ගල් කපන මැසිම, තවත් පුවත් කතන්දරයක් සහ ශරීයා බඩකඩුත්තුව!.............

http://tharunayaking.blogspot.com අඩවියෙනි!


කරදර සහ කතන්දර අතරේ ගලාගෙන යන ජීවිතය සුලුවෙන් තකන්නට බැරිය.
කවදාවත් බැරිය.හැම සිදුවීමක්ම එකිනෙක බැදී තිබෙන්නාක් මෙන් සිතෙන්නේය. ඇතැම්වා විනෝදාත්මක වුවත්, දුක් බර උවත් සිදු වූ හැම සිදුවීමක්ම යම් කිසි දෙයක් ගැබ් වී තිබේය. ඒවා තේරෙන්න කල් ගතවනු ඇත. සමහර දේවල් ජීවිතය ගෙඩි පිටින් වෙනස් කරනුයේ කුණාටුවත් ඇවිත් ගියා සේමය. කොහොම වුවත් එහෙම සුලුවෙන් ගන්න නොහැකි ජීවිතයේදී විදින්න වුන සිදුවීම් ටිකක කතාන්දර ටිකක් මේ විදියට අද මාධවගේ අකුරු වලින් ලියවෙන්නේය. ඒ මෙහෙමය.

ගොඩක් දේවල් විකාර වගේ හිතුවත් විකාරම නොවන්නේය! පුංචි සන්ධියේ මාධවලා ඇතුලු දැන් ඉන්න නාකි රැල කරපුවා ගැන ඒ කාලේ කිසි ගාණක් නැතුව උනත් දැන් එහෙම නැත්තේය! දැන් පුංචි එවුන් කරන කියන දේවල් ඇහෙද්දි මාධවලා ඒ කාලේ කරපුවා නිසා තමන්ගේ සමීපතයින් කොච්චර චාටර් වෙන්න ඇද්ද කියලා හිතෙද්දි සියුම් දුකක් සිත වෙලාගෙන යන්නේය. ඉතිං එහෙම කතාන්දරයකින්ම මාධවගේ කතා වලින් ගොඩ කාලෙකට පස්සේ කියන විනෝදාත්මක සහ සීරීයස් කතා ගොඩ පටන් ගන්නේය.

මේ දිනවල නුවරඑළිය හැටන් පාර කාපට් දාන්නේය. ඉස්සර පැය දෙකකට අඩු කාලයකදී නුවරඑළියට ළගා වෙන්න පුලුවන් තත්වයක් තිබුනු මාධවලට දැන්  දැන් පැය තුනක් පමණ ගාටන්න වෙලා ඇත්තේ මේ පාර හැදිල්ල නිසාය. නමුත් එකෙන්ම ෂුවර්ය. පාර හැදුවාම නං පස්ටය. ඉතිං ළගකදී නුවරඑළිය බලා ඇදුනු මාධව ආපසු එන ගමනේදී සිදුවූ අමුම අමු පලු පැලෙන සිද්ධිය මේකය.

මේ දිනවල කෙරෙන සංවර්ධන කටයුතු නිසා නුවරඑළිය පාරේ යකා නටන බර වාහන ලොට්ට පට්ටය. බැකෝ, ටිපර් සහ එකී මෙකී නං නොදන්නා දේවල් එමටය. මාධව ඉස්සෙල්ලම ඒවා දැක්කේ මාධවලාගේ ටවුම හරහා කොළඹ යන තාර පාර, කොරියන් කාරයෝ ඇවිත් කාපට් කල කාලයේය! එතකොට මාධව එක වසරේය. ඉතිං ඊට පසු තවත් තැන් වල දැක ඇතත් ගොඩ කලකට පසු යලි දකින්නේ මේ නුවරඑළි පාරේය. ඉතිං මේ කියන මොහොතේ මාධව සිය නැන්දනිය සමඟ (** ***ගේ අම්මා නෙමෙයි! ඒ වෙන්ට හිටිය නැන්දා නේ! මේ කියන්නේ මාධවගේ පියාගේ සහෝදරිය ගැනය) නැවත හැටන් බලා ඇදෙමින් සිටියේ මාෆියා(ඒ කතාව ඊළගට කියනු ඇත) ඒ සී බස් එකේ හාන්සියක් දාගෙනය.

මාධවලාට එහායින් සිටියේ පොඩි එකෙක් සහ පියෙක්ය. මාධව මේ කියන මොහොතේ හොදවයින් මල් එස් එම් එස් ගැහිල්ලක (කෙනෙක් එක්ක) ගිලී සිටි නමුදු පියාගේ සහ පුතාගේ කතාවට කණ යොමු වූයේ නිනැතින්ය (මාධවගේ මිතුරෝ ඉස්සර කියනුයේ උඹට මොක නෑහුනත් කුපාඩි කතා නං හොඳට ඇහෙන බවය! මේක කුපාඩි කතාවක් නොවුනත් ඒකත් ඇහුනේය....).ඉතිං මේ  දරුවාගේ පියා පුතාට එක එක ඒවා පෙන්න පෙන්නා ඒවා සරලව විස්තර කරන්නේය. පොඩි එකාද හම් අනේ හුනේ ගගා ඒවා නරඹා තුටු වන්නේය. ඒක පිය පුතු ආදරයේ හැටිය. ඉතිං රදැල්ල ටවුමටට පොඩ්ඩක් පහලදී තලවකැලේ පැත්තට වෙන්න  (අනික් පැත්ත හරෝපල්ලා බලන්න තලවකැලේ කියන එක!) බැකෝ එකක් දුටු පියා පුතාට කිව්වේ “ආන් පුතේ බැකෝ එක! ඒකෙන් තමයි කඳු වල පස් කපන්නේ “ කියාය! ලිඳුල හරියට එද්දි තිබුනේ ගල් විඳින යන්තරයක්ය. එය පෙන්නූ පියා කීවේ “පුතේ ඒකෙන් තමයි පොඩි පොඩි කෑලි වලට ගල් කපන්නේ“ කියාය! තලවකැලේ ටවුම කිට්ටුවේදී තිබුනේ වැඩ නැවැත්තූ ගල් කඩන මැසිමක්ය. එය වැඩ එය දුටු පොඩ්ඩාගේ කට පියාට ඉස්සර විය! හෙතෙම “ආල් තාත්තෙ ගල් කපල මැසිමක්! අල අල බලල්ල ගල් කපන උල් කෑල්ල කකුල් දෙක (චේන් රෝල් දෙක) මැද්දෙ තියාගෙල ඉල්ලවා“ යැයි සැහැල්ලුවෙන් කියා දැම්මේ මාධවට හිනා කැන්දමිනි!

මේ කියන්නේ පුවත් කතාන්දරයක්ය! බස් මාෆියාව මේකය! හැටන් නුවරඑළිය ඒසී බස් ගමන් සේවා යනු කාළකණ්නි මහජන මුදල් ගසා කෑමකි! ඒ සම්බන්ධව බළධාරීන්ගේ අවධානය ඉක්මණීන් යොමු විය යුතුය. එම කතාව මෙසේය. හැටන් සිට නුවර එලියට ඒසී බස් ගාස්තුව එක් අයෙකුට රු 120ක්ය. ඒත් කිසි බස් එකක ඒසී නැත. නීතියට පටහැනි ලෙස සෙනගද පටවං යන්නේය. ඒසී බස් වල ගෙන යා හැක්කේ ආසනගත මගීන් පමණක්ය. එහෙත් මුං මඟ දිගට සෙනග එකතු කරන්නේය. මගී ආසනද ඉතාම පහත් තත්වයක තිබෙන්නේය. නඩත්තුවද පහත් මට්ටමක ඇති මේ බස් රථ වල මගියාගේ පහසුවට කිසිත් නැත. සමහර බස් වල ටිකට් නිතුක් කිරීමක් නැත. පාරේ තත්වය නිසා නොවෙන්න මන්දගාමීව මගීන්ගේ කාළයද නාස්ති වන ලෙස මගී  ප්‍රවාහනය කිරීම යන චෝදනාවද එල්ල කල හැකිය. කොටින්ම මෙහි ඇත්තේ අමුම අමු වංචාවක්ය...

ඉතිං කතා ටික මේවාය! ඒ දෙක ඉවරය! එහෙනං ආයෙත් හමුවෙනකං මේ දෙක පට්ට ගගහා ඉන්නා ලෙසිං මාධව ඉල්ලන්නේය.

-------------------------------------------------------------------------------------------------------------------
පලි - මාධවගේ ඊළග කතාන්දරය සමහර විට මිලේච්ජ ශරීයා නීතිය ගැන ලියවෙනු ඇත. කලින්ම කීමට දෙයක් ඇත. මාධවට මුස්ලිම් එවුන් ගැන හෝ දෙමළු ගැන හෝ සිංහල එවුන් ගැන කිසිදු ඇම්මක් නැත.බොදු බල සේනා ගැනත් සත පහක කැක්කුමක් නැත. හලාල් රෙද්දවල් වැඩක් නැත. මොන ආගමක් ගැන වත් විශ්වාසයක් නැති මාධවට වැදගත් සෑම සතෙකුගේම ජීවිත පමණක්ය! මිනිසුන් අතර  තිබිය යුතු මනුශ්‍යත්වය පමණක්ය! කෙහෙම්මල් ආගම් නොවන්නේය! ඒ නිසා කිව යුත්තේ ජීවිතයක වටිනාකම දන්නා මාධවට ඇම්මක් ඇති කරුණු අතරින් එක් කරුණක් වනුයේ ඉතා තුච්ච විදියට ජීවිත බිලිගන්නා කාළකන්නි මිනීමරු ශරීයා නීතිය ගැනය! අරාබි ලෝකයේ දුක් විඳින කාන්තාවන් ගැන මාධව කියවා ඇති පොත් පත් නිසාම මේ කතාව ලිවීමට සිතුනේය. මාධවගේ ලිපිය ඉක්මණින්ම ඔබට කියවීමට හැකි වනු ඇත. එතෙක් ඔබ පහත සඳහන් කර ඇති ග්‍රන්ථ කියවා බලන්න. එමෙන්ම කෙටියෙන් කිවතොත් ලිවීමට තිබෙන මාධවගේ මෙම ලිපියේ අරමුණ වනුයේ තුච්ච ශරීයා නීතිය පිලිකුල් කිරීමය! හෙලා දැකීමය! මිනී මැරීම පිලිකුල් කිරීමය.

ඔබත් සොයාගෙන කියවන්න! ඇත්ත දැනගන්න මේවා කිසිවක් මවන ලද කතන්දර නොවන්නේය. සු. ප්‍ර. ආරච්චිලා වගේ, සන්-ගලලා වගේ ආදරය විතරක් බේරෙන සේ මවන බොළද හීන ලෝකය නොවන්නේය. බොළද කතාන්දර කියවීමෙන් මඳක් ඈත් වී සැබෑ ලෝකයේ ඇත්තෙන් බිඳක් දැනගන්න මේ පොත් ටිකකුත් කියවන්න!

1. the princess - jean P. Sasson (සිංහල පරිවර්තනය “කූඩු කිරිල්ලී“ යන නම සහිතව චිත්‍රා අයි. පෙරේරා විසිනි )

2. Slave - Mende Nazeer (සිංහල පරිවර්තනය “සුවඳ සොයන කුසුම“ යන නම සහිතව මධුභාශිණී පෙරේරා විසිනි )

3. Sold - Zana Mushen & Andrew Crotts (සිංහල පරිවර්තනය “විකුණන ලදී“ යන නම සහිතව චිත්‍රා අයි. පෙරේරා විසිනි ).

10 Comments

Your Comments / ඔබේ ප්‍රතිචාර

  1. උම්බ මොන කැනහිලෙක් ද බල්ලො එක එක ආගම් වල නීති වලට ගරහන්නෙ....

    ReplyDelete
    Replies
    1. උඹ මෙකේ නම දාල කමෙන්ට් කරපං! මං ලියන්නෙ මට හිතෙන දේ මචං! ඒකට උඹලට මල නං කරන්න දෙයක් නෑ! ස්තූතියි කමෙන්ටුවට!

      Delete
    2. @ඇනෝ !@#ය ;
      කවුද යකෝ අපේ කොල්ලන්ට කෑගහන එකා.කොතනද ආගමකට ගරහල තියෙන්නේ?තොපිට විතරද ඒ අකුරු තුන පාවිච්චි කරන්න පුළුවන්.අපි පාවිච්චි කලොත් තොපිලට පාන්ද බල්ලෝ????

      Delete
    3. කෙන්ජි - ගණන් ගන්න එපා මචං! උඹට තේරුණානේ මං මෙතන අදහස් කරලා තියන දේවල්! ඔලුව තියෙන උං තේරුන් ගනී බං!!

      Delete
    4. පට්ට නීති තියෙන ආගමක් නොවෑ...

      Delete
  2. the princess - jean P. Sasson කියවා ඇත.

    අනෙක් ඒවා කියවන්න ඕන.

    ස්තූතියි ඔත්තුවට

    ReplyDelete
    Replies
    1. තව දෙන්නං! ඔය ටික කියවන්නකෝ!! ස්තූතියි!

      Delete
  3. ලියමු බලන්න හොඳ ලිපියක් ම්ලේච්ච ෂරියා නිතිය ගැන දැනගන්න ..
    මට නෙමේ. ගෙම්බන්ට

    ReplyDelete
  4. ලබන්නා වූ අලුත් අවුරුද්ද ඔබ ට පවුලේ සැමට වාසනාව ගෙනේවා.....
    මම සමකය වටේ ලියන නලින්

    ReplyDelete
  5. comment da da inne nethuwa enna thiyena karadara walin gelawena magak kathakaramu

    ReplyDelete
Previous Post Next Post

Contact Form