැනී දැනී දැනෙන්ට විය. එහෙත් තාමත් දෙතොල් එක මත එක තැවරීමට පටන් ගත්තේ නෑය. එහෙත් එසේ දෙතොල් එකිනෙක මත ඇතිල්ලී යාමට ඔන්න මෙන්න වූ සැනින්ම..................

“අනේ මට බයයි අනේ!“ ඈ
ගැස්සී පස්සට විය.
මාධවගේ අවදිවෙමින් සිටි
සියලු දේ නැවත පෙර තත්වයට පත් විය.
“ ඇ ඇයි? “ මාධවගේ කරුමය පල දීම මේ යැයි කිමට හැකියි.

“අනේ මට බයයි අනේ! උයා
මට ඇත්තටම ආදරෙයිද “ ඈ මාධවගෙන් අසන්නට පෙර තවත් තුරුලු විය.
“ආදරේ නැත්තං එයිද අනේ
“ ඒ මාධවගේ වචන පෙලක්ය.
“ ඔයා මාව තුරුලු කරන්
ඉන්නවා නේද මාධව? හැමදාම? ඒත් දැන් අපේ කවුරු හරි දකී අනේ! මට බයයි!
“ ඈ මාධවගේ නහයේ ලපේ අත ගාන ගමන් මාධවගෙන් ඇසුවාය.
“හැමදාම? එතකොට මං වැඩට
යන්නෙ කොහොමෙයි? ඇයි අම්මයි තාත්තයි තාම මල් වතු ගානේ යනවද?
“
“මෝඩයා! මැට්ටා! මං හැමදාම
කිව්වෙ අපි දෙන්න විතරක් ගෙදර ඉන්න වෙලාවට. අම්මලට බනින්න එපා අනේ! “ ඇය තවත් තොදොල්
වන්නීය.
“තුරුල් වෙන ඒවා බලාගන්න
පුලුවන් එදාට... කෝ එනවකෝ දැන්වත්....“ මාධවගේ ඉවසීමේ ගුණය දැන් රතු ඉර අසලය.
“අපි දෙන්නා විතරක් ඉන්න
වෙලාවට වල් කම් එහෙම බෑ ඕං හොඳඳ?“ ඇගේ සුකුමාල ගති ගුණ!
“මං වලත්තද? ආ? “දැන් නං මාධවගේ ඉවසීම කෙලවරක් සොයන්නේය.
“නෑ නෑ මගෙ මහත්තයෝ!
මං දන්නවනේ මහත්තයා එහෙම නෑ කියලා!“
“හා හා ඇති! දන්නවනං එන්නකෝ චුට්ටක් ළඟට හොඳ බබා වගේ“

ආයෙමත් දෙන්නා පෙර සේම
දෑස් දෙස බලන් ඉන්නෝය. දෙතොල් මත ලිස්සා යෑමට සූදානම් වන්නෝය. කෙමෙන් කෙමෙන් කෙමෙන්
ලං විය. ඔන්න මෙන්නය... ඕං ඕං........
“අනේ මට බෑ අනේ!“ ඒ ඇගේ කඩ හඩ කෙඳිරුමින් ඇසුනු අයුරුය!
මේ ලංකා භූමියේ සමහර කෙල්ලංගේ අමුතු සිප ගැන්මක අරුමයයි........

ලොල්යැ...
ReplyDelete