නිවැරදිව සොලවා හොල්මනක් පොටෝ ගමු!




මේ ටිකේම ගොන් ආතල් වැහි වැහැලා. උඩරට ප්‍රසිද්ධ (වෙන වෙන ඒවටත් අති ප්‍රසිද්ධයි කියලා මාධව අහලා තියනවා) බාලිකා පාසලක කකුලක් නැති හොල්මනගේ සීන් එක තමයි මෝඩම චූන් එක. ඉතිං මාධවගෙත් වෙරි ඉන්ටරෙස්ට් ෆීල්ඩ් එකක්නේ ඔය බූතයෝ ගැන හොයන එක. ඉතිං මාධට මෙහිදී කතා කීපයක්ම කියන්න තියනවා මාධවට. ඉතිං පිළිවෙලට අහනවා හොදයි ඕං!



පළවෙනි කතාව තමයි ඔය දැන් ඇති වෙලා තියන ඉස්කෝලෙ කතාව. ඕක ප්‍රචාරය උනේ අද ඊයෙ උනත්, ඒ කියන්නෙ ලගකදි උනත් මාධව ඕක ඉස්සෙල්ලම දැක්කෙ මාසයකට එක හමාරකට පෙර අපේ උපාසක සුපුනගෙ ෆෝන් එකේ තිබිලා.මාධවනං එදා හිතුවේ නෑ ඒක ඇත්තටම මෙච්චර ආන්දෝලනයක් ඇති වෙන සිද්ධියක් වෙයි කියලා. ඒ වගේම අපි කවුරුත් එදා හිතුවේ නෑ මේක අන්තිමට මෙච්චර ගොන් ආතල් එකක් වෙයි කියලා. ඉතිං එදා මාධව සුපුනට කිව්වේ ඕක මචං කැමරා එක හෙලවීම සහ සයිබර් ෂොට් ඕෆ් (මාධවනං සෝනි කැමරා සත 5 කට මායිං කරන්නෙ නෑ! ඒවට බනින්න ගත්තොත් ඉවරයක් නෑ! හැමෝම දන්න බොරු වචනෙ නිසා තමයි සයිබර් ෂොට් කියලා දැම්මෙ.) කරලා නිසා උන දෙයක් කියලා. ඒ කතාව එතනින් නිමා නොවුනත් ඒ ගැන වැඩි දුර විස්තර මේ බ්ලොග් එකේ සදහන් කිරීඹ අපේ උපාසක සුපුනා තහනම් කලා. ඒ නිසා මේ සිද්ධිය ගැන සුපුනා මාධව එක්ක ගොඩක් දේවල් කතා කලා කියලා විතරක් ලියන්නං!

මේ සිද්ධිය ගැන ගොසිප් ලංකා නිවුස් ලිපි බලන්න පහත සබැදි ක්ලික් කරන්න

පළමු ලිපිය

දෙවන ලිපිය

ඉතිං මෙතනදි ඒ තනි කකුලේ පොටෝ එක ගැන මාධවගේ අදහස කියනවනං, ඒතන කිසි අමුතු දෙයක් වෙලා නෑ කියලයි මාධවට හිතෙන්නෙ. මාධවට හිතෙන්නෙ එතන කිසි අවතාරියෙකුත් නෑ. ඒක ඇත්තටම වෙලා තියෙන්නෙ පොටෝ එක ගහද්දි කැමරා එක ඉස්සරහින් කවුරු හරි දුවලා තියනවා(පාටි ටයිම් නේ!). කැමරාවේ තියන ෆ්ලෑෂ් (flash) ඕෆ් කරලා තියෙන්න ඇති! එහෙමත් නැත්තං කැමරාවක වැඩ නොදන්න අය වගේම වැඩ ලේසි කරගන්න ආස කස්ටිය කරන පොදු වැඩක් තමයි “Scene mode“. සිංහලෙන් කිව්වොත් “විශේෂ අවස්ථා සදහා පෙර සැකසුම් “ කියන ඔප්ෂන් එක භාවිතා කරන එක. ඒ විශේෂ අවස්ථා අතර තියන එක අවස්ථාවක් තමයි “නයිට් මූඩ්“ කියන එක. ඕන කැමරා එකක තියන ඔප්ෂන් එකක් තමයි ඒක! වෙන වෙන නම් වලින් එක එක විදියට ඒ ඒ කැමරා වල ඒ පහසුකම තියෙන්න පුලුවන්. නමුත් වෙන්නෙ එකම දේ. ඉතිං මේ කියන ඔප්ෂන් එකේදි ඉබේ හැදෙන සෙටිංග් අතරින් එකක් තමයි ෆ්ලෑෂ් ඕෆ් වෙන එක! ඒ වගේම මේ අවස්ථාවෙදි කැමරාව පොඩ්ඩ හෙලවුනත් පොටෝ එක ඉවරයි. අපැහැදිලි වෙනවා. ඉතිං මෙතනදිත් එහෙම දෙයක් වෙන්නැති කියලයි මාධව හිතන්නෙ! කොහොම උනත් වැඩි විස්තර දන්නෙ නැතුව මෙහෙම දේවල් ප්‍රසිද්ධියේ ලියන එක වැරදියි. ඒත් මාධවගේ මතය නං මේකයි. මෙතන කිසි හොල්මනක් නෑ! මොකද හොල්මන් උනත් කැමතියි (මාධව හිතන විදියට) මාධව වගේම පාටි වගේ සද්ද බද්ද පිරුණු තැනකට වඩා නිසංසල තැනකට වෙලා ඉන්න.මේක මේ කැමරාව හෙලවීම සහ අනිකුත් අංජ බජල් වැඩ නිසා වෙච්ච දෙයක් කියන එක තමයි මාධව නං හිතන්නේ.

ඉතිං අද මාධවත් පොඩි අත්හදා බැලීම් වගයක් කලා! මේ තියෙන්නෙ! මේවා මාධවගේ ඔලිම්පස් එකෙන් ගහපු පොටෝ දෙකක්! මේවත් බලද්දි නරලොව හොල්මං තමයි! බලපල්ලකෝ! 



1st picture

























2nd picture

ඔරිජිනල් පොටෝ දෙක ෂිප් කරලා අප්ලෝඩ් කරන්නෙ කොහොමද කියලා කවුරු හරි කියනවනං මං දැන්ම ඒක මේකට අප්ලෝඩ් කරන්නං!

ඉතිං මාධවට පෙනිලා තියන අහලා තියන විදියට නං මේ කියන හොල්මං කැමරා වලට අහුවෙන්නෙ මේ කිව්ව වගේ මොකක් හරි සරල හේතු නිසා.

මාධව දන්නෙ නෑ මේ පත්තර කාරයෝ මේ වගේ විකාර දාලා මිනිස්සුන්ව කුලප්පු කරන්නෙ ඇයි කියලා.ඇත්තටම මේ වගේ දේවල් ඕන තරම් ලෝකේ වෙලා තියනවා. මිනිස්සුන්ට වෙලා තියනවා. මාධවටත් අනන්ත මේ වගේ දේවල් වෙලා තියනවා කැමරාව හෙලවීම නිසා. ඉතිං ලංකාවෙ මිනිස්සු මෙච්චර මෝඩයි කියලා පත්තර කාරයෝ හිතනවනං වැඩක් නෑ කතා කරලා ඒ ගැන.
ඒත් ඇත්තටම හොල්මන් තියනවද? ඒක නං උත්තරේ තියනවා. ආයේ මොනාද? බියුටි කල්චර් කරන තැනකට ගියා නං ඕනවටත් වඩා ඉන්නවා කොන්ඩ කඩාගෙන හොල්මං! උන්ටවඩා හොල්මන් නං සොහොන් වලත් නෑ!

ඒ වගේම මාධව අද පැහැදිලි කරනවා මාධව පත්තර පොත් වලින් සහ පත්තර වලින් එකතු කර ගත්ත හොල්මන් යැයි කියන කේස් ටිකක්.

පලවෙනි එක තමයි කනත්තෙන් රෑට ඇහෙන ජර ජර ඩඩස් ගාන සද්දෙ තේරුම.......
මේක පුංචි කේස් එකක්! ඇත්තටම අපි හැමෝම මලාම වල පල්ලට දාන්නෙ ලී පෙට්ටියක දාලානෙ! පිච්චිලා යන කට්ටය නං මේකට හවුල් නෑ! ඉතිං මේ පෙට්ටිය පස් වලට යට වෙලි තිබ්බම දිරල යනවා! ඉතිං කායත් එක්ක මේ පෙට්ටිය කඩාන (මිනී පෙට්ටිය හරියැ!!) පොලව ඇතුලට බහිනවා! අන්න එදාට තමයි ඕක ජර ජර ඩඩස් ගාලා ඇහෙන්නේ! ඒත් කරුමේ කියන්නෙ ඕක රෑටම ඇහෙන්නෙ ඇයි? වෙන මුකුත් නෙමෙයි! රෑට කොහොමත් නිසංසලයිනේ! අන්න ඒකයි

ඊළග එක තමයි සමහර තැන් වලින් ගහන පොටෝ වල තියන පුංචි පුංචි සුදු ඩොට්. බොහෝ විට ඒක වෙන්නෙ පින්න වගේ අවස්ථාවල සිදුවන ආලෝක පරාවර්තනය නිසා කියලයි මාධව අහලා තියෙන්නෙ. ගොඩක් අය කියනවා ආගමික ස්ථාන වල මෙහෙම දේවල් දකින්න තියනවා කියලා. ඒත් මාධව නම් ගෙදරදිත් ගහන පොටෝ වල මේ වගේ දේවල් දැකලා තියනවා. හැබැයි පරිසරයේදී විතරයි. ඒ වගේ වෙන්නෙ ඇත්තටම ආලෝක පරාවර්තනයක් නිසා කියලයි මාධව නම් කියන්නෙ.

තුන්වෙනි එක තමයි පොටෝ එක ගහද්දි මීදුමක් හෝ කලු දුමක් වගේ ඒවා තිබීම.ඒක වෙන්න පුලුවන් ක්‍රම කීපයක් තියනවා! එකක් තමයි කැමරා එකේ ලෙන්ස් එක මත මොනා හරි තැවරී තියෙන්න පුලුවන්. දූවිලි, ජල වාෂ්ප වගේ මොනා හරි. එතකොට තමයි සුදු මීදුමක් දකින්න පුලුවන් වෙන්නේ! එහෙම නැත්තන් පොටෝ එක ගහද්දි ෆ්ලෑෂර් එකේ කොටසක් අතේ ඇගිල්ලකට වැහුනොත් පුලුවන් කලු දුමක් වගේ එකක් දකින්න.

ඉතිං ඕවා තමයි අද කතාවෙන් මාධවට කියන්න ඕනි උනේ! ඒත් කවුරු හරි තර්ක කරනවනං මාධව ගත්තු මේ පොටෝ දෙකත් හොල්මං කියලා, මාධවට ඇඩ්‍රස් එක දීපං! අල්ලපු ගෙදර චූටි නැන්දගෙ පුතාගෙ(2nd picture) කලිසමයි සෙරෙප්පු දෙකයි, පහල ගෙදර මල් කොල්ලගෙ (ඌගෙ නම මල්ෂාන්! ඒකයි මල් කොල්ල කිව්වෙ හරි!) කමිසෙයි කලිසමයි(1st picture) පෝස්ට් කරල එවන්නං!

11 Comments

Your Comments / ඔබේ ප්‍රතිචාර

  1. හික්ස් පට්ට වැඩේ මාදව මලේ..පවු බං පත්තරකාරයො කියක් හරි හොයන් කන රස්සාව ඔහොමත් බඩට ගහනවද බං අනික ඔය බාලිකාවේ ඒකාලේ ඉඳන්ම හොල්මන් නොවැ හිටියේ

    ReplyDelete
  2. කියලා වැඩක් නෑ. මාත් කිව්වා ඕක හොල්මනක් නෙවෙ වෙන්න ඇති කියලා.

    ReplyDelete
    Replies
    1. yahh yahh
      that's right lOL thamai :P

      Delete
  3. Patta tolk eka malli....

    ReplyDelete
  4. නිකන් කටට ආව පලියට තර්ක කරනවට වඩා සාක්ශි සාධක සහිතව ඔප්පු කලහම ඉතින් ලොවෙත් නැ....නියමයි මාධව,,,,

    ReplyDelete
  5. Dan ballanna image 01. eke inne mohini neda oya lamayekuth wadaagena innawa. ara ara dakke nadda...
    Image 02 mallige gewal gawa dan kaalekata kalin kapala kotala maruwa neda haadayek. anna uu tamai oya eke inne. balanna tawama kapum salakunu tiyena hati...

    Thushar

    ReplyDelete
  6. වඳුරන්ට කන්නාඩියත් මැජික් 1ක්නෙ.
    පත්තරකාරයන්ට මේ ක්ෂේත්‍රයේ ඉන්න ඕනිනම් අලුත් නිව්ස් ඕනි නෙ. මේ දවස්වල කහවත්තේ මිනී මැරුම් ගැන මේරුණු එවුන්වත් නොදන්නා කථා කියන්නේ.

    ReplyDelete
  7. හොඳ වටිනා ලිපියක්, ඔය හොල්මන් වගෙ දෙවල් කැමරාවලට කවදාවත් හසුවෙන්නේ නැහැ,ස්ටිල් කැමරා වලින්නම් කැනන් 5ඩී මාර්ක් 2 කැමරාවයි , සෝනි ඇල්ෆා 750 (සයිබ ෂොට් නොවේ) කැමරාවයි නම් මගේ හිතට ඇල්ලුවා, නිකොන් කැමරාත් සාමාන්‍යයෙන් හොඳයි, වීඩියෝ කැමරානම් (ටෙලි/‍ෆිල්ම්) ඉතින් හොඳ සෝනි විතරමයි Z7,EX1,EX3 වගෙ කැමරානම් මම කැමතියි

    ReplyDelete
  8. මෝහාන්ධකාරයට ඉටිපන්දමක් දල්වලා!
    henryblogwalker (මට හිතෙන හැටි) the Dude (HeyDude)

    ReplyDelete
  9. අනේ බෝල මේ මුළු පින්තුරේම හොල්මන් වගේ බොදවෙලානේ. මෝඩ වැඩ නොකර හිටු.

    ReplyDelete
  10. ගොන් ආතල් වැහි වැහැලා තමයි.ඒත් අපට නොපෙනෙන බලවේග තිබෙන්න බැරිද?මේ දේවල් අනාගතේ විද්‍යාවෙන් හොයා ගනීවි කියලයි මම හිතන්නෙ

    ReplyDelete
Previous Post Next Post

Contact Form