ලාබයි ඇපල්.........................!!

පහුගිය ටිකේ මාධවට හරි හමං නින්දක් නැති නිසා පට්ට අප්සෙට් එකේ ඉන්නේ. ඒ අස්සේ අනං මනං චීත්ත රෙදි කෑලි මතක් වෙන නිසා සිත් තැවුල් අපමණයි. ඒ  අපමණ දේවල් අතුරින් කවදාවත් මෙලොවින් හැදි නොගෑවෙන විභාග කන්දරාවෙන් තවත් විභාගයක් ෆේල් නොවී බේරුනේ හතලිස් නමයයි දශම කීපයකින්! අෆොයි......................



එහෙම ඉන්නකොට ඊයෙ උදේ පාන්දර 5.59 කියලා මොබයිල් එකේ තිබ්බ වෙලාව නිදි මරගාතේ 4.59 කියලා කියවගෙන තවත් නිදා ගත්ත නිසා තව ඩිංගෙන් නුවර යන සැප බස් එක මාධවට මිස් වෙනවා! එහෙම උනානනං ඉතිං ක්ලාස් එකට  පරක්කු වෙලානෙ යන්න වෙන්නේ!ඕං හති දාගෙන ඇවිත් ටවුමට පය තබද්දිම මෙන්න ලේලන්ඩ් රාජයා එනවා! ඒක තුනේ දෙකේ උස සීට් තියන ලේලන්ඩ් එකක්! සැප බස් එක! එහෙම කියන්නේ හිටගෙන යන උන්ට නං හැමදාම සැප තමයි නිසා! උදේට පට්ට සෙනග! ක්ලාස් යන කෙල්ලෝ වැහි වැහැලා! මරු ජැක්පොට් එක! ඒකයි! මාධවලනං ඕං හැමදාම ඉදගෙන ඉතිං හරි! වැරදියට හිතන්න එපා!! මාධවත්  ඉතිං ලේනත් එක්ක ඒකේ එල්ලිලා හොදට සැපට ආසනේ හරි බහි ගැහිලා නුවර බලා පිටත් උනා දෙන්නා එක්ක......

බ්රූම්......................බර් බර්! ඇර තියලා නුවරට ඇදෙන බස් එක නුවරට කිට්ටු වෙද්දි තමයි මාධවට පට්ට කේස් එකක් උනේ! අන්න දැන් තමයි අද කතාන්දරය පටන් ගන්නේ..... ලාබයි ඇපල්......!!!

අයිය කෙනෙක් නැගපි බස් එකට! මුගේ කටේ තියෙන්නෙ ලාබයි ඇපල් ලාබයි ඇපල්! ඔන්න බොලේ ජංගම ඇපල් කඩයක් බස් එකට නැගපි! උදේ පාන්දර ඇපල් කන පිස්සොත් ඇතෑ! ඒහෙමනං උදේට ඇපල් කන්නේ අපේ චතුරංගයයි, ජොබ්ස් මහත්තයයි විතරයි! මාධව හිතුවා! හම්..........! වෙනද උදේට ඌ බිස්නස් කරන්නෙ ඉස්සො වඩේ! අද ඇපල්! හව් ඩිෆරන්ට්.....!!

අලුත් ප්ලාස්ටික් කූඩයත් අතේ තියාන කෑ ගහනවා! ඇපල්! ලාබයි ලාබයි! ඇපල් ඇපල් ඇපල්.........!! බලද්දි මේ ඇපල් ෆෝන්! අප්පට බොල! පිස්සු සඳ! හැදෙන සද! උගේ සඳ! මගේ සඳ! කූඩෙක තියාන අයි ෆෝන් විකුණන්නේ! ඉස්සර කූඩේ වික්කෙ ඇපල් ගෙඩි!! දැං ඇපල් ෆෝන්!....

එක ඇන්ටි කෙනෙක් ළගට ගිහින් මේකා කියවනවා! “නෝනා ගන්න ලාබයි ඇපල්!“ කියලා! කරච්චලේ ඉවසන්න බැරිම තැන මේ නෝනා පොඩ්ඩ ඇපල් දෙකක්ම ගත්ත!

ෂිහ්! අපිට කොහෙද බූල් බල්ලො!...මාධව කිව්වෙ අපිට කොහෙද 4-එස් ඇපල් කියලයි! හරිය!

ඉතිං ඕං මාධව එහෙම හිත හිත ඉන්නකොට තව පොරක් බසයට නැගලා කියපි අම්මේ තාත්තේ අයියේ අක්කේ මට සමාවෙලා පිනට කීයක් හරි දෙන්නලු!! ඌ අතේ බැංකු කාඩ් මැෂීන් එකක් තියං හිටියේ!! ඒකට තමන්ගේ බැංකු කාඩ් එක දාලා ඩොනේට් කරන ගාන තේරුවම ගොඩ! යකාගෙ හිගා කෑමක්!! රිසිට් එකකුත් දෙනවා! මාරයි ආ! 

ඔහොම දිගටම ඇදෙන බස්එකේ නුවරට ගිහින් බැහැලා ඔරලෝසු කණුව ළගට යද්දි (සිත ගිය ඇය හම්බේවිද කියලා බලන්න හැමදාම යනවනේ!)  එකෙක් කෑ ගහනවා මල්ලි නොකියා අරන් යන්න! නොකියා අරන් යන්න! කෑලි ගානට සවල් ගාණට දෙන්නේ! අහන්න දෙයක් නෑ! නොකියා අරන් යන්න......!! නොකියා අරන් යන්න! මුං මිනිස්සුන්ට හොරකන් කරන්න පුරුදු කරනවද මංද?මාධවට හිතුනා!එතන වෙන්නෙ මොකක්ද බලන්න නැවතිලා හොස්ස දික් කරලා ඒරියල් එක ටියුන් කලා! බැලින්නං නෝකියා මොබයිල් දුරකතන විකුණනවා පේමන්ට් එකේ. සවලෙන් එකක් ගහලා ගත්තම ලාබෙට ගත්තැකි! බලද්දි මෘදු තර්ක, මෘදු නාද, කම්පැණි දෙක තමයි මේ තත්තෙට ඇවිත් තියෙන්නේ! උං තාමත් බෑ නොකියා, නොකියා ඩීල් කරනවා!


සිත ගිය ඇය හම්බේවිද කියලා බලන්න තවදුරටත් ක්ලොක් ටවර් එක වටේ කැරකි කැරකි ඉන්නැද්දි මාධවට තව සද්දයක් ඈතින් ඇහෙනවා! ලාබයි ගන්න! මොනිටරයක්, ප්‍රොසෙසරයක්, කම්පීටරයක් අරන් යන්න! එන්න ගන්න! එන්න නෝනා බලල ගන්න! මොනිටරයක්, ප්‍රොසෙසරයක්, කම්පීටරයක්, ලැප්ටොප් එකක් ගන්න! ගියා බලන්න ඒ මොකක්ද කියලා! මරුනේ! පුද්ගලික පරිඝණක හවුස්, තාක්ෂණික සූන් එක, අර නුවර කටුගස්තොට පාරේ අනන්තයේ තියන කඩේ එහෙම පේමන්ට් එකේ කම්පීටර විකුණනවා! මරු! එකෙක්ට එකෙක් දෙවැනි නෑ! තාම බිස්නස්!

මොනිටරයක්, ප්‍රොසෙසරයක්, කම්පීටරයක්, ලැප්ටොප් එකක් ගන්න, බබාට කම්පීටරයක්! දුවට ලැප්ටොප් එකක්! බෑනට වෙබ් කැම් එකක්!! අයි ත්‍රි කෑලි පහක් දාහයි! අයි ත්‍රී කෑලි පහක් දාහයි! කේසීසී එක ඉස්සරහ පේමන්ට් එකේ මුං කම්පීටර සේල්! මරුනේ! ලැපීලා පෝලිමට දාලා! බලන්න ලස්සනයි! එක එක ඒවා!! පාට පාට බල්ලො වගේ පාට පාට ලැප්ටොප්!

ඉතිං ඔයාකාරයෙන්ම කාලේ ගෙවිලා ගිහින් මාධව ආපහු ගෙදර එන්න කියල බස් එකට නැගල ඉන්නකොට ( සිත ගිය ඇය ආවේ නෑ! )  තවත් එකෙක් නැග්ගා බස් එකට! රැවුල වවල කොන්ඩෙ වවල ගිටාර් එකක් අරන් එහෙම! ඇග පුරාම ටැටූ! ෂුවර් දවල්ට කන්න තමයි බස් එකට නැග්ගෙ! මාධවට එහෙම හිතුනා! ඌ දවල්ට කන්නෙ සිංදුනෙ!!ඉතිං පොර ඉස්සරහ දොරෙන් නැගල බස් එකේ ඉස්සරහ සුදු යකඩ වැටට හේත්තුව දාගෙන හහ්ම්...හහ්ම්!. උගුර එහෙම පාදලා මෙන්න ඌ පටන් ගත්ත!!

ආදරණීය අම්මේ තාත්තේ! අයියේ අක්කේ නංගියේ මල්ලියේ! දුවේ පුතේ! මං අද මෙතන සිංදුවක් කාලා කීයක් හරි හොයාගන්න හදන එකට ඔබ තමුන්නාන්සෙලගෙ කාරුණික උපකාරය ඕනි! හම්! දාහට අඩුවෙන් නං බෑ ඕං!

යකෝ දැන් කාලේ හිගමනට දෙන්නේ 1000 කොල! මරුනේ! මාධවට එහෙම හිතුනා! ඉතිං ඊළගට මොකද වෙන්නේ බලාන ඉද්දි......

එකපාරටම මූ ගිටාර් එක ඇතුලෙන් වයර් එකක් ඇදලා අරං කෙලියා ඒක බස් එකේ සෙට් එකට! හෆොයි!

ඊඊඊඊඊඊඊඊඊඊඊඊඊඊයා......හ්!  යේ..යි........ යේ...........

ඊඊඊඊඊඊඊඊඊඊඊඊඊඊයා......හ්!  යේ..යි........ යේ...........


මූ බස් වලට නැගලා නිකං සිංදු නෙමෙයි රොක් සිංදු කාලා තමයි හම්බ කරන්නේ! බස් එක පුරාම රොක් සද්දේ! ගිටාර් එක පුපුරන්න වගේ! බස් එක පුරෝල මෙටල් (Metal) සද්දෙ! එකක් ඉවර වෙද්දි තවෙකක්! LINKING PARK, SYSTEM OF DOWN ගෙන් පටන් අරන් Slipknot , Apocalyptica වෙනකල්ම ඇදිලා ගියා! ගෙදරටත් සාරියක් අදින ආච්චි කෙනෙක් රෙදි උස්සං නටනවා! ඒ ගෑනි යන්නෙ අපේ බස් එකෙත් නෙමෙයි අර දණ්ඩක් පැත්තට යන බස් එකට! ඒත් අද අපේ බස් එකට නැගල!මාරයිනේ! කවර් කරලා තියන බස් එකේ පෙම් මුල්ල ඇතුලෙන් කපල් එකක් ඉස්සි ඉස්සි බලනවා!! මුලු බස් එකම රොක් වෙලා! ඒ අස්සේ ලේනා කියනවා ඇහෙනවා! පපුව රිදෙනවා බං! පපුව රිදෙනවා කිය කිය! මාධව හිතුවා මූට හාට් ඇටෑක් කියලා! මේ ආතල් අස්සේ මොකද ඌට වෙන්නේ කියලා මාධව හැරිලා බලද්දි මල හත්තිලව්වයි.........


මාධව ඉන්නෙ තාම බස් එකේ නුවර යන ගමං! ජෝති තාම “දිය කිදුරිය සේ සාගරේ“ කියනවා! පමණට වඩා තද බ්‍රා එකක් හා ඊට උඩින් රතු පාට බ්ලවුස් එකක් ඇදපු අක්කි කෙනෙක් මාධවට වම් පැත්තෙන් ඉන්නවා!! මාධව මැද! ලේන මාධවගෙ දකුණු පැත්තේ! තව ටිකක් ඇස් පොඩි කරලා බලද්දි තමයි මනස ක්‍රියාත්මක උනේ යලිත්!

ඇත්තම කියනවනං Madhawa හැරිලා නෙමෙයි ඇහැරිලයි බැලුවේ! අර දැකපු මල ඉලව් සේරම හීනයක්! අමුම අමු හීනයක්!! ලේනා පපුව හරි වෙන මොකක් හරි රිදෙනවා කියනකං මාධව ඉදලා තියෙන්නේ හීන ලෝකේ! නැත්තං ඇපල් ඔහොම විකුණයියැ? නොකියා සවල් ගාණට විකුණයියැ? කම්පීටර් පාරෙ විකුණයියැ? බස් එකේ රොක් සිංදු කියන උං ඉදීයැ? බස් වල පෙම් මුල්ල කවර් කරලා තියෙයියැ? මාර හීන ලෝකේ!හැබැයි පුතේ සැබෑ උනොත් නං තියෙයි වැඩේ!

ඉතිං කතාව ඉවරයි!!


පලි - but හීන ලෝකෙයි ඇත්ත ලෝකෙයි එකම එක දෙයක් සමාන උනා! ඒ තමයි සිත ගිය ඇය එදත් ආවේ නෑ කියන එක!

9 Comments

Your Comments / ඔබේ ප්‍රතිචාර

  1. What a creativity...I like it..I like it... Its a Damn Ability dear..GO ahead..

    ReplyDelete
  2. හපොයි දෙයියනේ..........හික් හික්...

    ReplyDelete
  3. ආ..කට්ට කන කාලේ තියෙන නැවුම් ආතල් එක ලවුකරන්ඩ ගත්තම නෑ බං..පුලුවන් තරං කට්ට කාල අන්තිමට ලවු කරපන්....මොනව උනත් කතාවනම් මාර නිර්මාණ ශීලි පණ පොවල ලියල තියෙනව..ජය..ඔහොම යනකොට වාසනාව කඩාපාත් වෙයි..හැබැ පුතෝ පරිස්සමෙන්...

    ReplyDelete
  4. අයියෝ මම හිතුවා මේ කොහේද ඔහොම විකුණන්නේ කියලා..මමත් නිදියන්ද මන්දා බලන් ඉදලා තියෙන්නේ.

    ReplyDelete
  5. මම ඒත් මේ බැලුවේ බස් එකේ නැගලා අයි ෆෝන් විකුනන කෙඩිට් කාඩ් වලින් සල්ලි ගන්න ඔය කියන රට කොහේද කියලා . මට මොහොතකට හිතුණා ආස්චර්ය වත් උදාවෙලාදෝ කියලා . මට පේන්නෑනේ බං ඔහොම හීන

    ReplyDelete
  6. කස්ටියටම ස්තූතියි කමෙන්ට්ස් වලට! කියන්න බැරි උනානේ! මේක ලිව්වට පස්සේ දැන් බස් එකේ රොක් සිංදු දානවා! මේ කියන බස් එකේම උදේට දැන් යන්නෙ ඉන්ද්‍රචාප ලියනගේ ඇතුලු කස්ටියකගෙ සිංදු! පස්ට! නියමයි ආ!

    ReplyDelete
  7. paata pata pata huta.....papuwe kakkuma thama hodawela na wage ne ubatai lenatai .. (tom) (^^^)

    ReplyDelete
  8. ඉතින් ලේනා නිදහස් උනැයි කූඩුවෙන්?

    හැබැයි ඇපල් වලට නම් ඔය ටික වෙනවා ලගදීම චයිනීස් ඒවායින්

    ReplyDelete
  9. ado machan ela katawa ......

    ReplyDelete
Previous Post Next Post

Contact Form