කොල්ලෝ සහ බල්ලෝ!


pic from google!





මාධවගේ කතා කස්ටිය හිටපු ගමන් විවිධ සමීක්ෂණ(විකාර) කරනවනේ! ඉතිං අදත් සුපුරුදු පරිදි මාධවගේ කතා අධ්‍යක්ෂක මාධව මහතාගේ උපදෙස් පරිදි අලුත් දෙයක් සිදු කෙරුනා. මෙවර සිදු කෙරුනේ කොල්ලෝ සහ බල්ලෝ අතර වෙනස සෙවීම. ඒ සදහා මාධවගේ කතා විසින් පෙර දිනයක සිදු කල හනිමූන් සාකච්චාව සේම සාකච්චාවක් මෙවරද ඇති වුනා.ඉතිං මෙවර මාධවගේ කතා හි සම්පූර්ණයෙන් පලවෙන්නේ ඒ ආකාරයට අප නැගූ ප්‍රශ්න හා එම ප්‍රශ්න වලට ලැබුනු පිළිතුරුයි.



- - - - - - - - - - - -

අපේ අමිල ටොමී මහතාට තමයි හැමදාම වගේ ඉස්සෙල්ලම ප්‍රශ්නය යොමු කලේ.

මාධවගේ කතා - අමිල මහතා! ඔබ සිතන්නෙ මොකක්ද වෙනස? බල්ලෝ සහ කොල්ලෝ අතර?

අමිල - මෝඩ ප්‍රශ්නනේ මාධවගේ කතා. දෙගොල්ලන්ගෙ කිසි වෙනසක් නෑ.

මාධවගේ කතා - ඒ ඇයි?

අමිල - බල්ලො කොච්චර බැලුවත් ටවුමෙ බහිනවා. අපිත් ටවුමෙ බහිනවා. ඒ ටිකම ඇතිනේ. අනික බල්ලො බලු වෑන් එක දැක්කම හැංගෙන්න දන්නවා! අපි පොලිස් වෑන් එක දැක්කම හැංගෙන්න දන්නවා.

මාධවගේ කතා - ඒ කියන්නේ බල්ලෝ = කොල්ලෝ කියන එකද?

අමිල - සම්මත නොවන තත්ව යටතේ බල්ලෝ = කොල්ලෝ වීම 99%යි.

මාධවගේ කතා - එතකොට ඉතිරි 1%?

අමිල - ඒක බල්ලෝ /= කොල්ලෝ වීමට.

මාධවගේ කතා - උදාහරණයක් දෙන්න ඒ 1% සදහා....

අමිල - බල්ලන්ට ඉව තියනවා! කොල්ලන්ට ඉව නෑ. ඒකනේ කොල්ලො කොච්චරවත් බූට් කන්නෙ!

- - - - - - - - - - - -

ඔයින් මෙයින් අප අපගේ ප්‍රශ්න ඊ ළගට යොමු කලේ ලේනා මහතාට........

මාධවගේ කතා - ලේන මහතා! ඔබ සිතන්නෙ මොකක්ද වෙනස? බල්ලෝ සහ කොල්ලෝ අතර?

ලේන මහතා - බල්ලා කන්න දුන්නම නට්ට වත් වනනවා. ඒත් උඹලා? කන්න දුන්නම ඒ අතත් හපා කනවා.

මාධවගේ කතා - වගකීමෙන්ද කතා කරන්නේ ඔබ තුමා?

ලේන මහතා - නෑ කටින්!

මාධවගේ කතා - ඔයිට වඩා හොද කරුණක් පෙන්වා දෙන්න බැරිද අපේ පාඨක පිරිසට.කුමක්ද වෙනස? බල්ලෝ සහ කොල්ලෝ අතර?

ලේන මහතා - බල්ලව නාවන්න ඕනි! ඒත් කොල්ලෝ ඇදගෙන නානවා! කොල්ලෝ ලේන්නු කනවා. ඒත් බල්ලෝ ලේන්නු කන්නෙ නෑ, පන්නනවා විතරයි.

මාධවගේ කතා - අමිල ටොමී මහතා කිව්වා බල්ලෝ = කොල්ලෝ කියලා. මොකක්ද ඒ ගැන කියන්නෙ?

ලේන මහතා - ඌට නං හොදට කේරෙනවා ඇති ඒ ගැන! ටොමී කොහොමත් බල්ලො ගැන බල්ලන්ටත් වඩා දන්න එකා! ඌ කිව්වනං ඒක වෙන්නත් පුලුවං!

- - - - - - - - - - - -

මී ලගට අපි අපගේ මිතුරු උපාසක සුපුනා මහතාව සම්බන්ධ කර ගත්තා!

මාධවගේ කතා - කොල්ලෝ සහ බල්ලෝ අතර වෙනස කිම?

උපාසක - යූ කේ බල්ලෝ සහ ලංකා බල්ලෝ පැහැදිලිවම වෙනස්. අමතරව යූකේ කොල්ලෝ සහ ලංකා කොල්ලොත් එසේමැයි!

මාධවගේ කතා - අපි අහන්නේ සමස්ථ කොල්ලෝ සහ සමස්ථ බල්ලෝ අතර වෙනස කිම?

උපාසක - අනේ මංදා? බල්ලෝ අවංකයි. කොල්ලෝ අවංක නෑ. කොල්ලෝ පාපයෙන් පිරිලා.

මාධවගේ කතා - එච්චරද වෙනස?

උපාසක - බල්ලෝ බැල්ලියෝ පස්සෙ පන්නනවා. ඒත් කොල්ලෝ නං ඇවිදං යනවා!

මාධවගේ කතා - එච්චරද තව නැද්ද?

උපාසක - බල්ලන්ට එස් එම් එස් ගහන්න ෆෝන් දෙක දෙක නෑ! අපිට තියනවා. බල්ලන්ට රවුටර් හැක් කරන්න බෑ. ඒත් අපිට පුලුවන්. බල්ලන්ට ප්‍රො‍ජෙක්ට් කරන්න ඕනි වෙන්නෙ නෑ! ඒත් අපිට කරන්න වෙනවා. අනික අපි ආස බෝල අක්කලට! ඒත් බල්ලොන්ට එහෙම ගින්නක් නෑ!

- - - - - - - - - - - -

මී ලගට කාන්තා නියෝජනය සදහා නිදිමාලි අප සමග සම්බන්ධ කර ගත්තා!

මාධවගේ කතා - කොල්ලෝ සහ බල්ලෝ අතර වෙනස කියන්නකෝ!

නිදිමාලි - අනේ උයා නං! මගෙ නං අදහස සමානයි!

මාධවගේ කතා - ඇයි එහෙම කියන්නෙ?

නිදිමාලි - බල්ලොත් බැල්ලියෝ ඉස්සරහ සෙම හලනවා! කොල්ලොත් කෙල්ලො ඉස්සරහ සෙම හලනවා! ඇයි අනේ! කොල්ලොත් එක කෙල්ලට මරා ගන්නවා. බල්ලොත් එක බැල්ලිට මරා ගන්නවා. තව මොන කතාද? මං යනවා නිදා ගන්න!

මාධවගේ කතා - ස්තූතියි අදහස් වලට!!

නිදිමාලි - ගර්ර්ර්ර ගර්ර්ර්ර්!

- - - - - - - - - - - -

මී ලගට අවසාන වශයෙන් අප අධ්‍යක්ෂක මාධව මහතාගේ අදහස්!

මාධවගේ කතා - කොල්ලෝ සහ බල්ලෝ අතර වෙනස

මාධව - අනික් උං මොනාද කිව්වෙ?

මාධවගේ කතා - ගොඩ දේවල් කිව්වා! සර්ගෙ අදහස?

මාධව - සමාන කං සේම අසමාන කං තියනවා! ආ! ටොමියා කිව්වනං ඕං සමානයි කියලා වෙන්න පුලුවන්!

මාධවගේ කතා - ඔබතුමාගෙ පුද්ගලික අදහස?

මාධව - සමාන අවස්ථා තියනවා! අසමාන අවස්ථා තියනවා.

මාධවගේ කතා - අසමාන අවස්ථා කියන්නකෝ ඉස්සෙල්ලම....

මාධව - සමාන අවස්ථා කියන්නද?

මාධවගේ කතා - හා එහෙනං!

මාධව - ඕං ලියාගන්නවලා! බල්ලො ජීවිතේට කොන්ඩම් පාවිච්චි කරන්නෙ නෑ! ඒත් කොල්ලොන්ට වැදලා කියලා දුන්නට උං පාවිච්චි කරන්නෙත් නෑ! ඒ අතින් කොල්ලෝ බල්ලෝ සමානයි! ආයෙ මොනාද බල්ලො කකුල් 4න් යන්නෙ! ඒත් බඩු දැම්මම කොල්ලොත් සිවු පා! ඒ අතින් ඒකත් සමානයි.

මාධවගේ කතා - අසමාන අවස්ථා?

මාධව - හම්! අසමාන නේ? වලිගෙ නෑ!! බල්ලො වගේ පාරවල් මැද හිර වෙන්නෙ නෑ! බල්ලොන්ට නැන්දම්මා කේස් නෑ! ඒත් කොල්ලොන්ට නැන්දම්මා කේස්! බල්ලොන්ට z ස්කෝර් බලපාන්නෙ නෑ! ඒත් කොල්ලොන්ට ඒක ලොකුවට බලපානවා! කියනවනං තව ඕන තරං!

මාධවගේ කතා - ස්තූතියි!

මාධව - ඉක්මණට ඔන්න ඕක පබ්ලිෂ් කරපං! මේ සැරේ වත් බ්ලොග හිට් වෙයිද බලන්න!

- - - - - - - - - - - -
ඉතිං මේ ආකාරයටයි බල්ලෝ සහ කොල්ලෝ ගැන සංවාදය නිමා වුයේ! ඉතිං සැමට ජය!

3 Comments

Your Comments / ඔබේ ප්‍රතිචාර

  1. දැන් මේ කතාවට ජොලි කාටද ?. කියවපු මටද? ලියපු ඔයාටද?

    ReplyDelete
  2. ලියපු මට ජොලි බං! හැංගි හැංගි කමෙන්ට් දාන්නෙ නැතුව එලිපිට බැනපං බං!

    ReplyDelete
  3. හි හි උපාසක ඇත්ත කියලා... අහ් හුටා මං ප්‍රෝජෙක්ට් එක පාස් උන මචං දැන් එකත් හරි

    ReplyDelete
Previous Post Next Post

Contact Form