නෝ මාතෘකා! හැබැයි මේවත් කිව යුතු කතා!





කියන්නට ඇති කතා එමටය! එකක් යැයි කීමට නොහැකි තරම් කතා ඇත. මේවා සුරංගනා කතා හෝ අත්දැකීම් කතා හෝ බොළඳ ප්‍රේම කතා නොව සිතට නැගුනු සිතුවිලි පිළිබද කතාය. කියන්නට කිසිත් නැතැයි සිතනවාට වඩා කුමක් හෝ කීම අගනේය. ඉතිං අද මාධවගේ කතා තුලින් මාතෘකා නොමැති කාලීන කතා කියන්නෙමු!



අවුරුදු 14ක් යනු හිරිමල් යෞවනය උදාවීමයි. එහෙත් ඒ සුන්දර යොවුන් වියේදීම සිය අධයාපනික සහ ළමා අයිතිවාසිකම් උදෙසා කතා කිරීමට ගිය පාකිස්ථාන දැරියට තලේබානු කාළකණ්නින්ගේ ප්‍රහාර එල්ල විය. දහ හතර හැවිරිදි වියේදී සිනමා ශාලා තුල අඳුරු මුලු සොයා යන, ආසාවන් පසු පස හඹා යන, ඉගෙනුමේ අගය නොදත් සිහින තුල අතරමං වී කාළකණ්නි වන අපේ බහුතරයක් කෙල්ලන්ට ඇගෙන් ගත හැකි දේ බොහෝය. අමන තලේබාන් කාරයින් මේ විනාශ කර දමා ඇත්තේ පැහැදිලිවම ලෝකයට වැඩක් කිරීමට සිටි නව යොවුන් තරුණියකගේ ජීවිතයයි! එය මාධවගේ කතා තුලින් තරයේ හෙලා දකින්නෙමු! එමෙන්ම එම පාකිස්ථානු දැරියගේ ජීවිතය රැකේවායි මාධවලාද ප්‍රාර්ථනා කරන්නෙමු!


ලාංකීය සිනමාවේ දුෂ්ටයා සැමදාම දුෂ්ටයාය. ලාංකේය සිනමාවට එදා සිටම දුෂ්ටයින් වෙන් වී සිටින්නේය. විල්සන් කරු ලංකාවේ සැමදා සිටි දුෂ්ටයාය. ඔහු සැමදා ගුටි කන්නේය. බොලිවුඩවේ සැමදා සිටි දුෂ්ඨයා අම්රිෂ් පූරි ය! ඔහුද හැමදාම හැම වීරයාගෙන්ම ගුටි කා නසින්නේය. අන්තිමට කාඩ්බෝඩ් වීරයෝ බිහිවන්නේය. එහෙත් ඇත්ත කුමක්ද? දුෂ්ඨයා නොමැති තැන වීරයාද නොවන්නේය. ඒ නිසා දුෂ්ඨ නලුවෝද වීරයෝමය. උංට වෙනසක් නොවිය යුතුය. බොලිවුඩය දැන් තරමකට දියුණු වී ඇත. ගුටි කන නාකි දුෂ්ඨයා වෙනුවට බොලිවුඩයේ දැන් තරුණ පිරිසත් දුෂ්ඨ භූමිකාවට පණ දෙන්නේය. ඩූම් 1 හි ජෝන් එබ්‍රහිම්, කාකී හි අජේ දේව්ගන්, ආදිය නිදසුන් ලෙස ගත හැකිය. විය යුත්තේ එයය. සැමදා දුෂ්ඨයා දුෂ්ඨ නොවිය යුතුය. එය අධ්‍යක්ෂකගේද වගකීමක්ය. නිර්මාණාත්මක දුෂ්ඨයින් බිහි කිරීම ඔහුගේද වගකීමක්ය. එමෙන්ම නලුවා වූ කලී ඕනෑම රංගනයක නිරත වීමට හැකි පොළවේ පය ගැසූ අයෙක් විය යුතුය. එසේ නැත්නම් නලුකමට පයින් ගසා ගෙදෙට්ට වී බුදියා ගැනීම යහපත්ය!


ලංකාවේ එක නිලියක් පස්ට කතාවක් කියා තිබ්බේ කලකට පෙරය. “ ඒ තමන් කැමරාව ඉදිරියේ කිසි දිනක නිරුවත් නොවන“ බවය. ඒක දුටු මාධවට දෙකොනින්ම හිනා නැගුනේය. ඒ හක හක සහ පූර් රූ.....ස් හඩින්ය. පස්ට ආතල්ය. නිරුවත් නොවූ ඒ නිළියගේ නිරුවත සෙවීමට ගූගල් පමණක් සෑහෙන බව කිව යුතුය. ඒවා කොහොම උනත් මාධවටද කීමට යමක් ඇත. එනම් උංගේ නිරුවත දැක්කාට අත පාවිච්චි කිරීමට තරම් ෆීලිං එකක් අපේ ලංකාවේ කොල්ලන්ට නැති බවය. මුහුනේ ඇති ආවාට වසා ගැනීමට මේකප් නාන අපේ නිළියෝ සිය බඩේ ඇති ටයර් නොදකින්නීය.  බොලිවුඩ් අසීන්ගේ බුරිය දෙස බලා සති ගනන් අත් වැඩ දාන අපේ කොල්ලෝ ලංකාවේ නිළි බඩවල් දෙස බලා අනිත්‍ය පසක් කර ගන්නෝය. නොමැති නම් පඩික්කම් පුරා උතුරා යන්නට වමනේ දමන්නෝය. නාකි සීයලා නං බඩවල් උඩ දා සිනාසෙන්නෝය. එකෙන්ම අපේ නිළියෝ කියාගන්නා උංගේ කට විතරය. නිරුවත් නොවන බව පුන පුනා කියන්නා වූ අපේ තරුණ(වයසට පමණක්) නිළි පරපුරට කෙසේවත්, කවදාවත් නිරුවත් විය නොහැක. මක් නිසාද යත් නිරුවත දකින ප්‍රේක්ෂකයාගේ විහිලුවට හොඳහැටි භාජනය වී සමාජය හමුවේ නිකම්ම නිරුවත් වී යන නිසාය. එසේ හෙයින් නිරුවත් වීම වඩා හොඳ වන්නේ තම තමන්ගේ ටයර් පාරවල් ටික අකා මකා දැමිම යයි මාධව යෝජනා කරන්නේය.


ලංකා කොල්ලෝ 20 - 20 අනුශූරයන් විය! එහෙත් කිසිදු දුකක් නැත! ලංකාවේ කොල්ලන් වගේම එල කොල්ලෝ ටිකක් කප් එක ගැහුවේය. මාධවලාගේ කතා සෙට් එක උංට එක හිතින්ම කැමත්තේය. පට්ට සෙට් එකය. නිහතමානී කොදෙව්වෝ පිටිය පුරා පැතිරවූයේ උංගේ අව්‍යාජ බවය. ගේල් ඇතුලු කොදෙව්වන්ගේ ගන්ග්නම් නර්තනය පිටිය පුරා විනෝදය ඇති කලේය. පස්ට ආතල්ය. පාපන්දු ක්‍රීඩකයින්ගේ රංගන විලාසිතා උං ක්‍රිකට් පිටියටද ගෙනාවෝය. එකෙන්ම එලය. විකට්ටුවක් දවාගත් පසු දුවිලි පිසදමා නැගිටින රංගනය පස්ටෙටම කලෝය. කප් එක ගත්තායින් පසු කිසි ලොකු කමක් නැතුව ලංකාවට කාඩ් එක දුන්නේ ඒ උන් ලංකාවට ආදරය කරන බව පැවසීමෙනි. ඒ ටිකම ඇත්තේය. ක්‍රිකට් වල ලස්සන කන ඉන්දියන් බයියන්ට කප් එක ගියා නම් ඇඩෙන්න තරම් දුක දැනෙන්නට ඉඩ තිබුනි! එහෙත් කොදෙව්වෝ කප් එක ගැනීම ගැන මාධවලාගේ කිසි කහටක් නැත! හැබැයි කිව යුතුය. කප් එක උං ගත්තේ කොදෙව්වන්ගේ හැකියාවට වඩා අපේ කොල්ලන්ගේ වැරදි නිසාමය. ඉඩෝරයක් බඳු ලංකා ඉනිමේ අවසන් මොහොතේ පැමිණි කුලේ ඉනිම ගොඩ ගැනීමට දැමූ දහිරියට අපගේ හිස නමා ආචාර කල යුතුය. එමෙන්ම අවසාන වශයෙන් මාධවගේ කතා අපගේ අනුශූරයින්ට ද ආචාර කරන්නෝය. උඹලා එල කොල්ලන්ය! උනුත් එල කොල්ලන්ය.


සැමදෙන සිහින දකින්නෝය. මාධවද සිහින දැක්කේය. **ෂා පිළිබඳ අපමණ සිහින දැක්කේය. ඒ සිහින බොඳ වෙමින් පවතින මේ සා වූ කාලයේ මාධව නං ඊයේ රෑත් දුෂ්‍යන්ත්ගේ හෂිනි කෙලීව බදාගෙන නිදියන සීන් එකක් එලටම දැක්කේය.ටවුමේ චන්ද්‍රා කොමියුන්කේෂන් එකේ ඉන්න ලස්සන කලු තංගච්චියද එවැනි සිහින දකිනවා ඇත. සැමදෙන දකින සිහින, හීනයක්ම වීම බොහෝ විට සිදුවන්නේ නිතැනින්මය. ඒ ගැන දුක් වීම නොකළ යුතුය. කල යුත්තේ බිඳුනු සිහිනය යළි ගොඩනැගීමට තැත් කිරීම හෝ සිහිනය දිගේ ඇවිදීම අත් හැර දැමීමය. ඉතිං මේ කතාව කියන්නේ එකියෙක්ටය! ඒකි දකින සිහිනය සැබෑ වන්නේ නම් මනාය. ඒත් ඇගේ අම්මාත් අත්තම්මාත් සුසංයෝගය සිහින තුලට කඩා වැදී ඇගේ සිහින කුඩු පට්ටම් කරන්නේ නම් ඒ සිහින මැවීම පළක් නොවන්නේය. එය වටහාගෙන යථාර්තයේ ජීවත් වීම කල යුතුය. එය මේ එකිය තේරුම් ගන්නේ නම් ඇගේ අනාගතය සැබැවින්ම යහපත් වන්නේය. මාධවද මේ එකියට යහපත් අනාගතයක් පතන්නේය.


හැමදේම අධිවේගී වී ඇත. විශේෂයෙන් තාක්ෂණය සහ ආර්ථිකය අධික ලෙස වේගවත් වී ඇත. ආර්තිකය ගත් කලී කෙල වී යන්නේය! එදා මාධවලා සත 50ට කෑ අයිස් පැකැට්ටුව දැන් රුපියල් 5ක් වී ඇත. රුපියල් 5ට ගැසූ ප්ලේන්ටිය දැන් රැපියල් 15ක් වී ඇත! කාට කියම්ද?


තාක්ෂණය ගත් කලී ඕනෑවටත් වඩා වේගයෙන් දියුණු වන්නේය. මාධව දන්නා කියන ඉලෙක්ට්‍රොනික සහ පරිඝණක තාක්ෂණය නං විදුලි වේගයෙන් දියුණු වන්නේය. එහෙත් මාධවට කියන්නට අවශ්‍ය වන්නේ තාක්ෂණයේ දියුණුව, හොඳ පැතිකඩ පමණක් දැකිම වැරදි බවය! මේ දියුණුව( ??? ) නිසා මහා විනාශයක් සිදු වීම අත ළගය. ඉලෙක්ට්‍රොනික කසල ප්‍රධාන ගැටලුවක් වී ඇත. තුන්වැනි පරම්පරාවේ අයි සෙවන් ප්‍රොසෙසරය දැන් කරළියේ රඟන්නේය. ඒ සමඟම දැන් දැන් කසල ගොඩට එකතු වන පෙන්ටියම් 4 පරම්පරාවේ පරිඝණක එකින් එක වැඩි වන්නේය. ඇල්ෆා ඩිජි*ල් එකට හැමදාම ඒ කසල විකුණා ගොඩ යාමට නොහැක. අයි පෝන් 5 ආවේය. දැන් අයි ෆෝන් 3 සහ 3 එස් කසල ගොඩට එකතු වන්නේය. මේවා තනිකරම රසායනික අබලි ද්‍රව්‍ය ලෙස පරිසරයට කරන විනාශය සුලු පටු නැත.මේකට විසඳුමක් ලෙස ප්‍රංශ කාරයෙක් ලී වලින් සෑදූ කවරයක් (casing) සහිත පරිඝණකයක් නිර්මාණය කර තිබේය! එය ගැටලුවට විසඳුම නොවේ! එයින් සිදු වනු ඇත්තේ දැනට සුරැකී ඇති ඉතිරි වනාන්තර වල ඇති වෘක්ෂ රාජයෝ ටිකගෙත් මරණ සහතික ලියවී යාමය!


 මේවා තේරුම් ගන්නා, මේවා කල් තියා දකින දක්ෂ හොලිවුස් සිනමා කරුවෝ " WALLE, 9 - Nine (නමය), Repo Men, click -ක්ලික්" වැනි සිනමා සිත්තම් නිර්මාණය කර තිබේ! මේවා නරඹා සැනසීම පමණක් නොකළ යුතුය! සිතීමට දේවල් ඇත. මේ සිදු වීමට නියමිත සියලු විනාශයන් වළකාගැනීමට තවමත් කල් ඇති බව මාධවගේ කතා විශ්වාස නම් විශ්වාස කරන්නේය.


මේ ලෙස නමක් නැති කතන්දර ටිකක් නිම වන්නේය......!

පලි - 

1.  පොප් පොප් පොප් හඅඅඅඅඅඅඅඅස්! පොප් පොප් පොප් හඅඅඅඅඅඅඅඅස්!(ලේනා ටිං ටිං ගාන අලුත් විදිය!!)

2. මේ කියන නිළිය මේ කතාව කියා තිබුනේ බොහෝ කලකට පෙරය! මාධවට එය මතක් වූයේ පෙරදා රැයේ ගබඩාව පිරික්සීමේදී හමුවූ ක්ලිප් එකක් නිසාය!

3. මේ නිළි කතාව සැම නිලියකටම අදාල නොවන්නේය. එල ලස්සන බඩවල් තියන සැබෑ ලෙස සුන්දර නිළියෝ ලංකාවේ ඇති තරම් සිටි.

4. තාක්ෂණය ගැන කොච්චර ඇඩුවත් ඒවා හදන එක නවතින්නේ නැත. එහෙත් අයි ෆෝන් සහ මුදල් කෑමට ගත නොහැකි බව තේරුම් ගන්නා විට මිනිසා පරක්කු වැඩි වනු ඇත!

8 Comments

Your Comments / ඔබේ ප්‍රතිචාර

  1. උඹ සරලවම ලියා තිබෙන්නේය මේවා කියවා විඳිනවාට වඩා අනාගතයේ විඳවිම නවතා ගැනිමට කුමක් හෝ කලයුතුය සිතිය යුත්තේ එයයි

    ReplyDelete
  2. වෙල් සේඩ් මචන් :)

    සුභ වේවා!!! රාජ සම්පත් ලැබේවා!!!

    ReplyDelete
  3. uba maraine madawa............. (tom)

    ReplyDelete
  4. කතා කල යුතුම මාතෘකා කීපයක් ගැන අවශ්‍යම අවස්ථාවේ ලියපු ලිපියක්

    ReplyDelete
  5. නෙතට සරලයි. ඒත් සිතට ගැඹුරුයි.
    ඉන්දියන්, බ.ඉන්දියන් වෙනස අපුරුයි.
    අපේ සිනමාව, රඟන්නන් එක්ක බොලිවුඩ් වෙනස...
    හප්පේ..... මොනා කියන්නද? සුපිරියි.

    ReplyDelete
  6. හැමෝටම ස්තූතියි විචාර වලට! ඒත් මේවා ගොඩක් දෙනා තේරුන් ගන්නේ නැති නිසාම අනාගතේ පසු තැවේවි! ඒක නම් ඉස්තේරුවටම ෂුවර්ය!

    ReplyDelete
  7. ela!!! Machooo,, :D :D Sadde thamai awla hikzzz......,

    ReplyDelete
  8. ela!!! Machooo,, :D :D Sadde thamai awla hikzzz......,
    kohoma unath Kathawa nam
    Hoda!! hmmm :D

    ReplyDelete
Previous Post Next Post

Contact Form