හෝම්ස් සමග අඩ හෝරාව.................................................



සුප්‍රකට රහස් පරීක්ෂක හෝම්ස් මහතා සමග ප්‍රබල සජීවී(සජීවී යන්න විවාදාත්මක විය හැක) සංවාදයකට එලඹිමට “මාධවගේ කතා“ අප කණ්ඩායම සමත් උනා. ඉතාමත් උණුසුම් ආකාරයට ඇදී ගිය මෙම සංවාදය මේ ආකාරයට සංශෝදන විරහිතව පල කිරීමට හෝම්ස් මහතා අවසරද ලබා දුන්නා! මෙන්න එම සංවාදය අකුරක් නෑර................



අවවාදයයි - පත්තර වල පළ කිරීම සපුරා තහනම්!

මාධවගේ කතා -  ආයුබෝවන් ෂර්ලොක් මහත්මයාණනි

හෝම්ස් මහතා - good to see you guys! how are you?

මාධවගේ කතා - we are fine! all fine! feelings pretty gud! hmmm! so, shall we ..... (බාධා කිරීම්)

හෝම්ස් මහතා -  සිංහලෙන් එමු...........!

මාධවගේ කතා -  ඔබ තුමානේ කඩ්ඩෙන් දෙන්න පටන් ගත්තේ.... ඕන දෙයක්.අපි පටන් ගමු එහෙනං!
මෙන්න පළවෙනි ප්‍රශ්නය! කෝ ඔබේ අතිජාත සගයා ඩොක්ටර් වොට්සන්???

හෝම්ස් මහතා - මං මිනිහාව එලෙව්වා! වැඩක් නෑ! බෝඩිමට කුලිය ගෙවන්න සල්ලි දෙන්නෙත් නෑ! ඒ මදිවට මං කරපුවා රටට ලෝකෙටම එලි කලේ! ඒ ටිකම මදිද දොට්ට දාන්න!

මාධවගේ කතා -  ඒත් එතුමා ඔබ එක්ක කොච්චර ත්‍රාසජනක ක්‍රියා වලට සහභාගී උනාද? ඔහොම කතා කිරීම හොද මදි නේද?

හෝම්ස් මහතා - කෙහෙම්මලක් ත්‍රාසජනක? සිම්පල් කේස් ටිකක්නේ මේ ඩොක්ටර් ත්‍රාසජනක විදියට මිනිස්සුන්ට පෙන්නලා තියෙන්නේ! උඹලත් රැවටිලා! මිනිහ කරපු වැඩෙන් මට ඩේලි ෂොට් එක විදගන්න එකත් නැතිඋනා! ඩෑම්න්! මොරියාටිට සෙකන්ඩ් උන එකයි, අර ඉන්දියාවෙ කොටි අල්ලපු එකාට බයේ දුවපුවයි සේරම ගෙඩි පිටින් දොට්ට............! ඒ මදිවට අර ඇඩ්ලර් ගෑනි...... හම්! ඒක කපන්න! ඒක කපලා දාන්න!

මාධවගේ කතා -  “තිත් වැටුනු පටිය“ කතාවෙ නේද තිබ්බේ ඒක කපලා දාන්න කපලා දාන්න කියන කෑල්ල?

හෝම්ස් මහතා - කෙහෙම්මල මං කිව්වේ මේ ඇඩ්ලර් හුටපටේ පත්තරේ දාන්න එපා කියන එකයි!

මාධවගේ කතා -  අපි මේවා දාන්නේ වෙබ් එකේ විතරයි! පත්තරේ වැටෙන එකක් නෑ!

හෝම්ස් මහතා - මොකක්ද අයිසේ වෙබ් එක? ඕන මගුලක්! ඒකෙ දැම්මට නං කවුරුත් දැන ගන්න එකක් නෑනේ! පත්තරේ නං එපා හරිය!වෙබ් එක වගේද පත්තරේ!

මාධවගේ කතා -  හරි! අපි සහතික වෙනවා මේවා පත්තරේ පළ නොවන බවට! අපිට හෙලි කරන්න ඇත්ත කතාව! අයිරින් ඇඩ්ලර් සහ............... (බාධා කිරීම්)

හෝම්ස් මහතා -  හරි හරි! අහපල්ලකෝ! උඹලත් පත්තර කාරයෝ වගේමයි! හැම පු+ම අතගාන්න යනවනේ! මේකයි උනේ! අර රජා කොටල පැනගත්තට පස්සේ ඒකි මං ළගට ආවා රජාට ගේමක් සෙට් කරන්න! ඒ කාලේ ඒ පටන් ගත්ත පුංචි පුංචි දේවල් තමයි ටිකක් එහෙ මෙහෙ උනේ! ඔව්ව කර ගහන්න පුලුවන් කාටද බොල? අන්තිමට ඇඩ්ලර් මා එක්ක රජාට අටෝපු උගුලම රජත් මාත් එක්ක + වෙලා ඒකිට ඇටෙව්වා!! ඉතිං ඒක යන්න ගියා! කේස් ක්ලෝස්ඩ්! ඒ වුනත් හිත හොද ගෑනි! ඩොක්ටර් කිව්වෙ බොරු නෙමෙයි!

මාධවගේ කතා -  එතකොට ජනේලෙ?

හෝම්ස් මහතා - මොන?

මාධවගේ කතා - වොට්සන් මහත්තයා දුම් බෝම්බෙ දැම්මෙ?

හෝම්ස් මහතා - ආ............!! ඒක තමයි ඒ කාලේ මගෙ ගමන් පථය! ජම්ප් අක්‍රොස් ද වින්ඩෝ! ඊසි වේ නේ?

මාධවගේ කතා - රෂීන්බාක් දිය ඇල්ල ගාව ෂීතලද?

හෝම්ස් මහතා - පට්ට සීතලයි! ඒ නිසා මොරී මාව ටිකක් වෙලා බදානත් හිටියා!

මාධවගේ කතා - දැන් ඉන්න සී අයි ඩී කාරයෝ ගැන මොනාද කිව හැකි?

හෝම්ස් මහතා - ගන්න දෙයක් නෑ! ඇදගෙන නානවා!

මාධවගේ කතා - ඩොක්ටර් වගේම ඔබ ගේද මිතු...... (බාධා කිරීම්!)

හෝම්ස් මහතා - මං ගේ නෙමෙයි! දිවුරන්නං! මං ගේ නෙමෙයි!

මාධවගේ කතා - නෑ නෑ! අපි ඇහැව්ව ප්‍රශ්නෙට ඔබ බාධා කලානේ! අපි අහන්න සූදානං උනේ ඔබ දෙපලගේ මිත්‍රත්වය ගැන!! ඒක නෙමෙයි ඔබ දොස්තර ජෙකීල්ගේ කතාන්දරය ගැන කුමක්ද කියන්නෙ?

හෝම්ස් මහතා - තව ඩිංගෙන් වොට්සන්, ඩොට්සන් වෙනවා කලාන්තෙ දාලා! මාර සීන් එකක් උනේ! ඒකා හයිඩ් කිය කිය පාර දිගේ මිනිස්සු මර මර ඇවිදිනවා!!

මාධවගේ කතා - ඩැකියුලා එක්ක කතාව ගැන?

හෝම්ස් මහතා - කවුන්ට් ගැන අපි කතා නොකර ඉමු! ඌ මේරිටත් අඩත්තේට්ටං කලා නොවැ!

මාධවගේ කතා - සිංහ කේෂර කතාව හෙවත් අර ජෙලි මාලුවා ගැන කතාව ඔබගේ තීක්ෂණ බුද්ධිය පිළිබද තව දුරටත් පාඨකයාට පුදුම උපදවනවා! ඒ ගැන මතක් කලොත්!

හෝම්ස් මහතා -  අන්තිම දවස් වල කරපු කේස් එකක්නේ! ඇත්තටම ඌ ගැන මටත් පුදුමයි! පට්ට සතා!

මාධවගේ කතා - ඔබගේ ක්‍රියා අතුරින් ඔබ ආසම වික්‍රමය මොකක්ද?

හෝම්ස් මහතා -  තුන් යහලු වික්‍රමය!!

මාධවගේ කතා - ඔබ ඒ කාලේ පරීක්ෂණ වලදි වින්ද අපහසුතා මොනවාද?

හෝම්ස් මහතා - රදනක දත් ගැලවිලා යන්න ගුටි කන එක තමයි අප්පා! හැමදාම අනූ නමයෙන් බේරෙන්නෙ!

මාධවගේ කතා - අර ගෙවල් සැලසුම් කරුගේ කපටි කම අල්ල ගත්තේ කොහොමද? අර හාවෝ ගිනි ගොඩට දැම්මා කිව්ව එක!

හෝම්ස් මහතා -  මං පොඩ්ඩක් එහාට මෙහාට උනා සුලු වැඩකට! මුල්ලකට! එතකොටනේ පෙනුනේ! බිත්ති වල පරතරය! තව ඩිංගෙන් මං හොදට නාන්නෙ එදා තමයි!

මාධවගේ කතා -  ඔබගේ සහෝදරයා මයික්‍රොෆ්ට් මහත්මයට වඩා ඔබ අවුරුදු 7ක් බාල උනේ කොහොමද?

හෝම්ස් මහතා - ඒක ගිහිං අපෙ මහ උංගෙන් අහපියව්!

මාධවගේ කතා -  ඔබගේ සහෝදරයා මයික්‍රොෆ්ට් මහත්මයත් ඔබ වගේම අවිවාහක කෙනෙක් උනේ ඇයි?

හෝම්ස් මහතා - අවිවාහක උනත් වොට්සන් නොදන්න කොච්චර දේවල් උනාද? අලුත් ෆිල්ම් එකෙත් තිබ්බෙ!

මාධවගේ කතා -  ඒ ෆිල්ම් එක ගැන අදහස මොකක්ද? ඔබට කරන ගෞරවයක් ලෙස පිළිගන්න පුලුවන්ද? ලොව පුරා ප්‍රශංසා ඒ සිනමා සිත්තමට හිමි උනා!

හෝම්ස් මහතා - බොක්කෙන්ම ඒක එල පිච්චර් එකක්! සෑහෙන්න ඇත්ත කියනවා නේ?

මාධවගේ කතා -  ඔබතුමා සහ ඩොක්ටර් වොට්සන් සමග කල අතිශය රහසිගත කතා ඇතුලත් පෙට්ටගම පිළිබද මොනාද කියන්න තියෙන්නේ?

හෝම්ස් මහතා - ඒකෙ කිසි දෙයක් නෑ! කියන්න තවත් කතා නැති නිසා අතිශය රහසිගත ගොනු කියලා එකක් ගැන ඩොකා කියෙව්වට ඒවයෙ කිසි දෙයක් නෑ! එහෙම පෙට්ටියකුත් නෑ!

මාධවගේ කතා -  ඇයි ඔබත් කසාද බැන්දෙ නැත්තෙ?

හෝම්ස් මහතා - ඔබ එක ගෙයි කෑම ගැන අහල තියනවද?

මාධවගේ කතා -  මාර ප්‍රශ්නයක්නේ! හොදයි, අමිල ටොමී මහතා සහ අභිරහස් යුවතිය සම්බන්ධ ගැටලුවට කුමක්ද කලේ? ඒක අසාර්ථකයි නේද?

හෝම්ස් මහතා -  ඇත්තටම ඇය යුවතියක් නොවේ! ඒ නිසා ඒක ගැන කියන්න බෑ!

මාධවගේ කතා - සාරි අදින කුල කාන්තාව නොහොත් සුදු වත හැඳි කත ගැන අභිරහස කුමක්ද?

හෝම්ස් මහතා -  ඒ ගැන කියන්න දෙයක් නෑ!එතන තිබුනේ පරම්පරා‍ව ගැන දොඩව දොඩව අරෙහෙන් මෙහෙන් අර ගෙදරින් මේ ගෙදරින් කන්න එපා කිය කිය මිනිබිරීව කන්ට්‍රෝල් කරපු එක විතරයි! වෙන අභිරහසක් නෑ ඒකේ! (ඒත් කොල්ලෙක් ඇවිත් ගියාට පසු හරි හරි දේවල් උනා කියලත් ලියාගන්නකො!)

මාධවගේ කතා - ලේන පැටියා සහ ගේ කුරුල්ලා ගැන?

හෝම්ස් මහතා -  ඒ ලේනා අමුම අමු ගේ කුරුල්ලෙක් බව කිව්වැකි!!!

මාධවගේ කතා - මා**ගේ ඔරලෝසු කණුව ගැන අභිරහස ගැනත් යමක් කිව්වොත්?

හෝම්ස් මහතා -  ඌට කිසි දෙයක් නොලැබෙන බව පැහැදිලිවම කියන්න පුලුවන්!!

මාධවගේ කතා - අසභ්‍ය සිනමාව ගැන කුමක්ද කියන්නේ?

හෝම්ස් මහතා - අපෙ අයියත් කිව්වා ඕක විසදලා දෙන්න කියලා ආණ්ඩුව වෙනුවෙන්! ඒත් මං අයියට කිව්වා ප්‍රොක්සි සවර්ස් තියනකල් ගණ නැවැත්වීම අමාරුයි කියලා!

මාධවගේ කතා - වෙබ් සයිට් ගැන නොදන්න ඔබ ප්‍රොක්සි සර්වර් ගැන දන්නෙ කොහොමද?

හෝම්ස් මහතා -  අධ්‍යාපනය බොලව් අධ්‍යාපනය!

මාධවගේ කතා - මාධවගේ කතා ගැන අදහස කුමක්ද?

හෝම්ස් මහතා -  නියමයිද?  අනේ මං අහලවත් නෑනේ!!

මාධවගේ කතා - අවසාන වශයෙන් පාඨකයින්ට කියන්නේ කුමක්ද?

හෝම්ස් මහතා -  මොකුත් නෑ!!

මේ ආකාරයට නිමා වූ සංවාදය තව දුරටත් පවත්වාගෙන යාම පාඨක ඔබට බාර කිරීමට අප තීරණය කලා! ඒ හෙයින් හෝම්ස් මහතාගෙන් ඔබට ඕනෑම ප්‍රශ්නයක් ඇසීමට හැකි අතර එය කමෙන්ට් වලට ඇතුලත් කල හැකිය! අපි එය හෝම්ස් මහතාට යොමු කොට පිළිතුරු යථා කාලයේදී ඔබට යොමු කරන්නෙමු!









3 Comments

Your Comments / ඔබේ ප්‍රතිචාර

  1. ඇත්තද මේ ලේන පැටියාගේ කතාව.පව් උ ගැන බොරු කියන එපා ...

    ReplyDelete
  2. ඔබතුමා දන්නේ කොහොමද එස් කේ මහතා??

    ReplyDelete
  3. සුපිරි!!!

    ReplyDelete
Previous Post Next Post

Contact Form